IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී

කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ හිටපු අංශාධිපති සහ ලංකා කලා  සංගමයේ හිටපු සභාපතිවරයකු වූ  ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර මහතා ප්‍රංශයේ ත්රාස්බුහි දී පසුගිය 20 වැනි සෙනසුරාදා අභාවප්‍රප්ත විය.

සංගීත නිපුන් චම්පා කල්හාරි ජයසේකර ඔහුගේ දියණියයි. 1930 ඔක්තෝබර්  උපත ලද ඔහු කොළඹ රජයේ කලායතනයෙන් සංගීතය හදාරා ඉන්දියාවේ ලක්නව්හි බාත්ඛන්ඩ සංගීත විද්‍යා පීඨයෙන් සංගීත විශාරද උපාධිය ලැබීය.

මුල් අවදියේදී හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වශයෙන්ද සේවය කර ඇති ජයසේකර මහතා ජාතික සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල හා ශාස්ත්‍රීය ගායකයකු ලෙසද කටයුතු කර ඇත.

ඔහුගෙන් සංගීතය හැදැරූ සිසුහු බොහෝ ගණනක් ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද සිටිති. ඔහුගේ භාර්යාව නන්දාවතී අතපත්තු මහත්මියයි. ජයසේකර යුවල කාලයක සිට ජිවත් වුයේ ප්‍රංශයේ ත්රාස්බුහි පදිංචි ඔවුන්ගේ පුතණුවන් වන අතුල ජයසේකර සහ ලේලිය වන සුරේෂි ජයතිලක සමඟය.

ජයසේකර මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 25 වැනි දා උදේ 10 ට ප්‍රංශයේ ත්රාස්බු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ආගමික කටයුතු පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය විසින් සිදු කිරිමට නියමිතය.

HDS-JAYASEKARA



අදහස් (0)

සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී

නාලිකා Thursday, 25 February 2016 04:03 AM

ඔබ මා කුඩා කල මට බෙහෙවින් සෙනෙහස පෙන්වූ පවුලේ හිතවතෙක් විය.අප මවු බිම හරහා හමා ගිය අසංස්කෘතික ප්‍රවාහයන්ට හසුව අප දෙදෙනාම ලොව දෙපසකට ගසාගෙන ගියෝය. ඔබගේ සෙනෙහස මට අහිමිවිය .ඔබ මට දුන් උතුම් ශාස්ත්‍රීය දැනුමට, ආදර්ශයන්ට මම බොහෝ පින් දෙමි. ඔබට නිවන් සුව පියාණෙනි. (බ)

:       0       0

විජිත් Wednesday, 24 February 2016 09:39 AM

අපි කුඩාම කාලයේදී, ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් මෙතුමාගේ ගීත ප්‍රචාරය වුණා මට හොඳටම මතකයි. දහසක් සිසුන්ගේ නෙත් පෑදු ගුරු පියාණෙනි, ඔබතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

විශ්වනාත් ජයසේකර Wednesday, 24 February 2016 07:59 PM

ලංකාව පුරා ඔහු විසින් දහස් ගණනක් දක්ෂ සිසුන් බිහිකර ඇත. වරින් වර ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් තර්ක විතර්ක පවා කළ ඔහු හින්දුස්ථාන ශාස්ත්‍රීය සංගීතයට ඉතාමත් ආදරය කළ අයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවායි අපේ පැතුමයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 February 2016 10:19 PM

ගුරු පියතුමනි, ඔබට නිවන් සුව! ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් නිසයි අද්විතීය ඝනයේ සංගීතඥයන් අපට උරුමවුණේ. මතු පරපුරට එවන් ගුරු පියවරු නොමැතිවීම අපට කණගාටුවකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
2025 මාර්තු මස 28 1718 2

කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක්


තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට
2025 මාර්තු මස 28 84 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී.


ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා
2025 මාර්තු මස 28 49 0

ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය.


ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ
2025 මාර්තු මස 28 83 0

සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය.


ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක්
2025 මාර්තු මස 27 163 0

ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි
2025 මාර්තු මස 27 130 0

තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංග


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 511 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 702 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1398 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site