Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’
2012 ජූලි මස 22 16:17:13 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
තමාටම අනන්‍ය වූ පන්ද යැවීමේ අපූරු ඉරියව්ව නිසාම එක් නිමේෂයකදී මුළු! මහත් ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගැනීමට ඔහුට හැකිවිය. අජන්ත මෙන්ඩිස් නමැති ඔහුගේ ඒ පන්දු යැවීම විටෙක හාස්කමක් මෙන් විය.
බොහෝ විචාරකයින් ඔහුගේ පන්දු යැවීම හැඳින්වූවේ මැජික් එකක් හැටියටය. ඇඟිලි දෙකක් පමණක් උපයෝගි කරගෙන යවන පන්දුව කැරම් බෝල් යනුවෙන් නම් කිරීමද සිදුවිය. එලෙසින් ක‍්‍රිකට් ලෝකයට අවතීර්ණ වූ අජන්ත මෙන්ඩිස් හෙවත් අජා නැත්නම් මෙන්ඩා මේ දිනවල ක‍්‍රිකට් පිටියේ දක්නට නැත. පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ගනිමින් සිටීම ඊට හේතුවය.
ටික දිනකට හෝ පිටියෙන් ඈත්ව සිටීම ක‍්‍රීඩකයකුට කනගාටුවට කරුණක් විය හැකිය. නමුත් මේ සියල්ල අතරේ අජන්ත මෙන්ඩිස් නම් සිටින්නේ පුදුමාකාර සතුටකිනි. තමා පියෙකු වීම ඊට හේතුවයි. මේ සතුට දරාගෙන සුන්දර නිවෙසක වෙසෙන ඔහුගේ කැදැල්ලේ හැඩ රුව බලන්නට පසුගිය දිනෙක අපි ගියෙමු.
අජන්තගේ බිරිඳ යෝෂිණී සහ පුංචි පුතු මේ දිනවල වෙසෙන්නේ රාජගිරියේ ඇති සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවෙසකය. මෙය අහස් වියන මත තැනූ පුංචි මාළිගයක් ලෙස නම් කළාට වරදක් නැත. මහල් විසි ගණනකින් සමන්විත මේ අපූරු නිවාස සංකීර්ණයේ මුදුන් මහළක ඇති අජන්තගේ නිවෙසට ගිය පසු එහි ආලින්දයට දර්ශනය වන දසුන සැබැවින්ම අප විමතියට පත්කරවන තරම්ය.
”මෙතැනට උදේට ශ්‍රීපාද කන්ද පෙනෙනවා.’’ අජන්ත ඈතට අත දිගු කරමින් අපට පෙන්වීය. අප ආලින්දයට යාබද සඳළුතලයට ගොස් අවට සිරි නැරඹීමු. මේ කොළඹද? කියා සිතා ගත නොහැකි තරමටම සුන්දර දසුන් එහි සිට දැකගත හැකිය. එක් භූමි ප‍්‍රදේශයක් දර්ශනය වන්නේ මහා වනාන්තරයක ස්වරූපයෙනි. රාජගිරිය සිට පැතිරීගිය මේ භූමි ප‍්‍රදේශය අසලින් පුංචි ගංගාවක් ගලා යයි. ඒ දියවන්නාවේ කොටසක් බව අජන්ත අපට කීවේය.
‘‘තවත් ලස්සන දර්ශන පෙන්වන්නම් අපි තේ බීල ඉමුකො’’ යැයි ඔහු ආරාධනා කළේය. තේ පැන් සංග‍්‍රහය අතරවාරයේ මේ පුංචි නිවෙසේ හැඩරුව අපි නැරඹීමු. කාමර තුනකින් පමණ සමන්විත මෙහි ගෙබිමට අතුරා ඇත්තේ ලීයෙන් නිමවන ලද රටාය. සාලය, මුළුතැන් ගෙන සහ නිවෙසේ සේවය කරන අය සඳහා ඉඩකඩක්ද වෙන්ව තිබේ.
නිවෙසකට එහා ගිය සුපිරි හෝටලයක ඇති රිද්මයට සමානව ගෘහ භාණ්ඩ සහ අනෙක් සියල්ල තබා ඇත.
මේ නිවෙස ගත්තෙ යෝෂිණි මවක් වීමේ අපේක්ෂාවෙන් සිටියදීයි. පුංචි පුතා ලැබුනාට පස්සෙ අපට වඩා නිදහසේ අලූත් තැනක ඉන්න ඕනෑ වුණා. මෙය මහා ලොකු මන්දිරයක් නෙවෙයි. අපේ පුංචි පවුලට දැනට මෙය සෑහෙනවා.
මෙම සුපිරි නිවාස සංකීර්ණයෙන් නිවෙසක් ගැනීම ගැන අජනත්ත අපට කීවේ එ ලෙසිනි. මේ අතරවාරයේ යෝෂිණි පුංචි අමුත්තා රැගෙන ආවාය. අජන්ත පුතු දෝතට ගෙන සෙනෙහස බෙදා ගනිමින් සිටී.
‘අජා’ පුදුම සතුටකින් සිටින්නේ. එයාට මුළු ලෝකෙම ලැබුනා වගේ. අපේ පවුලේ පළවෙනි අත්දැකීම තමයි මේ. අජාගෙ පවුලේ හැමෝමත් මේ අත්දැකීම නිසා පුදුමාකාර සතුටකින් සිටින්නේ’’ යෝෂිණී අපට කීවාය.
මේ අතරේ අජන්ත තමාට ජීවිතය දැනෙන හැටි කීවේය.
‘‘ජීවිතේ හරිම සුන්දරයි. ලොකු සතුටක් දැනෙනනවා. ඒ වගේම වගකීම් ගැනත් සිහිවෙනවා. වෙනදාට වඩා මට වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා හිතෙනවා. ආයෙත් ක‍්‍රිකට් පුහුණුවීම් පටන් අරගෙන තියෙන්නෙ. කොන්දේ ආබාධයට ප‍්‍රතිකාර ගනිමින් හිටිය නිසා පසුගිය මාස තුනක කාලයක් ක‍්‍රීඩා කළේ නැහැ. ප‍්‍රතිකාර සඳහා ඔස්ටේ‍්‍රලියාවටත් ගියා. දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරග මාලාව සඳහායි. නැගෙනහිර කණ්ඩායම සඳහා මා ඇතුළත්. ඉන්පස්සෙ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියටත් ක‍්‍රීඩා කිරීම තමයි අපේක්ෂාව’’
අජන්ත අද දවසේ ඔහුගේ කටයුතු සහ අපේක්ෂාවන් ගැන ප‍්‍රකාශ කළේ එලෙසිනි. එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කැරවීම සඳහා උපරිමයෙන් කැපවීම් ඔහුගේ ප‍්‍රධාන අරමුණයි. මේ සියල්ල අතරේ ඉතා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම තමාගේ අභිප‍්‍රාය බව ඔහු කීවේය.
අද මේ සුන්දර ජීවිතය ගෙවන විට අතීතයේ ගෙවූ ජීවිතය දැනෙන්නේ කොහොමද? අපි අජන්තගෙන් විමසීමු.
‘‘ඇත්තටම ගොඩක් සතුටුයි. එදා සිටියා වගේ නොවෙයි. ජනප‍්‍රියත්වය ඇතුළු සෑම දෙයක්ම වගේ ලැබිලා. පසුගිය කාලය දිහා බලන විට අද සතුටු නැහැ කිව්වොත් එය බොරුවක් සතුටු විය හැකි දේ බොහෝමයි. ලෝකයේ ප‍්‍රකට ක‍්‍රීඩකයින් සමග ක‍්‍රීඩා කරන්න ලැබුණා. ඒ වගේම අපේ රටේ වීරයින් වූ මුරලිදරන්, වාස්, සනත්, සංගක්කාර, මහේල වැනි සුපිරි ක‍්‍රීඩකයින් එක්කත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. මේක හරියට සිහිනයක් වගෙයි. හැබැයි මේ සියල්ල මට නිකම්ම ලැබුනු දෙයක් නෙවෙයි. විශාල කැපකිරීමක ප‍්‍රතිඵලය වගේම දෙවියන්වහන්සේගේ කැමැත්ත නිසා ලැබුණු දේවල්. මේ සියල්ල වෙනුවෙන් මගේ පවුලේ අය වගේම යෝෂිණිගේ පවුලේ අයගෙනුත් ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. මගේ බිරිඳ යෝෂිණී ගැන මට හරි ආඩම්බරයි. එයා මගේ ළඟින්ම සිටිමින් සියලූ දේ ගැන කතා කරමින් සියල්ලට සහයෝගය ලබා දෙනවා.’’
අජන්ත සීරුවට එලෙස කියාගෙන යද්දී, අපි යෝෂිණී දෙස බැලූවෙමු. ඇය ‘අජා’ දෙස බලා සිටින්නේ දැඩි සෙනෙහස පෙරදැරිවය.
‘‘මෙයාට මොනම වෙලාවකදීවත් කේන්ති යන්නේ නැහැ. හරිම නිවිච්ච චරිතයක්. දෙවියන්වහන්සේගේ කැමැත්තට එයා මට ලැබුණු ගුණවත් මිනිසෙක්. පුංචි පුතා ලැබෙන්නට පෙර මාව සතුටින් තියන්න එයා කළ හැකි හැමදේම කළා. මේ නිවෙස පවා ගත්තේ පවුලක් ලෙස අපට අලූත් තැනක නිදහසේ, නිස්කලංකව ජීවත් වෙන්න ඕනෑ නිසයි. විවාහ වෙලා අවුරුද්දයි මාස හයයි. මේ කාලෙයෙදී පුංචි පුතා එක්වීම වචනයෙන් කියන්න බැරි තරමේ සතුටක්. දැන් ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙන්නෙ. පුතා උපන්නෙ පෝය දවසෙදීයි.
සඳ එළිය මෙන් සෞම්‍යවූ තරු එළිය ගෙනා ඒ පුංචි සුරතලා සමග ගෙවන ඒ සුන්දර මොහොත තවත් ඔවුන්ගෙන් උදුරා ගැනීම සුදුසු නැත. ඒ සෙනෙහස විඳගන්නට ඉඩ දී අපි මේ නිහතමානී ක‍්‍රිකට් තරුව වෙසෙන මේ සුපිරි නිවාස සංකීර්ණයේ මුදුනින් සමුගෙන ගියෙමු.


අජා මට හරිම ආදරෙයි

මෙතැනට ශ්‍රීපාද කන්ඳ පෙනෙනවා..


මේ තරම් සතුටක් මට කවදාවත් දැනිලා නෑ... (සෙනෙහසක අරුත)





හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි
අදහස්(55)
බැලූවෝ (30406)
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ප්‍රියාස් 2012-07-22 18:22:49
හරිම ලස්සනයි...(ස.වි)
ඇලෙක්ස් 2012-07-23 01:42:52
වාසනාව. (නි)
ට්‍රිෂාන් 2012-07-23 03:05:23
සුභ පැතුම්. ඉදිරියටම යන් දිරියෙන්. (ත)
අනුර 2012-07-23 10:52:36
අජන්ත, මගෙන් සුභ පැතුම්! (නි)
කින් බෙනට් 2012-07-23 11:24:10
කෙනෙක්ගේ වාසනාව මතුවෙලා දියුණුවෙනවා දැකල සතුටු වෙන එක ලොකු දෙයක් .... අජන්තත් හරිම වාසනාවන්තයි ...ඒ ගැන කින් බෙනට්ටත් හරිම සතුටුයි .... නමුත් අජන්තගේ වාසනාව එක දිගටම රැඳුනේ නැති එක ගැන දුකයි .... අජන්තට මේ දේවල් ලැබුනේ රට වෙනුවෙන් කෙටි කාලයක් හරි තම උපරිමය කරන්න ලැබුන නිසයි ,,,, නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණ ලංකාවේ ජනතාවව සහ ලෝකයේ ක්‍රිකට් රසිකයන්ව පිනවන්න වාසනාව ලැබේවා.... ඒ වගේම අජන්තත් රසිකයන්ටත් වාසනාව උදාවේව කියල ප්‍රාර්ථනා කරනවා නම් හරි සතුටුයි ... .(ස.වි)
රුක්මල් 2012-07-23 12:46:02
එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද. ඇති නැති පරතරය ඕනෑවටත් වැඩ වැඩි (දී)
පෙරේරා 2012-07-23 14:41:26
හීනය සැබෑවක් කර ගැනීමෙන් , නිහතමානීව ඉදිරියට යන්නට සුභ පැතුම්........(ස)
කවින්ද 2012-07-23 14:45:33
රුක්මල්,ඔයාට වුණත් සල්ලි තිබුණා නම් ඔයා වුණත් කරන්නේ ඔය ටිකමයි.අපි හැමෝම කැමතියි සැපවත් ජීවිතයකට. (නි)
චාමික 2012-07-23 15:04:37
මම සුභ පතනවා ඔබට (දී)
දිසානායක 2012-07-23 16:03:40
ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න. (නි)
දිල්හාන් 2012-07-23 16:35:00
මම සුභ පතනවා ඔබට (දී)
කුමාර 2012-07-23 16:37:30
අජා.. සුභ පතනවා ඔබට (දී)
ලක්විදු 2012-07-23 19:16:45
"දිසානායක 2012-07-23 16:03:40
ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න...."
දිසා, ඔබ හොදින් තේරුම් ගන්න. ලංකාවේ ළමයි හිගා කන්නේ නැහැ. ජාවාරම් කාරයින් විසින් හිගා කන්න යොදවනවා. (නි)
ලක්විදු 2012-07-23 19:33:16
'රුක්මල් 2012-07-23 12:46:02
එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද....."
රුක්මල්, ඒක එයාගේ වැරැද්ද නෙමෙයි. වැරැද්ද තියෙන්නේ මේ සමාජ ක්‍රමයේ. (නි)
ඉනෝකා 2012-07-23 19:53:25
ඇත්තම කියනවා නම් හැම කෙනෙක්ම ධනය හා බලය ඉදිරියේ තමන්ගෙ රට,ජාතිය,ආගම පාවා දෙන්නෙ නැහැ. අපේ ඉතිහාසයෙන්ම ඒ බව ඔප්පු වෙනවා.
ආ...! මට අමතක වුණා. දැන් මේ කියන විදියට, ඇන කොටා ගන්න මිනී මරා ගන්න හා වෙන් වෙන ජෝඩු එක් කරලා තියෙන්නෙ මහසෝනද? සීරි යකාද? මට දැනගන්න ඕනේ නිසයි අහන්නේ. (නි)
කුරුවිට 2012-07-23 21:19:32
මීට වඩා සල්ල තියන අය තව මොනතරම් ඉන්නවද. (ත)
ජානු 2012-07-24 00:46:57
මොහු ධනවතෙක් වෙලා තියෙන්නේ කුඩු විකුණලා ,මංකොල්ල කාලා, හොරකන් කරලා නෙවෙයි. රට වෙනුවෙන් ක්‍රීඩා කරලා.එක ඔහුගේ දක්ෂතාවය.ලංකාවේ ඉන්න දුප්පත් ළමයි ගැන මේ වෙලාවේ මතක් කරන්නේ ඇත්තටම හරිම කුහක ,මෝඩ මිනිස්සු. (නි)
සොනාලි 2012-07-24 01:53:57
චූටි බබා ගොඩක් ලස්සනයිනේ. (නි)
ඉන්දික 2012-07-24 07:55:55
සුභ පැතුම්! (නි)
කමල් 2012-07-24 08:29:59
හැමොම මහන්සිවෙලා සල්ලි හම්බකරොත් සැප විදින්න පුළුවන් ..ඔයාලට ඇස්වහක් වදින්න එපා.පුංචි පුතුට දෙවි පිහිටයි...උපයන සල්ලි වලින් සැප විඳිනවා වගේම පින් කමුත් කරනවා ඇති....(ස)
ඉසුරු 2012-07-24 08:41:58
හොඳයි.. ....හොඳයි...... (ස)
මනෝහරන් 2012-07-24 11:27:09
ජනු ක්‍රිකට් ෆුට්බෝල් කියන්නේ ක්‍රීඩාවක් පමණක්ම නොව ව්‍යාපාරයක්.. මටනම් ඕවගේ දේවල් ගැන වැඩි දැනුමක් නැහැ..(නු)
චමින්ද 2012-07-25 09:19:36
අපේ මිනිස්සුන්ගේ ඉරිසියාව කියන එක උපරිමයෙන්ම තියෙනවා ... (දී)
සුජිත් 2012-07-24 20:15:41
තව කෙනකුගේ දියුණුව බලලා අවංකව සන්තෝස වෙන්න පුළුවන් කමත් මිනිසකු තුල තියන උතුම් ගුණයක්. ඒ අය සමාජයේ බොහොම අඩුයි.(නු)
රාජි 2012-07-25 10:53:45
ඔබට සුභ පතනවා (දී)
ලක්මාල් 2012-07-25 13:21:00
ඇත්ත.අපේ අයට තියෙන්නේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්.පාරේ ළමයි හිගා කන්නේ එයාලගේ දෙමාපියන්ගේ වරදින්.ඒකට අපේ කොල්ලා මක් කරන්නද? (නි)
අනුරාධා 2012-07-25 14:02:43
ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. (නි)
කමල් 2012-07-25 17:11:05
අයියෝ සල්ලි........ (නි)
සමන් 2012-07-25 21:18:06
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
උදේශිකා 2012-07-26 13:15:47
පැටියට අපේන් සුභ පැතුම්..(ස)
නිසන්සලා 2012-07-26 13:28:38
ඔබට සුභ පැතුම්....(ස)
රත්නායක 2012-07-26 16:11:17
සුභ අනාගතයක්...!(නු)
සුදු මාම 2012-07-26 22:00:22
සල්ලි තියෙනවනම් සැප විදින්නත් ඕනෑ. නමුත් අසරණ අයටත් උදවු කරනවා නම් ගොඩක් වටිනවා. (දී)
සාලිය රත්නායක 2012-07-26 22:32:00
අලුත් සාමාජිකයා ඇතුළු ඔබ තිදෙනාට මගෙන් සුභ පැතුම් !!!!!!!!!!!!!! (දී)
උපාලි 2012-07-26 22:38:39
මහන්සියෙන් සාදාරන විදිහට සල්ලි හොයල සැපට ඉන්න එක වරදක් නොවෙයි . එහෙම අයට ඉරිසියා කරන එක වැරදියි . හැබැයි හම්බ කරන කොටසින් ටිකක් හෝ අන් අයගේ යහපතට යොදවන්න පුළුවන් නම් ගොඩක් පින් . එක යහපත් අයගේ ලක්ෂණයක් . තවත් මුදල් ලැබේව (සදාරනව ) අන් යටත් උදව් කරලා සතුටින් ඉන්න ලැබේවා. (දී)
අසන්ක 2012-07-27 09:27:11
ඔබට සුභ පැතුම්! (නි)
තරුන්දි 2012-07-27 11:22:23
සුභ පැතුම්! (නි)
ඉෂි 2012-07-27 20:03:42
පුංචි පවුල රත්තරං. සුභ පැතුම්! (නි)
පෙරේරා 2012-07-28 08:32:39
අජන්ත,
ඊළඟ තරඟයේදී ඔයාගේ උපරිම දස්කම් පෙන්වන්න.... (ස)
සමන්ත 2012-07-28 09:12:21
අජන්ත ,
ඔබට සුබ පැතුම් . ඒ වගේම මේ පාරත් t20 තරග වල ඔයාගේ දස්කම් උපරිමයෙන් පෙන්වන්න . (දී)
නාරම්බන 2012-07-28 12:36:28
ඉනෝකා මොනවා කිව්වත් මෙයා විවාහය නිසා තමන්ගේ ආගම මාරුකරා... (ස)
අනුර 2012-07-29 06:41:15
ඔබගේ ක්‍රීඩා විලාශය විශිෂ්ඨයි. අපි සැමදා ඔබට ආදරෙයි. (නි)
නියතපාල 2012-07-29 19:44:54
දුප්පත්ව ඉපදීම වරදක් නෙවයි හැබැයි දුප්පතක් විදියට මිය යාම වැරදියි අජන්ත ඔබට සුබ පැතුම් (අ)
එරංග සඳරුවන් 2012-07-30 09:24:00
සුභ පැතුම් මෙන්ඩිස්. ඉක්මනට නැවතත් ටීම් එකට එන්න. (ස)
ලාලිත්‍ය 2012-07-30 10:37:32
සිංහල බෞද්ධකම පෙන්නන්න බැරි, ඒකට හැමදාම විරුද්ධ වුණ අයට තමයි ඔය "සිංහල කතෝලිකයන්" කියන්නේ. (නි)
කසුන් 2012-07-31 09:37:57
මේවා දැක්කම අපිටත් හීනයක් වගෙයි (දී)
සමන් 2012-08-02 09:50:37
"මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ" (නි)
මාධව 2012-08-02 21:25:05
ඔබටත් පවුලේ සැමටත් උණුසුම් සුභ පැතුම්! (නි)
චමී 2012-08-03 20:46:28
අම්මත් ලස්සනයි. තාත්තත් ලස්සනයි. බබත් ලස්සනයි. ගෙදරත් ලස්සනයි. (නි)
චමී 2012-08-03 20:49:07
අදහස් දැක්වීමට ස්තුතියි. ඔබගේ අදහස කතෘ අනුමැතිය සදහා යොමුකර ඇත. (නි)
අචිනි 2012-08-04 18:50:36
සුභ පැතුම් ඔබ දෙපලට සහ අලුත් සාමාජිකයාට...!!(නු)
නදීශා 2012-08-04 20:14:40
ලස්සන ජීවිතයකට සුභ පැතුම්..!!(නු)
ශානි 2012-08-08 12:06:52
සුභ පතනවා ඔබට (දී)
ඩිලාන් 2012-08-08 13:26:08
අජන්තට ඔය ගෑණු ළමයා කැමති වුණේ ඇයි දන්නේ නැහැ නේද? (නි)
නිත්‍යා 2013-01-09 12:19:06
සුභ පතනවා ලස්සන ජීවිතයක් සතුටින් ගතකරන්නට... (නි)
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(126)
(22556)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17118)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(85)
(15641)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14460)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(12855)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12093)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(11793)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11506)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10388)