2013-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.0800 , විකුණුම් මිල රු.130.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0200 , විකුණුම් මිල රු.203.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.169.2800 , විකුණුම් මිල රු.175.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.1100 , විකුණුම් මිල රු.142.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.123.4800 , විකුණුම් මිල රු.128.0200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.4300 , විකුණුම් මිල රු.124.1100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2500 , විකුණුම් මිල රු.103.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3255 , විකුණුම් මිල රු.1.3732 |

නාවික කත මරා විවාහක නැවියාත් මැරේ?

2012 මැයි මස 07 16:41:03 | අමදෝරු අමරජීව , සුරංග රාජනායක

ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳවුරේ වෙඩි තැබීමකින් නාවික භටයකු හා නාවික භට කතක මියගිය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. මොනරාගල ආර්.එම්.ඩබ්ලිව්.පී. සුරේන්ද්‍ර (35) හා නාවලපිටියේ ආර්.එම්.එම්. සෝමසිරි (24) මියගිය දෙදෙනාය. සුරේන්ද්‍ර විවාහකයකු බවත් දහල්  කෑම පාර්සලය රැගෙන එමින් සිටි කතට මුලින්ම වෙඩි වැදී ඇති බවත් ඔහු ඇයට වෙඩි තබා   තමාටද වෙඩි තබා ගත්තේදැයි සොයන බවත් පොලිසිය කියයි.

මියගිය නදීෂා නෙළුම් සෝමසිරි

අදහස්(62) බැලූවෝ (31059)

නාවික කත මරා විවාහක නැවියාත් මැරේ? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

wishleshaka 2012-05-07 20:21:37

මේ වගේ එකම විදියේ කථා කිහිපයක්ම අහන්න ලැබුණා. රජය කොහොම වෙර කළත් මේ සිදු වීම් පිටුපස්සේ කොටි මිනී මරුවෝ නැවතත් අප්‍රසිද්ධියෙ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න වා වගේ ද?

දිලාන් 2012-05-07 17:14:53

ආදර පළහිලව්වක් වද්ද? වෙන්න පුළුවන්

සේනානායක 2012-05-07 20:01:31

ආදරයක මහිමය නෙමේ, මෙය රාගයේ උනුසුම

දුප්පතා 2012-05-07 17:50:42

යුද්ධයෙන් පස්සේ මේ මොන පලහිලව්වක්ද දෙයියනේ ඒ ගමන? වටිනා ජීවිත රැකගන්න.මෙය අනිවාර්යයෙන්ම ආදරයක මහිමයකි...

ගාමිණි 2012-05-07 19:47:18

අනේ මන්දා. සිය දිවි නසා ගැනීම් නිකං රැල්ලක් වගේ වෙලානේ

සදිරන් 2012-05-07 21:26:16

අයියෝ සල්ලි

අමිල 2012-05-07 21:28:36

රටකට ගිය කලක්.අනේ මන්දා.මිනිස්සුන්ට මක් වෙලාද කියලා

ප්‍රගීත් 2012-05-07 21:35:51

මටත් හිතුනේ ඒ ටිකම තමයි අර ෆොටෝ එක දැක්කම, 'මරාගෙන මැරෙන්න'

ලලිත් 2012-05-07 21:38:27

අන්න වැඩ.ඕක කොමාන්ඩෝ පුහුණුවනේ මල්ලි

අලිබබා 2012-05-07 21:48:57

යුද්ධයෙන් පසුව සමහරක් යුදසෙබලුන් මානසික උනතාවයෙන් පෙලීම සාමාන්‍යය දෙයකි. මන්දයත් යුද්ධයක් පැවති රටක්තුල එම සමහරක් සෙබලුන්ගේ මානසිකත්වය පිරිහීම නොවැලැක්විය කරැණකි. එම සෙබලුන් චිත්තපාරිශුද්ධිය නමැති භාවනාවෙි ගුණාංගයන්ගෙන් මනස නැවත නිරවුල්කරගැනීමට වෑයමි කලයුතුය. අප රටෙි පමණක් නොව කාලාන්තරයක් යුද්ධයන්ට මුහුණදුන් බොහෝරටවල්වලපවා මෙවැනි සිදුවිම දකින්නට පුලුවන. ඔවුන්අත නිතර ගිනිඅවිය ඇතිබැවින් සුලුපුශ්ණයකදීපවා එය නිරවුල්කරගැනීමට නොහැකිවුහොත් එයට විසදුම ලෙස කොකාගැස්සීමට වැඩිකාලයක් ගතවන්නේ නැත.

නදීක 2012-05-07 21:55:34

ඇත්ත කතාව යාළුවෝ ටික කියයි

සරත් 2012-05-07 22:00:47

මේවා සාමාන්‍ය දේවල්.මොකද අද ආදරය කරන අයට තමන්ගේ ප්‍රශ්නයක් කතා කරන්නවත් නිදහසේ හමු වෙන්න සුදුසු තැනක් නෑ.මේ ප්‍රශ්නය ගැන සාධාරණව බැලිය යුතුයි

සම්පත්-ITALY 2012-05-07 22:03:33

ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් මුහුණ දීම තවත් ප්‍රශ්නයකට මුල වේ

අසන්ක 2012-05-07 22:08:20

අනිච්ඡා වත සංඛාරා....

අසන්ග 2012-05-07 22:07:09

අනිච්චා වත සංඛාරා

කමල් 2012-05-07 22:13:20

යුද්ධයක් නැති නිසා පාළුවටත් එක්ක වෙඩි තියාගන්න ඇති‍‍‍....

ලාල් ගලබඩ ඉතාලියෙන් 2012-05-07 22:23:41

සෙබල සෙබලියන්ට කරදර දෙන රාජකාරිම නොයදවා,හිත සැහැල්ලු වීමට බෙදා කොටස්‌ කොටස්‌ වශයෙන් ගම් රටවලට යවා ආගම ධර්මයට පවුලේ අයත් සමග ගතකරන්න යොමු කරමු, නැත්නම් අනාගතය අදුරුයි.

අමර් 2012-05-07 22:40:35

ආදරයෙන් ඇස් අන්ධ වුනු තරුණ තරුණියන්ගේ මනස කෙසේ හෝ දියුණු කළ යුතුයි

gayan perera 2012-05-08 00:05:01

කොටි අවතාර තවම හොල්මන් කරනවා, ප්‍රවේශමෙන්...!!!!

හෂිණි 2012-05-08 00:26:17

මේක පිටිපස්සේ කොටි බලවේගයක් ක්‍රියාත්මක වෙනවද මන්දා

ගමගේ 2012-05-08 01:23:38

කෙල්ලෙක්ගේ ලස්සන විඳින්න අ‍පේ කොල්ලෝ දන්නේ නෑ..

අමල් 2012-05-08 04:29:00

මේ වගේ කෙල්ලෙක් ට වෙන තාඩන පීඩන ලිංගික අතවර ගැන ඉහල තැනකට කිවුවට වැඩක් නෑ. ඉහල නිලධාරිනුත් මේ වගේ දේවල් වලට අනුබල දෙනවා. පව් අසරණ කෙල්ලන්ගේ ජීවිත.

සමීර 2012-05-08 06:52:01

පශ්චාත් යුද ආතතිය නැති කිරීමට පියවර ගත යුතුයි.

නිශ්ශංක 2012-05-08 07:14:18

ඔය ධර්ම රාජ්ජ්‍යය හදන්න ගියපු සිවුරු දාගෙන වෙස් වලාගෙන ඉන්න හිමි වරු ටික යුද්දෙන් පස්සෙ එක ධර්ම දේශනයක් වත් හමුදා සෙබලුන්ට දේශනා කළාද.....?

අලි ජෝන් 2012-05-08 07:25:12

කරපු වැඩේ හරියටම හරි

දිලූ 2012-05-08 07:42:25

නාවික හමුදා කදවුරක මෙවැනි දෑ සිදුවීම ගැන අතිශය කණගාටුදායකයි.ගෞරවනීය නාවික හමුදාවට මෙවැනි අගෞරවයන් නොකළ යුතුයි.

ටී.එස්. 2012-05-08 07:46:41

නිකන් කොටි කතා මෙතනට ඇදලා ඇත්ත තත්වය යටපත් කරන්න එපා. අලිබබා කියල තියන දේ තම සිද්ධවෙන්නේ. සෙබලුන්ගේ මානසික සෞඛ්‍යය පවත්වගෙන යන වැඩපිලිවෙලක් තමයි උවමනා.

සුද්දා 2012-05-08 07:59:05

නියම වැඩේ.ඒත් කොල්ලා අපරාදේ

ශ්‍රී 2012-05-08 08:26:54

මේ දේවල් වල ඇත්ත සහ ඇතුල් පැත්ත අපිට පේන දේවල් වලට වඩා හුගක් වෙනස් වෙන්න පුළුවන් නේද?

සමන් 2012-05-08 08:32:03

මනුස්ස ජිවිතයක් ලැබිම කෙතරමි දුෂ්කරද මෙම මිනිසුන් පිපාසයෙන් පිඩිත සත්වයින් වගෙ කාමයන්මයි

කළණ 2012-05-08 08:39:59

කාගේ හරි කුමන්ත්‍රණයක් වද්ද? දිගටම මේ වගේ ඒවා වෙනවනේ

ධර්මරත්න 2012-05-08 08:52:50

සහතික ඇත්ත.මේ ගත වන්නේ පශ්චාත් යුධ සමයයි.මෙවන් තත්ත්වයක‍ට මුහුණ දුන් බොහෝ රටවල තත්ත්වයත් මේකම තමයි

රොෂාන් 2012-05-08 09:16:13

මෙවන් පුද්ගලයින් ආරක්ෂක අංශ වල ඉන්න එක හරිම භයානකයි

ලක්සිර් 2012-05-08 09:34:13

අනේ අපොයි.

අනුර 2012-05-08 09:35:53

යුද්ධයෙන් පසුව සමහරක් යුද සෙබලුන් මානසික ඌනතාවයෙන් පෙලීම සාමාන්‍යය දෙයකි. මන්දයත් යුද්ධයක් පැවති රටක් තුල එම සමහරක් සෙබලුන්ගේ මානසිකත්වය පිරිහීම නොවැලැක්විය කරුණකි. එම සෙබලුන් චිත්ත පාරිශුද්ධිය නමැති භාවනාවේ ගුණාංගයන්ගෙන් මනස නැවත නිරවුල් කරගැනීමට වෑයමි කලයුතුය. අප රටේ පමණක් නොව කාලාන්තරයක් යුද්ධයන්ට මුහුණ දුන් බොහෝ රටවල් වල පවා මෙවැනි සිදුවිම දකින්නට පුලුවන. ඔවුන් අත නිතර ගිනිඅවිය ඇති බැවින් සුලු පුශ්ණයකදී පවා එය නිරවුල් කරගැනීමට නොහැකි වුනොත් එයට විසදුම ලෙස කොකා ගැස්සීමට වැඩි කාලයක් ගතවන්නේ නැත.

නිමල් 2012-05-08 09:36:29

පිස්සු හැදෙනවා මේව අහලා. මෝඩකමට බෙහෙත් නැහැනේ. පව් අසරණ දෙමව්පියෝ

එරන්ද 2012-05-08 09:37:34

ඇත්තටම එල්.ටී.ටී.ඊ. නැවතත් වැඩ පටන් අරන් වගේ

ජානක 2012-05-08 09:38:02

අනිවාර්යයෙන්ම රාගයේ උණුසුමම තමයි

හරේන් 2012-05-08 09:40:37

ආයිත් එල්.ටී.ටී.ඊ. වත්ද?

නිලාන් 2012-05-08 10:45:01

මේ වෙන දේවල් නම් එච්චර හොද දේවල් නෙමෙයි

සුභාෂිණි 2012-05-08 11:41:07

පෙම් සබදතාවයක් බිදි ගියාම ඇතිවන ලැජ්ජාව හා බලාපොරොත්තු කඩවීම් හමුවේ මෙවැනි දේවල් සිදු වෙනවා

ජයා 2012-05-08 11:48:17

කාන්තා සෙබලියන්ට ඕවා හොද පාඩම්

ප්‍රසා 2012-05-08 12:17:01

බොක්කෙන්ම ආදරය කරපු කොල්ලෙක්ට කැත විදියට බූට් එක තිව්වාම මෙවා වෙනවා...

ප්‍රියදර්ශන 2012-05-08 13:02:19

අන්තමට පේන්නේ මිනිසුන්ගේ පිරිහීම නේද?

පෙරේරා 2012-05-08 16:17:08

මේ හැමදේම රාගය නිසයි

nishada 2012-05-08 17:13:21

අදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නමි නැති

ජිවිතය යනු ප්‍රශ්ණයකි ජිවත්විම යනු ප්‍රශ්ණවලට මුහුණ දිම වේ

එය තේරැමි නොගත් කල මෙවන් දේ සිදුවිම වැලැක්විය නොහැක!!!!!!

අමල් සමරවීර-මාලදිවයින 2012-05-08 17:14:11

මේක සෙබළුන්ගේ මානසික ඌනතාවයක් නෙවෙයි. මානසිකත්වය පිරිහීමකුත් නෙවෙයි. යුද්ධයක් පවතින විට යුධ හමුදාවක් තුල ස්වයං සංහිඳියාව හා විනය උපරිමයෙන් පවතිනවා. එසේම ඉහළ අණ පමණක් පිළිපැදීමට ඔවුන් පුරුදු පුහුණු වී තිබෙනවා. එහෙත් යුද්ධයෙන් තොර සාමාන්‍ය රාජකාරිවල පමණක් යෙදෙනවිට හමුදාවක් තුළ විනය පහළ යාමක් සිදු වීම ස්වාභාවිකයි. එවිට ඕනෑම සුළු කාරණයකින් පවා යම් සෙබලෙකුගේ මානසික ආතතිය මත ඉහළ අණකින් තොරව තම ගිනි අවිය භාවිතා විය හැකියි.

අජන්ත 2012-05-08 18:10:22

මෙය අනිවාර්යයෙන් ලිංගිකව ඇතිවන ඊර්ෂ්‍යාව මත වුනු සිදුවීමක්.ශ්‍රී ලාංකික සමාජය තුළ මේ තත්ත්වය සුලභව දක්නට තියෙනවා

එස් කේ ජේ අජන්ත ජයවර්ධන 2012-05-08 18:28:20

අසරණයන්ට තමයි සේරම

ගයාන් 2012-05-08 20:05:00

පවු අර කාන්තාව සහ දරුවො. ඒ කාන්තාවට මොනව හිතෙන්න ඇද්ද තමන්ගේ සැමියා මෙහෙම කෙනෙක් කියලා.

තිසේරා 2012-05-08 20:44:27

මේක ක්ෂණික කෝපය නිසා සිදුවුවක්.ඒක සෙබළුන්ට විතරක් නෙමෙයි කොයි කාටත් පොදු දෙයක්

කුමාර 2012-05-09 07:23:35

අපට පෙනෙන දේට වඩා මෙතන ලොකු අභ්‍යන්තර ප‍්‍රශ්ණයක් තියෙනවා' ඒ ගැන අප ඉතා සංයමයෙන් යුතුව බලන්න ඕනෑ. මොකද තමන් ආදරය කරපු අය තමන්ට නැතිවෙනවට වඩා අහිමිවීමේ ප‍්‍රථිපලය මෙය විය හැකියි.

දර්ශන 2012-05-09 08:25:26

අනේ මන්දා. මිනිස්සු මොකද අදරේ පළ හිලව් හින්දා මෙච්චර මෝඩ වැඩ කරන්නේ කියලා. ආදරේ සහ ජීවිතේ තියෙන් විඳින්න.

සමන්ත 2012-05-09 12:14:45

මේක සාමාන්‍ය සිද්ධියක්

රියාද් 2012-05-09 19:51:16

තමන්ගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් වුණා නම් තමයි මේකේ දුක තේරෙන්නේ

නුෂාන් 2012-05-10 15:44:18

lලොරියක බයිසිකලයක් හැපුණම වැරැද්ද කියන්නේ ලොරියට.මොකද බයික් එක පොඩියිනේ

දර්ශන 2012-05-10 16:38:47

මේවා මූලාරම්භයේ සිටම එන වැරදි

අචිල 2012-05-10 19:52:55

මේ අය මැරුණ එකමයි හොද

කුමාර 2012-05-11 03:40:27

වැඩියෙන් තමන්ගේ වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.දන්නෝ දනිති වෙච්ච සිද්ධිය

පියා 2012-05-11 15:09:34

ඔක ස්වභාව ධර්මයෙන් දිපු මරණ දඩුවමක් ......

සුද්දා 2012-05-11 20:06:37

ඇත්තටම මෙම සිදුවිමෙදි වැරදි කාන්තාව ඇය වටහාගත යුතුයි ප්‍රේමයට ඔහු නුසුදුසු නමි බලාපොරොත්තු නොදෙන්නත් ඒ ආකාරයට හැසිරිමෙන් වලකින්නත් ඇය වග බලා ගන්න ඕනේ. පවු අසරණ ‍පිරිමියා ඔහු ගැන කවුරුත් කතා නැහැ. මරන්නේ නැතිව වෙන දඩුවමක් දෙන්න තිබුනා. ඇයට කවදාවත් වෙන පිරිමියෙක් බලන්නේ වත් නැති විදිහට මෙම සිදුවිම කොයි කාන්තාවටත් එකයි. ආදරේනමි හැමදාම එක වගේ වෙන්න ඕනි. කපටි කම නැති වෙන්න ඕනි. එතකොට ආදරේ හැම දාම බබලයි. තවත් මෙවැනි සිදුවිමි ඉතා අහඹු බැවින් ඒ සදහා බොරු පිලියම් අනවශ්‍ය බව මාගේ හැගිමයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-12 10:47:47

ගෑනු ලමයි කවදත් ඔහොමනේ හයිය අත්තක් තමයි අල්ලන්න නිතරම ට්‍රයි කරන්නේ. ගෑනුන්ගේ මේ ගතිය නිසා නිකම් අපරාදේ තරුණ ජීවිත නිකම් නිස්කාරනේ විනාශ වෙනවා. මේ කොල්ලව බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න තිබුණනේ. පටු විදිහට හිතන කෙල්ලගේ පවුලේ අය නිසා ලස්සන ජීවිත දෙකක් නිරපරාදේ රටට අහිමි වුනා. අපේ රටේ ඉන්න ගොඩක් කාන්තාවන්ට මේ සිදුවීම ලොකු පාඩමක්.මොකද වැලේ වැල් නැතිව ඉන්නකොට පිහිටක් ලබන්න පිරිමියෙකුට හේත්තු වෙලා පස්සේ හයිය අතු අල්ලන්න යනවා. අන්තිමේ මේවා කෙළවර වෙන්නේ ලොකු විනාශ වලින්. මේ වගේ සිදුවීම් උන හැම පිරිමියම මේ වගේ වෙඩි තියන්න යන්නේ නැති එක අපේ රටේ කාන්තා පරපුරේ වාසනාවක්. නැතිනම් අද හොඳ ජීවිත ගත කරනවා වගේ පෙනෙන්න තිබෙන බොහෝ පවුල්වල ගෑනු අයගේ ජිවිත අහිමිවෙලා බොහෝකල්.හැම පිරිමියාම තුවක්කු අතට ගන්නේ නැති එක ඒ ගොල්ලන්ගේ වාසනාව. ඒත් හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනබව මේ කාන්තා පිරිස් මතක තියා ගත්තොක් හොඳයි.මේ සිදුවීමේදීත් වෙලා තියෙන්නේ හැම පිරිමියාටම දාන්න උත්සාහ කරන ගෑනු ගැට මේ නාවික හමුදාවේ පිරිමියාටත් දාන්න හදපු එකයි. බොහෝ පිරිමි නම් තමන්ට මොන තරම් ගෑනූ වැරදි කළත් තමන්ගේ හිත රිඳවගෙන කඳුළින් සමාව දෙනවා. එත් ටික දෙනෙක් මේ විදිහට තමන්ගේ කෝපය ගිනි අවියක් හරහා පිටකරලා දානවා. මේ දෙකේ වෙනස ඒකයි. සිදුවීම නෙවෙයි මෙහිදී අපි බලන්න ඕනේ මේ සිදුවීමට බලපාපු හේතුවයි. හේතුව නැති නම් ප්‍රතිවිපාකයකුත් නැහැනේ.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :