Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ”
2012 මැයි මස 08 11:16:09 | පාරුක් තාජුඞීන් , දසුන් රාජපක්ෂ, සුමින්ද සුදර්ශණ
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත නොහැකි බව රහස් පොලිසිය දන්වා නැති හෙයින් ඔහු ඇල්ලීමට වරෙන්තුවක් නිකුත් කිරීම අවශ්‍ය නැතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා, පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නීතිඥවරයාට දැන්වීය. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ඒ ගැන නීතිපතිගෙන් උපදෙස් ලැබී නැති බවයි. දුමින්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඕනෑ නැතැයි ද මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කෙළේය.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවිය ළඟදී උද්ඝෝෂණයක් පවත්වා දුමින්ද අත්අඩංගුවට ගැනීම සඳහා දෙවියන්ගෙන් වරෙන්තුවක් පතා ඇතැයි දුමින්ද සිල්වා පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර පේ‍්‍රමරත්න මහතා කීවේය.
”නුවණට අධිපති ගණදෙවියෝ. සංගීතයට අධිපති සරස්වතී දේවියයි. එසේ වරෙන්තු නිකුත් කිරීමට අධිපති දෙවියකු නැතැයි” ඔහු කීවේ හිරුණිකා උසාවියට අපහාස කළැයි සඳහන් කරමිනි.
හිරුණිකාට ඇතැයි කියන ජීවිත තර්ජන ගැන කොළඹ අපරාධ විමර්ශන පොලිසිය පරීක්ෂණ පවත්වන බවත්, ගංගොඩවිල මහේස්ත‍්‍රාත්ට ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කැර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවෝ ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස්(29)
බැලූවෝ (15176)
”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ” සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සුභාෂිනී 2012-05-08 11:36:16
නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. හැමදේම වෙන්නේ දේශපලානයේ නාමයෙන්.
සමන්, මෙල්බෝන් 2012-05-08 12:26:23
මට හිතෙන්නේ දුම්න්ද සිල්වා මහත්තයා දෙවියෙක් කියලා. අල්ලන්න බැරි ඒකයි.
නුෂාද් 2012-05-08 12:43:36
හිරුණිකා ප්‍රවේශමෙන් වැඩ කරන්න. ඔයාටත් වරෙන්තු නිකුත් කරාවි.
කොලා 2012-05-08 13:24:12
නීතිපති එහෙම කරන එක වැරදි.
ග්‍රේෂන් නානායක්කාර 2012-05-08 14:02:05
තව ටික දවසකින් දුමින්දට මොනව වෙයිද දන්නේ නෑ.
ජගත් 2012-05-08 14:47:12
සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රටකට ගිය කලක් ?
අනුර - ඉරාකය 2012-05-08 15:07:11
හිරුනිකා, ඔයා හොඳටම දන්නවා මේ රටේ දේශපාලනය ගැන. ඇයි මේකට සම්බන්ධ වුණේ?
ෆාරු 2012-05-08 15:07:48
ලස්සන හිනාව
මාධව 2012-05-08 20:26:12
වැරදි කරපු අයටයි, වැරදිවලට අනුබල දුන්නු අයටයි ස්වභාව ධර්මයෙන් උත්තර ලැබෙයි.
ගාමිණී 2012-05-08 21:36:32
නීතිය දුප්පතුන්ට විතරද ?
පාලිත 2012-05-08 22:25:24
තව ටික දවසකින් කියයිද දන්නේ නෑ මෙතුමාව අත්අඩංගුවට ගන්නත් ඕනි නෑ කියලා
ෂෙරීෆ් 2012-05-08 22:28:16
නීතිපතිතුමා කළ දේ හරි.දුමින්ද මහත්තයාට උසාවි ගානේ යන්න උණොත් කවුද අපේ රටේ ඉදිරි වැඩ ගැන බලන්නේ?
යමපල්ලා 2012-05-08 23:30:57
මෙයාද මෑන්? ආ බලා ගමුකෝ...
නුවන් 2012-05-09 01:17:05
ඇඬෙනවා
මොහොමඩ් 2012-05-09 07:03:40
එයාට තව නිවාඩ් ඕන කියන්නේ (ස)
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි 2012-05-09 07:03:49
දුමින්දට තව මාස තුනක් නිවාඩු ඕන ඇති
සමන්- melbourne 2012-05-09 13:31:34
මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නේ පිස්සු...
මේක ජාතික ගීය කළොත් නරකද?
සමන් - මෙල්බන් 2012-05-09 13:33:03
මේක දුමින්දගේ වරදක් නෙමේ. මිනිසුන්ගේ වරද
අෂාන් 2012-05-09 14:28:29
රට සුනඛයට ගිහින් (ස)
මිණිමුතු 2012-05-10 09:37:31
කර්මය කවදා හෝ පටිසන් දෙනු ඇත
සමන්-melbourne 2012-05-10 11:39:24
ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ
විජේවර්ධන 2012-05-10 15:41:06
ගින්දර කෑවම වෙන්නේ මොකද්ද කියලා දන්නවා ඇතිනේ
ප්‍රියදර්ශන 2012-05-10 16:47:27
එතකොට මේකට වගකිව යුතු අයට කර්මය පටිසන් දෙන්නේ නෑ වගේනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-10 19:41:07
මෙකේ කමෙන්ට්ස් දාලා තියෙන ඒවා කියවද්දි අපේ රටේ බුද්ධිමත් මිනිස්සු ඉන්න බව පේනවා.ඒත් ඇයි ඡන්දයකදී ඔය ගොල්ලන්ගේ නිවැරදි විනිශ්චය ඉදිරිපත් නොවෙන්නේ කියන ගැටළු තාම මට තියෙනවා. එක්කෝ ඔයාලා කියන විදිහට කටයුතු කරන්නේ නැහැ. නැතිනම් ඇයි බහුතර මතය මේ තරම් මන්ද බුද්ධික වුනේ.මේ කමෙන්ට්ස් දාලා තිබෙන්නේ ලංකාවේ මිනිස්සුනේ. බලන්නකෝ මොන තරම් බුද්ධිමත්ද මොන තරම් ආගම ධර්මය ගැන හොඳ දැනුමක් තිබෙන අයද ඉන්නේ කියලා.ඒත් ඇයි බහුතර මතයේදී මේ ආකල්ප මතවාද ඉස්මතු නොවෙන්නේ? එහෙම වුනා නම් අපි ඔක්කොම සතුටින් නේද?
පුසන්න 2012-05-11 08:00:04
වරෙන්තු විතරක් නෙමෙයි.අල්ලන්නත් ඕනි නෑ වගේ
දිනූෂි 2012-05-11 07:27:09
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති වෙලා තියෙන්නේ.රටේ නීතිය නැති වෙලා. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නැති වෙලා.මේක මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ අවාසනාව.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-12 10:32:14
දැන්වත් මේ රටේ මිනිසුන්ට තේරෙනවා නම් තමන් විහින් වැටිලා ඉන්න වළක හැටි ඒකත් මේ අවස්ථාවේ හැටියට ලොකු දෙයක්.එත් මොකක් කරන්නද? මම නම් පුද්ගලයෙකු වශයෙන් ඡන්දයේදී නිවැරදි තෝරා ගැනීමක් කරලා ඉවරයි.එත් මගේ නිවැරදි තෝරා ගැනීම මේ රටේ බහුතර මිනිස්සු නිසා නියෝජනය වුනේ නැහැ.දැන් මටත් වෙලා තියෙන්නේ බහුතර කැමැත්තට යට වෙලා ඉන්න. මම පෞද්ගලිකව අද මේ විඳින්නේ මම නොකරපු දෙයකට දඬුවම. මේ රටේ ඉන්න බහුතර මිනිස්සු නිසා විඳන දුකම ඇති ආයෙ පාරක් නම් මේ මිනිස්සුයි නායකයෝයි ඉන්න රටක උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න
හසාන් 2012-05-13 23:57:00
එහේ ජිම් එකකට ගිහින්ද දන්නේ නෑනේ
ඉරනීස 2012-05-15 09:02:22
නීතියක් නැති රටකට වෙන දේ මිනිස්සු දන්නවා උණත් මේ රටේ මිනිස්සුන්ට නීතියක් තියා කිසිම දෙයක් ඕන නැහැ.
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(127)
(22774)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත‍්‍රී ගෙදර යවයි
(177)
(17310)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(87)
(16028)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14632)
ඇදුරුවරියට හදිසි සැත්කමක්
(42)
(13672)
දුව බේරාගන්න මව මැරුම්කයි
(82)
(13131)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12172)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(12052)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11563)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10453)