IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


කෙහෙළිය රිෂාඩ්ව එපා කියයි

(වන්නි රොමේෂ් මධුෂංඛ)

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතුවීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (03) වව්නියාවේදී පැවති වන්නි දිස්ත්‍රීක්කයේ මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සෘජුවම සාකච්ඡා කිරීමේ වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,
‘ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීම සඳහා අපි 225 ටම ආරාධනා කරලා තියනවා ඒ නිසා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහාය දැක්වීම ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරයි. නමුත් අපේ පක්ෂයට එකතු කරගත යුතු නැහැ කියන තීරණේ මම ඉන්නවා. මොකද එතුමන් සම්බන්ධයෙන් මේ වන විට යම් කිසි ප්‍රශ්නයක් තියන නිසා...

එමෙන්ම යුද සමයේදී අතුරුදහන් වූවන් සමබන්ධයෙන් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියනවා මම අතුරුදහන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් හුඟක් අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට අවුරුදු 30 කට වැඩි කාලයක් යුද්ධයක් තිබුණු රටක මිනිස්සු තිස් හතළිස් දහසක් මැරුණු වාතාවරණයක අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපට තීරණයකට එන්න පුලුවන්... මොකද ඒ අය එක්කෝ මිය යන්න ඕන. නැත්නම් විදෙස්ගත වෙලා ඉන්න ඕනෑ.


උදාහරණයක් වශයෙන් යුද්ධය පවතින අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ප්‍රදේශයන්ට මැදිව යුද හමුදාවෙන් පිරිසක් ඔවුන්ගේ ප්‍රහාරවලින් මිය යනවා. නමුත් ඒ අයගේ මළ සිරුරු හෝ හමු නොවන අවස්ථා තියනවා ඒ අයත් අතුරුදහන් ලැයිස්තුවේ තමයි නම් කරන්නේ.. පැහැදිලිවම එල්.එල්.ආර්.සී. වාර්තාවේ යුද්ධය හේතුවෙන් 21,000 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉන් 5000ත් 6000ත් අතර ප්‍රමාණයක් යුද හමුදාවේ පිරිසක් ඉන්නවා අපි මෙහි සත්‍යතාවය වටහා ගත යුතුයි.. ‘‘ යනුවෙන් ප්‍රකාශ කළේය.


තවද මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්ධුල සේන යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (7)

කෙහෙළිය රිෂාඩ්ව එපා කියයි

nimal Saturday, 03 October 2020 04:45 PM

කෙහෙළියගේ මතය එහෙම උනාට පොහොට්ටුවේ මතය එහෙම නොවේ. පොහොට්ටු පක්ෂය ගොඩනැගුවේ කෙහෙළිය නොවේ. ජාතිවාදය 20 වන සංශෝදනයට සම්බන්ද කරගන්න අපි කැමති නැත.

:       0       1

විජිත් Saturday, 03 October 2020 04:56 PM

මටනම් ඔය දෙන්නවම කොහෙත්ම වටින්නේ නැහැ. ලංකාවේ දේශපාලකයින් සහ දේශපාලනඥයින් නැහැ.

:       0       1

lanka Saturday, 03 October 2020 05:22 PM

රිෂාඩ්ව ගත්තොත් පොහොට්ටුව මැලවිලාම යාවි. දැන්වත් රට වෙනුවෙන් හිතන්න.

:       1       0

Bamunuarachchi Sunday, 04 October 2020 12:15 AM

ඔබලා රිෂාඩ්ව සම්බන්ද කර ගත්තොත් සිංහල අපි ඔබලා ගෙන් අයින් වෙනවා.

:       2       0

C.K.ankaputhra Sunday, 04 October 2020 03:27 AM

හුහ් හුහ් හූ, අපි නොදන්න ලයිව්.

:       0       1

Bamunuarachchi Sunday, 04 October 2020 04:50 AM

රිෂාඩ් එපා එපා...

:       2       0

ferna Sunday, 04 October 2020 01:51 PM

වවුලන් සමග ලගින්නට වගේ ඉගියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 86 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 133 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 98 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 37 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 151 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site