පැරණි දැනුමැතියෝ විශ්වය එකම කලාගාරයක් ලෙස දුටහ. ඔවුහු කලා ශිල්ප, විද්‍යා, දර්ශන ශාස්ත්‍ර යනු කී හෙයින් විශ්වය කොටස් පහකට බෙදූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග මෙරටට ලැබුණේ බුදුදහම සසුන මතු නොව නව කාර්මික තාක්ෂණික ශිල්ප ඤාණයකි.
මහා මංගල සූත්‍රයේ එන බාහු සච්චංච සිප්පංච ගාථාවෙන් කියැවෙන පරිදි බොහෝ ශිල්ප ශාස්ත්‍ර උගෙනීම මංගල කරුණකි.
වර්තමානයේ විශේෂයෙන් දකුණු ආසියාතික සහයෝගිතා කලාපයම අස්පර්ශනීය සංස්කෘතික උරුමය නැවත විමසමින් සිටී. අපරදිග ලෝකයද මේ පිළිබඳ දැඩි උනන්දුවක ක්‍රියා කරයි. පසුගිය ව්‍යසනකාරී මාස කීපය තුළ අප රටේ නව නිපැයුම් කොපමණ බිහිවූවා දැයි කල්පනා කිරීම වටී. සෙනරත් පරණවිතාන, ආනන්ද කුමාරස්වාමි, බ්‍රෝහියර් ඇතුළු බොහෝ උගතුන් මේ ගැන ලියා ඇත්තාහ. ශිරාන් දැරණියගල ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසාගේ ජීවිතය සොයා යද්දී බොහෝ කරුණු එළිදරව් කළේය. ශ්‍රී ලාංකේය සාම්ප්‍රාදායික තාක්ෂණය සහ වෘත්තීය භාවිතය නමින් ඉන්ද්‍රකීර්ති සිරිවීර රචනා කළ කෘතියේ ලෝහ තාක්ෂණය, වාරි කළමනාකරණය, කෘෂිකර්මය, සත්ත්ව පාලනය, මිරිදිය ධීවර කර්මාන්තය, සමුද්‍ර සම්පත් උපයෝජනය දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කරුණු අනාවරනය කෙරේ.
තාක්ෂණය සම්බන්ධ රාවණා රජුගේ පුරාණෝක්ති විමසමින් තිබෙන කාලයකි මේ. සිරිවීර මෙසේ පවසයි.
අහස් කුස සිඹින දාගැබ්, සිත් දැහැන්ගත කරවන ප්‍රතිමා, සයුරු සමාන වැව් සහ සීගිරිය වැනි මනහර නගර ප්‍රතිබිම්බනය කරන්නේ ඒකරාශී වූ අතීත ක්‍රමයයි. එම ශ්‍රමය සංවිධානය කළේ රජුන් ප්‍රමුඛ ප්‍රභූ පැලැන්තිය හෙයින් ඔවුන්ගේ කාර්ය සංසිද්ධීන්ගෙන් ඉතිහාසයේ පිටු පිරී ඇත. එහෙත් මෙහි ඇත්තේ අතීතයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලාංකේය ගැමි ජනතාවගේ තාක්ෂණික දායකත්වය සහ වෘත්තීය කාර්ය සංසිද්ධිය කැටිකොට දැක්වීමකි. එය ජනතා ඉතිහාසයක් ගොඩ නැගීමට දැරූ ප්‍රයත්නයකි. පරිසරය ආරක්ෂා කර ගනිමින් ස්වභාවික සම්පත් භාවිත කළ ශිල්පීන් ගොවීන් සහ වෙදැදුරන් සාමුහිකත්වය අගය කළ ආකාරයත් සරල අවශ්‍යතා සපුරා ගත් ආකාරයත් හැදෑරීමට අත්වැලක් සැපයීම වැදගත්ය.
මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ බොහෝ ශාස්ත්‍රීය විචාර කෘතිවල මේ විෂයන් කතාකොට ඇත. අනගාරික ධර්මපාල ජීවිතය හදාරද්දී රාජගිරියේ ශිල්ප කර්මාන්ත විද්‍යා ඉගෙනීමට දැරූ වෙහෙස කොතරම්දැයි අපට පෙනේ. ශිල්ප කර්මාන්ත විද්‍යා ගැන කල්පනා නොකරන ජාතිය දුගී වෙතැයි ඔහු පැවසීය. මුනිදාස කුමාරතුංග පවසා සිටියේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගින බවකි. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපනික පුනරුදය තුළ මේ විෂයයන් ක්‍රියාවට නැංවිය.
කොළඹ මරදානේ බ්‍රිතාන්‍ය යුගයේ පිහිටුවන ලද කාර්මික විද්‍යාලය, රත්මලානේ, ජර්මානු කාර්මික පුහුණු ආයතනය, ගල්ගමුවේ වාරිමාර්ග කාර්මික පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකාර්මික පුහුණු මධ්‍යස්ථානය, වෘත්තීය පුහුණු අධිකාරිය, ආධුනිකත්ව මණ්ඩලය ආදිය ගැන කරුණු ඇතුළත් වකුල ගුණපාල ලියූ අපේ අධ්‍යාපනය එදා අද සහ හෙට කෘතියේ ඇතුළත් තොරතුරු අපට කිසියම් මගක් පෙන්වයි.
රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් වලානේ සිද්ධත්ථ නාහිමියන් වෙතින් උගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා රත්මලානේ ධර්මාරාම හිමියන් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවා විවිධ ශිල්ප ශාස්ත්‍ර දියුණු කිරීමට මග පෑදු බව අපි දනිමු. ඒ 1873 හා 1875 වසරවලදීය. 1959දී වැලිවිටියේ සෝරත හිමියෝ විද්‍යෝදය විශ්ව විද්‍යාලය පිහිටුවමින් විද්‍යාවත්, වාණිජ විද්‍යා හා කළමනාකරණයත් ඉගෙනීමට ක්‍රියා කළහ. තත් විද්‍යෝදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තවත් ඉදිරි ගමනකට යන පියවරක් තබයි. හෝමාගම, පිටිපන ඉදිකළ තාක්ෂණික විද්‍යාපීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමිනි. ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගොඩනැගිලි විවෘත කරයි. එනම් 2020 ජූනි මස 8 වැනිදාය.
ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ වරින්වර විවිධ රජයයන් යටතේ නොයෙක් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලද්දෝ වෙති. පැරණි යුගයේ අපොස (සා.පෙළ) කළ අපෙන් පසුව 70 දශකයේ ප්‍රාග් වෘත්තිය විෂය ධාරාව අද්‍යාපන ක්ෂේත්‍රයට එක්කරන ලදී. නැවතත් එම විෂය ධාරා වෙනස් විය. මෑත යුගයේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා වෘත්තිය නිපුණතා අංශය භාරව ක්‍රියා කරන විට බන්ධුල ගුණවර්ධන අද්‍යාපන ඇමැතිවරයා වූ අතර එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තාක්ෂණික විෂය ධාරාව පාසල් අධ්‍යාපනයට එක් කළේය. 2013 වසරේ මහාචාර්ය සුදන්ත ලියනගේ වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා එවක ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර සමග අ.පො.ස. (උ.පෙළ) සඳහා තාක්ෂණ විෂය එක් කළහ. තාක්ෂණවේදය සඳහා විද්‍යාව පිළිබඳව විෂය ධාරාවේ එකල නිර්දේශ පත්‍ර සැකැසීමේ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාය.
මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න උප කුලපති පදවිය දරූ සමයේ මහත් වෙහෙසක් දරා තාක්ෂණ විෂය සඳහා නව පීඨයක් සැදීමට සැලසුම් කළේය. 2013 වසරේ මහින්ද රාජපක්ෂ ජනපති සමයේ අයවැයෙන් පීඨ දෙකකට මුදල් වෙන්විණි. හයිලෙවල් පාරේ කුලියට ගත් ගොඩනැගිල්ලක තාක්ෂණ විද්‍යා පීඨය ආරම්භ විය. ප්‍රථම පීඨාධිපති බවට පත්වූ විශාල වැඩ කොටසක් නිමකළේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ මහාචාර්ය පී.බී. මණ්ඩාවලය. ව්‍යාපාරික විද්‍යා තාක්ෂණ විෂයයන් සමග ඉතිහාසය. පුරාවිද්‍යාව, මානව විද්‍යාව වැනි විෂයයන්ද එම ශිෂ්‍යයන්ට උගැන්වීම පටන් ගත්තේය. අ.පො.ස. උ.පෙළ සමත් ඉහළ ලකුණු ගත් ශිෂ්‍යයන්ට පාසල්වල තාක්ෂණ විෂය හැදෑරුවන්ට එම පීඨයට ඇතුළුවීමේ වරම් හිමිව තිබේ.
මහාචාර්ය සම්පත් අරමතුංග, උප කුලපති ලෙස කටයුතු කළ අවධියේ මහත් පරිශ්‍රමයකින් හෝමාගම පිටිපන ඉඩමක නව තාක්ෂණ විද්‍යා පීඨය සෑදීමට මුල්ගල තබන ලද්දේ 2017 වසරේදීය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කුලපතීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. එවක උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඊට සහභාගි වූහ. වැඩි දෙනාගේ ඉල්ලීම මත එවක ව්‍යාවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ තාක්ෂණ විද්‍යා පීඨාධිපති බවට පත්වූයේ බලාපොරොත්තු රැසක් ඇතිවය. එම ප්‍රාර්ථනා අද දින මුදුන් පැමිණ තිබේ.
සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ එම ගොඩනැගිලි සංකීර්ණය අද (ජුනි මස 8 වැනිදා) විවෘත කිරීම යෙදී ඇත. දැනට ශිෂ්‍යයන් 325ක් ඉගෙන ගන්නා තත් පීඨයේ නවක විෂයයන් 400කට වසරක් පාසා එම අවස්ථාව උදාවෙයි. ශිෂ්‍යයන් 1600කට ඉගෙනීමේ පහසුකම් ඇති අතර ශිෂ්‍යයන් 1000කට නේවාසිකව පහසුකම් සලසා ගත හැකිය. ශිෂ්‍යයන් 625කට ඉඩ කඩ ඇති ශ්‍රවණාගාරයක්ද, කර්මාන්ත ශාලාවක්ද ඇතුළු ගොඩනැගිලි 5ක් ඉදිකර තිබේ. අධ්‍යනාංශ 5කින් සමන්විත මෙම තාක්ෂණ විද්‍යා පීඨයේ පර්යේෂණාගාර ඇතුළුව ආචාර්යවරුන් සියලු දෙනා එකම ගොඩනැගිල්ලක ක්‍රියා කරන ලෙස ඉඩකඩ අවස්ථා සකසා තිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි. විශ්වවිද්‍යාලයේ කුලපතීන් වහන්සේ වන ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලෝක කෝට්ටේ කල්‍යාණි සාම ග්‍රී සංඝ සභාවේ මහානායක හිමියන් ද අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු මේ ප්‍රතිඵලදායි අවස්ථාවට සහභාගි වෙති.
රටේ අනාගත සංවර්ධනයට මේ ක්‍රියාදාමය ප්‍රයෝජනවත් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කලාසූරී,
ආචාර්ය - ප්‍රණීත් අභයසුන්දර
(ඡායාරූප - ඉෂාන් සංජීව)
සබැඳී - ජ’පුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය විවෘත කෙරේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජ’පුරේ තාක්ෂණික විද්‍යා පීඨය අද විවෘත කෙරෙයි
siri Monday, 08 June 2020 09:40 AM
ඔය වැඩේ පටන් ගත්ත අයට ආරාධනා නැතුව ඇති මගේ හිතේ. රූපවාහිනි නාලිකා වලනම් නමක් වත් කියන එකක් නැහැ. අපි ඉතින් ඒ වගේ ජාතියක්නේ. අවුලක් නැහැ..
senaMonday, 08 June 2020 12:29 PM
කියලා වැඩක් නැහැ.. පුදුමාකාර කුහකකමක් පෙන්නුම් කරන්නේ. මුළු ආටිකල් එකේම මෙම විද්‍යා පීඨය හෝමාගම ඊ ටී නගර සැලැස්මේ කොටසක් කියලා නිකමටවත් කියලා නැහැ. අනික කියන්නත් බැහැ මොකද ඕකට පුළුවන් තරම් වල කපපු උදවියනේ ලස්සනට රෙදිත් ඇදගෙන ඇවිත් විවෘත කරන්නේ...
wedage Monday, 08 June 2020 09:47 AM
මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මේ කරන සද්ක්‍රියාවන්ට අපගේ නමස්කාරය මෙයින් පුදකරමු
sathyaya Monday, 08 June 2020 09:56 AM
චම්පිකගේ තවත් වැඩක්...
nadeeka Monday, 08 June 2020 10:34 AM
දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ට මේක හොඳ දෙයක් තාක්ෂණය ඉගෙන ගන්න. සල්ලි තියෙන දෙමව්පියන් ඉගෙන ගන්න බැරිවුණත් ලක්ෂ 27, 30 වගේ දීලා පුද්ගලික කඩවලට දාලා (පිටිපන) උපාධි අරන් දෙනවා.. ඒ වගේ ළමයි ඔක්කොම පාස් කරනවනේ.. වැඩ බැරි වුණත් උපාධිය දෙනවා.
anuranga Monday, 08 June 2020 10:48 AM
අධ්‍යාපන ඇමැතිවරයා...
සෑම් Monday, 08 June 2020 11:35 AM
අනුන් හදපුවා විවෘත කරනවා. මෙය සැදීමට නායකත්වය දුන් චම්පික රණවක මැතිතුමාට ජය...
hiraMonday, 08 June 2020 12:35 PM
වැඩනිමවූ පසු පවතින ආණ්ඩුවෙන් තමයි විවෘත කරන්නේ... මහින්ද පටන් ගත්ත කොච්චර දේවල් යහපාලනයෙන් විවෘත කලාද? මෙතන කවුරු විවුර්ත කළත් මේවා ඔක්කොම මහජනතාවගේ බදු මුදල්.
රොමේෂ් Monday, 08 June 2020 11:54 AM
මෙයාලා හැදුවේ සමරු ඵළකේ විතරයි මම හිතන්නේ එයාලගේ නම් ගම් දාලා...
kamal Tuesday, 09 June 2020 04:32 AM
අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සදහන් නොවීම කණගාටුවට කරුනකේ. ඕකට මුදලේ හොයල මුල්ගල් තිබ්බේ අපේ ආණ්ඩුවනේ.
Hemantha Tuesday, 09 June 2020 05:43 AM
මහින්ද මහත්තයා නම් මාර වැඩ කාරයෙක්, බලන්න ඇවිල්ලා මාස පහට මෙච්චර ලොකු ගොඩනැගිලි හදලා ජනතා අයිතියට පත් කළානේ...
Ananda Wanasinghe Tuesday, 09 June 2020 06:19 AM
අද අපේ රටට අත්‍යවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබාදීමට තවත් මෙවැනි තාක්ෂණික විශ්ව විද්‍යාල සෑදීමට රජයට අදහස් පහල වේවා. අනාගත ලෝකය ජය ගැනීමට තාක්ෂණය ඉතා වැදගත්. කෙසේ්නමුත් මෙය ඉදිකිරීමට මූලික කටයුතු කරත්දී එයට විරුද්ධව පිකටින් මෙහෙයවූ අය මෙය විවෘත කිරීමම දෛවයේ සරදමක් සේ පෙනේ. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට මූලික වූ හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ නමවත් සඳහන් නොකිරීම ගැන අපගේ බලවත් අප්‍රසාදය පලකරමු..
Ananda Wanasighe Tuesday, 09 June 2020 06:34 AM
රටට ඉතා වැදගත් මෙම තාක්ෂණික විද්‍යාලය ඉදිකිරීම ගැන අපගේ ස්තුතිය මෙයට අතහිත දුන් සියලු දෙනාට... මෙය ඉදිකිරීමට පටන්ගත්දා සිට අකුල් හෙලූ පිකටින් කළ අයම විවෘත කිරීම දෛවයේ සරදමකි. කෙසේවෙතත් මෙය ඉදිකිරීමට ඉතා වැඩි වෙහෙසක් ගත් හිටපු බස්නාහිර හා මහනගර නිර්මාණ ඇමති පාඨලී චමිපික රණවක මහතාගේ නමවත් සඳහන් නොකිරීම ඉතා තරයේ හෙලා දකිමු.