IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


අටවැනි වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා

පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ - ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප‍්‍රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන  ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි. එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප‍්‍රතික්‍ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය. පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය.  2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ. දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන  ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන  නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග  තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී  උගේ පරමායුෂද අඩුවේ. නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි  වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්‍ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි. මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින  5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි. හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය. ඒ අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. ඌ යම්කිසි පිඹීදීමක් ද කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ. රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍ය අංගයක් බවද පැවැසේ. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. සම්පූර්ණයෙන්ම ශාක භාක්‍ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප‍්‍රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි. හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප‍්‍රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන  යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය. කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි. වෛද්‍ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා  විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන්  ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප‍්‍රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි. 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය. එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම  ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය. නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති  බවය. දක්‍ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප‍්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ  ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි. හස්තියාගේ පින්තූරයක් ගන්නට අපි හර්ෂ විජය මහතාගේ නිවෙස පිටුපස සිටි ඇතා ළඟට ගියෙමු. ඌ මහත් අභිමානයකින් කුංච නාද කළේය. හොඬවැල උඩට එසවිය. ”අටවැනි වතාවටත් දළදා කරඬුව ගෙනියන්නේ මම තමයි” හස්තියා ආඩම්බරයෙන් කියන්නට ඇත්තේ එයයැයි අපට සිතිණි.

දොම්පේ අජිත් මදුරප්පෙරුම - මිරිස්වත්ත තිලකරත්න දිසානායක
ධර්ම විජය වෙද රාළහාමි හර්ෂ විජය වෙද රාළහාමි නැඳුන්ගමුවේ ඇත්රාජා හස්තියා පෙරහැරක ගමන් ගන්නා අයුරු හස්තියා මත දළදා කරඬුව ගැටගසන අයුරු



අදහස් (0)

අටවැනි වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා

කුමාර Saturday, 21 July 2012 11:07 PM

හස්ති රජාණෙනි දළදා සමිදු පිහිටෙන් නුබට නිදුක් නිරෝගී සුවය ලැබේව .!!!!!!!!!! (දී)

:       0       0

සුදිස්නා Saturday, 04 August 2012 09:53 PM

අනේ රජීව, පරිස්සමින් බලාගෙන. එයා අපට අභිමානයක්. (නි)

:       0       0

තාරක Saturday, 04 August 2012 09:53 PM

හොද ලිපියක්

:       0       0

තෙනික සුදිස්න Saturday, 04 August 2012 09:57 PM

මම මේ රාජාට ගොඩක් ආදරෙයි..රාජාට දීර්ඝායුෂ ලැබේවා!! එයා පරිස්සමින් බලාගන්න.. රාජා අපිට ආඩම්බරයක්..!!(නු)

:       0       0

චකිත Thursday, 08 September 2016 10:14 AM

හස්තිරාජයාණනි, ඔබට දීර්ඝායු! ඒ වගේම ඔබ බලාගන්න කෙනාටත් දීර්ඝායු! අයිතිකරුටත් ගොඩක් පින් මේවගේ සතෙකුගේ සේවය ලක්දෙරණට දීම පිළිබඳව (නි)

:       0       0

ලොකුගේ Sunday, 15 July 2012 02:17 PM

හස්තියාට දිගාසිරි පතමි....තුති සිතින් නිඹඳවම....

:       0       0

හර්ෂ Saturday, 11 August 2012 05:54 PM

අපේ උත්තමාචාරය රාජාට .(නු)

:       0       0

දොම්පේ මල්ලී Sunday, 15 July 2012 04:53 PM

මෙවැනි පින්වත් සතෙක් බර අදින්න යොදාගන්න එපා.....

:       0       0

ලසන්ත Thursday, 02 August 2012 09:24 AM

හස්තියාට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

සුදු මල්ලී Sunday, 15 July 2012 06:29 PM

හස්ති රාජයාණෙනි ,ඔබට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ විඳිමින් තවත් බොහෝ කළක් දළදා කරඬුව වැඩමවීමට ලැබේවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 373 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 800 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 170 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 599 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 247 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site