IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇලපාත මුදලිගෙන් පෙම් හසුනක්

     

අහල පහළ යමක් ඇති ගෙවල්වල දුවා දරුවන්ට ඉගැන්වීමට ගජමන් නෝනාට ආරාධනා ලැබිණි. ටියුෂන් අධ්‍යාපනය දෙන්නාක් මෙන් ගෙන්ගෙට යමින් පැය දෙක තුන උගන්වන ගජමන් නෝනාට ඒ වෙනුවට ආහාර ද්‍රව්‍ය වලින් හාල් පොල් වලින් මෙන්ම මුදල් වලින්ද කුලී ගෙවනු ලැබිණි. ගජමන් නෝනා ඒවා ගෙනැවිත් තම දරුවන්ගේ කුස ගින්දර නිවුවාය. 

 

fgj
මේ අතර යම් යම් උත්සව කවියෙන් වාර්තා කිරීමේ අවස්ථාවද ගජමන්ට ලැබිණි. ප‍්‍රදේශයේ ප‍්‍රභූවරුන්ගේ විවාහ මංගල උත්සව, පන්සල්වල දාන මාන පිංකම් හා උත්සව ආදිය කවියෙන් වර්ණනා කර ගැනීම හා වාර්තා කර ගැනීම උදෙසා ගජමන් නෝනාගේ සේවය ලබා ගැනුණි. මේ සියල්ලට මුදල් අය කළ ගජමන් නෝනා තම ජීවිකාව සලසා ගත්තේ අන්න ඒ මුදලිනි.


මදි පාඩුව තාත්තා ගෙනැවිත් දුන්නේය.


සැපසම්පත් ඇතිව ජීවත් වූ මේ සුන්දර ගැහැනිය අවුරුදු තිස් දෙකක් වෙද්දී වැන්දඹුවකව දුක් විඳින හැටි තාත්තා බලා සිටියේ දුකෙනි. නමුත් මේ දිරිය වන්ත ගැහැනිය ගැන නම් ඔහුගේ සිතේ ඇත්තේ ආඩම්බරයකි. කෙසේ හෝ ඇය ජීවිතය ජයගන්නවා ඇත.

11-gajaman-nona

 

දරුවන් සිව්දෙනෙකුගේ අම්මා කෙනෙක් වන නමුදු ගජමන් නෝනා තවමත් සුරූපීය. දුටු දුටුවන්ගේ සිත්, ප‍්‍රමෝදයෙන් පුරවන තරමටම සුන්දරය. සිහිනිඟ පුළුලූ’කුල ආදී ස්ත‍්‍රී ශරීරාංග වලින් යුක්තය. මේ නිසාම විවිධ උත්සව වාර්තාකරණයට ගියත් විසිතිස් දෙනෙකුගේ ඇල්ම බැල්ම ඇයට ලැබෙන්නේය. විටෙක මෙය වදයක් සේ දැනුනද කවිකාර හිතට එය සතුටක් නොවූයේද නොවේ.


අනෙක් අතට එකල කවිකාරියන් දුර්ලභය. මේ නිසා ගජමන් නෝනා ලවා යම් උත්සවයක් කවියෙන්, වර්ණනා මුඛයෙන් වාර්තා කරවා ගැනීමට ලැබීමද ධනවතුන්ට සම ප‍්‍රභූන්ට ආඩම්බරයට කරුණක් විය. එසේම කාට හෝ ගජමන් නෝනා සමග වචනයක් දෙකක් කතා කරන්නට ලැබීමද සතුටට කරුණකි. 
‘‘මම ගජමන් නෝනාව දන්නවා’’ යැයි යමෙක් කීවහොත් ඔහුටද ඒ සමාජයෙන් හොඳ පිළිගැනීමක් ලැබිණි.

 

අමදෝරු ආරච්චි ඇතුළු පිරිසක් ලන්දේසීන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගියේ ඔය වකවානුවේය. හලාවත සිට මුහුදු මගින් රැුගෙන ගිය මේ පිරිස ටික කලක්  කල්කටාවේ රඳවා තබාගනු ලැබීය. 


ඊටපසු ඔවුහු මුදාහරින ලද අතර, යාපනයට පැමිණ එතැන් සිට පා ගමනින් රුහුණු පුරයට පැමිණියහ. 
මෙන්න මේ සිදුවීම ගජමන් නෝනාගේ කවිසිත කම්පාවට පත් කළේය. ඇය මේ සිදුවීම කවියට නගන ලද්

දේ සංදේශ කාව්‍ය කලාව ආභාෂයට ගනිමිනි.

දුලාවතින් සියපත් දල පෙදා      කොද
නිලා නුවන් බබලන නිල් පුලා      ලෙද
ලොලා සිතින් දැක දැක මේ කලා      සොද
සලාවතින් යන සඳ දුක්මුලා      වැද

 

මේ කවියෙන් ඇය විස්තර කළේ අමදෝරුගේ බිරිඳ ගේ හදවතේ ඇවිළෙන වේදනාවයි. 

මෙම කාව්‍යයේ වැඩියෙන්ම ලියැවී ඇත්තේ ගමන් මාර්ග විස්තරයයි. මේ එහි ලියැවුණු හලාවත පිළිබඳ කතාවය. 

 

මුතු බෙල්ලන් කඩාගෙන සිදුකළ     කිමිඳ
ඒ ඇසිල්ලෙන් රැගෙන ගොඩලනේ හැම     සඳ
ඉඳ ලොල්ලෙන් කරන දෙමළුන් දැක      එසඳ
හිත ලොල්ලෙනි මගට බැස මැතිඳු ගුණ      සඳ

 

SLTK_04.qxdවිවිධ විරිත් වලින් රචිත කවි 206 කින් යුතු වූ මේ කාව්‍යය ‘ශෝක මාලය’ ලෙස නම් කර තිබිණි. 


ගජමන් නෝනා ලියූ විවිධ පද්‍ය බන්ධන අතර පොතක් ලෙස සැකසුණු එකම නිර්මාණය මේ ශෝක මාලය බවද පැවසේ.
ඇලපාත මුදලි මේ ශෝක මාලය කියෙව්වේය. වරක් නොව දෙතුන්වරක්ම මේ කවි පොත කියවන විට ඔහුගේ හිත නැවත වරක් අර නොලද පේ‍්‍රමයේ උණුසුමින් කිති කැවෙන්නට විය.


පුංචිම පුංචි දවස්වල  කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප ලබද්දී, තමන් සමග ශිල්ප ලත් ඔමල කොමල ‘කොලූ පැංචා’ මේ ගජමන් නෝනා බව මේ වනවිට ඇලපාත මුදලි දැන සිටියේය.

 


‘වෙලාවක  සපුගොඩ පන්සලට එන්න’   


සාමණේර හාමුදුරුවෝ එදා මේ බොළඳ කොලූ පැංචාට ඇරියුම් කළහ. 


‘එන්නම්’ 


එදා ඔහු පොරොන්දුවක් දුන්නේය.


එහෙත් කවදාවත් ‘ඔහු ධම්මරතන සාමණේර හිමියන්ගේ ඉල්ලීම ඉටුකළේ නැත. 


මාතර මුහන්දිරම් මියගිය විට, ඔහුගේ ගෙදරට ගිය ඇලපාත මුදලි, වැන්දඹු වූ ගජමන් නෝනා දෙස බැලූවේ පේ‍්‍රමණීය හැඟීමෙනි. 


ශෝක මාලය කියවීමෙන් හිත පේ‍්‍රමයෙන් පුරවාගත් ඇලපාත වහාම හසුනක් පිළියෙල කළේය. ඒ හසුන්පත ගජමන් නෝනාට යැවුවේ හිත යට ඉපදුණු සුන්දර බලාපොරොත්තුවක්ද ඇතිවය.


ඇලපාත හිමියෝ වරෙක ගජමන් නෝනාට මේ කවිය ලියා යැවූහ. 

11-page4-S2-1

කසාගල පන්සල

 

රතිරුති ළඟ ලියනි අප අසන      පැනැකිය
නැති විය බාල කාලේ සිට රති      කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු      අවදිය
රති සැප විඳින හැටි මට කියව      ළඳලිය

 

මේ කවිය දුටු ගජමන් නෝනා ඇගේ ඊළඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු සැපයුවාය.

වහා තිබූ සළුව උනමින් කර      අහකා
රහා පෙම අමුතු බොජුනකි බුදින      ලකා
පැහා නොව හඬන කොවුලිඳු හැඩ      වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස්      කකා

 

ඇලපාත හාමුදුරුවෝ තම සිවුර හැරලූයේ මේ පිළිතුරෙන් ලද උද්දාමය නිසා බව සමහරෙක් විශ්වාස කරති.කෙසේ වෙතත් සිවුරු හැරලූ ඇලපාත ධම්මරතන හිමි ක‍්‍රිස්තියානිය වැළඳගෙන  ඕලන්ද ආණ්ඩුවෙන් තාන්න මාන්නද ලබා ගත්තේය. සිවුර හැරලූ විගසම අලූත්කූරු කෝරලයේ දිසාපති තනතුර ලබාගත්තේය. 

ඉනික්බිති ඇලපාත මුදලි ලෙස ප‍්‍රසිද්ධ වූ ඔහු කෙසේ හෝ ගජමන් නෝනා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට අර ඇන්දේය. 
මුලින් මුලින් ඊට ඉඩ නොදුන්නත් ගජමන් නෝනා හා ඇලපාත මුදලි අතර කවි හසුන් නම් අනන්තවත් හුවමාරුවිය.


කවියට අසීමිතව ආදරය කළ බැවින්දෝ  ඕ තමාට ලැබෙන හැම කවි හසුනකටම කල් නොඉක්මවාම පිළිතුරු නම් යැවුවාය. 


ඔය අතර කාලයේ ගජමන් නෝනා සම්බන්ධයෙන් විවිධ කටකතාද පැතිර ගියේය. කටකතා පැතිරයාම එදත් අදත් අතර කිසිම වෙනසක් නොතිබුණ සිදුවීමකි. 

11-page4-S2-2


මේ කටකතා වලට එක් හේතුවක් වූයේ ගජමන් නෝනාගේම සමකාලීන කිවිඳියන්ය. රංචාගොඩ ළමයා යනු ගජමන්ට එරෙහි වූ තවත් එක් කවිකාරියකි. ගජමන් නෝනාගේ ලස්සන, ඇගේ වත්පොහොසත්කම ආදී දේවල් ගැන සේම ඇයට තිබුණු අසීමිත පිරිමි ආකර්ෂනය ආදිය රංචාගොඩ ළමයාගේ ඊර්ෂියාවට හේතු වන්නට ඇත.


කෙසේ හෝ වේවා ගජමන් නෝනා කරතොට ධම්මාරාම හාමුදුරුවන් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට අවලාදය මුසු කටකතාවක් මෙකල පැතිර ගියේය. මේ කටකතාවට එක් හේතුවක් වූයේ ගජමන් නෝනා ගේ නිවෙසත්, වේරගම්පිට පන්සලත් එක කිට්ටුවම පිහිටා තිබීමද විය හැකිය. 
මේ කටකතාව ඇලපාත මුදලිටද දැන ගන්නට ලැබිණි. ඔහු වහාම ඒ ගැන ලියූ හසුනක් ගජමන් නෝනාට යැව්වේය. එහි ඔහු නැගූ චෝදනාව මෙන්න.

මුනි පුතුන් ඇසුර ලත් සිප් දත්      රුවැතී
ගජ නමින් අඟනක් ළඟම     ඇති ඇති
සැම කතුන්ගේම සිරිතකටම      පැවැති
හොර හිමිත් ගැනුම අත නෑරම      කරතී


මෙම චෝදනාව ගජමන් නෝනාගේ හිත රිදෙව්වේය. ඇය මහත් ඇල්මෙන් ශිල්ප ලත් ගුරු හාමුදුරුවන් සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් නැගීම ඇගේ හිත කම්පාවට පත්කරන්නට ඇති නිසාය. 

 

ගජමන් නෝනා වහාම පිළිතුරු යැව්වාය.

 

සෑයේ වැදිලා විත් මෙවුරු      කිවිවරු
මීයේ වදය සේ රසකර කියති      බොරු
ලීයේ ඇදය හරිතත් හුයෙලා      අඟුරු
වෑයේ ඇදය බැලූවම ඊටත්      නැඹුරු

 

ප‍්‍රැන්සිස්කු එදා ගෙදර ආවේ ඉක්මනින් පිටව යන්නටය.

‘ඇයි සීයා අද කලබලෙන්?’
පුංචි මුනුබුරෝ ටික සීයා වටකර ගත්හ.


පිය සෙනෙහස අහිමි මේ පොඩි එවුන් පිය සෙනෙහස ලද්දේ සීයාගෙනි. 


සීයා පුංචිම මුනුබුරන් දෙන්නා මාරුවෙන් මාරුවට වඩා ගත්තේය. මේ වනවිට ලොකු මුනුබුරා අවුරුදු පහළොවක පමණ ගැටවරයෙකි. ඊට බාල මුනුබුරා අවුරුදු දොළහට කිට්ටු කර තිබුණි. මේ නිසා මොවුන් දෙදෙනා වඩා ගැනීමට බැරිය. එහෙත් ඔවුන්ද පැමිණ සීයා වැළඳ ගත්තේ මහත් වූ සෙනෙහසකිනි. 
‘මං දැන් රාජකාරියකට යනවා පුතේ. අද හෙට එන්න බැරිවෙයි.’ 
සීයා කීවේය.


‘කොහෙද තාත්තා යන්නේ’


ඒ ඇසුණු ගජමන් නෝනා ඇසුවාය. 


‘කසාගලට යන්න  ඕනෑ’


කසාගල යනු රන්න වීරකැටිය අතර පිිහිටි ස්ථානයකි. ගල් පර්වතයක් මත තැනූ කුඩා චෛත්‍යයකින්ද යුත් කසාගල පන්සල සිංහල රජ කාලය සමග බොහෝ සබඳකම් පැවැති සුන්දර පින්බර ස්ථානයකි. 


අනුරාධපුර යුගයේදී අක්කර දහසක නින්දගමක් පැවැරුණු මේ පුණ්‍ය ස්ථානයට කසාගල යන නම ලැබීමද රසවත් කතාවකි. 


භික්ෂූන් සිය ගණනකගේ සිවුරු වේළා ගැනීම සඳහා මේ ගලමත එලා තිබුණු බැවින් ඒ ගලට කසාගල යන නම ලැබී තිබුණි.


දෙවන පෑතිස් රජ සමයේ දෙතිස් ඵල රුහ බෝධියක් රෝපණය කරන ලද මේ පින්බිමේ වරෙක දළදා හිමියන්වද වඩා හිඳුවා ඇති බව කියති.
කාවන්තිස්ස, පළමුවැනි දප්පුල, පළමුවැනි විජයබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ වන්දනාවට ද ලක්වූ කසාගල විහාරයට ප‍්‍රැන්සිස්කු යනවිට වරුවක් හමාරක් ගතවී තිබුණි.


ඔහු පන්සලට යන විට පන්සලේ පුංචි කලබලයක් සිදුවෙමින් තිබිණි. ඒ අලියකු සහ ඇත්ගොවුවකු අතරය.


ලබන සතියට.....

M1



අදහස් (16)

ඇලපාත මුදලිගෙන් පෙම් හසුනක්

අ.ලියනගේ. Thursday, 16 July 2015 04:38 AM

හරිම ලස්සන ලිපි පෙළක් .ඔබට ගොඩක් ස්තුති. (බ)

:       0       1

කුමාරසිංහ Monday, 27 July 2015 06:36 AM

මේ දුකද සැපයි.මගේ හිතට කැපයි.මදහාස නගන් ගජමන් නෝනා.දෙණිපිටියේ නුගරුක ගැනත් ටිකක් ලියන්න. ඔබට ගොඩක් තුති. (බ)

:       0       1

සුමිත් Monday, 23 November 2015 09:20 AM

හරිම ලස්සන පන්සලක්, අපි කතරගම යනකොට ගියා. (ර)

:       0       2

නිෂා Tuesday, 11 August 2015 05:40 AM

අසාවෙන් කියවන ලිපියකි. ඔබට ගොඩක් ස්තුතියි (ම)

:       0       1

ජගත් Monday, 27 July 2015 01:50 AM

ශාන්ත ඔබට අනෙක වාරයක් ස්තුතියි මේ කරන වැඩේට . මුලින්ම ඔබගේ කොන්ගෝ පොත මාව වශී කරා දැන් මේ ලිපි පෙළ, ඔබට ජය ! (ම)

:       0       1

රණවීර Saturday, 18 July 2015 08:42 AM

හරිම වැදගත් ලිපියක් (අ)

:       0       1

වික්‍රමසිංහ Saturday, 15 August 2015 04:47 PM

කවි වල අරුත් පැහැදිලි කිරීමක් තිබුනොත් තවත් හොඳයි (නි)

:       0       1

විජිත Tuesday, 08 September 2015 08:14 AM

අපි නොදන්නා අපේම ඉතිහාසය මතක්කර දෙනවාට තුති! (නි)

:       0       1

නදුන් Wednesday, 11 January 2017 11:01 AM

තව ලියන්න . (අ)

:       0       2

චම්පි Tuesday, 14 July 2015 09:27 AM

අසාවෙන් කියවන ලිපියකි. ඔබට ගොඩක් ස්තුතියි. (ර)

:       0       1

සමන්ති Thursday, 03 September 2015 08:09 AM

කවි වල අරුත් පැහැදිලි කිරීමක් තිබුනොත් තවත් හොඳයි (නි)

:       0       1

ප්‍රියදර්ශනී මුදලිගේ Tuesday, 28 July 2015 07:57 AM

ස්තුතියි (නදී)

:       0       1

හේමාලංකාර හිමි Thursday, 23 July 2015 11:24 PM

මේ ඉතිහාසය වත්මන් පරපුරට දීම ගැන ස්තූතියි!! (නි)

:       0       1

gamage Sunday, 15 August 2021 04:12 PM

හරිම ආසාවෙන් කියෙව්වා... බොහෝම ස්තූතියි. තවත් මෙවැනි කතා ලියන්න.

:       0       1

ගීත්මා Wednesday, 18 August 2021 11:51 AM

ඇත්තටම ගොඩාක් වටිනා ලිපියක්. බොහොම ස්තුතියි...!!!

:       0       1

K Bandupema Monday, 07 February 2022 12:51 PM

ඉතාමත් වැදගත්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 24 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්
2025 පෙබරවාරි මස 05 25 0

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී


ආර්ථිකයේ තීරණාත්මක කාලයක්
2025 පෙබරවාරි මස 05 9 0

2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ


හිරි වැටුණු සමාජයක සංස්කෘතික නිදහස අභියෝගයක්
2025 පෙබරවාරි මස 04 50 0

ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම


දිනාගත් නිදහස අර්ථවත්ද?
2025 පෙබරවාරි මස 04 95 1

වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර


ක්ලීන් ශ්‍රී ලංකා කාටද? කුමටද?
2025 පෙබරවාරි මස 03 172 0

“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site