IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ගොනාකෝවිලේ ’රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඉන්දිකා රාමනායක) 

පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර  ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 37 - 21  තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත  රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා ‘‘ නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඇතුලු කල්ලියක් ඉකුත් 29 වැනිදා රත්මලානේ හෝටලයකින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා එය ලබා නොදීම නිසා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමෙන් පසු එය මෙහෙය වූ ප‍්‍රධාන සැකකරු බව කියන ගොනාකෝවිලේ රාජා නැමැත්තා දිවුලපිටිය ප‍්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද අලූයම බල්ලපාන මරදගහමුල මාර්ගයේ පාලු නිවසක් වටලා ඇත.

මෙම මාර්ගයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට මෙම පාලු නිවස පිහිටා ඇති අතර පොලිසිය මෙම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී පොලිසියට වෙඩි තබමින් සැකකරු පලා යාමට උත්සාහ කළ බව පොලිසිය පැවසීය.

මේ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුනු සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු පොලිසියට වෙඩි තබා ඇත්තේ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පාතාල කල්ලි නායකයාගේ මරණයට හේතුව ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය පරීකෂණයක් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාගේ මෙයෙවීම යටතේ මිනුවන්ගොඩ පොලිසිය , පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්න්ධය පරීක්ෂණ පත්වන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු සැඟවී සිටි නිවස 

(ඡායාරූප - ටෝනි කරුණානායක)

 

 

 

 



අදහස් (25)

ගොනාකෝවිලේ ’රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට

රවින් Sunday, 07 June 2020 02:49 AM

වැඩේ ගොඩින්ම බේරිලා. එකම ප්‍රතිකර්මය...

:       0       319

senaSunday, 07 June 2020 05:49 AM

එක අපරාධ කාරයෙක් සමාජයෙන් ඉවත්වීම හොඳදෙයක් වගේ පෙනුණාට මෙවැනි සිදුවීම් දිගින්දිගට සිද්දවීම හොඳ නැහැ.. පහුගිය කාලේ සඟවපු ආයුධ හොයන්න ගිහින් මියගිය අයගෙන් කොටසක් ඇත්තටම අපරාධ කාරයින් නෙවෙයි. කප්පම් ගන්න බ්ලැක් මේල් කරපු අහිසකයන් කියලා කතාවක් තියෙනවා.

:       660       209

රවින්Sunday, 07 June 2020 08:23 AM

සේන , වරදවා වටහාගෙන වගේ. මෙම පුද්ගලයා එක දරුණු ගණයේ අපරාදයක් පමණක් කල පුද්ගලයකු නොවන බව ඔහුට ඇති වරන්තු ගණනින් මනාවට පෙන්නුම්කරනවා. තව විදියකින් කිවොත් ශිෂ්ඨ සමාජ පිළිලයක්. නඩු දාලා දඬුවම් කරලා හිරේ යවලා නවතන්න පුළුවන් කට්ටිය නොවේ. මොවුන්ගේ පිටපස්සේ නීති විශාරදයෝ වැහි වැහලා. ඒ අපරාද කරුවාගේ ආදරයට නොවේ. හුදක් තමන්ගේ සුඛවිහරණය සඳහාම පමණි.

:       0       42

ERANTHA Sunday, 07 June 2020 02:50 AM

මෙවැනි අපරාධකාරයින්ට දිය යුතු හොඳම දඬුවම මෙයයි. දැන් ඉතින් මානව හිමිකම් කාක්කන් එයි රෙදි උස්සගෙන...

:       20       481

Lal Sunday, 07 June 2020 03:02 AM

සිදුවිය යුතුදේ සුදුසු ලෙස ක්‍රියාත්මක වීම ගැන සතුටුයි.

:       6       460

Thilina Sunday, 07 June 2020 03:34 AM

හෙට මාධ්‍ය හමුවක් තියලා මේ මැරුණු මිනිහා වෙනුවෙන් යුක්තිය ඉල්ලුවොත් පුදුම වෙන්න එපා.. එහෙම රටක් මේක.. මේ වගේ තිරිසනුන් මහමග මිනිස්සුන්ට වෙඩි තියනකොට කප්පම් ගන්න කොට මත්ද්‍රව්‍ය ජාවාරම කරනකොට අයිතිවාසිකම් නැති වුනේ රටේ සාමාන්‍ය ජනතාවගේ.. හිරේ ගිහින් ආපහු මාස 6න් එළියට ඇවිත් සුපුරුදු ජාවාරම් කළා. මේ වගේ පිළිල අතුගා දමන්න තමයි අපි රටේ ජනාධිපති පත් කලේ.. මේ වගේ පාතාලයින්ට සම්බන්ධ එකෙක් ඇරෙන්න රටේ අති බහුතරයක් මේ ක්‍රියාදාමය අනුමත කරනවා.. නැතුව මේ රට හදනවා බොරු..

:       2       654

NASA Sunday, 07 June 2020 03:43 AM

අන්න නියම මෙහෙයුම්... ජය වේවා ..!!!. දැන් ගොනාගේ ගොන් වැඩ ඉවරයි..

:       21       331

Chutta Sunday, 07 June 2020 03:46 AM

රාජා අයියා... ඔබ අමරණීයයි.

:       287       2

Chutta ge MalliSunday, 07 June 2020 05:21 AM

නැතුව... නැතුව... අපායේ අමරණීයව ඉන්න වෙනවා... කරලා තියෙන අපරාධ වල හැටියට..

:       0       276

සේනක Sunday, 07 June 2020 09:04 AM

රාජට කඩෙි යන්නේ, ඒ වගේම පාතාලයේ කාළකණ්ණී තමයි. ඔබටත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි. සියලුම අපරාධකරුවන් මේ සමාජයෙන් තුරන් කල යුතුයි. ඒක අපේ රටට සාපයක් වගේම සමාජයට පිළිලයක්...

:       0       134

සේන Sunday, 07 June 2020 03:59 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. රටකට පාතාලයක් අවශ්‍යම නැත. එය කෙසේ හෝ අවසන් විය යුතුය. නඩු දැමීමෙන්ද කිසිදු ඵලක් නැත.. ඉන් ඵල නෙලන්නේ නීතීඥයින් පමණි..

:       0       254

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 04:10 AM

මේ සිදුකළ ජාතික මෙහෙවර ට සියළුම පොලිස් නිලධාරීන්ට ජාතියේ උපහාරය...!!!.. ඉතිරි අයගෙත් අලගිය, මුලගිය, වැලගිය තැන් සොයා මේ උවදුරෙන් රට බේරාගැනීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

:       2       657

Janith Sunday, 07 June 2020 04:18 AM

යහපාලුවන් කාලයේ නම් මේ වගේ පාතාල මර්ධනයක් කරන්නේ නැහැ...

:       590       1003

priyantha Sunday, 07 June 2020 04:40 AM

අවි ගත්තෝ අවියෙන් නැසෙති... සුබ පණිවිඩයක්...

:       0       102

Nihal Sunday, 07 June 2020 06:42 AM

අවිගත්තෝ කලාතුරෙකින් අවියෙන් නැසෙති...

:       86       31

යහමග Sunday, 07 June 2020 05:16 AM

මහජන මුදල් වලින් පින්බත් දෙන ආණ්ඩුවේ බෝඩිමට යවන්නේ නැතිව මේ විදියට අවසන් වනවානම් කොතරම් හොඳයිද..?

:       0       127

Prasad Sunday, 07 June 2020 05:44 AM

මෙලෙසම ගම්පහ දිසාවේ පාතාලය සුන්කර පෙන්වන්න. ඔට්ටුයි බැහැ. ඔක්කොම ගෝඩ් ෆාදර්ලා පොහොට්ටු ලැයිස්තුවේ...

:       267       210

Game Kolla Sunday, 07 June 2020 05:50 AM

බැරිම තැන... ගෝඨා වැඩ පටන් අරන්...

:       26       153

මුණසිංහ Sunday, 07 June 2020 06:56 AM

ඉහත කමෙන්ට්ස් වලින් පෙන්වනවා ජනතාවගේ අභිලාෂය... අවි ගත්තානම් අවියෙන්ම නසිනු අැති...

:       1       104

Bandu Sunday, 07 June 2020 07:32 AM

දිනපතා මෙවැනි සුබ පණිවිඩ අසන්නට ලැබේවා...!!! මෙවැනි අඳබාල මිනිසුන් සිරගෙදර දමා පෝෂණය කිරීමට අපට අවශ්‍ය නැත.

:       0       115

Roshan Sunday, 07 June 2020 09:52 AM

හොඳයි... වෙන්න ඕන දේ ඒ අයුරින් සිදුවෙනවා..

:       0       79

thilak Sunday, 07 June 2020 10:37 AM

රටින් පිට සිට අපරාධ මෙහෙයවන අයට උණ ගැනෙන්ට, ලංකාවේ ඉන්න අයගේ ගෝලයින්ට මේ වගේ වැඩක් දුන්නා නම්, රටේ අපරාධ 80%ක් අඩකර ගත හැකිය.

:       0       102

isuru Sunday, 07 June 2020 11:16 AM

මේවගේ පාතාලය විනාශ කරන්න හමුදාපතිතුමාට රට බාර දෙන්න ...

:       0       12

kamal Sunday, 07 June 2020 11:17 AM

හමුදාවට රට බාර දෙන්න... පාතාලය නැති කරන්න.

:       0       59

de silva Tuesday, 09 June 2020 06:39 AM

මේ ගොනාකෝවිල කියන පැත්තේ ඉන්නේ මහ ගොන්හරක් බව ලැබෙන ප්‍රවෘත්ති වලින් පෙනෙනවා.. මේක තිබෙන්නේ කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්
2025 අප්‍රේල් මස 02 265 0

පසුගිය රජය සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව පැවරීමෙන් රුපියල් කෝටි


සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස්
2025 අප්‍රේල් මස 02 233 0

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අගමැති අතිරේක ලේකම් පත් කරයි
2025 අප්‍රේල් මස 02 455 0

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බටලන්ද විවාදය ලබන 10වැනිදා
2025 අප්‍රේල් මස 02 115 0

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය


බැක්ටීරියා ප්‍රතිකාර බේතක ලංසුව පිරිනමයි
2025 අප්‍රේල් මස 02 212 0

කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු
2025 අප්‍රේල් මස 02 512 0

උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 227 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 801 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site