ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් උගුලක සිර වූ රටකි. එවිට අපට තවදුරටත් දුප්පත් රටවල් සමඟ තරග කර ඉදිරියට යෑම පහසු නැත. අඩු වැටුපට වැඩකරන රටවල් බොහෝමයක් තවත් ඇත. එවිට එම රටවලට ආයෝජකයන් ඇදී යෑම සාමාන්‍ය දෙයකි. ලෝකයේ රටවල් සියයට 80-90 පමණ ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාව තිබේ. එසේ නම් අප බැලිය යුත්තේ ජාත්‍යන්තරයේ තරග කිරීමට මෙතැනින් ඉහළට යන්නේ කෙසේද කියාය. ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා තරගකාරීත්වයෙන් වැඩි භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියාය. මෙය ඡන්ද පදනම් කරගත් අයවැයකට එහා ගිය පුළුල් ක්රියාදාමයකි.
ඉහළ ගණයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන රටක්වීමට රටක් හැටියට ලංකාව ඊට සූදානම් වියයුත්තේ කෙසේද? අපේ මූලික අවධානය යොමුවිය යුත්තේ එයටය. එහෙත් මේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේදී අපට මුහුණදීමට හා විසඳාගැනීමට ඇති ප්‍රධාන කාරණයක් බවට අධ්‍යාපනය පත්ව තිබේ. ලංකාවේ බහුතරයක් සිසු සිසුවියන් වැඩි බරක් තබන්නේ බෞද්ධ සංස්කෘතිය, සිංහල, නර්තනය, දේශපාලන විද්‍යාව ආදී විෂයන්ටය. ඉතින් මෙවැනි මානව විද්‍යා විෂයන් වැඩිපුර හදාරන තත්ත්වයකදී ඉහළ වෙළෙඳපොළ තරගකාරීත්වයක් සහිත රටක් බවට ලංකාව පත්කර ගත හැකිද යන යථාර්ථවාදී ප්රශ්නය අප හමුවේ තිබේ. එයට පිළිතුර නම් නොහැකිය යන්නයි. මෙවර අයවැයේ එක් ඉලක්කයක් බවට මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම දැක්විය හැකිය. ශිෂ්‍ය ණය ලබාදීම හරහා අධ්‍යාපනය සඳහා වූ ආයෝජනය උපාය මාර්ගයක් බවට පත්කරන්නේ ඒ අනුවය.
දැනුම මෙන්ම කුසලතාව ද රටක් දියුණුවට අත්‍යවශ්‍යය. කුසලතාවෙන් පිරිපුන් දරු දැරියෝ විශාල පිරිසක් මේ රටේ වෙති. ඔවුන්ට ප්රශ්නය වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයයි. ඊට හේතුව අවස්ථා සීමිත වීමය. මේ තත්ත්වය හඳුනාගෙන ආණ්ඩුවක් හැටියට පසුගිය අයවැයේදී ද සිසු සිසුවියන්ගේ කුසලතාව වැඩිදියුණු කිරීමට අවස්ථා පුළුල් කිරීමට අපි කටයුතු කළෙමු. එහි යම් අඩුපාඩු තිබුණේ නම් ඒවා ද හඳුනාගෙන පැහැදිලිවම මෙවර අයවැය එහි වර්ධනීය දිගුවක් බවට පත්වනු ඇත. සරලව කිවහොත් අ.පො.ස. සා.පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ විට ජීවිතයේ ඊළඟ පියවරට සිය කුසලතාව භාවිත කිරීමට උත්සාහ කරන දරු දැරියෝ වෙති. එහෙත් ප්රශ්නය නම් මූල්‍ය ශක්තියයි. මේ දරුවන්ට රජයෙන් පොලී රහිත රුපියල් ලක්ෂ දහයක මූල්‍ය ණයක් ප්රදානය කිරීමට කටයුතු කෙරේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හිමි උසස් අධ්‍යාපන ආයතනයකින් උගෙන ගැනීමට ඔවුන්ට හැකිය. ඔවුන්ට මේ ණය නැවත ගෙවීමට සිදුවන්නේ වසර අටකට පසුය. ඒ අනුව සිය කුසලතා වර්ධනයට ආර්ථික අගහිඟතාව හේතුවක් වී නම් මේ නව ණය ප්‍රදානයෙන් එය ද දුරුවන්නේය. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් පසුව උසස් පෙළට විෂය 26ක් තිබේ. නව ප්‍රවේශය මගින් එන්.වී.කිව්. සහතික හරහා සිය කුසලතා වර්ධනයට ඉඩ විවර වේ. සාම්ප්‍රදායික මානව විද්‍යාවන්ගෙන් බැහැරව මෘදුකාංග ඉංජිනේරු, මෝටර් කාර්මික, විදුලි කාර්මික ආදී ඉසව් රැසකට මේ ප්‍රවේශය භාවිත කළ හැකිය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ නව ලොව සෙසු රටවල් සමඟ තරග කළ හැකි කාර්යසාධක බලකායක් නිර්මාණය කිරීමය. මෙම කටයුත්තට අත නොගසා මැදි ආදායම් උගුලෙන් බේරෙන්නට අපට නොහැකිය.
ජනතාව සවිබල ගැන්වීම හා දුප්පතුන් පෝෂණය කිරීම යන කාරණා දෙකට මෙවර අයවැයෙහි මූලිකත්වය හිමිව ඇත. එයින් අදහස්වන්නේ කුමක්ද? එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා එසේත් නැත්නම් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා යන වැඩසටහන මගින් ව්‍යවසායකයන් නඟාර්සිටුවීම ආණ්ඩුවේ අරමුණයි. මේ වනවිට එය සමස්ත දිවයින ආවරණය කරමින් දියත්වීම ආරම්භ වී තිබේ. ඒ යටතේ ආයෝජන සම්බන්ධයෙන් ද මෙවර වැදගත් පියවරක් තබා ඇත. නිදසුනකට කුඩා පරිමාණයේ ආයෝජකයකු ගන්න. යම්කිසි මුදලක් ආයෝජනය කළේ නම් එය මෙන් දෙගුණයක් ලාභය හැටියට තමන් ලබාගන්නා තෙක් ආදායම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කෙරේ. මේවා සැලකිය හැක්කේ හුදු ආයෝජන සංකල්පයෙන් ඔබ්බට ගොස් ජනතාව සවිබලගැන්වීම අරමුණු කරගත් දිගුකාලීන වැඩපිළිවෙළ හැටියටය. දුප්පත්භාවය එසේත් නැතිනම් සහනාධාර ලැබිය යුතු තත්ත්වය යනු මෙරට ප්‍රමුඛතම ගැටලුවකි. අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට රජයෙන් ඔවුන් අපේක්ෂා කරන සහන නිවැරැදිව ලැබේද යන්න ආණ්ඩුවක් විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම සුදුස්සන්ට ඒවා ලැබේද යන්න විමැසිය යුතුය. උදාහරණයකට සමෘද්ධි ව්‍යාපාරය ගතහොත් දශක ගණනක් තිස්සේ ක්‍රියාත්මක වුවද එයින් ලද ලාභාංශය ගැන ඇත්තේ විශාල ප්රශ්නයකි. සමෘද්ධිය නිස්සන්ට නොලැබේය යන්න කලක් තිස්සේ නැගෙන චෝදනාවකි. දුප්පතුන් පෝෂණය කිරීම යන්නෙන් මෙහිදී මුදල් ඇමැතිවරයා අදහස් කරන්නේ ඒ ගැනය. එය හුදෙක් දුප්පතුන් දුප්පත්භාවයෙහිම ගැලී සිටීමෙන් වළක්වා ජීවන තත්ත්වයෙන් උසස් වර්ධනීය තත්ත්වයක් අත්පත් කරදීම යැයි කිවහොත් වඩා නිවැරැදිය. ඒ අනුව ජනතාව සවිබල ගැන්වීම හා දුප්පතුන් පෝෂණය කිරීම යන සංකල්ප දෙක අප තේරුම්ගත යුත්තේ එකිනෙකට ප්‍රතිබද්ධ අර්ථයෙනි.
කෘෂිකර්මය යනු කාර්මික ක්ෂේත්රය මෙන්ම මෙරට ආර්ථිකයෙහි ප්‍රමුඛම අංශයකි. එහිදී පසු අස්වනු තාක්ෂණය නොමැතිකමින් බැට කන ගොවියාගේ ජීවන අන්දරය මාධ්‍ය මගින් දිගහැරෙන්නේ දිගුකලක් තිස්සේය. අස්වනු කළමනාකරණය මෙන්ම අලෙවි කරගැනීමේ ප්රශ්නය නිසා අස්වනු කිලෝ ගණනින් ගවයන්ට හා අලින්ට කෑමට දුන් අවස්ථාත් කුණු කඳුවලට විසි කළ අවස්ථාත් ලංකාදීප පුවත්පතම වාර්තා කළ අවස්ථා අගණිතය. මෙවර අයවැයෙන් ලංකාවේ ප්‍රථමවතාවට මෙම ප්රශ්නය ද ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. දේශගුණය පාලනය කරමින් අස්වනු අතිරික්ත විනාශ නොවන සේ ගබඩා කිරීමට ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. දඹුල්ලෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ඉදිකෙරුණු ඇත. මෙරටේ ආර්ථිකයෙහි ජීවනාලිය බඳු ගොවි පරම්පරාවේ ශ්රමයට සරිලන වටිනාකමක් මෙන්ම ආර්ථිකයෙහි ස්ථිරසාරභාවයක් ඇතිකිරීමට මේ පියවර විශාල වශයෙන් හේතු වනු ඇත. ඒ අනුව මේ කරුණු සැලකීමේදී සිසුන්, ගොවීන්, ආයෝජකයන් ආදී වශයෙන් සකල ආකාරයේ මානව සම්පත් ඉලක්ක කරගත් වඩාත් ජනතාවට සමීප අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව කිව හැකිය. රටේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවා ආමන්ත්‍රණය කළ ජනතාවාදී අයවැයක් හැටියට එය හැඳින්වීමෙහි වරදක් නැත.
සටහන - බිඟුන් මේනක ගමගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදුජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්
gunasena Wednesday, 06 March 2019 05:46 AM
අර්ථ සාධකයෙන් ජීවත්වන මිනිසුන් අමතක කෙළේ මොකද? හැමෝටම විශ්‍රාම වැටුප් නෑ. බැංකු පොලියට tax ඉවත් කරන්න.