මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී. ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි. සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි. වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි. සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති. ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි. මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි. අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා, ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි. විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි. අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ. ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත.. කලක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිංහරාජය
ශාලිත Monday, 17 November 2014 05:56 AM
ෂා මරුනේ! ගොඩක් ලස්සනයි. (නදී)
අචලා ප්‍රියංගනී Monday, 15 July 2013 10:37 AM
ශ්‍රී ලංකාව වදවී යන ශාක ගැනත් විස්තර ලබා දෙන්න (නි)
සදුනි Friday, 25 October 2013 05:53 PM
හොඳයි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා (අ)
මධු Wednesday, 19 June 2013 04:27 PM
විශිෂ්ටයි.....! (නි)
කුමරු Thursday, 14 June 2012 01:09 PM
අපේ ලෝක උරුමය මතු පරපුරට දැකගන්න, ආරක්ෂ කරදීම බලධාරීන් වගකීමයි.
ආරි Saturday, 05 November 2011 04:16 AM
ගොඩක් ලස්සනයි
ජයරත්න Sunday, 31 August 2014 10:05 AM
දුටුවන් සතුටු වන, මනැසට පිරිය වන සිසිලස දෙමින් පවසට පැන් බිඳක් දෙන සුරකින සෙනෙහසින් ,තම දිවි නසන දන නිල් වන කුමරියනි, හෙට ලොව රකිනු මැන (නදී)
ප්‍රශාන් Thursday, 24 November 2011 08:47 AM
හොදයි
අසංක Thursday, 11 September 2014 03:47 AM
ඉතාම වැදගත් වුණා මට මේ ලිපිය. බොහෝම ස්තුතියි! තව තවත් මේ වගේ ලිපි ලියන්න. (නි)
අභේ Monday, 20 August 2012 10:57 AM
විශිෂ්ටයි! තවත් ඡායාරූප එක් කරන්න. (නි)
මිතිල Tuesday, 24 January 2017 09:15 AM
මේ විස්තරය ඉතා විශිෂ්ටයි , මගේ කේවල ව්‍යාපෘතියට ඇතුලත් කිරීමට හොද තොරතුරු ලැබුන....(බ)
කීර්ති සේනාරත්න Tuesday, 25 October 2011 04:30 PM
වනයට ගියා වගේ දැනුනා
යුමෙත් Saturday, 11 June 2016 07:45 AM
අධ්‍යාපනික වශයෙන් වැදගත් ලිපියක් (නි)
නිත්‍යා Saturday, 05 January 2013 02:02 PM
මේ දසුන් නොදකින දැස් කුමටද ?? (ස)
අනුෂා හේවගේ Friday, 12 August 2016 05:15 AM
පාසල් දරුවන්ට ඉතා වටිනවා. මම රත්නපුර නිසා නිහතමානි සතුටක් දැනෙනවා මගේ දිස්ත්‍රික්කය පිළිබදව..(හේ)
රාසික් Monday, 23 April 2012 07:43 PM
ඉතාමත් සුන්දරයි.මෙවැනි දේවල් දැනගැනීමට හරිම ආසයි.
මිතිශ්ක Monday, 14 May 2012 11:16 PM
ගොඩක් ලස්සනයි මේ ලිපිය.මපග් ව්‍යාපෟතියට අවශ්‍ය කරන බොහො දේ මේ ලිපියෙ තියනවා. .
රංජිත් Tuesday, 31 January 2012 02:55 PM
ඉතාම වටිනා අදහස් සහ සිංහරාජය පිළිබද ෙතාරතුරු රැසක් පලකර තිබීම වැදගත්. පාසල් ළමුන්ටත් වැදගත්
ජනිත් Monday, 27 January 2014 01:04 PM
ගොඩක් හොදයි වනාන්තරයට ගීයා වගේ දැනුනා. (නදී)
නිලුෂා Friday, 20 July 2012 03:48 PM
මේ වගේ අපේ රටේ වනාන්තර පිළිබඳ ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්... මේ වගේ වනාන්තර පිළිබඳ තොරතුරු නැවත නැවත ඉදිරිපත් කරන්න..(සවි)
නිපුන් ව Monday, 08 September 2014 01:03 PM
ළමයින්ට ගොඩක් ප්‍රෙයෝජනවත් (නදී)
චතුරි දිලේකා Monday, 02 January 2012 10:49 AM
හරිම ලස්සනයි.
Chathurika Friday, 08 June 2018 06:14 AM
මට ම්‍ෙක ගොඩක් වැදගත් වුනා.ගොඩක් වටින අදහස් ටිකක්.
Ranga Jeewa Wednesday, 14 August 2019 03:35 AM
මෙය ඉතා ශ්‍රේෂ්ඨ ස්ථානයක්...
Ranga Jeewa Wednesday, 14 August 2019 03:37 AM
මේ තොරතුරු ඉතාමත් වැදගත් වුණා මගේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරගන්න.
R.H.M.C.T. RATNAYAKE Tuesday, 06 October 2020 09:35 PM
1948 ට පෙර ඉතාම අවංකව සහ නිවැරදිව මුද්‍රණය කල අඟලේ සිතියම් වල සිංහරාජයේ නියම මායිම් ඇත. සුද්දන් පවා රැක්ක අපට ඇති එකම සදාහරිත නොඉඳුල් වැසි වනාන්තරය එය තුල සහ අවට ඇති සියළුම ඊනියා ගම් සහ දෙපාවන් සහ උන්ගේ නිර්මාණ වන ගොඩනැගිලි මංමාවත් හෝටල් තේ කම්හල් තේ වතු ආදී සියළුම මිනිස් ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම සිංහරාජය තුලින් සහ මායිම් අවටින් අප්‍රමාදව නිවැරදිව අවංකව බුද්ධිමත්ව වහාම ඉවත් කර ඔවුන් සියළු පහසුකම් සහිතව මොරගහකන්ද ව්‍යාපෘතිය තුල පදිංචි කරවා මෙම ජාතික සම්පත රැකගැනීම ලක්ෂ 203 ක් වූ පුරවැසියන්ගේ පරම යුතුකමයි.