2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

මධුවිත රස බලද්දී වාහනය අතුරුදන්

2012 ජූනි මස 04 08:20:28 | තිහගොඩ උපසේන ලියනගම

බස්නාහිර පළාතේ ප‍්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකි. සිය පුතනුවන් දියණියන් දෙදෙනා  සහ බිරිය  සමඟ සැප රියකින් පැමිණි ඔහු එම පිරිසගෙන් මොහොතකට  වෙන්ව ගියේ මිතුරන්  සමග එක්වී මධුවිත තොල ගෑමටය.

ගතවුයේ ටික වේලාවකි. ඔහු වෙත ආ හෝටල් සේවකයකු ”සර්ගේ වාහනේ නිසා වාහන දෙක තුනක් බ්ලොක් වෙලා ඒක පැත්තකට ගන්න පුතා යතුර ඉල්ලූවා” කීවේය. ඔහු සාක්කුවට අත දමා යතුර ගෙන  සේවකයා අත තැබුවේ අබිමානයෙනි.

පැයකට පමණ පසු මිතුරු සාදය නිම කළ ඔහු පවුලේ අය සමීපයට ගොස් පුතාගෙන් යතුර ඉල්ලූවේ වාහනය කොතනට දැම්මා දැයි අසමිනි.” මොන යතුරද තාත්තේ?” පුතා කීමෙන් විමතියට පත්  ඔහු  කරුණු විමසමින් වාහන අංගනයට ගියේ මහත් සැකයකිනි. එහෙත් තමාගේ වාහනය එහි නොවීය. කපටියකුගේ ගැටයකට තමා හසුවී අති  බව දැනගත් ඔහු ඒ මේ අත දිව යමින් සෙවූ නමුත් වාහනය නම් හමු නොවීය.

අදහස්(10) බැලූවෝ (11737)

මධුවිත රස බලද්දී වාහනය අතුරුදන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ෆයිරෝ 2012-06-04 12:54:47

ඊට පස්සේ වාහනේට මොකද වුණේ....කවුද ගෙනිච්චේ.....

අලිබබා 2012-06-04 13:07:17

එක් රජෙක් සිටියා. මෙ රජ හැමදාම තම පලතුරු උයනේ සක්මන් කරනවා. එම උයනේ පේර ගසක් තිබුනා. එහි පේරගෙඩියක් හැදී තිබුණා. මුලින්ම ගෙඩිය මා අනුභවකලයුතුය යන දොලදුකක් රජට ඇතිවිය. හැමදාම උයනේ ඇවිදින විට මෙ පේර ගෙඩිය බැලීම‍ට රජ අමතක කළේ නෑ. දිනක් උයනේ සක්මන් කරනවිට පේරගසේ එම ගෙඩිය පෙනෙන්නට නොතිබුණි. රජු අන්දමන්ද විය. මන්දයත් ඒ පේර ගෙඩියේ රස බැලීමට රජතුල විශාල දොලදුකක් පැවති බැවිනි. පසුව සොයා බැලීමේදී එම පේර ගෙඩිය බිමට වැටීඇතිබව රජ දුටුවා. නමුත් එය වැටීතිබුණේ ජරාවක් මතටයි. එම පේරගෙඩිය ඉදිලා කහා පාටට තිබුණා. පසුව රජා හොරෙන් වටපිට බලා අර ජරාවමතට වැටුණ පේරගෙඩිය අහුලාගෙන හොදට සොදා අනුභවකළා. නමුත් රජාගේ හිතේ මෙය කවුරුවත් දුටුවාද යන ප්‍රශ්ණය ඇතිවුනා. මම ජරාගොඩේ තිබුණ පේරගෙඩිය අහුලගෙන කෑව එක කවුරු හරි ආරක්ෂකයින් දැක්කාද යන සැකය හිතේ ඇතිවිය. එදින සවස්භාගයේ නැටුමි උද්‍යනයේ රජ විවේකීව සිටිනවිට නාට්‍යංගනාවියන් පැමින නැටුමි ඉදිරිපත්කරමින් ගීතද ගායනා කළා. එක් ගායීකාවක් රජ ඉදිරියට පැමිණ ගීයේ කොටසක් මෙසේ ගායනා කෙරුවා. එය දෙමල බසින් (අදනාෂොල්ලුටුමා)එහි සිංහල තේරුම වන්නේ අරක මම කියන්නද? කියන තේරුමයි. මෙ වදන ඇසුන ගමන් රජා තිගැස්සී මම පේරගෙඩිය කාපුඑක දැක්කවද්ද යන සිතුවිල්ල ඇතිවුනා. නැවතත් දෙවන වරටත් ඒ ගායිකාව රැගුමක් දක්වමින් රජා ඉදිරියට පැමිණ අරක මම කියන්නද කියමින් තම ඇගිල්ල කරකවමින් ගීතය ගායනා කළා. රජාගේ කේන්තිය තවතවත් වැඩිවුනා. ඇත්තටම මෙයා දැකලද කොහෙද නැත්නමි මගේ ඉස්සරහටම ඇවිල්ල අහන්නේ? මෙහෙම සිතනවාත් සමගම තුන්වන වරටත් එම නාට්‍යාංගනාවිය නටමින් දඔරඇගිල්ල කරකවමින් අරක මම කියන්නද? යනුවෙන් ගීතයගයනවාත් සමගම රජ ආසනයෙන් නැගිට මහ හයියෙන් මෙසේ කෑගැසුවාලු .ඔවි මමයි රජා. මම කෑවා තමයි. ජරාගොඩේ වැටිල තිබුණ පේරගෙඩිය මම කෑව තමයි. ඇයි මම බයද? මෙසේ රජා කෑසන විට රැස්වසිටි සියල්ලන්ම තුෂ්නීමිභූතව ඇත්තටම සිදුව ඇත්තේ කුමක්දැයි දැනගත්තා.

රජිත් මංජුල, 2012-06-04 14:09:32

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාධියාමී....

සුදු නංගා 2012-06-04 20:55:13

අනේ හපොයි....

සකලබුජන් 2012-06-04 21:17:28

හොඳ වෙලාවට යතුර ඉල්ලුවේ....නෝනව ඉල්ලුවනම් ඒත් දෙන්න වෙනවනේ....

ඉන්දික 2012-06-05 15:44:53

පුළුවන්නම් එයා කවුද කියන්න.. අපිටත් මොනවාහරි ඉල්ල ගන්න...

කින් බානට් 2012-06-05 18:10:32

ඉතාම කණගාටුදායකයි .. මේ වගේ දේවල් නිසා තමයි මිනිහෙක් මිනිහෙක්ව විශ්වාස නොකරන තැනට පත්වෙන්නේ .....මේ යන ක්‍රමය කවද වෙනස් වෙයිද ? මේ හෝරාව කවද හරි අහුවුනොත් සාපරාදී විශ්වාසය කඩ කලාට දෙන්න පුළුවන් උපරිම දඬුවම දියයුතුයි .

රම්‍යා 2012-06-05 19:25:13

අයියෝ මිනිස්සු ඔය තරම්ම මෝඩද?

හංසි 2012-06-06 00:06:58

අනේ අපො‍යි....!!

නදුන් 2012-06-06 16:57:27

සකලබුජන් ඔබ හරි....

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :