(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
([email protected],[email protected])
‘නීතිය විතරක් ඉගෙනගත්තු මිනිහෙක් නම් දණින් වැටිලා මෙහෙම අඬන්නේ නෑ. මනුෂ්‍යත්වයත්, ජීවිතයක වටිනාකමත් දන්න ආදරණීය විනිසුරුවරයෙක් තමයි මේ.’
අපි මේ කියන්නට යන්නේ විනිසුරු ඉලංගචේලියන් ගැන කතාවක් හෝ විනිසුරුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයාට වෙඩි තැබීම ගැන කතාවක් නොවේ. මේ කතාව යාපනයේ ක‍්‍රියාත්මක වන බව කියන ‘ආවා’ කල්ලිය ගැනයි.
මුලින් සඳහන් කළේ ආවා කණ්ඩායමේ වර්තමාන නායකයා යැයි කියන සත්‍යවේල් කාදන් නිෂාන්තන් හෙවත් නිෂා වික්ටර්ගේ ප‍්‍රකාශයකි. ‘ආවා’ කල්ලියේ ප‍්‍රතිරූපය දකුණට පැමිණ ඇත්තේ යළි උතුරට පයක් ගසන්නට දකුණේ ජනතාවට නොහැකිය වැනි අදහසකිනි. මේ ලිපිය ලියැවෙන්නේ ‘ආවා’ කල්ලිය ගැන මාස 10ක පමණ සොයාබැලීමකින් පසුවය.
ආවා කල්ලිය ගැන ළඟින්ම අප සොයන්නට පටන් ගත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිටය. යාපනය විශ්ව විජයකුමාර් සුලක්ෂන් සහ කජන් යන සිසුහු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූහ.
එම සිදුවීමෙන් දින දෙකකට පසු පොලිස් බුද්ධි අංශ සාමාජිකයෝ දෙදනෙක් චුන්නාකම් වෙළෙඳසලක් ඉදිරිපිටදී ප‍්‍රහාරයට ලක්වුහ. ඒ විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර දිනයේදීය. සුලක්ෂන්ගේ නිවස පිහිටියේ චුන්නාකම් සිට මදක් දුරිනි.
සුලක්ෂන්ගේ නිවසට ගොස් යළි පැමිණි අපි චුන්නාකම් ප‍්‍රදේශයේ මිනිත්තු පහක් දහක් රුඳී සිටියෙමු. යතුරු පැදි තුනකින් අපි එහි ගිය අතර අප රැදී සිටියේ මිතුරකුගේ අවශ්‍යතාවක් සඳහාය. පොලිසියේ දෙදෙනා ප‍්‍රහාරයට ලක්වූයේ අප එතැනින් පිටව ගොස් මිනිත්තු පහකට පමණ පසුවය.
අංකය වසා ගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අත්පත‍්‍රිකා විසිකරගෙන යමින් එම සිදුවීම ආවා කල්ලියේ ක‍්‍රියාවක් බවත්, සුලක්ෂන් මරා දැමීමට එරෙහිව සිදු කරන ලද්දක් බවත් ඒත්තු ගැන්වීමට උත්සාහ දරා තිබිණි.
පොලිස් බුද්ධි අංශයේ දෙදෙනා මේ සිද්ධිය වු අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිට ඇති අතර ප‍්‍රහාරයට ලක්ව තිබුණේ චුන්නාකම් වෙළෙඳසලකට පැමිණ කප්පම් ඉල්ලූ පිරිසක් වළක්වන්නට යද්දීය. ප‍්‍රහාරය සිදු කරන අවස්ථාව වන විට ඊට සම්බන්ධ වූ පිරිස මොවුන් පොලිස් සාමාජිකයන් බව දැන නොසිටි බව පසුව අනාවරණය විය. සිසුන් දෙදෙනාට වෙඩි තැබීම සහ චුන්නාකම්හිදී පොලිසියේ දෙදෙනාට පහරදීම අතර සම්බන්ධයන් නොතිබිණි.
පසුව අනාවරණය වූ විශේෂ කාරනාව නම් පොලිස් වෙඩි පහරින් මිය ගිය විජයකුමාර් සුලක්ෂන් නම් ජනමාධ්‍ය ශිෂ්‍යයාද ඊට පෙර ‘ආවා’ නම් පිරිසේ ප‍්‍රහාරයකට ලක්වී ඇති බවයි. ඊට එරෙහිව චුන්නාකම් පොලිසියට පැමිණිලි කළත් විමර්ශනයක් සිදුවී නොතිබිණි. 2015 අපේ‍්‍රල් මාසයේ දී මනිපායි පොලිස් බල ප‍්‍රදේශයේදී යාපනය විශ්ව විද්‍යාල සිසුන් තිදෙනකු ප‍්‍රහාරයට ලක්වූ අතර එම ප්‍රහාරයට එරෙහිව කටයුතු කිරීම නිසා ‘ආවා’ යැයි කියන පිරිස සුලක්ෂන්ට පහර දී තිබිණි. ‘ආවා’ සහ සුලක්ෂන්ට වෙඩි තැබීම අතර සම්බන්ධයක් නොමැති බව හෙළි වූයේ ඒ අනුවය.
එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ තිබුණු යාපනය අර්ධද්වීපය 1995 ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ කර දින 50ක් පුරා පැවැති රිවිරැස මෙහෙයුමෙන් පසු ශ‍්‍රී ලංකා යුද හමුදාව යටතට අත්පත් කර ගනු ලැබීය. එතැන් පටන් යාපනය තිබුණේ යුද හමුදාව භාරයේය.
කෙමෙන් කෙමෙන් එල්ටීටීඊ සංවිධානය කිලිනොච්චියටත්, එතැනින් මුලතිව්වලටත් සීමා කර යුදමය වශයෙන් එල්ටීටීඊ සංවිධානය පරාජය කර ශ‍්‍රී ලංකා යුද හමුදාව ජයග‍්‍රහණය කරනු ලැබුවේ 2009 මැයි මාසයේදීය. යාපනය අර්ධද්වීපයේ යුද්ධය 1995දී අවසන් වුවත් යුද හමුදාවේ තොරතුරු සොයා බැලීම සඳහා එල්ටීටීඊ සංවිධානය විසින් තොරතුරුකරුවෝ යොදවනු ලැබ සිටියහ.
යුද හමුදාව ද එල්ටීටීඊ සංවිධානයේ කටයුතු සොයා බැලීම සඳහා දෙමළ බස කතා කරන ද්‍රවිඩ ජාතිකයෝ තොරතුරුකරුවන් ලෙස යොදවනු ලැබ සිටියහ.
මුලතිව් යුද්ධය 2009 මැයි මාසයේ අවසන් වෙද්දී එල්ටීටීඊ සංවිධානයේ යාන්ත‍්‍රණය මුළුමනින්ම බිඳ වැටී තිබූ අතර ඔවුන්ගේ ඔත්තුකරුවන්ද එල්ටීටීඊයට තොරතුරු සැපයීම නතර කර තිබිණි.
එහෙත් යුද හමුදාවේ ඔත්තුකරුවෝ දිගටම සිය රාජකාරිය හරියට ඉටුකරමින් සිටියහ.
2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වුවද ඊට පෙර යුද හමුදාවට තොරතුරු සැපයූ තොරතුරුකරුවෝ මෙන්ම එල්ටීටීඊ සංවිධානයට තොරතුරු සැපයූ පිරිස් යාපනය අවට ප‍්‍රදේශවල තම හයිය පෙන්වන්නට පටන් ගත්හ.
ඒ කිසිවෙක් සංවිධාන ගතව මැර ක‍්‍රියා සිදු නොකළහ. වාර්තා වුයේ හුදෙකලා සිදුවිම්ය. ඒ ඇතැමෙක් රස්සානැතිව රස්තියාදුවේ සිටින තරුණ කොල්ලන් කුරුට්ටන් සම්බන්ධකරගෙන තිබුණු අතර මේ කිසිවෙකුගෙන් දකුණෙන් උතුරට යන සිංහල ජාතිකයන්ට ගැටලූවක් ඇති නොවිණි.
මේ පිරිස එක්ව වැඩිපුරම සිදු කළේ මුදල් සොරා ගැනීම්ය. ඊට එරෙහි වන පිරිස්වලට පහරදීම ආදිය ද සිදු විය. හත් අට දෙනකුගෙන් සමන්විත මේ කල්ලියේ ඉදිරියෙන්ම සිටි කොල්ලා වූයේ කුමරේසන් රත්නම් විනෝදන්ය. 1992 උපන් ඔහු 2013 වන විට 21 වැනි වියේ පසුවු අතර චුන්නාකම් බටහිර ඉනුවිල්හී පදිංචිව සිටියේය.
ඔහුගේ අන්වර්ථ නාමය වුණේ 'ආවායන්' ය. දෙමළෙන් 'වායි' යනුවෙන් හැදින්නේනේ 'කට' ය. 'වායන් ' යනු කට වාචාල කමට කියවන්නා යන්නයි. විනෝදන් කට වාචාලකමට කියවන අයකු වන නිසාත් ඔහු කතා කරද්දී නිතරම ‘ආ... ආ...ආ...’ ශබ්දය පිටකරමින් කතා කරන නිසාත් මිතුරෝ ඔහු ‘ආවායන්’ නමින් හැඳින්වුහ.
2013 වසරේ අවසන් කාලයේ යාපනයේ චුන්නාකම්හිදී පහරදීමක් වාර්තා වූ අතර ඒ ගැන ප‍්‍රදේශවාසීන් පැමිණිලි කිරීමට චුන්නාකම් පොලිසියට ගියත් පැමිණිලි සටහන් කරගෙන තිබුණේ නැත. අනතුරුව ප‍්‍රදේශවාසීන් එක්ව ප‍්‍රාදේශීය ලේකම්වරයාට මේ ගැන දැනුම් දී තිබුණු අතර ප‍්‍රාදේශීය ලේකම්ගේ මැදිහත්වීම මත පසුව පොලිසිය පැමිණිලි සටහන් කර ගත්තේය. මෙවැනිම සිදුවීම් කිහිපයක දී පොලිසිය රාජකාරිය හරිහැටි ඉටු කර නොතිබුණු අතර මේ නිසා මේ කල්ලිය ආරක්ෂක අංශ සහාය මත ක‍්‍රියාත්මක වන කල්ලියක් බවට යාපනයේ වැඩි දෙනෙක් විශ්වාස කරන්නට පටන් ගත්හ.
චුන්නාකම්, කෝපායි, මනිපායි ආදී ප‍්‍රදේශවල මිනිසුන්ට පහරදීම, මුදල් මංකොල්ලකෑම ආදී සිදුවීම් එන්න එන්නම වර්ධනය වුවත් පොලිසියෙන් නිසි විමර්ශනයක් සිදුවූයේ නැත. ඔවුන් පසුපස ආරක්ෂක අංශ සිටිනවායැයි යාපනයේ ජනතාව තුළ වූ විශ්වාසය එන්න එන්නම වැඩි කිරීමට මෙවැනි සිදුවීම් තවත් රුකුලක් විය.
කෙසේ වෙතත් මේ කල්ලිය ගැන පොලිස් විමර්ශන පටන් ගත් පසු පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට සෙවීය. ‘ආවායන්’ ගේ නායකත්වයෙන් යුතු කල්ලිය ‘ආවා කල්ලිය’ බවට පත්වුයේ ඒ සෙවිල්ලේ ප‍්‍රතිපලයක් හැටියටය. ඒ පොලිසිය ‘ආවා’ කල්ලිය ගැන විමර්ශන කරන බවට මාධ්‍ය හරහා ප‍්‍රචාරය වීමත් සමගිනි.
කුමරේෂන් රත්නම් විනෝදන් ඇතුළු පිරිස ඊට පෙර ‘ආවා’නාමයෙන් සංවිධානය වී තිබුණේ නැත. ජනමාධ්‍ය හරහා ‘ආවා කල්ලිය’ නමින් මේ පිරිස හැඳීන්වීමට ගත් පසු පෙර කී කොල්ලෝ රෑන ‘ආවා ගෘප්, ආවා ගැන්ග්’ ආදී නම්වලින් ෆේස්බුක් හරහා තමන්ව හඳුන්වාදීමට පටන් ගත්හ.
පොලිස් පරීක්ෂක ශ‍්‍රීනික ජයකොඩි කෝපායි පොලිසියේ ස්ථානාධිපති ලෙස එවකට පොලිස්පති එන් කේ ඉලංග කෝන් මහතා විසින් පත් කරනු ලැබුවේ ඔය අතරේදීය.
කාලයක් මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ශ‍්‍රීනික ජයකොඩි පසුව ගම්පහ පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුවක් ලැබීය.
පසුව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ශ‍්‍රීනික ජයකොඩි මහතා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබීය. කෙටි කාලයකින් පසු ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයට මාරු කළ අතර පසුව කෝපායි පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබීය. එවකට යාපනය නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලැබුවේ රොෂාන් ඩයස් මහතාය.
කෝපායි පොලිස් ස්ථානාධිපති ශ‍්‍රීනිකගේ මහෙයවීමෙන් 2014 ජනවාරි මාසයේදී විශේෂ මෙහෙයුමක් සිදුවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස කුමරේසන් රත්නම් විනෝදන් හෙවත් ආවායන් ඇතුළු 13 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අයුතු ලෙස ඇතුළු වී රුපියල් 23500ක අනර්ථයක් සිදුකිරීම අත් බෝම්බ දෙකක් ළඟ තබා ගැනීම ආදී චෝදනා ආවායන් ඇතුළු පිරිසට එරෙහි එල්ල විය. ආවායන් ඇතුළු පිරිස මැර වැඩ කිරීම කිසිම අවස්ථාවක අත්බෝම්බ යොදා නොගත්තේයැයි ද, අත්බෝම්බ දෙක පොලිසියෙන් දමනු ලැබූ බවටද ඒ දිනවල කතාවක් පැතිරණි. කෙසේවෙතත් ආවායන් ඇතුළු පිරිසට යාපනය මහේස්ත‍්‍රාත් උසාවියේ 29/2014 අංකයෙන් නඩු පැවැරිණි.
කාලයක් රිමාන්ඩ් බාරයේ සිට පැමිණි ආවායන්ට එරෙහිව මල්ලාකම් මහේස්ත‍්‍රාත් උසාවියේ බී 292/2015 අංකයෙන් තවත් පැමිණිල්ලක් ගොනුවූයේ ඔය අතරේය.
ඒ 2015 අපේ‍්‍රල් 25 වැනිදා මනිපායි පොලිස් වසමේදී මනෝහරන් මුරලි නම්පුද්ගලයකුගේ අත කඩුවකින් කැපීම සහ තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීමයි. මේ තිදෙනා යාපනය විශ්ව විද්‍යාලයේ සරසවි සිසුහුය. මෙම සිද්ධිය වන වකවානුවේ මනිපායි පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතාය.
මනිපායි සෙල්ලමුත්තු ක‍්‍රීඩාංගනයේ පැවැති සංගීතයකට මේ සිසුහු යමින් සිටියහ. මද දුරක් යද්දී ඔවුන්ගේ මඟ හරස් කළ පිරිසක් සිසුන්ට පහර දුන්හ. මනෝහරන් මුරලි සිසුවාගේ අත් කපා දැමීය. අනිත් සිසුන් තිදෙනාටද කපා තුවාල සිදු කළෝය. ඉන් පසු සිසුන් තිදෙනාගේ හිස්වැසුම් ගැලවීය. මේ තමන්ට අවශ්‍ය තිදෙනා නොවන බව ඔවුන් දුටුවේ එවිටය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ්ගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකර නඩු පැවරීය.
එහිදී අනාවරණය වී තිබුණේ පොලියට මුදල් ගෙන පොලීය නොගෙවන ප‍්‍රශ්නයක් මත තිදෙනකුට තුවාල සිදුකිරීමට ලැබුණු කොන්ත‍්‍රාත්තුවක් වැරදී සරසවි සිසුන් තිදෙනාගේ අත් කපා ඇති බවයි. විනෝදන් හෙවත් ආවාට අමතරව තම්බිමුත්තු දේවදර්ශන් නොහොත් මදු, සෙල්වේස්වරන් ප‍්‍රතාප්, අලගන් රාමේෂ්වරන් නොහොත් තැමී, රවිකුමාර් කබිල්රාජ්, කේ සුසේන්ද්‍රන්, උදයකුමාර් කජන්, සිවපාලන් රාජින්තානත්, මුන්දසීලන් සබේසන්, ආනන්දරාජා කජීවන් සහ පුවනේන්ද්‍රන් රවී ක‍්‍රිෂ්නන් ඇතුළු පිරිසකට එරෙහිව එම සිදුවීමට අදාළව නඩු පැවරිණි. රවීකුමාර් කබ්ලරාජ් යනු යුද හමුදා හිටපු සාමාජිකයෙකි.
කොකුවිල් දකුණ, ජීඑම්එස් පටුමගේ පදිංචිව සිටි නල්ලලිංගම් ප‍්‍රසන්නා හෙවත් සන්නා මෙන්ම ගුණසේකරන් දේවාසුදන් හෙවත් දේවා ද ඊට චෝදනා ලැබූහ. එක් අවස්ථාවක ඔවුන් අත්අඩංගුවට ගත් පොලිසියේ පිරිසක් විසින් යළි ඔවුහු මුදාහරිනු ලැබුහ. මොවුන්ට ආරක්ෂක අංශවල උදව් ඇති බව තිබූ මතය තව දුරටත් තහවුරු කිරීමට එම සිදුවීම තවත් හේතුවක් විය.
2013 වසරේ නොවැම්බර් 04 වැනි දා චුන්නාකම් උඩුවිල් දකුණප‍්‍රදේශයේ පදිංචිව සිටි ඥාණසුන්දරම් දර්ශිකාගේ නිවසට පහර දී රුපියල් හය ලක්ෂ හැට දහසක අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ආවායන්ට මල්ලාකම් උසාවියේ පැමිණිලි ගොනු විය. 3012/2014 අංකයෙන් චෝදනා ගොනු කැරුණු අතර 2016 පෙබරවාරි 19 වැනි දා වසරක සිර දඩුවම් නියම කැරිණි.
සිරදඩුවම මෙන්ම රුපියල් 2000ක දඩයද ගෙවා 2016 දෙසැම්බර් 25 වැනි දා කුමරේසන් රත්නම් විනෝදන් හෙවත් ආවායන් එළියට ආවේය. එන්න එන්නම නඩු පැටලෙන්නට ගත් පසු ‘ආවායන්’ට වැඩේ එපා විය. ආවා සමඟ සිටි සෙසු පිරිසත් පැත්තකට වූහ. එහෙත් සන්නා සහ දේවා පැත්තකට වූයේ නැත. ඉන්පසු ආවා රංගනයට පණ පෙව්වේ අවුරුදු 17-25ත් අතර කොල්ලන් රෑනකි.
ෆේස්බුක් හරහා තමන් ආවායැයි ප‍්‍රසිද්ධියේම හඳුන්වා ගනිමින් ඔවහු කැපී පෙනෙන ආකාරයේ ක‍්‍රියාකාරකම් කරන්නට පටන් ගත්හ. දකුණු ඉන්දියාවේ චිත‍්‍රපටි බලමින් ඒ ආකාරයට හැසිරෙන්නට උත්සාහ ගත්හ. නල්ලලිංගම් ප‍්‍රසන්නා හෙවත් සන්නා ද, ගුණසේකරන් දේවාසුදන් හෙවත් දේවා ද මේ කල්ලියේ නායකයන් ලෙස ඉදිරියට ඒමට උත්සාහ කළ අතර ඉන් සන්නා ඉදිරියෙන්ම සිටියේය. සන්නා තම කණ්ඩායමේ නායකයා ලෙස කොටසක් විසින් පිළිගනු ලැබිය.
එක්වරක් අත්අඩංගුවට ගෙන නැවත මුදාහළ සන්නා පුනරින්වල කාලයක් සැඟවී සිටි අතර පසුව කොළඹට පැනගත්තේය. ඔහු මුහුදුමගින් ඉන්දියාවට පළා ගොස් වෙනත් රටකට පැන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක වී යළි යාපනයට පැමිණියේය. ඉන් අනතුරුව යළින් සිද්ධි කිහිපයකට සම්බන්ධ වී ඇති ඔහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවටත් එතැනින් වෙනත් රටකටත් පළා ගොස් ඇත.
සන්නා තමන් හිත මිත‍්‍රයන් වූ දේවා ඇතුළු තිදෙනකුද මුහුදු මාර්ගයෙන් ගෙන්වා ගැනීමට උත්සාහ කළේ ඔය අතරේදීය. ඔවුහු ඉන්දියාවට ගියත් වීසා නැතිව ඉන්දියා පොලිසියට කොටු විය. ඉන්දියාවේ දෙදෙනකුට පහරදීමේ චෝදනාවක්ද ඔවුන්ට එල්ල විය.
සන්නා තමන් නායකයා ලෙස පිළිගනු ලැබු කොල්ලන් දහ දොළොස් දෙනෙක්ම තම අත්වල සන්නාගේ නම කොටාගෙන තිබේ.
රැකියා නැති මේ කොල්ලෝ රෑන සතියට දින දෙක තුනක් එක් තැනකට රොක්වී මත්පැන් පානය කර ඉන් පසු ඒ අවස්ථාවේ සිතෙන තැනකට පැන කොල්ලකෑම් ආදිය කරති. ඔවුන් වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ චුන්නාකම්, මනිපායි සහ කෝපායිප‍්‍රදේශවලය.
ඔවුන්ගෙන් හිරහැර සිදුවන්නේ දකුණෙන් උතුරට යන සිංහල ජනතාවට නොව උතුරේම වාසය කරන දෙමළ ජනතාවටය. මේ වන විට කළ පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෑතකදී කෝපායි පොලිසියේ දෙදෙනකුට පහර දී ඇත්තේද සැලසුම් සහගතව නොවන බවයි. 2014 ජනවාරි මාසයේ සිට මේ වන විට ආවා කල්ලියේයැයි කියමින් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 80 දෙනෙක් පමණ වෙති.
කොළඹදී පසුගියදා අත්අඩංගුවට පත්වු සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් ද සංවිධානාත්මක නොවූ මේ කල්ලියේ ඉදිරිපෙළ සාමාජිකයෙකි. සන්නා විදේශගතව සිටින නිසා සන්නාගේ තැන ගත්තේ නිශා වික්ටර් ය. ‘වික්ටර්’ යනු එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකි. 1985 ජූලි ප‍්‍රහාරයටද වික්ටර් සම්බන්ධ වී තිබිණි. එල්ටීටීඊයේ ‘වික්ටර්’ ගේ වීරත්වය ආරෝපණය කර ගැනීමට ‘වික්ටර්’ නම යොදා ගත්තද නිශා වික්ටර්ට එල්ටීටීඊය සම`ග සම්බන්ධකම් නොතිබිණි. නිශා වික්ටර් 1995 වසරේ උපන්නෙකි.
දෙමළෙන් ‘වායි’ යනුවෙන් ඇඳින්වෙන්නේ ‘කට‘ ය. ‘වායන්’ යනු කට වාචාල කමට කියවන්නා යන්නයි. විනෝදන් කට වාචාලකමට කියවන අයකු වන නිසාත් ඔහු කතා කරද්දී නිතරම ‘ආ... ආ...ආ...’ ශබ්දය පිටකරමින් කතා කරන නිසාත් මිතුරෝ ඔහු ‘ආවායන්’ නමින් හැඳින්වුහ.
ඉනුවිල් මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. මේ වන විට ආවා කල්ලියේ සාමාජිකයන්ගේ නම්වලින් සහ ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් ආවා ප‍්‍රචාරණය කිරීමට පිරිසක් කටයුතු කරති. එම ප‍්‍රදේශවල තරුණයන් කියනුයේ ඇත්තටම එම ෆෙස්බුක් ගිනුම් භාවිත කරන්නේ මේ ආවායැයි කියන පිරිස නොවන බවයි.
කොල්ලකෑම් සහ අපරාධ සඳහා ආවා සාමාජිකයන්යැයි කියන පිරිස් විවිධ පන්නයේ කඩු, කිණිසි භාවිත කරති. ඒවා වැඩිහරියක් නිර්මාණය කරගෙන තිබෙන්නේද චුන්නාකම් සහ කෝපායි ආශ‍්‍රිත කම්මල්වලිනි. ඒවායේ හැඩ තීරණය කෙරෙන්නේ ඒ ඒ දිනවල ඔවුන් බලන දකුණු ඉන්දියා චිත‍්‍රපට අනුවය.
ආවා සන්නා නීෂා වික්ටර්
ආවා යැයි කියන කණ්ඩායම චුන්නාකම් ඇතුළු ප‍්‍රදේශවල වැසියන්ට දැන් හිසරදයක්වී හමාරය. 2016 ඔක්තෝබර් පස් වැනි දා ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී ත‍්‍රීරෝද රථයකට හා යතුරු පැදියකට ගිනි තැබීම, 2016 සැප්තැම්බර් 30 වැනි දා කඩුවකින් කපා පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීම, 2017 ජනවාරි 25 වැනි දා නිවසකට අයුතු ඇතුළු වී අනර්ථයක් සිදු කිරීම, ජනවාරි 27 වැනි දා යළිත් දේපොළවලට හානි සිදු කිරීම, 2017 ජනවාරි 26 වැනි දා බස් රථයකට පහර දීම, 2017 ජනවාරි 30 වැනි දා නල්ලූර් වෙළෙඳසලකට ගිනි තැබීම ආදී සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය, චුන්නාකම් සහ මල්ලාකම් අධිකරණවල නඩු ගොනුවී තිබේ.
පෙර සඳහන් කළ පරිදිම ආවා යනු සංවිධානාත්මක කල්ලියක් නොවේ. යාපනයේ පමණක් නොව ඕනෑම පොලිස් වසමකම හුදකලා සිදුවීම්, සොරකම්, පහරදීම් ඕනෑ තරම් සිදුවේ.
යාපනයේද එසේමය. යාපනයේ සිදුවන හුදකලා සිදුවීම් සියල්ලක්ම පාහේ දැන් වැටෙන්නේ ‘ආවා කල්ලියේ’ ගිනුමටය. ඒ නිසා ආවා යැයි කියා ගන්නා කොලූ රැන තමන් වැඩකාරයන්යැයි නැති වීරත්වයක් ආරෝපණය කරගෙන ඇත.
සන්නා අල්ලා අතහැරියේ ඇයි?
කෙසේවෙතත් මේ ලිපිය ලියන මොහොත වන විට ආවා යැයි චෝදනා ලැබු අත්අඩංගුවට පත්ව සිටින පිරිස 80ක් පමණ වෙති. ඉන් ඇතැමුන් දැන් සිටින්නේ ඇප පිටය. තවත් සමහරු තවමත් රිමාන්ඩ් බාරයේ සිටිති. ආවා කල්ලිය පිටුපස දේශපාලන හස්ත හෝ පරණ එල්ටීටීඊ සෙවනැලි ඇති බවට වරින් වර දේශපාලන වශයෙන් කතා මතු විය. ආවා පසුපස මිලිටරි හස්ථයක් ඇති බව තවත් පැත්තකින් මතු විය. ආවා නිර්මාණය කළේ හමුදාවට සම්බන්ධ පුද්ගලයකු බව කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතාද කියා තිබිණි. 2014 ජනවාරි මාසයේ සිට මේ වන තෙක් වසර තුනක් තිස්සේ විමර්ශනය කළත් මේ චෝදනා කරන පරිදි ආවා පිටුපස සිටින හස්ථය අනාවරණය කර අත්අඩංගුවට ගෙන නැත.
ආණ්ඩු දෙකක් යටතේම මේ ගැන විමර්ශන සිදුවීම සහ දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන සිදුකිරීමෙන් අදිසි හස්තයක් හෙළිදරව් නොවීමෙන් ඕනෑම අයකුට නිගමන දෙකකට එළඹිය හැකිය. එකක් මේ කොලූ රෑන පිටුපස කිසිම අදිසි හස්තයක් නැති බවය. අනෙක නම් කිසියම් බලපෑමක් නිසා ඔවුන් පිටුපස ඇති අදිසි හස්තය හෙලිදරව් කිරීමට පොලිසිය බය බවය. මාලිගාවත්ත පාතාලය, දකුණේ පාතාලය, කඩුවෙල පාතාලය ආදී පාතාල කණ්ඩායම් හිස එසවීම කෙරෙහි ආරක්ෂක අංශවල ඇතැමුන්ගේ සහාය නොඅඩුව බලපෑ බව ප‍්‍රසිද්ධ රහසකි.
එනිසාම නීතිය හරි හැටි ක‍්‍රියාත්මක නොවී අවසානයේ එම ප‍්‍රදේශවලට මහත් හිසරදයක් වන ආකාරයට එය උඩු දිවීය. මාලිගාවත්ත පාතාලයේ ඇතැමුන් අත්අඩංගුවට ගත් විට ඔවුන් මුදා හරින ලෙස දේශපාලන බලපෑම් ආවේය. අවසානයේ පොලිස් මූලස්ථාන පාතාල මර්දන ඒකකය විසුරුවා හරින තරමට එය ප‍්‍රබල විය.
උතුරේත් එසේමය. ‘ආවා’ කල්ලි කාගේ නිර්මාණයක් වුවත් එහි ක‍්‍රියාකාරකම් දැන්ම අවසන් නොකළහොත් එය ද මාලිගාවත්ත පාතාලය තරමට උත්සන්න වනු ඇත. එවිට ආවා පසුපස යම් හස්තයක් තිබෙනවා නම් එම හස්තයටද පාලනය කර ගත නොහැකි තැනට පත් වෙනු ඇත.
(පසුබිම් වාර්තා සිරාජ් හසීම්)
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ආවා ආවේ කොහෙන්ද’