IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ජනාධිපති සහ පළමු වගඋත්තරකරු ගන්නා ලද තීන්දු සහ තීරණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයකට වැළදී ඇති සේම ඉන් ඇතැම් පිරිස් මරණයටද පත්ව ඇතැයිද

කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග්‍රව පැවති අවස්ථාවක මෙරටට යුක්රේන ජාතිකයින් සහ ඉන්දියානු කොවිඩ් රෝගීන් මෙරටට ගෙන්වීම තුළින් 1 සහ 2 වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමේ වරද සිදු කර ඇතැයි එම පෙත්සමෙන් පෙන්නා දෙයි

ඊට අමතරව නිරෝධායක පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම මගින් 1 සහ 2 වගඋත්තරකරුවන් දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇතැයි ද පෙත්සමෙන් පෙන්නා දි ඇත.

පළමු වගඋත්තරකරු ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධකම් උපයෝගී කරගෙන ජනාධිපතිවරණයන් පසු මෙරටට පැමිණ නොයෙකුත් ව්‍යාපෘති සිදු කරනු ලබයි.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , ජනාධිපති විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා ඇත.‍

 



අදහස් (11)

උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව පෙත්සමක්

sampath Wednesday, 19 May 2021 02:35 PM

අපි කවුරුත් චීනෙට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයට යන්නේ ඇයි? මේක හදලා පතුරුවන්නේ චීනෙන්.. මේ සියලු වියදම් චීනය දැරිය යුතුයි වගේම සියලු දෙනාටම චීනය වන්දි ගෙවිය යුතුයි.

:       0       0

Laluth Wednesday, 19 May 2021 03:27 PM

හාමුදුරුවෝ මුලින්ම එන්නත විදගෙන අපිට බණ කියනවා.

:       0       0

bandara Wednesday, 19 May 2021 04:12 PM

මම හිතන්නේ මේ ඉල්ලීම නිෂ්ප්‍රභා වෙනවා. වගඋත්තරකරුවන් රටේ ආර්ථිකය දියුණු කිරීමේ සත්භාවයෙන් සංචාරකයෝ ගෙන්නුවේ. සත පහක කොමිස් එකක් බලාපොරොත්තු උනේ නෑ අම්මප.

:       0       0

Demuni Uduwara Wednesday, 19 May 2021 04:21 PM

එය අත්‍යවශ්‍යයි!

:       0       0

සිල්වා Wednesday, 19 May 2021 07:21 PM

අනුර කුමාරත් වග උත්තර කරුවකු කරන්න පිටරට මිනිස්සුන්ට දින 7න් නිවාස නිරෝධායනය කරන්න යූ.එන්. එකට ගිහිල්ලා පැමිණිලි කරලා කටයුතු කළාට..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 May 2021 02:15 AM

සත්‍ය වශයෙන්ම, මේ වසංගතයේ වෛරස් අඩංගු එම ආසාධිතයන් ගෙන්වීම නොකළ යුතුව තිබූ දෙයක්... ඒත්, රටේත්, අපේත් අවාසනාවට එසේ සිදුවුණා. මේ අසාධාරණ, අයුක්ති සහගත වැඩවලට එරෙහිව නීතියේ පිහිට පැතීම අගය කළ යුතුයි. මෙහි දේශපාලනයක් නැහැ. මෙය සැමට පොදු දෙයක්. තව දෙයක් මීටම එකතූ වුණානම් හොඳයි. ඒ තමයි අර බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමට හේතුවූ දෙය. ඉන්දියාවෙන් ආසාධිතයන් ගෙන්වා, පී.එච්.අයි ලාටද හොරෙන් ඔවුන් රඳවාගෙන හිටිය සිද්ධිය...

:       0       0

සෑම් Thursday, 20 May 2021 02:32 AM

මෙම පෙත්සම ඉදිරිපත් කළ ඔබට අපේ කොන්දේසි විරහිත පූර්ණ සහාය...

:       0       0

Ratne Thursday, 20 May 2021 03:15 AM

ඔබ වහන්සේ 100%ක් නිවැරදියි. ගෝඨා (පොහොට්ටු) මාස 2න් සහරාන් (සහ රනිල්, මෛත්‍රී) පරදා ඇති අතර, මේ විදියට ගියොත් 2021 වසර තුළම (ඊලාම්) මරණ අභිබවා යෑමටද හැකියාව ඇත. වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන්.. දැන්වත් තම බලතල භාවිතාකර වගකීම ඉටු කළ යුතුයි. නැතිනම් අනාගත කොවිඩ් කොමිසම හෝ එවැනි අවස්ථාවක පූර්ණ වගකිව යුත්තාට මුක්තියට අනුව නිදහස් වී ඔබලාට පෝරකය හිමි විය හැකිය.

:       0       0

Sanka Thursday, 20 May 2021 04:20 AM

හාමුදුරුවන්ට ගොඩාක් පින්... කොරෝනා වැඩිවුණේ මෙයාලා නිසා තමයි. මේ දෙන්නට ලංකාව ලියලද තියෙන්නේ? බයියන්ට බැරිද උත්තරයක් දෙන්න..?

:       0       0

sharm warn Thursday, 20 May 2021 05:30 AM

අනේ කරුණාකරලා හරියට ගොනු කරන්න.. නැතිනම් ඉතින් ඕවා ලේසියෙන්ම අල්ලලා විසි කරයි. වැරැද්ද කෙසේ වෙතත් ගොනු කරපු විදිහ වැරැදියි කියලා. එතකොට අර හොරු දෙන්නා නිකම් වීරයෝ වෙලා මල්මාලා දාගෙන එළියට එයි.

:       0       0

Sri Lanka Thursday, 20 May 2021 06:45 AM

උදයංග ලංකාවට ගෙනැල්ලා මොනවද කළේ? රුසියානු එන්නතකින් ඩොලර් 05ක් ගන්නවා ආණ්ඩුව.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 35 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 120 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 504 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 430 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1320 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 389 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 134 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 731 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 763 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site