Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පොල් කුරුමිණියන්ට කෙමක් කරන්න ගිහින් බිරියට එළොව පොල් පෙනිලා
2012 අපේ‍්‍රල් මස 25 09:22:13 | විශ්ව ගැමුණු ප්‍රියංකර
අලූත පීදුණු පොල් ගසේ කුරුමිණි හානිය වැළැක්වීමට සැමියකු විසින් සිදුකැරුණ ”කෙම” නිසා බිරියට දින දෙකක් නිවාඩු යාමට සිදුවූ කතාවක් පොල් ති‍්‍රකෝණයට යාබද ප‍්‍රදේශයකින් ඇසුණි.
ගමේ අක්කර ගණනාවක් විකුණා නගරයෙන් පර්චස් ගණනක් මිලදී ගෙන ජීවත්වන ඔවුහු ඇති හැකි සෑම අඟලකම ගෙවත්ත වගා කළහ.
කෙසෙල්, පැපොල්, අල, බතල වර්ග පමණක් නොව ඉඩ අති තැන්වල පොල් ගස් කිහිපයක්ද සිටැවූහ.
දකින්නන්ගේ ඇස් පි‍්‍රය උපදවන තරමට සියල්ල සරුය.
අනෙක් පළදාව මෙන්ම පොල් පැළද පීදෙන කාලය ළං විය.
නමුත් ඇස් වහ, කට වහ වැදුණාක් මෙන් ඊට කුරුමිණි හානියක ලකුණු පහළ වී ඇති සැටි ඔවුහු දුටුහ.
ඕකට හරියට හරි අහවල් වැඬේ කරන්න පැරණි කෘෂිකාර්මික දැනුම ඇත්තෙක් ඒ සඳහා කෙමක් කිවේය.
ඔවුහු එය ඉහලින් පිළිගත්හ. සැමියා නිවාඩු දිනයක උදෑසන අවදි විය. කතා නොකරම අතට ගුලිකරගත් යමක්ද සමග ඉනිමගක් ආධාරයෙන් පොල් ගසට නැග්ගේය.
”කෙම” අකුරට ඉටු කළේය.
ඉරුදිනය ගෙවී ගොස් සඳුදා උදා විය. බිරිය උදෑසන රැුකියාවට යාමට සුදානමින් යමක් සොයනු ඔහුට පෙණුනි.
මොකක්ද හොයන්නේ? ඔහු බිරියගෙන් ඇසුවේ වෙනදාට වඩා අත්‍යවශ්‍ය දෙයක් සොයන බව දැනුනු නිසාය.
මගේ ”හවරිය” නෑනේ. මේ බෑග් එකේ තිබුණේ. හරි වැඬේ ඒක නැතිව කොණ්ඬේ පිරා තියාගන්නත් බෑ. එහෙම තියාගෙන වැඩට යන්නත් මොකක්ද වගේ. බිරිය කියූ දෙයින් ඔහුට කර කියා ගත හැකි දෙයක් නොවීය.
කුරුමිණි හානිය වැළැක්වීමට පොල් ගසේ ගොබය තුළට කතා නොකර කෙස් ගුලි කීපයක් සිරකරන ලෙසට ලැබුණු ”කෙම්” උපදේශය උදෙසා ඔහු භාවිතා කොට තිබු දේ බිරියගේ හවරියේ කොටස්ය. කෙම උදෙසා ගැසු හවරියේ කොටස් එසේ තිබියදීම දින දෙකකින් පසුව නගරය පුරා කරක් ගසා බර ගාණක් ගෙවා හවරියක් මිලදී ගැනීමට ඇයට සිදුවිය.
හවරිය තවමත් පොල් කරටියේය. ඒ ගසේ නැතත් වෙනත් ගස්වල කුරුමිණියෝය. අනේ ඔහේගේ කෙම යනුවෙන් බිරිය සැමියා සරදමට ලක්කරන අවස්ථා නැත්තේද නොවේ.
අදහස්(8)
බැලූවෝ (14846)
පොල් කුරුමිණියන්ට කෙමක් කරන්න ගිහින් බිරියට එළොව පොල් පෙනිලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගැමුණු 2012-04-25 10:41:33
වෙච්ච දේට මක් කරන්නද?
ෂාන්(saudi arabia) 2012-04-25 12:06:33
අනේ ඉතිo වෙච්ච දේට මක් කරන්නද?
සන්ජීව 2012-04-25 14:36:38
හොද වෙලාවට හවරිය වුණේ...
කවින්ග 2012-04-25 15:49:27
හරි වැඩේ
නන්දන 2012-04-25 21:09:27
අපරාදේ දවස් දෙකක සල්ලි
නිමල් 2012-04-26 06:53:56
මරුනේ...
හසරැල් 2012-04-26 07:00:49
පුල්ලි ගොනා ගෙට පැනලා කඹෙත් කඩාගෙන...
ගෙදර උන්දැ කොන්ඩේ බදින හවරිය කාලා..
සුපුන් 2012-04-29 21:53:42
ඇත්තටම මාර වැඩේ
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(127)
(22740)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17281)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(87)
(15967)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14607)
ඇදුරුවරියට හදිසි සැත්කමක්
(42)
(13276)
දුව බේරාගන්න මව මැරුම්කයි
(82)
(13087)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12159)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(12016)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11554)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10445)