IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


කොත්තමල්ලි ගැන නොදත් දේ දැනගන්න

ආයුර්වේද උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ, ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගෙනි.

පක්ෂිහු සිය පියාපත්හි උකුණන් ඉවත් කර  ගැනිමට  දුවිලි  නාගනිති.තුවාල ලත් සිවුපාවෝ එම තුවාල ලෙවකා   සුවපත්  කර  ගනිති.බල්ලන් සහ බළලුන් උදරාබාධ ඇති වු  කල්හි  තණකොළ කුප්පමේනියා ආදි  පැළෑටි  වර්ග බුදිති.රෝගි  වන මිනිසාට  ඉන් සුවවිමට  අවශ්‍ය  වන්නේ  ඖෂධය.ලොව පුරා  කෘත්‍රිම ඖෂධ වල පවතින අනිසි ප්‍රතිළුල පිළීබඳ කථිකාවක්  ගොඩනැගි  ඇකි  මෙවන්  යුගයක, ආයුර්වේද ඖෂධ වලට  හිමිි වන්නේ  නොසිදෙන විටිනාකමකි. දේශිය ඖෂධයන්හි නොසිදෙන වටිනාකම් ගැන මෙලෙස දිග හැරේ.

කොත්තමල්ලි

151005(1)

ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි ලොව පා  භාවිතයට  ගෙන ඇති බවට  කරුණු  අනාවරණය වී  ඇත්තේ  බුද්ධ වර්ෂ 5000 ක පෙර  අතීතයේ සිටය.

ආරම්භයේ දී  මැද පෙරදිග රටවලටත්, ඊජිප්තුවටත් පමණක්  ආවේණික වී  තිබු  කොත්තමල්ලි  වර්තමානය වන විට  ලොව පුරාම ප්‍රචලිත ශාක බවට පත්ව තිබේ.

ලොවපුරා සිදුකර  ඇති  පර්යේකෟෂයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ප්‍රතිජිවක ගුණයේ සිට  පිළිකා  නැසිමේ  ගුණය දක්වා  විශාල පරාසයකට  දිවෙන ගුණයක් කොත්තමල්ලි සතුවන බවයි.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම  ඇති  ඖෂධයක්  වන කොත්තමල්ලි  අමු ශාකය කොටා  ලබා ගන්නා  යුෂ සමේ  වියළි  බව දුරු කර  සම ප්‍රසන්න පෙනුමකින්  තබා  ගැනිමට  උපකාරි වේ.

කුරුලෑ  වලට  එරෙහිව ක්‍රියා  කිරිමේ  ගුණයක්ද කොත්තමල්ලි සතුවේ. කොත්තමල්ලි  කොළ ග්‍රෑම් 5 බැගින්  දිනපතා  දින හැටක කාලයක්  නොකඩවා  ගැනිමෙන්  ශරිරයේ  ඇති  කොලෙස්ටරෝල්  ප්‍රමාණය අවම කර  ගත හැකි  බව පර්යේක්ෂණයක්  මඟින්  තහවුරු  කර  තිබේ. එලෙස කොත්තමල්ලි ගැනිමෙන්  කොලෙස්ටරෝල්  රෝගින්ගේ  රුධිරයේ  අන්තර්ගත ලිපිඩ්පෙරොක්ෂිඩේස් නැමැති  රසායනය වැඩි වි  රතු සෛල ක්‍රියාකාරිත්වය හොඳන් සිදු වි  රෝගි  තත්ත්වය පාලනය කිරිමට  උපකාරි වේ.

කොලෙස්ටෙරොල් රෝගි  තත්ත්වයට  හේතුවෙන්  රුධිරයේ  නිර්මාණය වන ට්‍රයිගිසලයින් රසායනය අඩුකර  ශරිරයට  හිතකර  එච්.ඩී.එල්. වැඩිකර  ගැනිමට ද කොත්තමල්ලි  උපකාරි  වන බව වෛද්‍ය  විද්‍යාත්මකව පෙන්වා දි ඇති කරුණකි.

අක්මාවේ  පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි  ඉටු කිරිමට  උපකාරි වන කොත්තමල්ලි  මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි  සිදු කරයි.

කාන්තාවන්ට  මාස් ශුද්ධියේදී  රුධිර වහනය සිමාව ඉක්මවා   පිට වන අවස්ථාවේදි  එම තත්ත්වය පාලනය කිරිමට  කොත්තමල්ලි  ශාකය ආහාරයක්  ලෙස පිළියෙළ කර  (සම්බෝලයක්) ගැනිමෙන් සුවය ලැබේ.

වා ,පිත්, සේම් යන ත්‍රිදෝෂ සමනයටම ගුණදායක කොත්තමල්ලි  පිත ගැසිමේ විශේෂ ගුණයකින්  යුක්ත වන බව ද ආයුර්වේදයේ දි  පෙන්වා දේ.

වේදනාව සහිත ඉදිමුම්වලටත් , කුරුලෑවලටත් කොත්තමල්ලි කොළ අඹරා  ගැල්විමෙන්  සුවය ලැබෙන අතර  මේ සඳහා කොත්තමල්ලි  ඇට ද භාවිතා  කිරිම වරදක්  නැත.

ආහාර  දිරවිමේ  ක්‍රියාවලිය පහසු  කිරිමේ  ගුණයකින්  යුතු  කොත්තමල්ලි  ආහාරයට  ගැනිමෙන්  බඩගින්න ඇතිවේ. කුසගිනි  නොඑන විටත්, කෑම ආරුචිය ඇති විටත්  කොත්තමල්ලි කොළ  ආහාරයට ගැනිම ගුණදායකය.

ආහාර  නොදිරවන අවස්ථාවලදි  කොත්තමල්ලි  බැද හොඳින්  කුඩු කර  උණුසුම් ජලයට  දමා  පානය කිරිමෙන්  ගුණ ලැබේ.

බඩපුරවා  දැමිම, ඔක්කාර  ඇති විටත්, අර්ශස්  රෝගින්ටත්, පාණ්ඩු  රෝගයෙන් පෙළෙන්නන්ටත්,

වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින්  ගෙන සිනි  දමා  හෝ නොදමා  උදේ  සවස පානය කිරිමෙන් සුවය ලැබේ.

රත්පිත් රෝගයෙන් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් කොත්තමල්ලි කොළ නිතර  ආහාරයට  එක්කර  ගැනිම යහපත්ය.

ආයුර්වේද ග්‍රන්ථයන්හි  පෙන්වා  දෙන ගැනිමෙන්  ශුකාණූ හිනතාවක්  ඇතිවිය හැකි  බැවින්, දරුවන් සෑදිමේ වයසේ  සිටිනා  තරුණ පුරුෂ පාර්ශවය කොත්තමල්ලි අධිමාත්‍රාවෙන්  ගැනීම නොකළ යුතු බව සඳහන් කර  තිබේ.

නිතර  ඇතිවන හිසරදය පාලනයට  කොත්තමල්ලි  කොළ කොටා ලබා  ගන්නා  පල්පය ඉස්ම සමඟම නළලේ  සෘජුවම ආලේප කිරිම හෝ  රෙදි  කඩක තවරා  ආලේප කිරිම ගුණදායකය.

ශරිරයේ  විවිධ තැන්වල හට ගන්නා  වසප්පු  ගෙඩි  සුව විමෙන්  ඉක්මණින් සැරව පිටවි තුවාලය සුව විමටත්  කොත්තමල්ලි  කොටා  භාවිතය සුදුසුය.

මුඛ අභ්‍යන්තරයේ  තුවාල හටගෙන ඇති වට  හොඳින්  පිරිසිදු  කරගත්  කොත්තමල්ලි  කොළ කොටා ලබාගත්  යුෂ මුඛයේ  ටික වේලාවක්  තබාගෙන මුඛය පුරාවට  හොඳින්  අලේප වන පරිදි  කැළතිමෙන්  පසුව, ඉවත්  කළ යුතුය.මුඛ රෝග සමනයට  ආයුර්වේදයේ  මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

ඇතැම්  පුද්ගලයන්ට  නිතර  ඇතිවන කරකැවිල්ල, සිහි  මුර්ජා ,ගතිය, සේම අමතක වන තත්ත්වයේදි  එළ කිරිවලට  කොත්තමල්ලි  ඇට දමා  හොඳින් උණුකර  නිවෙන්නට හැර  පානය කිරිම ගුණදායකය.

151001(2)

අධි රුධිර  පිඩනයෙන්  පෙළෙන රෝගින්ට ද මෙය ගුණදායකය.

විවිධ විකෘති  කාම ආශාවන්ගෙන්  යුතු  කාම උන්මාදය රෝගි  තත්ත්වයෙන්  පෙළෙන ඇතැම්  රෝගින්ට  පවතින තත්ත්වය පාලනය කිරිමට  කොත්තමල්ලි  තැම්බු ජලය අධිමාත්‍රාවෙන්  දිමෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්  වී  රෝගි  තත්ත්වය පාලනය කෙරේ.

ආයුර්වේදයේ  පෙන්වා  දෙන පරිදි  මානසික ආතතිය පාලනය කිරිමට  තදිම ඖෂධයක් ලෙස කොත්තමල්ලි  ගත හැකිය.

සමේ  ඇතිවන ශ්‍රාවය පිට වන තුවාල, කුෂ්ඨවල දි  කළුදුරු, සුදුරු ,කොත්තමල්ලි සම ප්‍රමාණයෙන්  ගෙන තම්බා  සේදිම හෝ බිමද ගුණදායකය.

අම්ලපිත්ත රෝගයෙන්  පෙළෙන රෝගින්ට  කොත්තමල්ලි  ඇට රෑට  තම්බා  නිවෙන්නට  හැර  උදෑසන සිසිල් කොත්තමල්ලි  වතුර  හිස්බඩ  පානය කිරිම ගුණදායකය.

ගර්භනි  කාන්තාවන්ට  මුල්  මාස කිහිපය තුළදි ඇති වන වමනයට  කොත්තමල්ලි  කුඩ  කර  සිනි  දමා  උණූසුම් ජලයට  මිශ්‍ර කර  පානය කිරිමෙන්  වමනය පාලනය කරගත හැකි බව අප පැරණියන් ප්‍රත්‍යක්ෂව තහවුරු  කර  තිබේ.

මැග්නිසියම්, පොටෑසියම් සහ කෙඳි බහුලව අන්තර්ගත කොත්තමල්ලි  ප්‍රතිශක්තිකරණය ගුණයෙන් යුක්තය.

ශ්‍රික ජාතිකයන්  සොයා  තිබෙන කරුණුවලට  අනුව කොත්තමල්ලි  වාෂ්පිකරණ ගුණයෙන්  යුතුය. එම නිසාම කොත්තමල්ලි  ලිංගික ශක්තිය වැඩිකර ගැනිම සඳහා  භාවිතා  කරයි.

දියවැඩියාව රෝගින්ට ද කොත්තමල්ලි  ගැනිමෙන්  රුධිරයේ  ඇති  ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය උත්තේජනය කර  රෝගය පාලනය කිරිමට  උපකාර  වේ.

දෙවැනි  කාණ්ඩයේ  දියවැඩියා  රෝගයෙන්  පෙළෙන්නන්ට  ද කොත්තමල්ලි  ගුණදායකය.

රූප ස්වභාවය වර්ධනය කර  ගැනිමටත්, සමේ  තෙතමනය ආරක්ෂා  කර  ගැනිමටත්  කොත්තමල්ලි  කොළ සුළු ප්‍රමාණයක්  දෛයිනිකව ආහාරයට  එක කර  ගත හැක. ඊට  අමතරව කොත්තමල්ලි  කෙනාළ කොටා යුෂ ගැල්විම  ද සමේ  ආරක්ෂාව යහපත්  බව ආයුර්වේදයේදී  පෙන්වා  දේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

151005

 

 



අදහස් (2)

කොත්තමල්ලි ගැන නොදත් දේ දැනගන්න

දිනුෂ Tuesday, 06 October 2015 09:55 AM

හොඳ ලිපියක් (බ)

:       0       6

ශ්‍යාමලී පෙරේරා Wednesday, 11 August 2021 11:58 AM

කොත්තමල්ලි දිනපතා බීම හොඳද නරකද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී
2024 නොවැම්බර් මස 22 213 0

එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


IMF තුන්වන සමාලෝචන සාකච්ඡාව සාර්ථකයි
2024 නොවැම්බර් මස 22 359 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ජනාධිපති ලේකම්- ජපාන තානාපති අතර හමුවක්
2024 නොවැම්බර් මස 22 313 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වි


කොස්ලන්දෙන් හිස නැති මළසිරුරක් හමුවෙයි
2024 නොවැම්බර් මස 22 422 0

කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .


අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි
2024 නොවැම්බර් මස 22 1138 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ


උසාවි නියෝගයෙන් අධිවේගී රක්ෂිතයේ නිදන් වස්තු සොයයි
2024 නොවැම්බර් මස 22 1753 0

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 473 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site