2013-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.0800 , විකුණුම් මිල රු.130.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0200 , විකුණුම් මිල රු.203.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.169.2800 , විකුණුම් මිල රු.175.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.1100 , විකුණුම් මිල රු.142.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.123.4800 , විකුණුම් මිල රු.128.0200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.4300 , විකුණුම් මිල රු.124.1100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2500 , විකුණුම් මිල රු.103.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3255 , විකුණුම් මිල රු.1.3732 |

වාසනාව කුලුමුල්ලේ

2012 ජූනි මස 25 15:28:34 | සමන්ත විජෙසිරි

රන්කොත්ගෙදර රුපවතී (62) සිංගප්පූරුවේ ස්වාමි දුවටත් හාම්පුතාටත් වසර 22ක් තිස්සේ සේවය කරන්නීය. වසර දහයකට පෙර ඇගේ ගර්භාෂ්‍ය ඉවත් කිරීමේ සැත්කමට හාම්පුතා සිංගප්පූරු ඩොලර් 7000ක් රුපියල් (700000) බිල ගෙවිය. ඇය සතියක්ම රෝහලේ ද ගත කළාය.

”මා හාම්පුතා ළඟම සේවය කරන්නේ මගේ ලෙඬේදී දුකේදී පිහිට වූ නිසයි” රූපා, රමෝනා ලීන් මහත්මියගේ මහල් නිවසේ සේවයට ගියේ 1990 දීය. ඇගේ වැටුප ඩොලර් 620කි. (රුපියල් 62000කි. එහි සම්මත වැටුප ඩොලර් 450කි)

හැටහතර හැවිරිදි ඇගේ ස්වාමිදුව ලීන් පවසනුයේ ”රූපා අපේම පවුලේ කෙනෙක්. ඇය රැක බලාගන්න  ඕනෑ” යනුවෙනි.

අදහස්(45) බැලූවෝ (21023)

වාසනාව කුලුමුල්ලේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හීන් මැණිකා 2012-06-25 18:51:04

හිල්මි, ඔයා ඔයාගේ අදහස් විතරක් ප්‍රකාශ කරන්න.අනුන්ව විවේචනය කරන්න අවශ්‍ය නෑ.

පොරමොලා 2012-06-25 16:13:18

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවවතාවුන් වැනි මිනිසුන් ඇත.

මෙහෙම සලකන්නේ දියුනු රටවල් වල. මේ ස්වාමි දුවට කැන්දන් යන වයසෙ කැකුලියක් එහෙම නැතෑ මට සහේට ගන්ට....

කැකුලා 2012-06-25 16:20:01

නදීක පොරමොලා....ඔයත් නිකන් සිවුපාවෙක් වගේනේ...

කැලුම් 2012-06-26 11:09:13

කෙනෙක් වැදගත් දෙයක් කිවුවම ඒක අපහාසයට ලක් කරන කට්ටිය ඉන්නකල් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ

සිසිර 2012-06-25 15:58:34

මෙවැනි මිනිසුන් සිටීමද සතුටකි......

හිමාලි මහේෂිකා අමරසිංහ 2012-06-25 16:38:50

මෙච්චර වැදගත් ප්‍රවෘත්තියකට ඇත්තටම ඔයිට වඩා දෙයක් කියන්නම නැද්ද ඔයාලාට ඇයි බැරි තමන්ගේ නමින් වැදගත් විදියකට අදහස් ලියන්න එදා සුනිල් ආරියරත්න සර් පවන ගිතාවලියේ අබුඩාබියේදිය....කියන ගිතය ලිව්වේ මේ වගේ අය එදා වින්ද දුක ගැනයි අද මේවාගේ පුවතක් දැක්කම කියන්න තියෙන්නේ මේවගේ මෝඩ කතාද යාළුවනේ ටිකක් හිතන්න මේ බොල් මනස්කාර සමාජයෙන් ඈත්වෙලා ප්‍රගතිශීලිව සිතන්න

ප්‍රේම්-korea 2012-06-25 16:33:16

හිල්මි, ඔබ හරි.අපේ අය බලන්නෙම වැරදි විදියට තමයි

ජීවක 2012-06-25 16:42:58

අවුරුදු 10ක්???

අනේ මටත් යන්න ඕනේ

galle koluwa 2012-06-25 16:47:04

හිමාලි ඔයාගේ සම්පූර්ණ නම දාගෙන අනිත් අයට බනින එකනේ කරන්නේ. මොන නමින් ලිව්වත් අර්ථවත් නම් අපි ගරු කරනවා. අනික මේ ඔයගේ නියම නම නෙමේනේ අපිට කොලේ වහන්න බෑ හරිද

සමන් 2012-06-25 16:47:19

හිල්මි හරි

අසේල 2012-06-25 17:23:01

හිමාලි , අපේ ජාතිය එක එකාගෙ ඉඳුල් කන තැනට ගෙනාවෙ ඔය වගේ අදහස් නිසා තමයි.එක ගෑණියෙකුට ඔහොම සැලකුවට බහුතරයකට වෙලා තියෙන දේවල් පේනවනෙ.ඔය දේවල් ඔයාගෙ ඉදිරි පරම්පරාවට දෙන්න එපා.

තිසා හාමි 2012-06-25 18:06:24

බොහෝම පින් උපදේසයට හිමාලි ඇන්ටි

අමිල 2012-06-25 18:15:53

ඔබතුමී වැනි කාන්තාවන් ගැන ආඩම්බරයි

ප්‍රසන්න වීරසිංහ 2012-06-25 18:21:53

හිමාලිගේ ඔවදන හරියට හරි. ඇයි අපි හැම දෙයක්ම විහිලුවට ගන්නේ මහත්වරුනි?

සමන් 2012-06-25 19:16:51

අපි මේ රටට කොපමණ ණයද?

අන්තෝනියෝ 2012-06-25 19:39:17

ඒකටත් එක්ක අරාබිකරයේ ඉන්න කට්ටිය....

මාරි 2012-06-25 19:00:44

ඒකට අරාබිකරයේ ඉන්න සමහරු .ගියොත් මළ මිනියවත් එවාවිද කියල හිතා ගන්න බැහැ.

මධූ 2012-06-25 19:05:46

තව වයසට යනකොට ලංකාවට එවයිද දන්නේ නෑ... ඒ නිසා ඉන්න හිටින්න පිළිවලක් හදා ගන්න ලංකාවෙත් .හැමදේකටම ඒක හොඳයිනේ......

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:35:13

හිමාලි මහේෂිකා අමරසිංහ දුවණිය ලියා ඇති අදහසට මමත් එකඟයි.මේක කියවලා කියන්න එපා මම ඇය නමින් ප්‍රතිචාර පළ කරනවා කියලා.මට ඕවගේ වැඩ කරන්න වෙලාවක් නැහැ.මම නාකි උගත් අයෙක්.සමහරු මගේ නම තරුණ නිසා හිතතවා ඇති මම කොල්ලෙක් කියලා.ඒක වැරදියි. මම ඔයගොල්ලන්ගේ තාත්තගේ වයස අංකල් කෙනෙක්.මොකද මම එහෙම කිව්වේ මේ ඊයේ පෙරෙදා කවුද මන්ද හාදයෙක් මට කියලා තිබ්බා මම කවුද ගෑනූ කෙනෙකුගේ නමින් ප්‍රතිචාර පළ කරනවා කියලා.මම එහෙම කලේ නැහැ.මට ඕවගේ අසත්‍ය දේවලට පිළිතුරු ලියන්න වත් කාලයක් නැහැ.මම වගේ පරීක්ෂණයක වැඩ කරන අතර තමයි මේවා ටික ටික ලියන්නේ මනස සැහැල්ලු වෙන්න.මම පර්යේෂණ පොත්පත් ලියලා දැන් ඒවා ප්‍රකාශ වෙලා ඒවයේ හරි වැරදි හරි ගස්සනවා.දැන් මගේ ඇස්වල පෙනීමත් ටිකින් ටික අඩුවේගන එන්නේ. හුඟ කලකින් ඇස් කණ්ණාඩි මාරුකරගන්න යන්නත් බැරිවුනා.මේ ළඟදී වෛද්‍ය පරීක්ෂණයකට ගියාම ඩොස්තර කිව්වා පෙනීම අඩුවේගන එනවා කියලාත්

ෂෙරීෆ් 2012-06-25 20:20:21

අද පිටරට ගෘහ සේවයට යන අපේ රටේ කාන්තාවන් කොතරම් නරක වැඩ වල යෙදෙනවද?

සේනානායක 2012-06-25 21:58:42

දෙවියන් වන්නේත් මිසුන්මයි.

අමිල 2012-06-25 22:07:28

මම ඇටිකිච්චාට මුකුත් කිවුවේ නෑ.මම දැම්මේ ඔබතුමී වැනි කාන්තාව්න ගැන ආඩම්බරයි කියලා විතරයි

රංග 2012-06-25 22:17:31

සුජිත් නිශාන්ත ආචාර්ය තුමා ඔයාට තියෙන්නේ අර පහුගිය කාලේ නිකං දීපු ආචාර්ය පට්ටමක්ද? තාම පොතක් ලිවුවේ නැද්ද? එහෙනම් පොඩි ළමා කතන්දර පොතක්වත් ලියන්න.

අමර 2012-06-25 21:57:04

උතුම් මිනිසුන් සඳා වාසනාවන් !!!!

හර්ෂි 2012-06-25 22:26:40

හිමාලි ඇන්ටි හරියටම හරි "ප්‍රගතිශීලී" කියන්නේ කන දෙයක්ද ????

බත් කන්නා 2012-06-25 23:48:04

මේ වගේ දේකට පොඩි විහිළුවක් කරල හිනා වෙලා සතුටු වෙන එකේ මට නම් වැරැද්දක් පේන්නෙ නෑ. හැමදෙයක් ගැනම ඕනවට වඩා මනස්ගාත හිතන අයගෙ හිත් තමයි හොඳ නැත්තෙ, ඒව ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්,වෛරයෙන් පිරිච්ච හිත්. හිනාවෙන්න ඕන තැනදී හිනාවෙලා, කාටහරි අපෙන් උදව්වක් උවමනා උන වෙලාවට තමන්ගෙ හිතට එකඟව(ප්‍රසිද්ධිය බලාගෙන නෙමෙයි) ඒ දේ කරන එක තමයි වැදගත්.

MR 2012-06-25 23:59:06

හිමාලි ඇන්ටි

ඔයත් නිකන් සිවුපාවෙක් වගේනේ...

සුරංග 2012-06-26 01:58:19

සෞදි හම්පුතල සලකන්නේ ඇන කිලෝ ගණනින්

කෙනත්(USA) 2012-06-26 02:50:02

පිටරට මිනිස්සුන්ගෙන් අපට ඉගෙනගන්න හොද පාඩම් බොහොමයක් තිබෙනවා. ඒ බොහෝ රටවල බුදු දහම ගැන දැනුමක් නැතත් ඒ අය ඉතා හොද ගතිගුණ පෙන්වනවා. මට උණ හොද අත්දැකීමක් බෙදා හදා ගන්න මම කැමතියි. මම දැනට ඇමෙරිකාවේ වාස්තු විද්‍යාඥයෙක් ලෙස මෙහෙ සමාගමක වැඩ කරනවා, තාම නවකයෙක්. ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. මගේ මෝටර් රථයේ ඉදිරිපස ලාම්පුවල සුදුපාට පටලයක් ඇවිත් තිබුනා, අධික අව් රශ්මියේ ඇති විකිරණ නිසා සිදුවෙන දෙයක්. මම දවසක් මගේ ප්‍රධානියා හා උපදෙස් දෙන්නා සමග කතා කරමින් සිටින විට මෙයට කරන්නේ කුමක්ද කියල ඇහුව, ඔහු වසර 20 ක පමණ පළපුරුදු ඇති ප්‍රවීන හා ජනප්‍රිය අමෙරිකන් ජාතික වාස්තු විද්‍යාඥයෙක් , ආචාර්යවරයෙක් සහ එම සමාගමේ හිමිකරු. "හා ඕකට මන් ගාව හොද රසායනයක් තිබෙනවා, මන් ඒක ඔයාට හෙට ගෙනත් දෙන්නම්' කියල කිව්වා. ඉතින් පහුවදා උදේ 9.00 ට පමණ ඔහු මගේ කාමරයට ආව, ග්‍රීෂ්ම කාලේ නිසා, ටිකක් දහදියත් දමල, මහන්සි පාටයි. ඉතින් කතාවට වැටුන. කතාවේදී මම ඇහුව "ඔබ අර කිව්වා එක ගෙනාවද " කියල, ඔහු මා සමග සිනාසුනා, " ඔව්, මම උදේ පැය භාගයක් පරක්කු උනේ, එළියේ ඔබේ කාරය ලග හිටපු නිසා, අව්ව සැර නිසා පොඩි ඔලුවේ කැක්කුමක් ආව, ඔන්න මම ලයිට් දෙකම සුද්ද කලා, දැන් අලුත් ඒවා වගේ,", මට අදහ ගන්න බැරි උනා, "මෙන්න ඒ රසායනය, ඔබ තියාගන්න" කියල මට දුන්න. මම අදහගන්න බැරිව ටිකක් වෙලා බලන් හිටිය. ඔහුගේ දෑත කලුපාට වෙලා තිබුන, කමිස අත ඉහලට නමා තිබුන ! බලන්න මෙච්චර උසස් , උගත්, ධනවත් කෙනෙක් මම වගේ නවකයෙකුට මෙහෙම සලකනවද කියල! අදහන්න බෑ, ලංකාවේ මේ වගේ අය යන්නේ පොළොවට අඩියක් විතර උඩින්, පුදුම අහංකාර කමක්, කුහක කමක් තිබෙනවා.එයින් පස්සේ මම පඩිය ගැන හිතමින් එතන වැඩ කිරීම නවත්වල, අසාවෙන් වැඩ කරන්න ගත්ත.

ධර්මය නොලැබී මෙහෙමනම් , එය හොදින් ලැබෙන අපි කොහොම නිහතමානී විය යුතුද? මට මේ මිනිස්සු ගැන පුදුම පැහැදීමක් ඇති උනා. ඉතින් මේ වගේ උතුම් අය අපේ රටෙත් වැඩි වැඩියෙන් බිහි වේවා කියල පතනවා.

තිසා හාමි 2012-06-26 09:09:12

ආචාර්ය ඇත්තෝ ඔබ තුමාගේ ඇස් පෙනීමනම් ගොඩාක් දුර්වල බව පෙනවා. මොකද ඔයාට හිමාලිව දුවෙක් වගේ පේන්නෙ ඒකයි. හිමාලිත් ඔබතුමාගෙම වයසෙ කෙනෙක්.....

ඇතීනා 2012-06-26 04:46:08

රුප ආන්ටි.

මම හිතන්නේ ඔයා අවංක විශ්වාසවන්ත ගුණගරුක සේවිකාවක් වෙන්නට ඕන හැමදේටම ඉස්සරවෙලා.

මෙතැන රහස ඒකයි. කෙසේ වෙතත් ඔයා පින්වන්තියක්.ස්වාමීදුවටත් දිගාසිරි.

ඔයාටත් නිරෝගී සැප.ඔබත් ඒ අයට හැමදාම ඒ තැබූ විශ්වාසය සදාකල් රැකගන්න ආශීර්වාදයක් කරගන්න මෙයත්.

දිසා 2012-06-26 06:12:57

කහ හොද නම් අඹරන ගල මක්වේද කියන්නත් පුලුවන් මේවට

විජය 2012-06-26 08:37:16

කෙනත්, ඔබ නුවර කෙනෙක්ද? ඔබ කියන දේවල් ඉතා අගෙයි.ඔබට ස්තූතියි

කුමාරි 2012-06-26 08:42:56

මේ වගේ ප්‍රවෘත්ති තමා පත්තර වල වැඩියෙන් දාන්න ඕන. එතකොට මිනිස්සුන්ගේ හිත වෛරයෙන්, ක්‍රෝධයෙන් ටික ටික දුරස් වෙනවා. ඒත් පත්තරයක් ගත්තොත් මේකේ අනිත් පැත්තම තමා උදේ පාන්දර ඉදල කියවන්න තියෙන්නේ. ලංකාදීප හොද වැඩක් මේ ප්‍රතිචාර ක්‍රමය. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඕනදේටයි එපාදේටයි ඔක්කොටම හාස්‍යය හොද නෑ තමයි. ඒත් කෙනෙක් තමන්ගේ තියෙන පීඩනය මෙහෙම හරි ලියල නිදහස් වෙන එකත් ලොකු දෙයක්.

අභිමන් 2012-06-26 09:02:42

දෙවියන් වෙන්නේත් මිනිස්සු...ඒ වගේම මතක තියාගන්න තිරිසන්නු වෙන්නේත් මිනිස්සු....

කරනේරිස් ගොයියා 2012-06-26 09:07:11

වාසනාව තියෙන්නේ ගූණ යහපත් කම් දන්න මිනිස් හදවත් තුළයි

නිශාඩ් පෙරේරා 2012-06-26 09:15:05

අනේ වාසනාවන් !! හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

ඇලෙක්ස් 2012-06-26 09:33:10

අදාල නැති කමෙන්ට්සු නිසා වෙන්නේ කෙනෙකුට පුවතකට අදාලව අනිත් අයගේ අදහස් දන ගැනීමේ ඉඩ කඩ නැති වෙන එකයි.

බන්දුල 2012-06-26 11:03:42

අනුන්ගේ දුක තේරෙන මිනිස්සු මැද පෙරදිග රට වලත් ඕන තරම් ඉන්නවා

කෙනත් (යු එස් ඒ ) 2012-06-26 11:32:23

විජය , ඔබේ අනුමානය හරියටම හරි, මම නුවර තමයි (අනිවත්ත), මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ආදී සිසුවෙක්. කොහොමද හරියටම කිව්වේ? හැබැයි ගොඩක් අය අහන දෙයක් තමයි ඕක.

ගල්බනිස් 2012-06-26 13:10:59

මේ වගේ පුවත් දානවට මම නම් විරුද්දයි .ලංකාවේ ගොඩක් කට්ටිය සිහින මවාවී ගෙවල් වල වැඩ කරන්න ,

අපි ජාතියක් වශයෙන් ලජ්ජා වෙන්න ඕන මේ වගේ අම්මලාව ගෙවල් වල වැඩට ඇරලා විකුණන් කන එක ගැන

සරත් 2012-06-28 11:31:55

පිට රැටියන්ට වැඩ කරන එක වාසනාවක්ද ????

ලොකු අක්කා 2012-06-28 17:03:40

සරත් මල්ලී

අනෙක් කතා ගැන සසඳන විට මෙය වාසනාවක් නොවේද ????

කුමුදුමලි 2012-06-28 16:31:42

තමන්ගෙම දරුවෝ දෙමවුපියන්ට නොසළකන කාලේ මෙවැනි අය අගය කළ යුතුයි

බබා 2012-06-28 19:33:58

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:35:13

"හිමාලි මහේෂිකා අමරසිංහ දුවණිය ලියා ඇති අදහසට මමත් එකඟයි.මේ ළඟදී වෛද්‍ය පරීක්ෂණයකට ගියාම ඩොස්තර කිව්වා පෙනීම අඩුවේගන එනවා කියලාත්"

ආචාර්යතුමාගේ අදහසට මමත් එකගයි

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :