තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
ව්‍යාපෘතිය විනාශකාරීව සිදු කරන නිසා මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජල උල්පත් රැසක් සිඳී ගොස් තිබෙන බව ද ඔහු පවසයි.
‘‘ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව තිබෙනවා. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල, කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක්වෙලා. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්‍රදේශයේ පෙනෙන්නට තිබෙනවා.
බණ්ඩාරවෙළ උඩ පේරුව, පහළ පෙරුව, මැද පේරුව, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල, බොරලන්ද, රජ කොටුව, පුහුල්පොල, දික්පිටිය, ඉහළකොටවර, පහළ කොටවර, මඩුවේ ගෙදර, අඔ දණ්ඩා ගම, අභයපුර, කන්දේකැටිය ආදි ප්‍රදේශ රැසක ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ළිං හිඳිලා. දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 ක් දිනකට සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී තිබෙනවා. ෆරාබ් ඉරාන සමාගම උමා ඔයේ කැණිම් කිරීම හා භූගත ජල නළය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වනවිට සිදී ගොස් අවසන්.
පසුගිය වසරේ හා මේ වසරේ උමඟ කැනීම් අතරතුර මෙරට ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා ලීමට හා ගහ කොළ සතා සිව්පාවාගේ ප්‍රයෝජනයට ගැනීමට තිබූ ජල ලීටර් කෝටි ගණනාවක් අපතේ ගියා. උමග විදින විට මෙම ජල උල්පත් හා භූගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුයි. උමඟ කණින මාර්ගය සම්බන්ධව අධ්‍යයන වාර්තා මගින් අදහස් ලබා ගන්න ඕනෑ. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුට්ටුවකට ගණන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමැතිවරුනුත් මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූගත ජලය විනාශ කිරීමට ඉරාන සමාගමට අවසර දුන්නා. මධ්‍යම කඳුකරයේ ජල උල්පත් ජලය සැපවූයේ බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට පමණක් නොවෙයි, මධ්‍යම කදුකරයේන් ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටයි.
වැස්සෙන් වැටෙන ජලය පස තුළ ඇති කුහර තුළට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුළත් ගබඩා වෙනවා. එම ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇළදොළවලටත් ළිංවලටත් එකතු වෙනවා. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වෙලා ජලය සියල්ල උමං මාර්ග දිගේ එළියට යනවා.
ස්වභාවයෙන්ම මධ්‍යම කඳුකරය සිදුකරන්නේ වැස්සේන් වැටෙන ජලය ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගාවන්ට නිදහස් කිරීමයි. ඒ ආකාරයට නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සිදුවන ජල කාන්දු නිසා සහ සමස්ත උමා ඔය ව්‍යාපෘතිය නිසාත් විනාශ වුණා. උමා ඔය ව්‍යාපෘතිය නිසා පැන නගින ජල හිඟය පළමුව බණ්ඩාරවෙලට බලපෑවත් දෙවනුව හා තෙවනුව සමස්ත රටටම බලපානවා. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මෙය රටේ සෑම දෙනාගේම ප්‍රශ්නයක්. .
මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන් ග්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක්‍රමය හා ග්‍රිලිං ක්‍රමය යොදාගෙන තිබෙනවා. කුමන ක්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවෙනවා. කඳුවල සිදුවන දෙදරීම් නායයෑම්වලට මූලික හේතුවක්. ලෙව පුරා එවන් අත්දැකීම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්‍රදේශවල විශාල වශයෙන් නායයෑම ආරම්භ වුණා. බණ්ඩාරවෙල ආශ්‍රිත ප්‍රදේශය මේ වනවිට කුඩා නායයෑම්වලට ලක්වෙමින් තිබෙනවා. තව වසර කිහිපයක් ඇතුළත බණ්ඩාරවෙල අශ්‍රිත ප්‍රදේශ ගණනාවක් නාය ගොස් මිනිස් ජීවීත විනාශ වීම වළකාලිය නොහැකියි. 19 වැනි සියවස මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියා. 20 වැනි සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්‍රිත ඉදිකිරීම් නිසා නායයෑම්වලින් 2500 ට වැඩි පිරිසක් මිය ගියා. පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කඳුපන්ති හැටහය වතාවක් නාය ගොස් තිබෙනවා.
ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කළ සමාගමක්. ජලය හා බලශක්තිය සම්බන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම ලෝකයේ රක්ෂණ සමාගම්වල රක්ෂණය කර තිබෙනවා. එමෙන්ම ෆරාබ් සමාගමට අයිතිවාසිකම් කියන ඉරානයේ තෙහෙරාන් නුවර ෆරාබ් රක්ෂණ සමාගමක් තිබෙනවා. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර තිබෙනවා. එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගම්වල නැවත රක්ෂණය කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගන්නවා . ඒ නිසා ලංකාවට පරිසරයත්, ජනයාට තම ජීවිතත් අහිමි වන වාරයක් වාරයක් පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා එනවා. එයින් කෙටසක් ලංකාවේ විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනවා.
ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැඳී සිටිනවා . උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මෙරට අසාර්ථකම ව්‍යාපෘතියක්. නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව උපකාර කරමින් ඉන්නවා. සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කර තිබෙනවා. මෙය පරාජය කරන්න සියලු දෙනාම එකා වගේ එකතු වෙන්න ඕනෑ. ‘‘
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය
මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද(17) සිට ආරම්භ කෙරිණ.
සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි මහනුවර පොලිස් මූලස්ථානය කියයි.
පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම්
Nandalal DE SILVA - France Thursday, 06 July 2017 11:57 AM
අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි....එච්චරද ? මෙවැනි දැවැන්ත ව්‍යාපාර කිරීමට මේ ඉරාන සමාගමට කිසිම පළපුරුද්දක් මෙන්ම හැකියාවක් තියේද කියා මේ ව්‍යාපාරයේ "අප්පච්චිලා" අවම වශයෙන් රාජ්‍ය මට්ටමේ හෝ තානාපති මට්ටමේ හෝ විමසීමක් කළාද ? මෙවැනි මහා පරිමාණයේ බහු කාර්ය ව්‍යාපෘතියක් "පිළිගත් විදේශිය සමාගමකට" භාර දුන්නා නම් ඔවුන් මෙරටට පැමිණ එය අධ්‍යයනය කර රජයට පුර්ණ වාර්තාවක් ලබා දෙනු ඇත. එහෙම වුණා නම් මෙහි භාරදුර කම මෙන්ම එමගින් සිදුවිය හැකි පශ්චාත් අනතුරු ගැන රජයට දන්වනවා නොවේද ? මේ තුට්ටු දෙකේ ඉරාන සමාගම එවැනි දෙයක් කළාද? වෙන්න බැහැ.., හේතුව ඔවුන්ට එවැනි අත්දැකීම් නැති නිසාය. අනික් අතට "පිළිගත් විදේශිය සමාගමක්" පශ්චාත් අනතුරු ගැන දන්නා නිසා මෙවැනි දෙයකට අත නොතබනු ඇත. එහෙම වුණා නම් ව්‍යාපෘතියේ කොමිස්වලින් මේ අයගේ මඩිය පිරෙන්නේ කොහොමද ? හැමදේකින්ම අසරණ වෙන්නේ මේ ජනතාවයි..
Nandalal DE SILVA - France Thursday, 06 July 2017 12:07 PM
මෙමගින් අසරණ වෙන්නේ ජනතාවයි. රට පුරා දේවාලවල පොල් ගසන දිනයන් වැඩි ඇතක වෙන්නත් බැරි නැහැ!!! තවත් විමසීමක් කල යුතුව තිබෙනවා. එනම් තමන්ගේ පළාතට මොන ක්‍රමයකින් හෝ ජලය ගෙන යාමට උත්සාහ කරමින්, ඉරානයන්ගේ සල්ලි වලින් බැංකු ගිණුම් තරකරගත් මේ ව්‍යාපෘතියේ කටවල් වලට ඉබි යතුරු වැටිලාද? තවම කවුරුවත් වේදිකාවල හෝ පාර්ලිමේන්තුවේදී හෝ මේ ගැන වචනයක්වත් කියල නැහැ. මට මතක හැටියට. මම වැරදි නම් නිවැරදි කරන්න !
ChannaSaturday, 08 July 2017 09:18 AM
ඇයි ජනතා විමුති පෙරමුණ ඔය ගැන පැහැදිලිවම කියල තියෙනවා. මුලින් ඇස්තමේනතුව මිලියන 150. පස්සේ එක මිලියන 500ත් වඩා ඉහළ ටෙන්ඩර් එකට තමයි දුන්නේ. මිලියන 400ක් විතර කොමිස් හිටපු ජනාධිපති ගාවලු.
duminda Sunday, 09 July 2017 12:29 PM
එදා හිටිය පරිසර මහවැලි ඇමැතිතුමන්ලා අද වෙනස්ද?
mahinda Sunday, 09 July 2017 01:15 PM
මේක පටන් ගත්තේ පසුගිය රජය... ඒ කාලේ මෙහෙම කෑ ගහන්න පුළුවන්ද? මේවා අත්සන් කරපු අයට දැන්වත් නඩු දාල දඬුවම් කරන්න.
T.d.k.a.prasanna. Sunday, 09 July 2017 01:16 PM
මේක ලංකාවේ පැවැති අසාර්ථකම ව්‍යාපෘතියක්... මේවායේ ආදීනව, ප්‍රතිඵල ඉදිරියට ලැබෙයි. හැමෝගෙම සාක්කු තරවෙද්දී දුප්පත් මිනිස්සු මේවාට වන්දි ගෙවනවා.