(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය.
දැවැන්ත සුන්දර කදු පද්ධතියකින් සමන්විත මොරගවැව ගම්මානය තුළ පදිංචි ජනතාවගේ ජීවිතය ඒ තරම් සුන්දර නැත.
ගොවිතැනින් දිවි ගෙවන මේ මිනිසුන්ට වන අලින්ගෙන් එල්ලවන තර්ජන අඩුවක් නැත. කාලයකදි දැඩි නියඟයෙන් බැට කන මේ මිනිසුන්ගේ ජීවිත කලඑළි වන්නට පටන් ගන්නේ සැප්තැම්බර් වලින් පසුව ලැබෙන මහ වැසිත් සමගය .
ඒ සියල්ල හමුවේ මේ මිනිසුන් තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා දි රටේ ඉහල තැන් කෙසේ වෙතත් පොලවේ පය ගසා සිටිය හැකි රැකියා ලබා ගැනිමට මහත් වෙහෙසක් ගන්නේ සියලු බාධක මැදය.
හෙට ලොව ජය ගන්නට වෙර දරන මොරගහවැව දරුවන්ට පවතින කොරෝනා වසංගතය තවත් බාධකයක් ගෙන දී තිබෙන්නේ තිබෙන බාධක ජය ගැනීමට පවා නොහැකි තත්වයන් හමුවේය.
කොරෝනා වසංගතයත් සමග පාසල් හා පෞද්ගලික උපකාරක පංති වැසි යද්දී ඒ වෙනුවෙන් ජංගම දුරකථන හරහා අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් මේ දරුවන්ට හැදැරිමට සිදුව ඇත්තේ අපොස සාපෙල හා අපොස උසස් පෙල විෂය දහරාවන් හැදෑරිම වෙනුවෙන් වෙනත් විකල්පයක් නොමැති තත්වයන් හමුවේය.
නමුත් මොරගහවැව දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් තම ජංගම දුරකථනය හරහා අධ්‍යනය කිරිමට බරපතලම බාධකයක් වි ඇත්තේ මොරගහවැව ඇතුළු ප්‍රදේශ රැසකට දුරකථන සංඥා තරංගවල පවතින දුෂ්කරතාවයන් හේතුවෙනි.
ගම්මානයේ දරු දැරියන් තම පොත් පත් හා ජංගම දුරකථන රැගෙන උදේ කාලයේ ජල ටැංකියට නැග තම ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාවෙනි.
උදේ කාලයේ ජල ටැංකියට ඉනිමග දිගේ මහත් අසිරුවෙන් ගොඩවන මේ දරුවන් පැය කිපයක් එක දිගට අධ්‍යයන කටයුතු කර නැවතත් දිවා ආහාරයට නිවෙස් වෙත පහලට බසින්නේ දිවා ආහාරයෙන් පසුව නැවත සවස් වරුවේ ගම්මානයට කඩා වදින වන අලින්ගේ තර් ජනය නිසා පැයක්වත් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් කර ගැනිමේ අරමුනින් නැවත ජල ටැංකියට පැමිනෙන බව සිහිපත් කරමිනි.
ඩිජීටල් තාක්ෂණය ගැන කථා පවසමින් දේශපාලඥයින් කටමත දොඩවන යුගයක තම කඩා වැටුණු අධ්‍යාපනය හැදැරිමට ජංගම දුරකථනයට සංඥා තරංග නොමැතිව ජල ටැංකි මත නගින මේ දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ කවදා දැයි මේ දරුවන් සිහින දකිමින් සිටිති.
සබැදි
දුරකතන සංඥා මොරගහවැව ජල ටැංකිය උඩ
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුරකතන සංඥා සොයමින් මොරගහවැව දරුවෝ ජල ටැංකියට නගිති
Nandalal DE SILVA - France Sunday, 29 November 2020 12:19 PM
ඔය පාසල් දරුවන්ට දැනටමත් තේරිලා තියෙනවා. ඡන්ද ගරාගන්න. මැතිවරණ කාලෙට ගමට, කැලෑබද පෙදෙස්වලට එන දේශපාලුවන්ගේ, කයිවාරු ගැන...!!! කතාව දෝලාවෙන්, ගමන පයින් වෙනුවට... දැන් කියන්න ඕන කතාව ඡන්දෙ තුළින්, ඉගෙන ගන්නේ ටැංකි උඩින්..., කියලා...
pakeer Sunday, 29 November 2020 06:04 PM
ඇයි මේ අය මෙච්චර නූගත් වෙන්නේ...? ඔය ලෙසන්ටික රෙකෝර්ඩ් කරලා USB ඩ්‍රයිව් එකක්... එවපල්ලකෝ සුමානයකට සැරයක්.. ඔය ඉන්ටර්නෙට් එකට යන සල්ලිවලින් ඒක කළාම ඉවරයිනේ.
Demapiyek Sunday, 29 November 2020 11:49 PM
මේ ළමුන් ගැන ඉතා කණගාටුයි. නමුත් ඇත්ත තමයි. මේ වෙනකොට මහ පොරොන්දු සහ බලාපොරොත්තු ඇතිව දෙන SLT ෆයිබර් ඔප්ටික් බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් එකේ කියන්නේ මුදල් ගසාකන කිසිම ප්‍රමිතියක් නැතිවංචාවක් බව...
puppa Sunday, 29 November 2020 11:57 PM
දියවන්නාවේ ඉන්න නීලකාස හොරු රැළ යන මහ තඩි, මාලිගා වැනි වාහන දෙකතුනක් වික්කා නම්, ඔය ළමයින්ගේ කාරණාව ඉෂ්ඨ කරගන්න තිබුණා.
Perera Monday, 30 November 2020 04:34 AM
‘‘කොළඹට කිරි ගමට කැකිරි‘‘ සංකල්පය එදත් තිබුණා... තවමත් තිබුණා..
BamunuarachchiSunday, 06 December 2020 07:57 AM
ඉතින් ඔහෙලගේ ලොක්කනේ කීවේ රටටම නොමිලේ wifi දෙනවා කියලා. ඇයි මේ රජයට ඇඟිල්ල දික්කරන්නේ..?
දිමුත් Monday, 30 November 2020 06:31 AM
ළඟම පාසල හොඳම පාසල නොවීමේ ප්‍රතිවිපාක..
Bamunuarachchi Sunday, 06 December 2020 07:55 AM
දරුවෝ එතනට යන විට මෙයාලා කොහෙන්ද එතනට පාත් වුනේ?