2013-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.0800 , විකුණුම් මිල රු.130.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0200 , විකුණුම් මිල රු.203.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.169.2800 , විකුණුම් මිල රු.175.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.1100 , විකුණුම් මිල රු.142.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.123.4800 , විකුණුම් මිල රු.128.0200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.4300 , විකුණුම් මිල රු.124.1100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2500 , විකුණුම් මිල රු.103.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3255 , විකුණුම් මිල රු.1.3732 |

අධික වේගයට නොවරදින බේතක්

2012 මැයි මස 11 12:01:10 | චමින්ද මඩවල

පෝලන්තයේ ලූබ්සියානා නගර පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන පණිවිඩයක් පසුපස හඹා ගිය පොලිසිය මීටර් හයක් උඩ ගසක් මුදුනේ රඳවා තිබූ මෝටර් රථයක් සොයා ගත්තේය. පොලිසිය දොඹකරයක් ආධාරයෙන් මෝටර් රථය බිමට ගෙන පරීක්ෂණ ඇරැඹීය. පෝර්ඞ් එස්කෝට් මෝටර් රථය ලූබ්සියානා නගරයේ ජීවත්වන 24 හැවිරිදි තරුණයකුගේය. දිනපතා ඔහු අධික වේගයෙන් අපරික්ෂාකාරීව රිය පැදවීමට විරෝධය පළකළ නගරවාසීන් පිරිසක් නිවස ඉදිරිපිට නවතා තිබූ රිය දොඹකරයක් මගින් ගස උඩ රඳවා ඇත. ලූබ්සියානා නගරයේ පුවත්පත් පවසනුයේ මෙම සිදුවීමත් සමග එම තරුණයා නීතිගරුක රියදුරකු වීමට පොරොන්දු වූ වගයි.

 

අදහස්(18) බැලූවෝ (19720)

අධික වේගයට නොවරදින බේතක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චාමර 2012-05-11 12:43:52

නියම වැඩක්

අමිල 2012-05-11 12:12:16

ළකුණු දෙනවට වඩා ලංකාවටත් මේ ක්‍රමය හොදයි

කීර්ති 2012-05-11 12:16:28

ලංකාවෙත් මෙහෙම කළොත් වාහන අනතුරු වළක්ව ගන්න පුළුවන්

මාධව 2012-05-11 13:11:57

අන්න නියම වැඩේ.පොරොන්දු ඉටු නොකළ දේශපාලඥයින්ටත් මෙහෙම කළා නම් හරි

අමිල 2012-05-11 13:13:40

ලංකාවටත් හොදයි මේවා.හැබැයි රියදුරාවත් එල්ලන්න ඕනි ගහේ

අලිබබා 2012-05-11 13:27:44

අන්න ළමයිනේ වැඩේ. අපිත් හෙට ඉදලම පටන්ගමිමු. හැබැයි පොලොසියෙ මහත්තුරුන්ගෙන් ගුටිකන්න බලාගෙන.

විජය 2012-05-11 13:31:41

එහෙනම් ලංකාවේ ඔක්කොම වාහන ගස් උඩ තියන්න වෙයි

ජයන්ත 2012-05-11 13:45:02

ඇමතිතුමාලට හොද පාඩම්

සුරංජ 2012-05-11 14:39:41

අපේ අයට මේවා හොඳ පාඩම්....

සේනානායක 2012-05-11 15:07:30

නියම දඩුවම....බොහොම අගෙයි...

damith 2012-05-11 15:11:32

පිස්සු හැදෙයි සඳ බම්ප්වෙයි කිව්වලු

අසන්ක 2012-05-11 20:37:35

ඔය හදන්නේ ඉතුරු පොල් ගස් ටිකත් ඉවර කරන්න තමයි

හොරුහතලිහ 2012-05-11 15:52:48

අලිබබාට නම් ගුටිකන එක ප්‍රශ්නයක් නැහැනේ . අපිට තමයි බැරි.

ප්‍රශාන්ත 2012-05-12 08:15:40

ලංකාවෙ නම් ගස් මදිවෙයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-12 08:32:59

ලංකාවේ තරම් අධික සුඛෝපභෝගී වාහන භාවිතා කරන රටක් තවත් නැති තරමට වාහන භාවිතය අධිකයි. පිටරටක අධික වේගයට මේ වගේ දඬුවමක් මිනිස්සු එකතුවෙලා ලබා දුන්නත් මේ වගේ රටක ඒ වගේ වැඩක් කර ගන්නවත් මිනිස්සු එකතු කරගන්න අමාරුයි. මොකද විරෝධතා රැළියක් කිව්වමවත් එන්නේ සෙනඟ කොච්චර පොඩ්ඩද කියලා පෙනෙන්න තිබෙන නිසායි. එහෙම වැඩකට හරි ඒ නිසා මිනිස්සු එකතු කරගන්න අමාරුවේවී ලංකාවේදී නම්. ලංකාවට සාපේක්ෂකව පිටරවල සාමාන්‍ය ජනතාව සිවිල් වශයෙන් බලවත් වෙලා ඉන්නේ ඒ රටවල මිනිස්සු සමඟි සම්පන්න නිසයි. ලංකාවේදී එක් කෙනෙක් ඔහොම කලොත් අනිත් කෙනා වාහන අයිතිකාරයට හරි පොලිසීයට හරි කොල් කරලා අන්න අහවලා වාහනයට අලාභහානි කරලා කියලා කරපු කෙනාට පාවා දේවි. ඒකයි ලංකාවේ තත්වය.ඒක දැනගෙනම මේ වගේ වැඩක් පටන්ගන්න. මම දැක්කා කමෙන්ට්ස්වල සමහරු ලංකාවේත් මේ වගේ කරමු කියලා තියෙනවා. ඒත් ලංකාවේ ඔය ක්‍රමය හරියන්නේ නැහැ. එක්කෙනෙක් කරද්දී තව කෙනෙක් ඔත්තුව දීලා තියේවී.මම දන්නවනේ ලංකාවේ අය්යලගේ කැරැට්ටුව හොඳටම

විජේ 2012-05-12 11:45:28

නියමයි....

SHAN SAUDI ARABIA 2012-05-12 17:07:27

එහෙනම් ලංකාවේ ඔක්කොම ඇමතිතුමාලගේ වාහන ගස් උඩ තියන්න වෙයි ලංකාවෙ ගස් මදිවෙයි

පුෂ්පා 2012-05-14 18:00:09

අපි කුඩා කාලෙ කියවපු කතාවක මීයෙක් කියනවා "සීනුව නම් තියෙනවා. කවුද බලලගෙ කරේ එල්ලන්නේ" කියල

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :