Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්
2012 ජූලි මස 23 15:43:08 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තුඹේගෙදර විනී නිව්ටන් එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ ඇපෑල සඳහා අද බන්ධනාගාර නිලධරයන් විසින් රැගෙන එනු ලැබීය.
විෂබීජයක් ශරීරගතවීමෙන් හා දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ දකුණු පාදයෙන් පහළ කොටසක්ම ඉවත් කර තිබීම හේතුවෙන් ඔහු ඉතා වේදනාවෙන් අනෙක් රැඳවියන්ගේ උදව්වෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අයුරු රැස්ව සිටි හැමගේ අවධානයට ලක්විය.




අදහස්(129)
බැලූවෝ (24642)
පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ශාන්ත 2012-07-23 18:02:36
අවන්හල්වලට ගිහින් බලය පෙන්නලා බොනකොට මොකුත් නැහැ. (ස)
විදු 2012-07-23 15:47:08
කල කම් විපාක දෙනවා කියන්නේ මේකට තමයි......(ස).
ප්‍රගීත් 2012-07-23 15:48:43
ස්වභාව ධර්මයේ දඩුවම්!!! .(ස)
සිසිර 2012-07-23 15:53:50
බුද්ධාගම අනුව නම් කරන ලද පව් මේ සංසරේදීම පල දීල වගෙයි (දී)
අජිත් හේවගේ 2012-07-23 15:51:35
නළුවෙක් වගේ (දී)
දයා,සෞදි 2012-07-23 15:51:23
කර්ම විපාකය එලොවදීත් , මෙලොවදීත් පලදෙනව (දී)
නදුන් 2012-07-23 15:55:20
කරන කලට පව් මිහිරිය මී සේ (දී)
චරිත් 2012-07-23 15:55:43
අයියෝ පව් නේද? හරිම අමාරුයි.....අහින්සක මිනිස්සුන්ට බල්ලො බලල්ලු ගානට සලකපු කාලේ තමන්ටත් එහෙම වෙනවා කියලා නොදෑනුනු එකේ සෑප තමයි දෑන් ඔය දෑනෙන්නේ. බර කරගහන් ඉන්නේ අගුලානේ හිටපු අනික් චන්ඩි ටික වෙන්න ඈති. ඔහොම වෙලා මදි (දී)
දිසානායක 2012-07-23 15:56:41
එල්ලන්න ඕන.....(ස)
ලක්මාල් 2012-07-23 15:57:17
කොහොමත් දිට්ට ධම්ම වේදනීය කර්මය කියන දේ ලොව සැමදා පවතිනවා.. (දී)
කමල් 2012-07-23 15:57:06
කරන කලට පව් මිහිරිය මී සේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ .......
මේව කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ........(ස)
වරුණ 2012-07-23 15:58:29
කර්මය ඔබ පසුපස ඒ ගොනා පසුපස ගැල එන්නා සේ. දඬුවම ලිහිල් කරගන්නවට වඩා නරකද ඉක්මණින් දඩුවම ලබාගත්තනම්. ඔය විදියට පනපිටින් මැරි මැරී නිරයේ දුක්විදිනවට වඩා.(ස)
අනුර 2012-07-23 15:59:29
දිට්ඨ ධම්මවේදනීය කර්මයක්.......(ස)
ලක්ෂ්මන් 2012-07-23 16:15:45
මුගේ කපන්න තිබුනේ කකුල නෙවයි බෙල්ල . (දී)
කුමාර 2012-07-23 16:16:47
ඔය වගේ මිනිස්සු එල්ලලා මරන්න ඕනේ (දී)
නිල්මිණි 2012-07-23 16:20:29
මරණෙට තියෙන බය (දී)
ප්‍රගීත් 2012-07-23 16:23:49
එල්ලන්න එපා. විඳවන්න අරින්න (අ)
මලානි 2012-07-23 16:28:34
මොනවා බේරෙන්නද . එල්ලලා මරන්න ඕනේ (දී)
අතපත්තු 2012-07-23 16:32:43
රජ කම් කලත් කළකම් පල දේ ,, (දී)
දමිත් 2012-07-23 16:46:31
පනුවෝ ගහල මැරෙන්න ඕනේ මිනිහෙක් (දී)
krishantha 2012-07-23 16:47:45
ඉන්න ටිකේ තවත් බරපතල වැඩ ඇතිවයි තියන්න ඕනේ.
අමිල කටුනායක 2012-07-23 16:54:42
ඉස්සර චන්ඩි දැන් නොන්ඩි (දී)
කුරුවිට 2012-07-23 16:56:21
ඉස්සර හිටිය අය දැන් කවුද වගේ. (ත)
බණ්ඩා 2012-07-23 16:56:54
‘‘ සියළු සංස්කාරයෝ නැසෙන සුළුය. මේ ලෝකයත් කවදා හෝ විනාස වෙයි. ලෝක දහම එයයි.“ බුදු හාමුදුරුවෝ වදාල සේක. එහෙත් මේ ලොව පවතින තුරු අපට සමාජ නීති වලට පිටින් ගමන් කළ නොහැකියි. ආගමට පිටින් ගන් කළ නොහැකියි. එසේ කල පුද්ගලයකුට පැවැත්මක් නැත. ඔහුට පැවැත්මක් ඇත්නම් ආගමක් පවතින්නේ ද නැත. (ස)
biyanka 2012-07-23 16:58:17
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දීලා. පවු කරන අයට හොඳ පාඩම් (අ)
රොෂාන් කොඩිකාර 2012-07-23 17:01:01
දෙවියන් වහන්සේ දඬුවම් දීලා. (අ)
රුවන් 2012-07-23 17:03:42
ඔය මිනිහගේ බෙල්ල මිරිකන්න (දී)
මොහෝමඩ් 2012-07-23 17:18:47
කරපු දේවල් පළ දීලනේද? (අ)
ආර්.රත්නායක 2012-07-23 17:29:32
අනික් පොලිස්කාරයන්ට හොද පාඩම්. දැන් නිකන් බල්ලෙක් ගානටත් වැඩිය පහලට වැඩිලා. (ස)
කමල් 2012-07-23 17:37:57
අහිංසක මිනිස්සුන්ගේ කකුල් කීයක් කඩල ඇති ද ? (ස)
ලක්විදු 2012-07-23 17:40:18
ඔය පට්ට බොරුවක් කරන්නේ. කිහිලිකරුදෙකෙන් යන්න බැරි මොකද ? උසාවිය ඉදිරියේ විතර ද ඔක්කොම අමාරු? (ස)
අනුර 2012-07-23 17:59:02
පුණුවෝ ගහල මැරෙන්න ඕනේ. මිනී මරනකොටනම් හොදට එන්න ඇති නේද ? (ස)
වෝල්ටර් 2012-07-23 18:05:37
ශ්‍රී ලංකා පොලිස් ලාංඡනයට පමණද? (නි)
මනෝජ් කුමාර 2012-07-23 18:06:44
හොද වැඩේ තව කාලයක්ම ඔහොම පව් ගෙවන්න ඕනේ.
මනෝජ් 2012-07-23 18:06:56
හොද වැඩේ.තව කාලයක්ම ඔහොම විදවන්න ඕනේ. (නි)
කපුකොටුව 2012-07-23 18:18:32
පවු ඉතිං, තමන් අනුන්ට දාපු මාංචු තමන්ටම කවදා හරි දා ගන්න වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති නේද? (නි)
ප්‍රනාන්දු 2012-07-23 18:20:02
කකුලෙන් කෑල්ලක් නෙමෙයි, මම කියන්නේ නෑ ඉතිං හිතට ආපු එක. කිවුවයි කියලා හිතා ගන්න. (නි)
sumana mananduwa 2012-07-23 18:29:48
අපරාධ කරන අනිත් අයට හොඳ පාඩමක්. (අ)
බණ්ඩා 2012-07-23 18:50:07
මේ ඡායාරූප ටික දකිද්දි මට නම් ඇති වෙන්නේ පුදුම සතුටක්. නීතිය අතට අරන් ඉන්න අනික් කට්ටියටත් කවදා හරි වෙන්නේ මේ ටිකමයි. (නි)
පිලිපීනෝ 2012-07-23 18:55:32
පවු කියලත් හිතෙනවා.ඒ වුණත් සමාවක් නම් දෙන්න නරකයි. (නි)
මධු 2012-07-23 19:01:05
අංගුලිමාලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා නේද? (නි)
අචලා වික්‍රමනායක 2012-07-23 19:08:51
පොලිසියේ අයට අපහාස කරන්න එපා.කාටත් මේවගේ දේවල් වෙනවා. අපරාධකරුවන්ට විතරක් නෙවෙයි අනුන්ගේ දුක වේදනාව බලලා හොඳ වැඩේ කියන අයටත් වෙන්නේ මේ කර්ම ඵල විපාකයම තමයි කියලා මේ අය හොඳට හිතට ගත්තොත් තමයි හොඳ. (නි)
අමිල 2012-07-23 19:14:12
දීලා තියෙන තීණ්දුව නම් ඉතා හොදයි නේද? (නි)
මලින්ද. 2012-07-23 19:17:14
අමුතුවෙන් එල්ලන්න ඕන නැහැ. උදේ සවස මෑරි මෑරි උපදිනවා. (නි)
ආසිරි 2012-07-24 07:00:18
කකුල විතරක් නෙමෙයි. ඉස්සරහට ඔය විදියටම අනෙක් අවයවත් එකින් එක අඩුවෙලා දුක් විදලා මැරෙන්නයි තියෙන්නේ. එතකොටයි මේ සමාජය හැදෙන්නේ ඒවා දැකලා. (නි)
රණසිංහ 2012-07-24 06:59:47
කකුල විතරක් මදි...අවයව එක එක අයින් කරන්න ඕන...එතකොට තමයි සමාජය හැදෙන්නේ...(ස)
බමුණුසිංහ 2012-07-23 19:38:00
මෙයාලා වගේ අය මරන්න හොද නැහැ. විදවලා මැරෙන්න දෙන්න ඕනේ. (නි)
සෙනරත් 2012-07-23 19:39:29
යමක් කරන්න පෙර හිතා බලන්න කියලා කියන්නේ ඕකට තමයි. (නි)
නීලා 2012-07-23 19:41:52
මෙයාට මේ ටික මෙච්චර වේදනාවක් නම් එයා කපලා කොටලා මරලා දාපු දෙන්නට කොච්චර වේදනාවක්, මරණ බයක් දැනෙන්න ඇද්ද? (නි)
සිරිල් 2012-07-23 19:46:31
අනිවාර්යයෙන්ම නියම දඩුවම් මෙයාට දෙන්නම ඕනේ. (නි)
රජිත් 2012-07-23 19:46:58
මධූ, එහෙම බැලුවොත් ලංකාවේ ඉන්නේ ඔක්කොම අංගුලිමාලලානේ. (නි)
චන්දන 2012-07-23 19:56:25
පුලුවන් ඉක්මණට පෝරකේට යවන්න ඕනේ.නැත්නම් අපේ කට්ටියට අනුකම්පා හිතෙන්න පුලුවන්. (නි)
සංජේ 2012-07-23 20:13:27
හොඳ මිනිහෙක්.... හොඳ දඬුවමක් දුන්නේ.....
ඔහොම තමයි කරන්න ඕනේ. (නි)
කළණ ජේ 2012-07-23 20:14:46
මධු, අංගුලිමාල කියන්නේ මරන්න අණ දුන්න කෙනෙක් නෙවෙයි. ගුරුවරයා නිසා නොමග ගිය කෙනෙක්. හැමදේටම අංගුලිමාලව ඇදලා අරන් තක්කඩින්ව බේර ගන්න හදන්න එපා. (නි)
අමරා 2012-07-23 21:00:40
අනේ සාධු!
ඔය විදියටම ඉතුරු කකුලටත් වුණානම් මම සතුටුයි. (නි)
හේරත් 2012-07-23 21:05:30
ඇයි අපේ රට විනාශ කරන දේශපාලුවන්ට මෙහෙම දඩුවමක් හමුබ වෙන්නේ නැත්තේ? (නි)
ආසිරි 2012-07-23 21:20:41
තමන් කරන දේවල් තමන් පසුපස එයි. (නි)
දි සිල්වා 2012-07-23 21:21:50
ජීවිතාන්තය තෙක් හිරේ අරින්න ඕන කරපුවා හිත හිතා ඉන්න. (ත)
කීර්ති 2012-07-23 21:40:39
උත්සාහය අගය කරනවා. පුලුවන්නම් බේරෙන්නකෝ. (දී)
නිශාන්ත 2012-07-23 21:45:33
මේක හැමෝටම හොද පාඩමක්.ඔය දේශපාලඥයො මේක දිහා බලලා පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි. (නි)
සංජිව 2012-07-23 21:47:58
දිට්ඨ දම්ම වේදනීය..කරපු පව් මෙලොවදීම පලදෙනවා (දී)
කටුනායක 2012-07-23 21:49:35
නිවුටන් දැන් නිවුටල් වෙලා වගේ නේද? (නි)
පෙරේරා 2012-07-23 21:55:15
තවත් දඩුවම් මොකටද? බුදු දහම ඔහුට දඩුවම් දී හමාරයි. (නි)
සුභාෂිනි 2012-07-23 22:03:19
කාගෙන් බේරුනත් බැරිය සත්‍යයෙන් බේරෙන්න (දී)
ෂාමෙන් 2012-07-23 22:23:06
මේක පොලිස් නිලධාරීන්ට විතරක් නෙමෙයි, වැරදි කරන සියල්ලන්ටම උරුසම දෙයක්. (නි)
වරුණ 2012-07-23 22:27:05
අර අහිංසක කොල්ලෝ දෙන්නට කර වැඩේට ඔහෙම වෙලා මදි....... අනිත් කකුලත් කපන්න ඕන..... (ස)
හරීන්ද්‍ර 2012-07-23 22:30:06
මුං වගා කර කව්පි ලබා ගත නොහැක්කා සේ , කළ කර්මයම මිස අන් යමක් විපාක නොදේ . මේ අයට අනුකම්පා කරන්න නරකයි . (නි)
සංජනා 2012-07-23 22:35:15
හොද වැඩේ.කකුලු දෙකම කපන්නයි තියෙන්නේ. (නි)
කුමාරි 2012-07-23 22:35:21
අපි යමක් කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුයි. (නි)
මනෝහරන් 2012-07-23 22:49:58
මෙයාගේ කකුල් දෙකම කපලා, ඇස් දෙකත් අන්ධ කරලා, රෝද පුටුවකට නග්ගලා පාරට දාන්නයි තියෙන්නේ. (නි)
ජීවන් 2012-07-23 23:16:02
මෙයා හොද කෙනෙක් නෙමෙයි. (නි)
සේනානායක 2012-07-23 23:21:26
ඔහොම වෙලා මදි. කලින් හිතුණේ නැහැ නේද මෙහෙම දේකට මුහුණ දෙන්න වෙයි කියලා. (නි)
සුරංග-verona 2012-07-24 00:12:35
දිට්ඨ දම්ම වේදනීය කර්ම..කරපු පව් මෙලොවදීම පලදෙනවා.
බුදු බණ ඇත්ත කියලා මේ දේවලින් ඔප්පු වෙනවා. (නි)
පුලස්ති 2012-07-24 00:23:23
ගහපිය මරපිය ඔළුවට කොටපිය කියලා සාතන් කීවා....
කඩු පොලු අරගෙන ගමම කුලප්පුව සාතන් අප්පුව හොයන්න ගත්තා.... (නි)
සමන්ත 2012-07-24 01:16:51
පොලිස් සේවයට ගරු කරන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. අනික අප සියල්ලන්ම නීතියට ගරු කළ යුතුයි. මොකද අප සැම සිංහලයන් නිසා...... (නි)
ජූඩ් 2012-07-24 01:19:25
කිහිලි කරුවෙන් ගහලා අනික් කකුලත් කඩමුද? (නි)
ෂර්ෆාස් 2012-07-24 01:32:52
පොලිසියේ අනෙක් කට්ටියටත් හොද පාඩමක්. (නි)
ප්‍රනාන්දු-Padova 2012-07-24 01:42:00
දැන් ඔය කරන්නේ සමාව ඉල්ලන්න හදන එක. (නි)
තිලක් 2012-07-24 04:05:29
නරක වැඩ කරන ඕනම කෙනෙකුට ඔය විදියට තමයි අවසන් කාලය ගත කරන්න සිද්ද වෙන්නෙ, ධර්මයට අනුව. (නි)
අසේල 2012-07-24 04:59:27
අපි කරන දේවල් අපි පසුපස එනවා. (ත)
ලාල්- maldives 2012-07-24 07:19:35
කරන ලද පව් මේ සංසරේදීම පල දීලා.......
රාජකාරි කරන කොට කාපු බීපු අය කෝ අද? අද කකුලකුත් නැහැ. බුදු බණ බොරු නෙමෙයි. පොලිස් සේවයේ ඉන්න අනිත් අයට හොද ආදර්ශයක් .... දේශපාලඥයන්ටත් හොද පාඩමක්.... (නි)
නිවන්ත 2012-07-24 07:23:17
අධිකරණයේ ගෞරවය හෑල්ලු කිරීමක්. මෙහෙමනම් හැම හොරාම නිදහස් කරලා දන්න වෙනවා. මේ ප්‍රතිචාර දාන අය පොදුදේපල වලට තියන ගෞරවය පේනවා නේද? (ත)
සෙනරත් 2012-07-24 07:41:39
කළකම් පළ දෙනවාමයි. සොබාදහම එහෙමයි. (නි)
රොශාන් 2012-07-24 08:36:22
අනිත් කකුලත් කපන්න ඕන... (ස)
සහන් 2012-07-24 09:33:01
පොලීසියේ නිසා සමාවක් දෙන්නම නරකයි....දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමයි.... (ස)
නුවන් 2012-07-24 09:36:16
සිසිර: ඇයි වෙනත් ආගමක කෙනෙක් පව් කොලොත් පල දෙන්නෙ නැද්ද? (ස)
අනුර ශාන්ත 2012-07-24 09:46:54
කරන කලට පව් මිහිරිය මී සේ
විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ.....
තව මදි........(ස)
ඔසන් සලාම් - දෝහා 2012-07-24 09:46:56
නිරපරාදේ අහිංසක කොල්ලන් දෙදෙනෙකු මරාදැමු මෙවැනි ඝාතකයන් ප්‍රසිද්ධියේ බෙල්ල කැපිය යුතුයි. කෙසේවෙතත් දඩුවමෙන් අඩක් දැනටමත් ලැබී තිබෙනවා වගේ. කරන අකුසල් ලුහුබැද එනවා කියන එක ඔහු වගේම අන් අයටත් හොද පාඩමක්......... (ස)
නිශාන්ත 2012-07-24 09:54:11
මෙයාල අර මරපු තරුණයෝ දෙපල ජීවිතය ඉල්ලා කොතෙක් වැද වැටෙන්න ඇද්ද? මේවා මතක් වෙනකොට දීලා තියෙන දඩුවම් මදි කියලා හිතෙනවා..(නු)
සදුන් 2012-07-24 10:01:47
මේ මිනිස්සු විදවන විදිහ සැරෙන් සැරේට පත්තරවලින් මතක් කරලා දෙන්න ඕන.. එතකොට අනිත් අයත් හැදෙයි..(නු)
එච්. පෙරේරා 2012-07-24 10:08:38
අද අද එයි මරු පිං කර ගන්නෙ..
නුවණැති මිනිසුනි ඇයි නොසිතන්නෙ...!!
සුගත් බණ්ඩාර ඩුබායි 2012-07-24 10:23:06
ස්වාභාව ධර්මය විසින් දෙන දඩුවම් මේවා තමයි.. මේක ලංකාවෙ සිටින නීතිය කරන ආයතනවල සිටින සියලුම දෙනාගෙ නෙත ගැටේවා.. මේ ලෝකෙදි කරන දේවල් මේ ලෝකෙදිම පලදෙනවා කියන්නෙ මේකට තමයි. සබ්බ පාපස්ස අකරනං.. කුසලස්ස උප සම්පදා..(නු)
අමාලි 2012-07-24 13:04:02
බොහොම දුකයි මේ ප්‍රතිචාර දැක්කම. අපේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හිතාගන්න බැ . මේ අය මිනීමරුවෝ තමයි. නමුත් දන්නවද ? බුරුතු පිටින් මිනි මරණ මරපු අය තවමත් යහතින් තනතුරු වල ඉන්නවා කියලා. මේක කර්මය කිව්වොත් අර අගුලානේ අහිංසක මිනිස්සුන්ගේ එකමුතුකමේ උත්සාහයට කරන ලොකුම නිග්‍රහයක් . ඒ මිනිසු එකමුතු වෙලා සටන් කලේ නැත්නම් මෙයාලගේ වැඩ බලාගන්න තිබුණා . (නි)
පාලිත 2012-07-24 13:42:18
ඕක තමයි බුදු දහමේ උගන්වන දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (නි)
පෙරේරා 2012-07-24 12:52:37
ලෙඩට දුකට නවලෝකෙන් හරි, ආසිරි එකෙන් හරි බේත් ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ. (නි)
නිමේෂ් 2012-07-24 12:57:48
නිව්ටන්..
කරන කලට පව් මිහිරිය මීසේ...
විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..(නු)
බණ්ඩා 2012-07-24 11:29:08
මෙයාගෙ මූණ දැං නිකං නාකි හිගන්නෙක්ගෙ වගේ වෙලානෙ.. එදා?? මේවා හැමෝටම හොද පාඩම්.. මේකත් අපි ලංකාවට සතරපෙරනිමිත්තක් කර ගනිමු..(නු)
මහින්ද (මහරගම) 2012-07-24 11:34:57
මේ වගේ තිරසනුන්ට කිසිවිටෙකත් නිදහසක් දෙන්න බැහැ. එය කිසිවෙක් අනුමත කරන්නෙත් නැහැ. කවුරු හෝ කියනවා නම් මේගොල්ලට මරන දඩුවම දෙන්න බැහැ කියල, අපිට අවස්ථාව දෙන්න. මෙවැනි අය මේ වගේ බුදු දහම ස්ථාපිත රටකට ඔබින්නේ නැහැ. සැබැවින්ම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. කිසිඳු අවස්ථාවක නිදහක් දියයුතු නැහැ.මොවුන්ට නිදහසක් දෙනවා නම් අපේ රටේ නීතිය හා ස්වාධීනත්වයට හිමි තැන සම්බන්ධයෙන් ගැටළු මතුවේ.(නු)
පාලිත 2012-07-24 12:03:31
රජකම් කළත් කළ කම් පලදේ.... (නි)
කමල් 2012-07-24 11:55:41
චන්ඩින්ටත් වෙන දේවල්.... (ස)
සෑම් 2012-07-24 11:56:55
මෙයාට වෙලා තියෙන දේම තමයි අනිත් අයටත් වෙන්නෙ.. මෙයාටනම් මෙලොවම පදිසං දීලා.. (නු)
සම්පත් 2012-07-24 12:02:13
මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
(නි)
සම්පත් 2012-07-24 12:05:14
මිස්ටර් ඇම්ඩා ඒ ගමන අපේ සිංහල පාඨකයින්ට මේ ප්‍රතිචාර ටිකත් නැති කරන්නද යන්නේ?
චින්තක 2012-07-24 12:25:36
මිනිහට මරණ දඬුවම දුන්න වෙලාවේ මිනිහ උසාවියෙන් එලියට අවේ නිකන් මහා වීර වැඩක් කරලා වගේ.. මිනිස්සුන්ට අතවනාගෙන ගියේ. අද මිනිහට මොකද වෙලා තියන්නේ (ස)
නිශාද් ප්‍රීනා 2012-07-24 14:49:38
මිනිස්සුන්ට සාධාරණයක ඉෂ්ටවෙන්ට මම කියන්නෙ සවස 6.00න් පස්සෙ පොලිස් ස්ථානවල වැඩ ඉන්න සියලුදෙනා මුර සේවයේ යන්න ඕන.. (නු)
ඉක්රාම්-saudi arabia 2012-07-24 16:15:59
රජකම් කළත් කළ කම් පලදේ. නිතරම හොද දේ පමණක් කරන්න පුරුදු වෙන්න. (නි)
අජිත් 2012-07-24 17:48:36
අනෙක් කකුල තාම හොදයි නේද?(නු)
අජිත් 2012-07-24 17:48:01
අනෙක් කකුලටත් ඔය දේම වෙන්න ඕන... (දී)
බාසා 2012-07-24 17:11:48
පවු කියලත් හිතෙනවා. එක අතකට බැලුවහම මෙම පුද්ගලයා කරලා තියෙන්නේ අර කප්රුක මුදලාලිට කළ දේට සමාන දෙයක් නේද? (නි)
කපිල 2012-07-24 17:59:47
කළකම් පළ දෙනවා. බුදු දහම බොරු නෙමෙයි. (නි)
සරසි 2012-07-24 18:01:52
මෙයාට මරණ දඩුවම හොද වැඩිය. (නි)
වරුණ 2012-07-24 18:37:39
පනින්න පෙර පොඩ්ඩක් හිතුවනම් අද මේ දුක නෑ නේද ඕ.අයි.සී මහත්තයෝ..!!(නු)
ගිහාන් 2012-07-24 21:08:18
මොයා මරණයට පත්කලේ මගේ යාලුවො දෙන්නෙක්.. එයාල හරි අහිංසකයි.. කකුල විතරක් අයින් කරලා මදි... (නු)
මලින්ද 2012-07-24 21:21:21
කරන කලට පව් මිහිරිය මී සේ...!!(නු)
තානියා 2012-07-24 22:27:28
දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නෙ මේකට තමයි..!!(නු)
හේමන්ත 2012-07-24 23:45:55
පිස්සුවෙන් බේරෙන්නද (දී)
නුවන් 2012-07-25 01:40:07
මෙයාව උදාහරණයට ගන්න.. බලන්න සොබාදහම දඩුවම් දෙන හැටි...(නු)
සුමිත් ධර්මවර්ධන 2012-07-25 02:18:52
වැරදිකරන හැමෝටම සොබාදහම දඩුවම් දෙනවා.. එයට පක්ෂ පාට භේද නැත...(නු)
තිළිණ 2012-07-25 03:29:49
ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදණීය කර්ම කියලා... (නි)
බුද්ධික හේවා 2012-07-25 09:32:03
අචලා අක්කේ ඔයාගේ පවුලේ කෙනෙකුට මේ දේ කලානම් ඔයාටත් තේරෙයි දුක එහෙම උනානම් ඔයා කියන‍්නේ ඔය විදියට නෙමෙයි. ඔයා අනුන්ගේ දුක වෙදනාව තේරුම්ගන්න උත්සාහ කරන්න.(ස)
රකිත 2012-07-25 09:48:36
ඇයි මේ සමහරුන්ට විතරක් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙන්නේ....(ස)
නිහාල් 2012-07-25 12:25:23
තමන් කරන කියන දේවල් නැවතත් තමන් වෙතටම පැමිණෙයි. (නි)
කමල් 2012-07-25 12:56:23
අනෙක් කට්ටියටත් මේක ඉතාමත්ම හොද පාඩමක්. (නි)
මංජුල 2012-07-25 13:15:54
මොනවා කරන්නද? කළකම් පළදෙනවා. චණ්ඩියා දැන් නොන්ඩියා වුණා නේද? බුදු දහම ඇත්තයි කියන්නේ ඒ නිසයි. (නි)
මංජුල 2012-07-25 13:15:14
වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිදේ. මොහුට ලැබිය යුතු දඩුවම් මෙම ආත්මයේදීම ලැබී ඇත. (නි)
සම්පත් 2012-07-25 14:57:20
රකිත, ඔබ බුද්ධාගම ඉගෙන ගන්න...පිළිතුරු එහි ඇත.....(ස)
රංග 2012-07-25 15:47:12
රජ කලේ දඩුවම් දෙන්න ....(ස)
හෂාන් 2012-07-29 20:00:54
තව විඳවන්න ඕනේ. (අ)
ජගත් 2012-07-30 03:16:09
කර්මය මේ ආත්මෙදිම පළ දෙනවා. (ත)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17164)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16268)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12523)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12405)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12264)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11285)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9607)