2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

කබල් නැවේ තෙල් ඉවත්කරයි.

2012 ජූනි මස 08 21:17:31 | සජිව විජේවීර

දැවි තෙල් ටොන් 400 ක්  සමග ගිලී යාමේ අවධානමට ලක්ව ඇති ටොමොප්ලෝ සියේරා නෞකාවේ තෙල් බත්තලක ටැංකියකට ඉවත් කිරීම ආරම්භ කළ බවා ශ්‍රී ලංකා වෙළෙඳ හා නාවුක කටයුතු අධ්‍යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ඔහු නොකියයි.

1985 වර්ෂයේදී නිෂ්පාදනය කැර ඇති මෙම නෞකාව ලංකාවට පැමිණියේ 2007 දී අළුත්වැඩියාක් වෙනුවෙනි.  කපිතාන්ට එරෙහිව නැවේ සේවකයන් මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් නැව තහනම් කිරීමෙන් පසු පානදුර වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබිණි. නැව දිනෙන් දින පරිසර දූෂණයට රුකුලක් විය. කිසිදු අළුත්වැඩිනයාවක් නොමැතිවූ නෞකාව දිරායමින් පරිසර ගැටළු රැසක් මතුකළේය.

තෙල් ඇදීමට ගෙන ආ බත්තල සහ දිරාපත්වූ නෞකාව

නැවේ දිරාපත් වූ කොටසක්

නැවේ තට්ටුව දිරාපත්ව ඇති ආකාරය

නැවේ ඇති යකඩ දිරාපත්ව ඇති ආකාරය

නැවේ විවිධ සේවාවන් සඳහා ඇවිදීමට ඇති කොටස් දැඩි සේ දිරාපත්ව ඇත්තේ මේ ආකාරයෙනි.

දිරාපත්ව කඩා වැටුණු කොටසක්

නැවේ දිරාපත්වූ තවත් කොටසක්

එන්ජින් කාමරයේ ජලය පිරී ඇති ආකාරය

නැවේ ජලය පිරී ඇති ආකාරය

අදහස්(30) බැලූවෝ (7964)

කබල් නැවේ තෙල් ඉවත්කරයි. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හසී 2012-06-09 09:24:10

අයියෝ සල්ලි මේක හදල ගත්තනම් හම්බන්තොට යවන්න තිබ්බා....පාලුවටත් එක්ක

පී.රත්නායක 2012-06-08 21:42:53

මෙම නැව යකඩ වලට ගන්න පුළුවන්. සාමාන්‍ය වෙරළගකට කන්න ක්‍රමයකුත් තියෙනවා. ලොකු වටිනකමක් ගන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට මොළයක් තියෙනවානම්

ප්‍රියන්ත රණසිංහ ගම්මම්පිල 2012-06-08 21:46:43

ලොකු පරිසර හානියක් නිසා විදේශ රටකින්වත් සහය පැතිය යුතුයි...

වාසල 2012-06-08 22:35:00

අපේ උසාවියක නඩුවක් නම් බඩුම තමයි ඉතිං

අමිල 2012-06-08 22:39:16

බැරි වෙලා හෝ තෙල් කාන්දු වුණානම් ඔක්කොම හමාරයි

අලිබබා 2012-06-09 00:38:58

ප්‍රමාද වී හෝමෙම පියවර ගත්ත එක ලොකු දෙයක්. මන්දයත් නැතිනමි මෙම නැව මුහුදුබත් වුයේනම් පරිසර දුෂණය ,මුහුදු ජීවින් ඇතුලු සියල්ලන්ටම බලපෑම් ඇතිකිරිමට ඉඩතිබුනි. පරිසර දුෂණය පමණක් නොව, දුෂණය වු පරිසරය නැවත සංරක්ෂණය කිරීමටද විශාල වියදමක් දැරීමට සිදුවු අවස්තාවක් මෙයින් වලක්වා ගැනීමට හැකිවිය.

රංග ශානි. 2012-06-09 00:53:52

ඕක කුඩු බොන දෙතුන් දෙනෙක්ට දෙන්න. දවස් දෙකෙන් ඉවරයක් කරාවි...

දොම්පේ මල්ලී 2012-06-09 01:44:12

තෙල් ඉවත් කරන්න අවුරුදු 6ක් බලා හිටියේ ඇයි?

මෙල්බන් වැසියා 2012-06-09 02:53:13

මෙය බටහිර රටක සිදු වුනානම් නැවේ අයිතිකරුට විශාල මුදලක් ගෙවීමට සිදුවේ. ලංකාවේ මෙය සිදුවීම හා ලංකාවේදී නඩු පැවරීමට තීරණය කිරීම සැක සහිතය.

abc 2012-06-09 03:08:18

හී...හී....හී....

නලින්ද 2012-06-09 07:46:34

මෙහි පරමාණුක අපද්‍රව්‍ය හෝ රසායනික අපද්‍රව්‍ය තිබිය හැකියි. වාහම පියවර ගෙන මෙය පිටත්කර යවන්න.

ලෙස්ලි හර්බට් විජේසිංහ 2012-06-09 08:09:07

ඕක මහා ලොකු දෙයක්ද අපෙ අයට බාර දුන්නා නම් සුමානෙන් ඔතන තෙල් පැල්ලමක් නැතුව නැව පරන යකඩ වලට අරන් විකුණයි.

සංගා 2012-06-09 08:27:08

කාගේ උනත් සල්ලි නේද මේ .අපරාදේ මොකක් හරි හොඳ තීරණයක් 2007 දිම ගන්න තිබුණා.අපරාදේ කොහේ උනත් ජාතික සම්පත්...

ෆාරු 2012-06-09 09:34:49

එහෙන් යකඩ ටිකටත් විදිනවා....බලමු බලමු...

කසා 2012-06-09 10:31:17

නඩුව දාන දවසෙමයි තෙල් අයින්කරන්න පටන් ගන්න තිබු‍ණේ...දන්නවනේ නැව ගිලෙනකම් නඩුව ඉවරවෙන්නේ නැති බව...

සුරාජ් 2012-06-09 10:59:47

උසාවියට නඩුවක් දාන්න ඕනි මේකට තීන්දුවක් නොදී මෙච්චර කල් හිටියට.අනික නැව නැංගුරම් දාන්න කලින් බොරතෙල් ගැන උසාවියට තීන්දුවක් ගන්න තිබුණා

වසන්ත රත්නායක 2012-06-09 11:15:52

පංචිකාවත්ත පැත්තේ අය ඔය නැව ගැන දන්නේ නැද්ද ?????

2012-06-09 11:21:55

මේක අර ටෙලිකොම් එකේ පරණ යකඩ විකුණපු එක්කෙනාට කිවොත් නරකද?

කොසල 2012-06-09 10:45:25

කාගේ උනත් සල්ලි, මේව තමයි අපරාධ....නැවක් කොච්චර වටිනවද..

ජම්පින් 2012-06-09 11:44:13

මෙයයි ලංකා නීතියේ ඇත්ත තත්ත්වය

සරත් 2012-06-09 11:55:10

නැව අයිති කම්පැනියට රු.10 දඩ ගහල වත්තල ලන්සිවත්තට භාර දෙන්න...නියමෙට සුද්දකරාවි...

සිරා 2012-06-09 11:28:09

කොළඹ ඩොක්යාඩ් එකට දාලා මස් කරන්න බැරිද?

පෙරේරා 2012-06-09 12:48:23

ඕක අර අයි.ටී.එන්. එකේ මහත්තයාට දුන්න නම් ලස්සනට කරයි

ලහිරු (ගනේමුල්ල) 2012-06-09 13:23:19

දැන්වත් තෙල් අඩුවෙයිද ?

රජිත් මංජුල, 2012-06-09 12:50:14

කන්න හිතුනම කබරගොයාවත් තලගොයා කරගෙන කන රටේ තෙල් ගැනවත් යකඩ ගැනවත් හිතන්න එපා....

Dr. Niran Fernando 2012-06-09 14:11:50

ගන්න තෙල් ටිකට මොනව වේවිද ????

බන්දුල 2012-06-09 14:13:01

යකඩ කි‍ලෝ එකක් රැපියල් 30යි.. තෙල් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 500යි.. මේක පිටුපස මුදල් කන්දරාවක්නෙ...

සන්ජය 2012-06-09 15:35:36

රෙපෙයාර් කරල කාර් 15 ක් විතර දාල හම්බන්තොටට එවන්න, පොඩි නිව්ස් එකක් දා ගන්නත් පුඵවන් වෙයි....

අසංක 2012-06-09 15:36:22

මෙහෙ යකඩ කිලෝ 1 න් රු 50/=

නිශාන්ත 2012-06-14 07:09:46

මේවා හෙණ ගහන අපරාධ.නැවක් මෙහෙම දිරනකල් උසාවිය නිදා ගෙනද හිටියේ? මේ තමයි ලංකාවේ පෙර ගමන

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :