Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කැලණි රන් සොයන්න බලපතක් එයි
2012 මැයි මස 24 17:34:59 | දීපා අධිකාරී
කැලණි ගඟේ පූගොඩින් මතුවන රත්තරන් කැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය එන්.ජී. විජයානන්ද කියයි. එතෙක් ගඟෙන් රත්තරන් ඉවත් කිරීම තහනම් කැර ඇත. ශ්‍රී ලංකාවේ පසෙහි රන් ප්‍රතිශතයක් ඇති බවත් මීට පෙර කිරි ඉබ්බන්ආරෙන් මෙලෙස රත්තරන් මතු වී ඇති බවත් මැණික් පතල් වල ද යම් ප්‍රමාණයක රත්තරන් හමුවී ඇති බවත් ඔහු පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවැසුයේ ශ්‍රී පාද අඩවියේ පසෙහි රත්තරන් ඇති බවට ජනප්‍රවාදයේ කතාවක් ඇති බවයි. කැලණි ගඟේ මඩ යට ඇති කළු වැලි ගරා ගත් විට අබ ඇට ප්‍රමාණයේ රත්තරන් සොයා ගන්නා බවත් මහා වැස්කින් රන් මුසු පස් පහළට ගලා යන්නට පෙර මෙම රන් ඉවත් කැර ගත යුතුව බවත් ඔහු පවසයි.
අදහස්(29)
බැලූවෝ (9044)
කැලණි රන් සොයන්න බලපතක් එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සමන්ත 2012-05-24 17:53:04
චන්දවිමල හිමි 2012-05-24 16:41:47
ගගට හානි වේ නම් මේවා නතර කලාට ඇති වරදක් දකින්න බැහැ. නමුත් අල්පයක් හෝ රත්තරං ලැබෙනවානම් රටට නේද හොද?
ෂෙරිෆ් 2012-05-24 17:44:28
කැළණිගග තහනම්වුණෙත් දුප්පත් අපිට...
ඩී. ජනන්දන 2012-05-24 17:44:03
සිරීපාද කන්දත් නැතිවන ලකුණුයි මේ...
ප්‍රසන්න 2012-05-24 17:46:41
හොද පියවරක්! අපරාදෙ නැත්නම් මේ අගනා සම්පත දියේම සැගවෙලා යය. කොහොමත් මීට වඩා සොයා බලා මේ පියවර ගත යුතුයි. නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. කැළණිගග සමනල කන්දටම හරවයි අපේ කට්ටිය....
රන් බණ්ඩා 2012-05-24 17:55:05
මොනවා උනත් තව ටික දවසකින් ගඟ නම් ඉවරෙටම ඉවරයි. පරිසරයට ආදරයක් නැති අය කතරගම ට කරපු දේම මේකටත් කරනවා. අන්තිමට විනාස වෙන්නේ අපේ මේ ලස්සන රට
කරෝලිස් 2012-05-24 17:54:07
අනේ මං දන්නෑ ගොයියෝ මේව කෙහෙන් නතර වෙයිද කියලා
නෙල්සන් 2012-05-24 18:06:01
ඇයි මිනිසුන් රන්ඩුකරගන්නවද.නැතනම් ගානක් කඩා ගන්නද.
අමිල 2012-05-24 18:29:43
ඒකත් සල්ලි කාරයින්ට.පවු අහිංසක මිනිස්සු
එච් එච් එස් ප්‍රියන්ත 2012-05-24 18:31:47
වැලි බලපත්‍රයත් අහෝසියි නේද? වැලිත් ගරයි
වසන්ත රත්නායක 2012-05-24 18:36:40
ඕකේ වැරැද්ද පත්තර වාර්තාකරුවන්ගේ. පත්තරේ දාන්නේ නැතිව හිටියානම් කවුරුත් දන්නේ නෑ. ඒ අහිංසක මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න තිබුණා.
අලිබබා 2012-05-24 18:37:17
මම හිතුව අර ගෑනු ලමිස්සියෝ ගගේ බැහැල හිටපු විදිහට ඔහොම වෙයි කියල.
කීර්ති-Dubai 2012-05-24 18:46:39
කතරගමට වුනු දේම කැලනි ගගටත් වෙනවා කියලා ඕනම පොඩි ළමෙක්ට තේරෙනවා.දුප්පත් මිනිස්සු පෝසත් වෙනවා නම් අපි හදවතින්ම පෝසත් වෙන්න ඕනි
ජගත් 2012-05-24 18:57:58
ඩිරෙක්ට මහත්තයාත් කීයක් හරි හොයා ගන්නද කොහේද හදන්නේ
ආනන්ද (මාලෙ) 2012-05-24 19:16:27
අනේ කැලණි ගඟ නමි වෙන්දේසි කරන්න ඵපා
කුමාර 2012-05-24 19:54:07
දුප්පත් මිනිස්සුන්ට හොයා ගන්න දුන්න නම් ඉවරනේ.අර කතරගම මැණික් ඉඩම් ටිකට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ ඕකටත්
ධම්මික 2012-05-24 20:40:35
මළසේක! හදිස්සියකට පස්ස හෝද ගන්න වත් ලයිසොන් ගන්න වෙයිද දන්නේ නෑ
රම්සි 2012-05-24 20:42:41
මේ මේ කට වරද්ද ගන්න නම් එපා.ඕවා ආරච්චියගෙයි, ලාෆින් බුද්ධගෙයි වැඩ
ධම්මික 2012-05-24 20:45:38
මෙදාපාර කිඹුල්ලු ඉන්නේ ගොඩ
දළු බණ්ඩා 2012-05-24 21:16:44
ශ්‍රීපාද පැත්තත් විනාශ කරන්නද දන්නේ නෑ හදන්නේ.
බන්ටි 2012-05-24 21:28:18
බලපත්‍රයක්නම් දෙන එක හොදයිත හැබැයි ගමේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට මුලින්ම දිය යුතුයි.
සෝමසිරි 2012-05-24 22:50:47
හා හා හා ආරච්චිල ඉස්සරහා....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-24 23:02:24
අපේ රටේ මිනිස්සුන්ගෙයි පාලකයොන්ගෙයි ඔලුව හොඳ නැති වේගන වත් එනවද හැමදාම මේ වගේ පුවත් පලවෙන්නේ හැබෑටම.නිදන් හාරනවා. මැණික් හොයනවා.දැන් රත්තරන් හොයන්නත් පටන් අරගෙන.. ඇයි මෙහෙම දෙයියන්ගේ හාල් කැවිලා වගේ වැඩ කරන්නේ අවිචාර පූර්වකව. මේ මිනිස්සුන්ගේ මොළය අර කොහේදෝ තැනකටවත් විතැන් වෙලාද?
සකලබුජන් 2012-05-24 23:08:27
මේක චීන පිළිම වල හාස්කමක්ද මචන්.
රජිත් මංජුල 2012-05-25 04:02:18
බලපත්‍ර හම්බවෙන කට්ටිය අපිනම් දන්නවා....
නන්දසේන ගාල්ල 2012-05-25 07:24:12
කොහොම හරි වතුරටික නාස්ති වෙයි රසදිය නිසා...
චරිත් 2012-05-25 10:07:14
මෝඩ මිනිස්සු. රත්තරන් හම්බුනනම් සද්දේ වහලා ගරාගන්නේ නෑතිව අඩබෙර ගහලා කරගත්ත නිකන්. මෝඩ කමට බෙහෙත් නෑ කියන්නේ ඕකට තමයි....දෑන් හම්බෙයි රත්තරන්.............
පිස්සා 2012-05-25 17:43:16
මේක තමයි ලංකාව හැමදාම නොදියුනු රටක් විදියට තියෙන්නේ. රත්තරන් ටික ගන්න විදියට අමතරව මෙතනට රත්‍රන් ආපු තැන ගැන හොයාගත්ත නම් කර්මාන්තයක් විදියට රත්තරන් ගන්න තිබුන.
පුරා 2012-05-25 17:49:04
අනේ මෙහෙම ලංකාවක්
ගාමිණි 2012-05-26 08:40:03
ලංකාවේ රත්තරං තියෙනවා නම් පතල් කාර්යංශය මොනවද කරන්නේ?
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(123)
(22041)
මෙන්න අපේ රාජ්‍ය සේවය
(193)
(17448)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(121)
(15121)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(78)
(14779)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(131)
(13960)
දුව බේරාගන්න මව මැරුම්කයි
(79)
(12281)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(46)
(11912)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(107)
(11341)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(61)
(10284)