කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකට පාසලේ දී බලහත්කාරකමක් කළැයි චෝදනා එල්ලවී සිටි තුසිත තිලිණ මාලෙගොඩ නම් ගුරුවරයකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් හා අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ලබා දුන් තීන්දුව අද (18) ප්‍රතිශෝධනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා එම ගුරුවරයා වැරදිකරු කළේය.
ගුරුවරයාට එරෙහිව දඬුවම් පැමිණවීමට එම තීන්දුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
පසුගිය ආණ්ඩු කාලයේ මෙම ගුරුවරියගේ සිදුවීම දැඩි කතාබහට ලක් විය. තමාට සිදුවූ කරදර ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් සාධාරණයක් නොවුන තැන එය මාධ්‍යයට ලබා දීමෙන් පසු අගතියට පත් ගුරුවරියගේ වැඩ තහනම් කැරිණි.
ඊට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙතත්සමක් ගොනු කළාය. එහි අතුරු නියෝගයක් අනුව ගුරුවරියට යළි රැකියාව ලැබුණ ද අමාත්‍යංශය ඇගේ වැටුව් වර්ධක කිහිපයක් අත්හිටුවීය.
නීතීඥ සාලිය පීරිස් මහතා සහ උපුල් කුමාරප්පෙරුම මහතා ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා
රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
තිලිණ ගමගේගේ තීන්දුව ආපස්සට
රිචි බාලසුරිය Friday, 18 March 2016 09:39 AM
හිටපු රජය උදව් කළේ ස්ත්‍රී දුෂකයන්ට කුඩු කාරයනට නිසා සැකයක් නෙහැ , ගුරුවරියට අසාධාරනයක් සිදුවූ වග , අපි බලා සිටිනවා ඉදිරියට සිදුවන දෙය (බ)
උදිත Sunday, 20 March 2016 12:53 AM
අනේ මන්දා! පොලිසි වල ඉන්න අය දන්නේ අහුවෙන්නේ නැතිවෙන්න පගා ගහන්න විතරයි. වැඩි හරියක් ඉන්නේ හරි අධ්‍යාපනයක් නැති, අද කාලෙට ගැළපෙන්නේ නැති පරණ නීතියක් කියලා පගාවක් හොයාගන්න අය. මට පෙනෙන්නේ එයාලා එක්ක ඉඳලා උසාවියටත් ඒ ලෙඩේ බෝවෙලාද කොහෙද? (නි)
උපාලි Friday, 18 March 2016 03:52 PM
නීතිය ගැන අපේ ගෞරවය වැඩිවෙන්නේ නීතිය ඉටුවන බව අපට පෙනෙන විටයි. මහාධිකරණ විනිසුරුතුමාට මගේ ප්‍රණාමය! (ර)
ගමගේ Friday, 18 March 2016 09:46 AM
මොහුගේ තීන්දු වලින් ඉස්සර අසරණ මිනිසුන් කීයක් අමාරුවේ වැටෙන්න ඇද්ද? (නි)
ලක්ෂ්මන් Saturday, 19 March 2016 06:03 AM
තිලිණ ගමගේ ගෙදර යවන්න ..... (බ)
රොකී Monday, 21 March 2016 02:47 PM
ඔහුට දැඩි දඬුවම් ලැබේවා! ගුරුවරියට යුක්තිය ඉටුවේවා. (ර)
නීල් Friday, 18 March 2016 08:30 AM
අධිකරණ තීන්දුවේ වෙනස ඇතිවුනේ කෙසේද (බ)
සෑම් Friday, 18 March 2016 08:35 AM
ඔය කියන පුද්ගලයා නිදහස් කරලා තීන්දුව දීලා, ඒකට හිලව්වට එයාගේ බිරිඳගෙන් ලබාගත්තු හොර අලි බලපත්‍රය මගින් අලි පැටියෙකු නීති විරෝධීව තියාගත්තා එක්කෙනාත් හෙට අනිද්දාම රිමාන්ඩ් යයි .(බ)
ලලිත් Saturday, 19 March 2016 12:21 PM
කලින් වගේ නෙමෙයි. මේකයි සැබෑ වෙනස. (නි)
රන්ජීව Friday, 18 March 2016 09:25 AM
මේවට තමයි කට්ටියට මහින්දව ආයෙත් බලයට ගේන්න ඕනෑ. මේවට හොඳයි කියන කට්ටිය තමයි මහින්ද වටේ ගොනුවෙන්නේ. (නි)