කඳාන සහ මහබාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන ද
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රි
ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කඳාන - මහබාගෙ හුදෙකළා කරයි
Nimal Nagahawatte Tuesday, 10 November 2020 05:00 AM
COVID-19 වසංගතය හමුවේ රටේ ආර්ථිකයට මුහුණදීම මෙම වසරේදී මුහුණදීමට සිදුවූ COVID-19 වසංගතය නිසා අපේ ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයටද සිදුවූ බලපෑම අති විශාලය. එම බලපෑම මූලය වශයෙන් තක්සේරු කල නොහැකි අතර තව කොපමණ කාලයක් මෙම තත්වයට මුහුණදීමට සිදුවේද යන්න අනුමාන වශයෙන් හෝ නිශ්චය කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොහැකි තත්වයකට පත්ව ඇත. මෙම ගැටළුවට මුහුණදීම් සඳහා ප්‍රායෝගික හා විකල්ප ක්‍රියාමාර්ගවලට අවතීර්ණයවීමට තීන්දු තීරණ ගත යුතුව ඇත. අපගේ ක්‍රියාකාරී දින දර්ශනවලට අනුව සතීයේ දින පහක් වැඩකර සති අන්ත විවේක දිනයන් ලෙස සෙනසුරාදා හා ඉරිදා දිනයන් යොදා ගෙන ඇත. දැනට පවතින වාතාවරණය යටතේ සේවා ස්ථානවල සේවය කල හැකි සංඛයාව සීමාකිරීම් නිසා හා ප්‍රවාහන මාධ්‍ය භාවිතයට විවිධ නිර්ණායකයන් පැනවීම මත සේවා ස්ථානයන් හී සතියේ දින පහ තුලදී කල හැකි සේවා පරිමාව ප්‍රමාණාත්මක ලෙස පහත වැටී ඇත. මේ සඳහා විකල්ප ලෙස පහත දැක්වෙන විකල්ප ක්‍රියා මාර්ග සුදුසුයයි යෝජනා කිරීමට කැමැත්තෙමි. සතියේ දින 7 ම වැඩ කරන දින ලෙස ප්‍රකාශයට පත්කර සෙවකයන්ගේ හා සේවා යෝජකයින්ගේ අභිමතය පරිදී ඒ ඒ සේවකයින් සඳහා දින 5 ක සේවා කාලය වෙන්කර දින 2 ක් විවෘත කර ඇත.
Nimal Nagahawatte Tuesday, 10 November 2020 05:01 AM
සතියකට වැඩකල යුතු පැය ගනන නීර්ණය කොට වැඩකරන දිනයන්හීදී දිගු පැය ගණනක් වැඩකර අතිරේක දිනයක් විවේක ගැන්වීම. උදාහරනයක් ලෙස දිනක වැඩකරන කාලය පැය 8 1/2 නම් දින 5 සඳහා වැඩකල යුතු කාලය පැය 42 1/2 කි. දෛනිකව අමතර පැය 2 ක කාලයක් සේවය කිරීමෙන් වැඩ කල යුතු දින ගනන 5 සිට 4 දක්වා අඩු කර ගත හැක. මෙම විකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ආයතනවලට පමණක් උපයෝගී කර ගත හැක. මෙම වැඩ පිළිවෙල රජයේ, බැංකු, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පුද්ගලික යන අංශ 4 සඳහාම ක්‍රියාත්මක කිරීම තුලින් දින දර්ශණයේ සෑම දිනක්ම සක්‍රීය වන අතර එමගින් ආර්ථිකයට ධනාත්මක බලපෑමක් බලාපොරොත්තු විය හැක. ඒ අනුව පහත දැක්වෙන ආර්ථික වාසි අත්විය හැකිබව විශ්වාස කල හැක. දෛනිකව පවතින මාර්ග තදබදය පාලනය කරගත හැකිවීම, දින 5 ක කාල සීමාව දින 7 දක්වා විස්තීර්ණය වන බැවිනි දෛනිකව මාර්ගයට එක්වන වාහන 25% - 30% ප්‍රමාණයකින් අඩුවීම්... සමාජ දුරස්ථභාවය කළමණාකරනය කරගත හැකිවීම.. දෙශීය සංචාරක කර්මාන්තය සෑම දිනකම ඒකාකාරීව ස්ක්‍රිය වීම. • දැනට පවතින ක්‍රමය අනුව දේශීය සංචාරකයින් සෙනසුරදා හා ඉරිදා දිනයන්හී පමණක් සංචාරයන්හී නිරත වීම...