කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ.
මෙම එන්නත නිපදවූ ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) සමාගම් පවසන්නේ එන්නත මගින් 90%ට වැඩි පිරිසකට කොවිඩ්-19 වලක්වාගත හැකි බව මූලික විශ්ලේෂණයකින් හෙළිවී ඇති බවයි.
"අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ඨ දවසක්, අපගේ කොවිඩ් එන්නතේ තුන්වන අදියරේ අත්හදා බැලීම් මගින් කොරෝනා වැළැක්වීමට එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයයි." යනුවෙන් ෆයිසර් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝලා පැවසීය.
මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත වේ. එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔවුහු පවසති.
මේ වනවිට එන්නත ලෝකයේ රටවල් 06 ක පුද්ගලයින් 43,538 ක් සඳහා පරීක්ෂා කර තිබේ.
එහිදී කිසිදු ආරක්ෂිත ගැටලුවක් මතු නොවූ බව ඔවුහු පවසති.
නොවැම්බර් මස අවසානය වනවිට එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලීමට සමාගම් සැලසුම් කර තිබේ.
බීබීසී ඇසුරිණි
085
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන ද
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රි
ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක්
sharm warn Tuesday, 10 November 2020 03:21 AM
ලොක්කන්ට ගහපු එකද?
Anura Tuesday, 10 November 2020 03:44 AM
මේ එන්නත සෙල්සියස් -70 ක් උෂ්ණත්වයක ගබඩා කරන්න ඕනෙලු... ඒක නිසා මෙය ප්‍රවාහනයේදී සහ භාවිතයේදී ලොකු ගැටළුවක් මතුවෙනවා. එනිසා ඒ ප්‍රශ්නෙට දැන්මම ලෑස්තිවෙලා හිටියොත් හොදයි...
kamalaTuesday, 10 November 2020 05:29 AM
ඔවට ඔන තරම් කර්මාන්ත ඩීප් ෆ්රීසර්ස් තියෙනවා.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 10 November 2020 03:46 AM
මෙය පවිත්‍රා නෝනා කිව්වේ එන්නත නොවෙයි වගේ පේන්නේ. කොහොම වුණත් මේ වැනි එන්නතක් සෑදීම ගැන සිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. එහෙත් මේ රටේ ජනතාවට මේවා රජයෙන් ගෙන බෙදා හරිනවා නම් තමයි වඩා හොඳ. ඒ බෙදා හැරීමත් නොමිලේ විය යුතුයි. මන්දයත්.. කොරෝනා වලට කෝටිගනන් අපිට පිටරට ආධාර ලැබුණ නිසාය.
වරුණ ලොකුහෙට්ටි Tuesday, 10 November 2020 04:55 AM
ඒ වුණාට ලංකාවට එන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත නේද?
MO77 Tuesday, 10 November 2020 05:42 AM
මෙ එන්නත පළමුව භාවිතා කරන්නේ සංවර්ධිත රටවලයි. 3වැනි ලෝකයේ රටවලට එන්න ගොඩක් කල් යයි.
විපරමා Tuesday, 10 November 2020 08:11 AM
අපේ රටේ ඉන්න දේශපාලකයන්ට නම් අවුලක් වෙන එකක් නැහැ .