(සිරාජ් හසීම්)
ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා කළු කණ්ණාඩි යුවලක් පැළඳ ගෙන විද්‍යා දැරිය දෙස බලා සිටි බවත්, ඔහු පැමිණ සිටි වාහනයේ තවත් හය දෙනකු සිටි බවත් මෙම නඩුවේ හත්වැනි සාක්කිකරු වන ඥානේස්වරන් ඉලංකේස්වරන් මහතා ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය. මේ හයදෙනා අතර ඝාතන සිද්ධියේ තවත් විත්තිකරුවන් තිදෙනෙකු සිටි බව ද සාක්කිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
ශිවයෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ සාක්කි විමසීම සිව්වැනි දිනටත් පෙරේදා (3) මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් පේ‍්‍රමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී පැවැත්විණි. ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා වන්නේ බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාය. ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය මරා දැමීමට කුමන්ත‍්‍රණය කර දැරිය පැහැරගෙන ගොස් 2015 මැයි 13 වැනි දා මරා දැමීමට චෝදනා ලබා සිටින බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් ගුහදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස්කුමාර්) යන විත්තිකරුවෝ නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම මත ඥානේස්වරන් ඉලංකේස්වරන් නැමැත්තා සාක්ෂි ලබා දෙමින් මෙසේ ද සඳහන් කළේය. ‘‘මම පදිංචි වී සිටින්නේ විද්‍යාගේ නිවස අසලමයි.
2015 මැයි 14 වැනි දා උදේ විද්‍යාගේ මවයි සොයුරයි විද්‍යාව ඊයේ ඉඳලා දැක්කේ නැහැ කියල හොය හොයා ඇවිද්දා. විද්‍යාගේ අයියා මිනිස් වාසයක් නැති ප‍්‍රදේශයේ විද්‍යාව සොයාගෙන ගියා. ඉන්පසු අයියෝ අයියෝ විද්‍යා විද්‍යා කියල කෑගැහුවා. මමත් ඒ සද්දෙට එතනට ගියා. විද්‍යාගේ අම්මත් එතනට ඇවිත් හිටියා.
ඔවුන් කිව්වා විද්‍යාගේ මළ සිරුර හමුවුණා කියල ගමේ අයට කියන්න කියලා. මම ඉක්මනටම ගමේ අය එක්කන් එන්න ගියා. විද්‍යා ඝාතනයට වෙන්න පෙර දිනයේ ඒ කියන්නේ 2015 මැයි 12 වැනිදා ගෙදරට ඕනෑ කරන බඩු ගෙන එන්න මම ආලඩි හංදියට ගියා. එවිට පංජාබ් ඇඳුමකින් සැරසුණු විද්‍යා බසයකින් බැහැලා ඇවිත් නවතා තිබූ පාපැදිය අරන් ගියා. ඒ වෙලාවේ මාර්ගයේ ඉදිරියෙන් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් ඉදිරියේ තිබුණා. ඒ වාහනේ ඉදිරිපස අසුණේ කළු පැහැ කණ්ණාඩි දෙකක් පැළඳගෙන ස්විස් කුමාර් අසුන්ගෙන හිටියා. අනිත් ආසනවල සසිදරන්, චන්ද්‍රහාසන්, කන්නන් අසුන්ගෙන සිටියා. මොවුන් එක්ක තවත් දෙන්නෙක් හිටියා. ඔවුන් කවුද කියල දන්නෙ නැහැ. ඔක්කොම වාහනේ ඇතුළේ හය දෙනකු හිටියා. විද්‍යා බයිසිකලේ අරන් යන ආකාරය ඔවුන් සියලු දෙනාම බැහැලා ඇවිත් බලාගෙන හිටියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්- ස්විස්කුමාර්, ශෂිදරන්, චන්ද්‍රහාසන්, කන්නන් කියන අය හඳුනාගන්න පුළුවන්ද?
ඔව්. පුළුවන් යැයි පිළිතුරු දුන් සාක්ෂිකරු විත්තිකූඩුවේ සිටි නව වන විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර්, සිව්වන විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, පස්වන විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන් සහ 8 වැනි විත්තිකරු වන ජෙයතරන් කෝගුලන් හෙවත් කන්නන් හඳුනා ගත්තේය.
4,7,9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සින්නරාසා කේදීස්වරන් මහතා - සාක්ෂිකරු සිටි තැනත් ඩොල්ෆින් වාහනයත් තිබුණේ කොපමණ දුරකින්ද?
සාක්කිකරු - අඩි 15ක පමණ දුරින්. නීතිඥවරයා - අඩි 15ක් දුරින් වාහනේ නවතා තිබුණා නම් කළු කණ්ණාඩියක් පැළඳ සිටි කෙනෙකු පේන්නෙ කොහොමද?
සාක්කිකරු - නැහැ. ඒ ඔවුන් තමයි. මම දැක්කා. ඔවුන්
විද්‍යා දෙස තමයි බලාගෙන හිටියේ.
නීතීඥවරයා - බඩු ගන්න ගිය කඩයේ කොපමණ වෙලාවක් සිටියාද?
සාක්කිකරු - කඬේ කට්ටිය හිටපු නිසා පැය භාගයක් විතර ඉන්න සිදුවුණා. ඒ මොහොතෙ තමයි මේ සිදුවීම දැක්කේ. ඉන්පසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීමෙන් මෙම නඩුවේ 15 වැනි සාක්කිකරු වන සෙල්වරාසා සදානන්දරූපිනී සාක්කි දුන්නාය.
‘‘සිද්ධිය වූ දවසේ (13) වැනිදා උදේ 7.30 ත් 8.00 ත් අතර මගේ බයිසිකලෙන් මම වේලනෙයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩට යමිනුයි සිටියේ. මම ගමන් කරන මාර්ගයේ තැනක චන්ද්‍රහාසන් සරමක් ඇඳගෙන අඩිපාරක් දිගේ වේගයෙන් යමින් සිටියා. මල්ලි කියා ඇමතුවොත් ඇසෙන දුරකිනුයි ඔහු ගමන් කළේ. ඔහු මීටර් 200ක් විතර දුරක් පාරෙන් ගියා. ඒ පාරෙන් විද්‍යාගේ මළ සිරුර හමුවුණ තැනටත් යන්න පුළුවන් කියා මට ස්ථීරවම කියන්න බැහැ.
පසුදින විද්‍යාගේ මළසිරුර හමුවූ බවට ලැබුණු ආරංචියට මමත් අසල්වාසින් 10 දෙනෙකුත් ඒ තැනට ගියා. ඒ තැනට චන්ද්‍රහාසනුත් ඇවිත් හිටියා. ඔහු එතන විනාඩි 10ක් විතර ඉඳලා යන්න ගියා.’’
නඩුවේ නවවැනි සාක්ෂිකරු වන 13 හැවිරිදි පාසල් දරුවෙක් සාක්කි දෙමින් මෙසේ ද කීවේය. ‘‘මම පුංකුඩිතීව්වලයි පදිංචිවෙලා ඉන්නේ. පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
මම නිවසේ සිට හැමදාම පාසල් යන්නෙ පුංචි ආලඩි සංදිය (සිසුවිය ඝාතනයට ලක්වූ ස්ථානය ආසන්නයේ) ළඟින්. සිද්ධිය වෙච්ච දවසේ ඒ කියන්නේ 2015 මැයි 13 වැනිදා මමයි මගේ පංතියේ යාළුවෙකුයි පාපැදියෙන් පාසල් ගියා. අප ගිය පාපැදිය මගේ යාළුවාගෙයි. ඔහු තමයි පාපැදිය පැදගෙන ගියේ. මම පිටුපසිනුයි වාඩිවෙලා ගියේ. යන ගමනේ පුංචි ආලඩි හරියෙදී ධනූජන්ගේ සෙරප්පුව ගැලවී වැටුණා. ටික දුරකින් බයිසිකලේ නවත්වා සෙරෙප්පුව ගේන්න දුවගෙන ගියා.
එවිට ම් ම් ම් ම් කියලා කෙඳිරිලි සද්දයක් ඇහුණා. මම මුලින්ම හොල්මන් සද්දයක් කියල බය වුණා. ඉන්පසු හැරිලා බලද්දි අරලිය ගහක් ළඟ රවී මාමා (දෙවන විත්තිකරු වන බූබාලසිංගම් ජෙයක්කුමාර්) කහ පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියා. හිතට බයක් දැනිච්චි නිසා ධනූජනුයි මමයි දෙන්නම බයේ පාසලට දිව ගියා. පසු දින ඒ කියන්නේ 14 වැනිදා අම්මා එක්ක පාසල් යද්දි ගමේ කෙනෙකු විද්‍යා අක්කා මැරුණු පුවත කියුවා. විද්‍යා අක්කා මැරුණු කතාව ඉක්මනටම
දුවන් ගිහිං අයියට කියන්න කියලා අම්මා මාව යැව්වා. මම ගිහිං අයියට කිව්වා. එදා අයියත් ඉස්කෝලෙ ගියෙත් නැහැ. සිද්ධිය වෙලා දින කිහිපයකට පස්සේ විදුහල්පතිතුමා මගෙන් ඇහුවා ඔයා පාසල් එන පාරෙදි මොකක් හරි දැක්කද කියලා. ම් ම් කියලා කෙඳිරිලි සද්දයක් ඇසුණු බව මම විදුහල්පතිතුමාට කිව්වා. ඒ ගැන වෙන කාටවත් කියුවේ නැහැ. ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයටත් කිව්වා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා - රවී මාමව දැක්කොත් හඳුනගන්න පුළුවන්ද?
සාක්කිකරු - ඔව්. අඳුනා ගන්න පුළුවන්. විත්තිකූඩුවේ සිටි බූබාලසිංහම් ජෙයක්කුමාර් හෙවත් රවී නැමැත්තා සාක්ෂිකරු විසින් හදුනා ගනු ලැබීය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා - එදා රවී මාම ඇඳන් හිටපු ටීෂර්ට් එක අඳුනගන්න පුළුවන්ද?
සාක්කිකරු - ඔව්.
සාක්ෂිකාර දරුවා අධිකරණයේ නඩු භාණ්ඩයක්ව තිබූ කහ පැහැ ටී ෂර්ට් එක පෙන්වමින් එය හඳුනා ගත්තේය. සිසුවාගේ සාක්කිය එතැනින් අවසන් විය. මෙම නඩුවේ දසවන සාක්ෂිකරු වන පාසල් සිසුවා ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි ලබා දුන්නේය. ඔහු ඊට පෙර සාක්කි ලබා දුන් පාසල් සිසුවාගේ මිතුරාය. එම සිසුවාගේ සාක්කියෙන් පසු මෙම නඩුවේ සිව්වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින බාලචන්ද්‍රන් බාලචන්ද්‍රන් සාක්කි ලබා දෙමින් මෙසේ ද කීවේය.
‘‘2015 මැයි 13 වැනිදා උදේ 8.45ට විතර මම කඬේ වැඩට යන විට ඝාතනය සිදුවූ ස්ථානය ආසන්නයේ බූබාලසිංහම් ජෙයක්කුමාර් සහ බූබාලසිංහම් තවක්කුමාර් ඉන්නවා දැක්කා. ඔවුන් දෙදෙනාම හිටියෙ හිටගෙනයි. රවී කියලා කියන බූබාලසිංහම් ජෙයක්කුමාර් කියන්නේ මගේ නංගිගෙ සැමියායි. අනිත් කෙනා තවක්කුමාර් එයාගේ සොයුරයි. පසු දින ඒ කියන්නේ 14 වැනිදා මට විද්‍යා ඝාතනය කර ඇති පුවත ආරංචි වුණා. විද්‍යා මට ළඟින්ම ඥාති වෙනවා. විද්‍යාගේ සිරුර හමුවුණ තැනට මීටර් 15ක් විතර ඈතින් තමයි කලින් දවසේ ජෙයක්කුමාර්වයි තවක්කුමාර්වයි මම දැක්කේ.’’ අනතුරුව එම සාක්ෂිකරු විත්තිකූඩුවේ සිටි විත්තිකරුවන් දෙදෙනා හඳුනා ගත්තේය.
මෙම නඩුවේ සාක්ෂි විමසීම පැවති අවස්ථවේදී සිසුවිය ඝාතනයේ ඞී.එන්.ඒ වාර්තාව, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පීඨයේ වාර්තාව ඇතුළු ඝාතන සිද්ධියට අදාල වාර්තා කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත බාරදෙනු ලැබීය.
මෙම ඝාතනයේ සාක්කිකරුවන් සංශෝධනය කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා කරන ලද ඉල්ලීමටද ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසරය ලබා දුන්නේය. ඒ අනුව සිද්ධිය වූ සමයේ යාපනයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකව සිටි රංජිත් බාලසූරිය ඇතුළු පොලිස් නිලධාරීහු දෙදෙනෙක් සාක්කි කරුවෝ ලෙස නම් කරනු ලැබූහ. නඩු භාණ්ඩ දෙකකුත් එක් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම්, රජයේ නීතිඥවරුන් වන නාගරත්නම් නිශාන්ත, ලක්සිරි ද සිල්වා සහ මාලනී විග්නේෂ්වරන් යන මහත්ම මහත්මීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.
1,2,3,5 සහ 6 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහින්ද ජයරත්න සහ සුරංග බාලසිංහ යන මහත්වරු ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4,7,8,9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් සින්නරාසා කේදීස්වරන් මහතාද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ වියදමින් පත්කළ රජයේ නීතිඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ස්විස් කුමාර් විද්‍යා දිහා කන්න වගේ බලන් හිටියා”
දිමුත් Wednesday, 05 July 2017 11:13 AM
මරණ දඬුවම නැවත ගන එන්න..
Dr.Lakshman Fernando Wednesday, 05 July 2017 06:15 PM
Required to hang them
sanjeewa Thursday, 06 July 2017 05:31 AM
අඩි 15 ක් දුරින් ඉන්නකොට මොකද අඳුන ගන්න බැරි? නීතිඥ මහතාට බැරි වුණාට අනික් අයට පුළුවනි. සල්ලි වලට වැරදි කාරයෝ නිවැරදි කාරයෝ කරන්න දඟලන නීතිඥ මහතුන්ට වඩා සාමාන්‍ය ජනයාගේ ඇස් පේනවා. කවුරු කරත්, අහිංසක දරුවෙකුට මේ වගේ අපරාධයක් කරපු කාටවත් නැවත සමාජයට එන්න දෙන්න එපා. කාන්තාවකට, ළමයෙකුට පාරේ බැහැල නිදහසේ යන්න බැරි තත්ත්වයක් මේ රටේ දැන් තියෙන්නේ. මොවුන් ජීවිතාන්තය දක්වා සිරගෙයි දැමිය යුතුයි. නිකම් නෙමේ, බරපතල වැඩ ඇතුව. සියලු දේපල රාජ සන්තක කොට විද්‍යා දැරියගේ පවුලට වන්දි වශයෙන් ලබා දිය යුතුයි.
kumara Friday, 07 July 2017 08:19 AM
මේ වගේ අය ආපසු සමාජයට එවන්න එපා, ගැහැණු දරුවෙක් ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ගේම පැතුම වන්නේ එයයි. අහිංසක දරුවෙක් පාසැල ඇරිලා ගෙදර යද්දී එ් දිහා නරක විදිහට බලන් ඉඳලා එ් දරුවාට අඩන්තේට්ටම් කරලා, මරලා දාන්න පුළුවන් නම් එවන් රටක මිනිසුන් ජීවත් වෙන්නේ කොහොමද..?
chitra Sunday, 09 July 2017 02:31 PM
සංජීව සහ කුමාර කියනදේ හරි... පාට, පක්ෂ, ආගම්, කුලමල, නැතුව නීතිය හරියට කරලා පෙන්වන්න රටට.. ස්තුතියි !!!
ලුම්බිණි Tuesday, 11 July 2017 03:25 AM
සමහර රටවල වගේ මේ අයට එකෙකුට අඩු වශයෙන් අවුරුදු 200 ක වත් හිර දඬුවමක් දිය යුතුයි.
විල්මා ඵ්කනායක Friday, 14 July 2017 05:08 PM
මරලා මදි.. මරලා එල්ලලා මිනිස්සු ලවා ගල් වලින් ගස්සලා ඒ අයව ගිනි තියන්න ඕනේ
පිටිගල මිලානෝ Sunday, 16 July 2017 06:36 AM
ස්විස් කුමාරව මඩකලපුව පැත්තේ පාලු වෙරළකට ගෙනියලා පයින්ම ස්විස් යන්න ඉඩ දෙන්න ඕනේ.