(කේ එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් එක් පී.සී.ආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි.ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අංශ මඟින් සලසා ඇති බව ද හෙතෙම කියයි.
පී.සී ආර් පරීක්ෂණවලට ලක් නොවන ධීවර කාර්මිකයින් ධීවර වරායන් තුළට ඇතුළු වීම නුසුදුසු බවට තමන් නිර්දේශ කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි. එම පරීක්ෂණ කර ගැනීමට නොහැකි වූ ධීවර කාර්මිකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ කරගැනීමට ගාල්ල ධීවර වරාය තුළ නිත්‍ය සෞඛ්‍ය කණ්ඩායමක් දින පහක කාලයක් රඳවා තැබීමට කටයුතු කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වීමේදී ධීවර ප්‍රජාව සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඇතැම් ධීවරයන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි. ඉදිරියේ දී ධීවර සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ධීවර කාර්මිකයින්ගේ තොරතුරු ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක්නොවු ධීවර කාර්මිකයින් සඳහා එම පරීක්ෂණ කරන බව ද හෙතෙම පවසයි.
මේ වන විට ගාල්ල, රත්ගම, වැල්ල, දොඩන්දූව, ඡාකොටුවැල්ල, හික්කඩුව යන ස්ථාන වල ධීවර ප්‍රජාවගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන ද
පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රි
ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි