Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ප‍්‍රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි
2012 ජූලි මස 25 09:40:49 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , නවදිල්ලි නුවරදීය ...
ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප‍්‍රනාබ් මුඛර්ජි අද (25) දිවුරුම් දීමට නියමිතය.
කොංග‍්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥයකු ද වන 76 හැවිරිදි මුඛර්ජි පාලක කොංග‍්‍රස් පක්ෂයේ හිටපු මුදල් ඇමැතිවරයාය.
මුඛර්ජි ජනපති ධුරයට පත් වූයේ පසුගිය 19 වැනිදා පැවැති ජනාධිපති තේරීමේ ඡුන්ද විමසුමෙන් සියයට 70කට ආසන්න වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟය. මීළඟ වසර පහක කාලය පුරා ඔහු ජනපති ධුරයේ කටයුතු කරනු ඇත.
පාර්ලිමේන්තු ප‍්‍රධාන ශාලාවේදී ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.30ට ප‍්‍රනාබ් මුඛර්ජි මහතා ජනපති ධූරයේ දිවුරුම්දීමට නියමිත බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ඉන්දියාවට නව ජනාධිපතිවරයෙක් පත් වූයේ හිටපු ජනාධිපතිනිය ප‍්‍රතිභා පාටෙල්ගේ නිල කාලය ඊයේ (24) අවසන් වීමත් සමඟය. ඉන්දියාවේ ජනපති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇයයි. ඇය එම ධුරයට පත්වුණේ 2007 වසරේදීය.
ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය.
අදහස්(4)
බැලූවෝ (1098)
ප‍්‍රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මදූ 2012-07-25 12:40:42
ඉන්දියාවේ දේශපාලනය හරි නිහතමානී ,බුද්ධිමත් , එයාලා බලයට කුලල්කා ගන්නේ නෑ .බොහෝ දේ ගොඩක් සාධාරණයි...(ස)
අමිල 2012-07-25 19:13:43
දහතුන නේද? (නි)
මධු 2012-07-25 21:24:30
මෙහෙම දේශපාලකයන් සිටින තුරු රටට වාසනාවන්! (නි)
දිසා 2012-07-26 01:12:03
අනේ, ඒ කියන්නේ තවත් කෙනෙක් විශ්‍රාම ගත්තා කියන එකනේ. (නි)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(112)
(17099)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16231)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12466)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(46)
(12328)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12217)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11337)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11249)