2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින්

2012 මැයි මස 28 09:16:15 | ක‍්‍රිස්ටෝපර් සීපියන් , අනුරාධපුරය.

මෙම සිදුවීම වාර්තා වූයේ ස්වභාවික සම්පත් බහුල පැත්තකිනි. තරුණයකුට මනාලියක් ජෝඩු කළ මහතෙක් මුණගැසීමට එම තරුණයා මිතුරකු සමග ගියේ යතුරුපැදියෙනි. ”මනමාලිය බැලීමට අපි වාහනයකින් යමු දැයි” තරුණයා විමසූ විට මඟුල් කපු මහතාගේ මුහුණේ දිස්වූයේ කලකිරුණු පෙනුමකි.

”මගේ මෝටර් සයිකලෙත් තියනවානේ. ඒවාවල යමු” ඔහු පැවසීය. ඔහුගේ හැසිරීම තරුණයන් හට ප‍්‍රහේළිකාවක් වුවත්, කිසිවක් නොදොඩා පිටත් වූහ. පාර අසල නිවෙසකට ආ කපු මහතා, ”මහත්තයලා ටිකක් ඉන්නකෝ” කියමින් එතුළට ගියේය. ටික වේලාවකින් ඔහු පැමිණියේ හොඳින් හැඳ පැළඳගත් කාන්තාවක් ද සමඟය. එහෙනම් අපි යමු” කී ඔහු කාන්තාව ද යතුරුපැදියේ  වාඩිකරගත්තේය. පැය භාගයක ගමනකින් පසු පිරිස නිවෙසක් ඉදිරිපිටට පැමිණි අතර, ”මහත්තයලා එළියෙන් ඉන්න” යැයි පැවසූ කාන්තාව නිවෙසට පිවිසියාය. එම නිවසේ මනාලයකු පිළිගැනීමට තරම් සූදානමක් නොතිබිණි. ගෙතුළින් උස් හඬින් කතා බහ ඇසුණි. ”මොනාද මේ වෙන්නේ?” තරුණයා කපු මහතාගෙන් විමසීය. ”මහත්තයාට බලන්න එන්න කියාපු මනමාලි යාළුවෙලා හිටපු ළමයාත් එක්ක යන්න ගිහිල්ලා. ඒ නිසා මම හඳුනන කපු නෝනා කෙනෙක්ව තමයි එක්කරගෙන ආවේ. එයා කීවා මේ ගෙදරත් මනමාලියක් ඉන්නවා කියලා” ඔහු කාරණය පැහැදිලි කළේය. ”කට්ටිය ඇතුළට ආවා නම්” ඒ මඟුල් කපු මහත්මියගේ ඇරියුමකි. තරුණයන් තේ පැන් සංග‍්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව තරුණයාට සහ තරුණියට තනිවම කතා කිරීමට අවසර ලැබිණි. තරුණයාට ඇය ගැන පැහැදීමක් ඇති වූ අතර, ඇයට ද ඔහු ගැන ඇල්මක් ඇති විය.

මවුපියන් සමග නැවත පැමිණෙන බව පැවසූ තරුණයා අන් අය සමග නිවසෙන් පිට වූයේ ඉතාමත් සතුටිනි.

අදහස්(21) බැලූවෝ (14677)

බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

තරිදු 2012-05-28 10:38:58

ඕවා සාමාන්‍ය දේවල් අනේ

කරෝලිස් 2012-05-28 10:26:59

ඒකනම් බොහොම හොද කතාවක් මමත් ඒ කපු නෝනව මුණ ගැහෙන්න ඕන....

සමන්ත 2012-05-28 10:28:02

‍කොල්ලන්ට කදිම ආදර්ශයක්. අලුත් මනමාලයා සැබවින්ම වාසනාවන්ත කෙනෙක්. පැනගිය කොල්ලට දෙයියන්ගෙම පිහිටයි...

නිලන්ත 2012-05-28 10:51:55

සමන්ත සෑබෑ ආදරේ හදුනන්නේ නෑ වගේ ..

සුජීව 2012-05-28 10:55:08

තව පොඩ්ඩෙන් කපුවා කපෝති !

අමිල කටුනායක 2012-05-28 11:33:29

මේ කපුවටනම් පොඩි දුවෙක් නැති පාටයි...

අසෝක 2012-05-28 12:56:46

මේ කපුවනම් නියමෙට මොලේ පාවිච්චි කරල හොඳට වැඩේ කරල තියෙනවා....

දුලිප් 2012-05-28 13:52:32

වැල් බයිලා

පොතේගුරා 2012-05-28 14:52:18

"කපුවා" දැන් හොඳ චරිතයක් වෙලානේ.

රජිත් මංජුල, 2012-05-28 14:53:11

ගිය යාඵවගෙයි,අනිත් කෙනාගෙයි දෙන්නගෙම කේන්දර දෙක බලව ගත්තනම් හොඳයි..

සකල බුජන් 2012-05-28 21:06:51

මූදේ මාලු ඉන්නේ එකාද?

ශෙරිෆ් 2012-05-29 01:19:23

උපතින්ම කපටිකම රැගෙන එන අය පසු කාලෙකදි මගුල් කපොවෝ වෙති.

සකලබුජන් 2012-05-29 08:16:15

මෙලෝ රහක් නෑ...

නිලාන් 2012-05-30 09:29:42

තරුණයාගෙ අවාසනාව...

බන්දුල 2012-05-30 11:02:12

කපුවා බැදලද දන්නේ නෑ

ලාල් 2012-05-30 10:40:01

මෙහෙමත් කපුවලා ඉන්නවනේ

බන්ගලියා 2012-05-30 11:12:49

ආචාර්‍ය තුමාට කපුනෝනව හදුන්වා දුන්නනම් හරි..!!!

ඇලඩින් 2012-05-31 09:41:53

පිස්සු කතා, ඔය වාගේ කතාවලින් අපිට වැඩක් නෑ.

හිත හොද රාල 2012-05-31 14:28:24

ඔයින් ගියා මදැයි නේද...

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-01 20:23:58

විද්දෙ පඳුරට වැදුනේ හාවාට..‍මට නම් හොඳ බිරිඳක් ඉන්නවා..

දිනුෂී නවරත්න 2012-06-02 10:40:09

මෙහි කමෙන්ට්ස් දැමීම නිශ්චිත පිරිසකට සීමා කළහොත් කමෙන්ට්ස්වල ප්‍රමිතියක් ඇතිකරගත හැකිය.එසේම අදාළ ප්‍රවෘත්තියට කිසිදු අදාළත්වයක් නොමැති පුද්ගල මඩ ගැසීම් බඳු ඊර්ෂ්‍යා සහගත නිසරු සම්මඵලාප බැහැර කිරීමට අවශ්‍යයි සිතමි.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :