2013-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.0800 , විකුණුම් මිල රු.130.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0200 , විකුණුම් මිල රු.203.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.169.2800 , විකුණුම් මිල රු.175.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.1100 , විකුණුම් මිල රු.142.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.123.4800 , විකුණුම් මිල රු.128.0200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.4300 , විකුණුම් මිල රු.124.1100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2500 , විකුණුම් මිල රු.103.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3255 , විකුණුම් මිල රු.1.3732 |

යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි

2012 මැයි මස 15 12:20:05 | චමින්ද මඩවල

පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පොලිස් අත් අඩංගුවට පත්විය. ග‍්‍රීසියේ පත්ත‍්‍රාස්සෝ නගරයේ සිට ඔහු ප‍්‍රවාහනය කළ ල්වේලො කලෝයාතන් (24) හා ස්ටැනිස් ලාවා ජෝර්ජියාවා යන බල්ගේරියානුවන් දෙදෙනා අනාරක්ෂිතව මිනිසුන් ප‍්‍රවාහනය කිරීම හා මිනිස් ජාවාරම් චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව බාරි පොලිසිය කියයි. ඉසුරින් පිරි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සිට ඉතාලිය වෙත පැමිණීමට යුරෝ හය දහසක් (රුපියල් ලක්‍ෂ නවය)ජාවාරම් කරුවන්ට ලබාදුන් බව අත් අඩංගුවට පත් ඇෆ්ගන් තරුණයා පොලිසියට පැවසීය.

අදහස්(36) බැලූවෝ (25349)

යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මංඡල බ්රුට් 2012-05-15 12:48:50

මිණිහට තිබුෙන් ඉතාලි යන්ඩ නෙමේයි ගිනස් වාර්තාවන් තියන්ඩ.

ලාල් ගලබඩ....ඉතාලියේ සිට... 2012-05-15 12:53:46

......සියල්ලෝම අසත්වා, දැන ගනිත්වා...

මේ වගේ ක්‍රම වලින් හෝ කිසියම් ක්‍රමයකින් දැන් ඉතාලියට ඇතුල් වෙන අය අතරමන් වෙනවා,මන්ද මෙහි දැන් රැකියා ඇතේම නැහැ...ඉතාලි අය පවා රැකියා නොමැතිව දුක්‌ විදිනවා.එන්න එපා කියා අපි නොකියන අතර[මුදල් මංකොල්ල කන] ඔය වගේ තැරව්කරුවන්ට අසු නොවන මෙන් දැනුවත් කරමු.ඉතාලිය යුරෝපයේ, ආර්ඵිකය ගොඩ ගන්න අමාරු රටවල් අතර ඉන්නේ,තව අවුරුදු 05 ට විසද ගන්න අමාරු ආර්ඵිකයක්‌ තියෙන්නේ,වැරදියට නොසිතන්න.දැනුවත් කිරීම ඉන්න අයගේ යුතුකම සේ සලකමු.ස්‌ථිරවම රැකියාවක්‌ ලබා ගත හැකි දැයි දැනුවත් වන්න, සැමට ස්‌තුතියි.

ෆාරු 2012-05-15 13:02:26

එතකොට ලංකාවෙ අපි කොහේ යන්නද????????

සන්ජීව 2012-05-15 13:22:20

දැන්නම් ඉතාලි ගියාට එච්චර වාසියක් නැල්ලු.රැකියා හොයා ගන්න තියෙන අමාරුව නිසා

නාලක 2012-05-15 13:29:32

බස්වල යන අපිට ඕව මොනවද?

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-15 13:36:17

මේ මිනිස්සු ජීවිතේ ගැට ගහගන්න දරණ මහන්සිය දැක්කම හරියට දුක හිතෙනවා. අනේ ඇත්තට මේත් මනුස්ස පරාණයක් නේද? මිනිස්සු මොනවා කරන්නෙත් ජීවත් වෙන්න නේද?

අමරනාත් 2012-05-15 14:14:43

බොරු කියන්න ඕනේ නැ.මෙහෙ දැන් ටිකක් විතර රස්සා අඩු තමයි,එත් ඉතාලි එනවා නම් ඉතාලි භාෂාව කොහොම හරි ඉගෙන ගෙන එන්න.නැත්නම් එන්න එපා.

අපිත් එක්ක ඉන්න හුගක් අය කැමති නැ තව අය එනවට.රස්සාවල් බෙදෙනවානේ එකයි.

සිත ඇත්නම් කල නොහැක්කක් නොමැත.

මොහාන් 2012-05-15 14:31:23

ලාල් ඔයා තමයි නියම මනුස්සය..

මෙන්ඩිස් 2012-05-15 14:32:57

ලාල් කිවුවා හරියටම හරි. ඉතාලියේ විතරක් නෙමෙයි.යුරෝපයේම රැකියා නැහැ

පාවෙල 2012-05-15 14:33:35

කාලගෝල වගේ මියෙම්වා රැකෙම්වා කියලා ගගට පනින්න ඕනේ

බිනූ 2012-05-15 14:40:46

මේ මුඵ ලෝකයම ඔබටත් මටත් අයිතියි......ඒකයි ඇත්ත..

අලිබබා 2012-05-15 15:56:55

ඇෆ්ගනිස්ථානය කියන්නේ අද කුරිරුයුද්ධයෙන් බැටකන රටක්. ඒ රට පමණක් නෙවෙයි පලස්තීනය, සිරියාව, ඉරාකය, මෙ හැම රටක්ම ලෝක බලවතුන් විසින් සමිබාධක පනවමින් මිනිසුන්ව ඝාතනය කරමින් මානුෂික අයිතිවාසිකමි උල්ලංඝනය කරමිනුයි පවතින්නේ. දැන්දැන් ඒ රටවල්වල මිනිසුන්ට ජීවත්විමට නොහැකි නිසා ආධාර පතාගෙන තමන්ගේ බඩවියත රැකගැනීම සදහා යුරෝපාරටවලට පැමිණෙමින් සිටිනවා. මෙ අෆ්ගන් ජාතික තරුණයාද තමජීවිතය පවා පරදුවට තබා මෙසේ පැමින ඇත්තේ ඒ නිසයි. ලොව මානුෂික අයිතිවාසිකමි සමිබන්ධයෙන් කථාකරන කවුරුන්හෝ ‍මෙවැනන්ට දඩුවමි නොව සහනයන් සලසන්නේනමි එය උතුමිම මානුෂික කුියාවක් වන්නේය. අද රටවල්වල සිදුවන සිදුවීම්දෙස දෑස්ඇර බලනකල අනිකුත් රටවල්හා සංසන්දනය කිරීමේදී ඇත්තෙන්ම යුද්ධයෙන් පසුව ලංකාවේ මානුෂික අයිතින්ගේ තත්වයන් ඉතා උසස්යයි කිවයැකිය.

රෝෂ් 2012-05-15 17:04:25

මෙහේ අපිත් දැන් යන්නේ රිම් එකෙන්.තවත් ආවොත් රිම් එකත් නැතුවයි අපිට යන්න වෙන්නේ

සමන්-South Africa 2012-05-15 17:44:55

යුරෝපයේ ඇති වෙලා තියෙන ආර්ථික පසුබෑමත් එක්ක රස්සා නැති බව මමත් දන්නවා. එහෙම බලද්දි සල්ලි දීලා දුක් විදිනවට වඩා ලංකාවෙම ඉන්න එක සැපයි

ලාල් ගලබඩ 2012-05-15 17:50:08

ලාල් ගලබඩ නැවතත් ඉතාලියෙන්....

[අමරනාත් නිවැරදියි,මොකද ඔවුන් එක්‌ක ඉන්න අය ගැන මට තර්ක කල නොහැක],නමුත් අප කියන්නේ මෙහේ භාෂාව දන්න අපිටවත් දැන් මෙහේ අය රැකියා දෙන්නේ නැති තත්ත්වයක්‌ තියෙන්නේ,දේශපාලන වශයෙන් අස්‌ඵාවරයි.ඉතාලි ජාතිකයින් දැන් ඒ අයගේ රටට ආදරෙයි,ඒ අයගේ සියලු දේ ඒ අය කර ගන්න තැනට ඇවිත් ඉන්නේ.අප නම් කිසි කෙනෙක්‌ ඇවිත් යමක්‌ හම්බකර ගන්නවට විරුද්ද නැත.වැඩි විස්‌තර ඉතාලියේ සිට විකාශණය කරන ටී වී නාලිකා දෙකෙන් දැන ගැනීමට හැකි බව දංවන්නේ විස්‌වාසයෙනි.කෙනෙකුට තව කෙනෙකුට උපකාර කරන්න පුලුවන් නම් අපද සතුටු වෙමු.හැබැයි බොරු කියා ලාංකිකයංව අමාරුවේ නම් දාන්න එපා,පල දෙනවා දෙනවාමයි,ස්‌තුතියි.

ලියනගේ 2012-05-15 19:00:04

ලාල්, අමරනාත් දෙපලට හද බැතියෙන් තුති මල්....සියලු සිතුම් පැතුම් ඉටුවේවා.

සුභාෂිණි 2012-05-15 19:01:15

ඉතාලියේ ආර්ථිකය මේ අද ඊයේ ඉදන් නෙමෙයි කඩා වැටෙමින් තියෙන්නේ.ඒක වසර 5ක සිට සිදු වන්නක්. දැන් නරකම තත්ත්වයකයි තියෙන්නේ

S.T.F 2012-05-15 20:34:00

බලාගෙන ගියාම ලංකාව තමයි හොදම රට. මොනව වුණත් අපිට කාලා ඇදලා ඉන්න පුළුවන්

සාලිය 2012-05-15 21:55:45

සෙරීනා වල එන්ජින් එක තියෙන්නේ ඉස්සරහ නෙමෙයි. හූ... හූ...

ප්‍රසන්ත ධම්මික 2012-05-15 22:53:10

ඉතා ලිය කියන්නේ ගෑණු වැඩියෙන් ඉන්නවා කියලා කියන එකනේ. එහෙනම් මොන ක්‍රමෙන් ගියත් කමක් නැහැනේ.

එම්.එම්.ඩීන් 2012-05-15 23:16:11

ඉතාලි එන්න එපා කියනවා. ඇයි එතකොට ඒ ගොල්ලා ඉන්නේ. රස්සා නැත්නම් ලංකාවට එන්න එපායැ.තමන්ට ලියාගත්ත ඉතාලිය වෙන්න ඇති.

ලක්සිත 2012-05-15 23:53:58

මම ඉන්නේ ප්‍රංශයේ. මෙහේ ඉතාලි වගේම තමයි.

මදූ 2012-05-16 11:59:40

ලංකාව තරම් වටිනා රටක් තවත් නෑ..

රන්ජිත් මන්ජුල 2012-05-16 01:29:07

හැමදේකම දෙපැත්තක් තියනව කාසියක වගේ. ඇවිද්ද පය දහස් වටී .ඇවිත් බලන්න....

ලාල් ගලබඩ... 2012-05-16 01:44:29

එම්.එම්.ඩීන් මහත්තයෝ තරහක්‌ හිතට ගන්න එපා.අනේ එන්න ඇවිත්ම බලන්න අපි කියන දේ හරිද වැරදිද කියලා.කෙනෙක්‌ අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් කිරීම අපේ සිරිත ඒකයි, වැරැද්දක්‌ උනානම් සමා වෙන්න.

ලාමා 2012-05-16 01:54:32

මමත් ඉන්නේ ග්‍රීසියේ. මෙහේ නම් ඔය ඔක්කොටම එහා.

අපිත් දැන් ඉන්නේ අර එළිපත්ත උඩ ඉන්න බළලා වගේ.අපේ රට හොඳ තමා ඉන්න හිටින්න තැනක් තියෙනවනම් බිම් අඟලක් තියේනම් අදම අල බතල හරි හිටවන්න.අමරනාත් සහෝදරයා කියනවා ඉතාලි භාෂාව ඉගෙන ගන්නලු.ලංකාවේ ඉන්න ඔයාල අපේ රටේ කතා කරන දෙමළ භාෂාව ඉගෙන ගන්න.

සෙනෙරත් 2012-05-16 02:13:49

ලාල් කියන කතාව සම්පූර්න ඇත්ත....

රසිකා 2012-05-16 04:09:54

මුළු යුරෝපයේම මේ විදිය තමයි.ඉන්න තැනක් නැ.සල්ලි නැත්නම් ලෙඩනට බේත් ගන්න බෑ.හැමදේම ගිනි ගණන්.එහේ කට්ටිය දැන් කරන්න දෙයක් නැති කමට ඉන්නේ.අපි අපේ රට අගය කළ යුතුයි කොහොම උණත්

චමින්ද 2012-05-16 08:42:46

හැබැයි ඔය කියන ඒවයෙ ඇත්තත් තියනවා. මොකද මගේ යාළුවෙක් ඉතාලියෙ ඉදලා ඇවිත් දැන් ලංකාවට වෙලා ඉන්නවා එහෙ ගිහින් දුක් විදලා වැඩක් නෑ කියලා. රස්සවාල් හොයන්න අමාරුලු භාෂාව දෙන්නේ නැත්නම්. එයා අවුරුදු 10ක් ඉතාලියෙ හිටියා.

සම්පත්‍ 2012-05-16 11:10:16

මේ ...කට්ටිය ‍සෙට් වෙලා එන්න කුවේට්.............

යවනා 2012-05-16 11:22:22

ලංකාවේ ඕන තරම් රස්සා තිබුණත් අළුත් දෙයක් කරන්න පුරුදු වෙන්නේ නැතුව හැමෝම යන්නේ එකම වගේ රස්සා කරන්න

හර්ෂ... 2012-05-16 12:10:03

අවුල මේකයි... රස්නේ තියෙද්දී කොහොමද මෙයා ආවේ ?

දිනේෂ් 2012-05-16 15:03:56

කොහොමත් ඉතාලියේ අය කැමති නෑ අලුත් අය එහෙට එනවට....

සුමී 2012-05-18 15:53:38

ඉතාලියෙ ප්‍රශ්න විසඳෙන්න තව අවුරුදු 20 පනීවි - මේ තියෙන විදිහට. ඇත්තටම දැන් කවුරු උනත් අච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරලා මෙහෙට එන එකනම් තේරුමක්ම නැති දෙයක්. තමන්ට තියෙන දෙයත් අහිමි වෙනවා.

දීපාල් 2012-05-19 18:22:52

ලාල් ඔයා තමයි නියම මනුස්සය.

ඊරා 2012-05-21 11:43:45

කොරියා එන්න ට්‍රයි කරන්න....මෙහෙ ජොබ් තියනවා...විශේෂයෙන් ලංකාවේ අයට..

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :