IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


ධම්මික පැණිය පාර්ලිමේන්තුවටත්

(බන්ධුල ඉලේපෙරුම)
 
කොවිඩ් 19 වැළ‍දීමෙන් වළකින ඖෂධය සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (10) පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනි.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අදාළ පැණි බෝතල් රැසක් මන්ත්‍රීවරුන් සඳහා රැගෙන ආ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද පැණිය පානය කළ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.



අදහස් (31)

ධම්මික පැණිය පාර්ලිමේන්තුවටත්

sena Thursday, 10 December 2020 12:20 PM

මට තේරුම් ගන්න බැරි එක දෙයක්.... මෙ ගැන සුදුසුකම් ලත් ආයුර්වෙද වෛද්‍යවරු නිශ්ශබ්දව ඉද්දී මන්ත්‍රීවරු මෙක පස්සේ දුවන්නේ මොකද?

:       1       10

දිලාන් Friday, 11 December 2020 03:42 PM

ලෙඩේ හොද වෙනව නම් සුදුසුකම්, සහතික මොකටද බේතට? එහෙම බලනවා නම් අර විමල් වීරවංශ කිව්ව වගේ ලෝකෙට නව සොයාගැනීම් රාශියක් කරපු "අයිසෙක් නිවුටන්ගේ" "ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ " නිපැයුම් ලෝකය බාර ගත්තේ ඔය විපක්ෂ නායකතුමා කියන සුදුසුකම්, සහතික බලලද? කොටින්ම ඔය විපක්ෂ නායකකම දුන්නෙත් සහතික, සුදුසුකම් බලලද?

:       2       2

Nihal Thursday, 17 December 2020 12:31 AM

විමල් වීරවංශගෙත් සුදුසුකම් වුණත් ඉතින් අපි දන්නවා. ගොනා කැමති ගොනාටමනේ...

:       0       0

sharm warn Thursday, 10 December 2020 12:38 PM

ආහ්... ඒකනම් වුවමනාවෙන් කරගන්න ඇති. මෙ ගොල්ලන්ගේ පණනල රැකුණොත් ඔක්කොම හරිනේ. රටෙ මිනිස්සුන්ට හෙණ ගැහුවත් මොකෝ..?

:       3       19

Prasad Thursday, 10 December 2020 12:49 PM

අනේ අපිව පාලනය කරන්නේ මෙ වගේ මෝඩයින්ද?

:       3       36

Prabha Thursday, 10 December 2020 12:56 PM

මෙ ප්‍රදර්ශනය කරන්නේ නොහැකියාව නේද?

:       2       31

Nuwan Thursday, 10 December 2020 01:01 PM

කිසිම සායනික තහවුරුවක් නැති දෙයක්. ලෝකයේ භයානක වසංගතයකට ඛෙහෙතක් කියලා එළිදක්වලා කරන මෙ විහිළුව මුලු ලෝකෙම හිනස්සලා තමයි නවතින්නේ....

:       6       24

සඳුන් Thursday, 10 December 2020 01:35 PM

වෛද්‍ය මණ්ඩලයකින් ඔය පැණිය අනුමත නොකළහොත් ගරු පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගෙන බුද්ධිමත් ඡන්දදායකයින්ට දෙන්න. මෙයට අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට වියත්මය සැදී පැහැදී කටයුතු කරන බව නියතයි...

:       3       11

siri Thursday, 10 December 2020 02:31 PM

ඕක අමතර ආහාරයක් ලෙස භාවිතයට සුදුසු පානයක් මිස ඖෂධයක් නොවේ කියලා දේශීය වෛද්‍ය බලධාරීන් සහතික කරලා තියෙද්දී මොකටද මේ තව තවත් රට්ටු රවට්ටන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නේ? ඒ වැඩෙත් කාලි අම්මා හීනෙන් කියපු දෙයක්ද ?

:       5       11

lalith Thursday, 10 December 2020 02:44 PM

මන්ත්‍රීවරුන්ට විතරක් දීල මදියිි. අපිටත් දෙන්න. අපට සල්ලිවලට හරි පහසුවෙන් ගන්න විශ්වාස වන්ත තැනකට ඔය බෙහෙත බාර දෙන්න. මෙතරම් බයංකාර අවධියක ඇයි මෙහෙම බෙහෙතක් තියන් තව දුරටත් කල් දමන්නෙ.? වැස්ලින් එකක් එනකම් බලන් ඉන්නවද දන්නෙ නැහැ. නැත්නම් නිශ්පාදකයා ලංකාවෙ කෙනෙන් නිසාද? මේ බෙහෙත හරියටම හරි කියලයි මගේ නම් විශ්වාසය. පහසුවෙන් ගන්න මොකක් හරි සැලැස්මක් හදන්න. නැත්නම් ජේවීපී එකට බාර දෙන්න. ඒ ගොල්ලො දන්නව එක රැයකින් වැඩක් කරන හැටි. කොහොම හරි අපට ඉක්මණට බෙහෙත දිල රට සෑම අතින්ම යතා තත්වයට පත් කරන්න.

:       11       5

AsankaFriday, 11 December 2020 08:07 AM

මොලේ බලවාගන්න හලෝ ඉස්සෙල්ලම .... වැස්ලින් කියන්නේ බොන දෙයක්ද? ඛෙහෙතක්ද?

:       2       7

Praba Thursday, 10 December 2020 03:07 PM

අනේ දෙයියනේ රටකට ගිය කලක්....

:       1       10

Ferna Thursday, 10 December 2020 03:37 PM

කාලකන්නි තවත් බල බල ඉන්නවා... ක්‍රමවෙදයක් හදලා ඛෙහෙත ඛෙදා දෙන්නේ නැතිව... වෙදාව වෙන රටකින් උස්සලා ලංකාවට ඛෙහෙත එව්වා නම් කොමිස් තියාගෙන ඛෙදාදෙයි.

:       7       8

chandima Thursday, 10 December 2020 03:50 PM

ජනතාවට පැණි ඛෙදීම තහනම් කර මන්ත්‍රීලා පැණි බොති.

:       2       12

K Perera Thursday, 10 December 2020 04:37 PM

සේරටම ඉස්සර මෙ ධම්මික මහත්තයාව කොරෝනා රෝගීන් සමග එක සතියක් විතර තියලා බලන්න වෙනවා.

:       1       22

Rasika Thursday, 10 December 2020 07:05 PM

මේ පැනි බොන අයගේ නම් ලියාගන්න. ඔවුන්ට එන්නත අවශ්‍ය නැත.

:       2       12

Nandalal DE SILVA - France Thursday, 10 December 2020 07:45 PM

අහන්න දෙයක් නැහැ එහෙනම්, පාර්ලිමෙන්තුව ඇතුලෙත් කොරෝනා පොකුරක් හැදිලා වගේ... ලෙඩක් නැතිව ඛෙහෙත් බොන්න තියෙන ඔන කම මොකක්ද? කතානායකවරයාටත් ලෙඩෙ බෝවෙලාද? අයවැය පාටි එකෙන් පස්සෙ ඔහොම වෙනවා කියලා මගේ සීයා කියනවා.

:       1       8

Dil Thursday, 10 December 2020 08:47 PM

දොළුකන්ද තමයි මතක් වුණේ...

:       1       14

puppa Thursday, 10 December 2020 11:42 PM

පැණිය වසවෙයිද දන්නේ නැහැ එහෙනම්....

:       0       10

ranjith Friday, 11 December 2020 12:42 AM

පාර්ලිමෙන්තුවට නම් ඔන ජරාවක් ගැලපෙනවා.

:       0       17

Raveendra Friday, 11 December 2020 12:52 AM

බාස් පැණි වෙනුවට පුන්නක්කු හැලියක් තමයි ඔතන ඉන්න අයට හරි යන්නෙ...

:       1       22

ලොකුලියනගේ Friday, 11 December 2020 12:55 AM

මේ මහත්මයා මේ වට්ටෝරුව සුද්දෙකුට දුන්න නං එංගලන්තේ පිරිපහදු කරලා ඉංගිරිසි නමක් ගහලා පෙත්තක් රුපියල් 8000 කට අපිට පහසුවෙන් ගන්න තිබ්බා.. කොහෙද ඉතින්...

:       15       14

thushara Friday, 11 December 2020 03:55 AM

ඒ අවස්තාවත් තියෙන්නේ දේශපාලන සම්බන්ධකම් වලට විතරයි, නැත්නම් අපේ දේශීය වෙද මහත්වරු මීට ගොඩ කලකට කලිනුයි බෙහෙත් හැදුවේ. ඒවා එහෙම යට ගැහුවා. මිසදිටු බලයකින් ලබුන කීව ගමන් බොරු මාධ්‍ය ප්‍රචාරයකුත් දුන්නා...

:       8       4

Rata Perata Friday, 11 December 2020 07:26 AM

කතානායක මෙහෙමයි කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ. නුඹලා පැණි බීලා හොදින් හිටපල්ලා. අපි පඩි, වරප්‍රසාද දෙනවනේ...

:       0       7

Nandalal DE SILVA - France Friday, 11 December 2020 07:31 AM

බජට් පාටි එකට මෙවර වයින්, විස්කි,වොඩ්කා වෙනුවට මෙ රජපැණියද බොන්න ගෙනාවෙ? අනේ හොදයි. අපේ රට බීම වලට තැනක් දෙන්න පාර්ලිමෙන්තුවට ගෙනාපු පැණියට නිවන් සැප ලැඛෙවා...

:       0       6

Gamunu Elara Yakkdessawa Friday, 11 December 2020 07:44 AM

ඉටියෙන් හරි, මැටියෙන් හරි බළලා මීයෝ අල්ලනවා නම් හරි අපට මොකටද? ඒත් ඔතන හරියන්නේ වල්නාශක ඛෙහෙත්... අනේ අම්මපා...

:       0       5

kala Friday, 11 December 2020 09:22 AM

මෙයින් එකක් 8000 /=කට වගේ දුන්න නම් (ඔන් ලයින් ගන්න පුළුවන්), බාස් බාස් කියලා උඩ පනින සෙට් එකයි දෙවියන්ට බණින සෙට් එකයි පෝලිමේ ඕඩර් දායි, කැමති අයට බොන්න කියල.., බැරි මිනිස්සු සද්ද නැතිව හිටියාම හරිනේ. අනික ඔය වෙළද දැන්වීම් වල කියන කිරිවල, බේත්වල කෑමවලින් හොදක්නේ වෙන්නේ... කියන්නේ අර රටේ, මේ රටේ පර්යේෂණ කරා කියලා ..වෙන දේ තේරෙන්නේ නෑ.. ටික කාලෙට කලින් පොල් තෙල් හොද නෑ. දැක්කොත් මරණෙ කියලා කෑමොර දුන්නා. ඔය උගත් නවීන කියන සෙට් එක. කන්න කීවා අර තෙල්, අද ලෝකෙම පොල් ගුණාත්මක බවින් වැඩි ආහාරයක් කියල පිලි අරන් තියෙනවා. අනික ඔය සායනික ඔප්පු කරන ඒවා කොච්චර කලෙකටද වලංගු ? එතකොට එව්වා බොරු නෙවේද?

:       2       0

ranjith Friday, 11 December 2020 04:42 PM

ජනතාව ගොනාට අන්දවලා පාර්ලිමෙන්තු සෙට් එකත් නිකම්ම ගොනාට ඇදගෙන නේද? විද්‍යාත්මක ක්‍රමයකට කොරෝනා පාලනය කරන්න ක්‍රමයක් හොයන්නේ නැතිව කරන නාඩගම් කළින් කයිවාරු ගැහුවා. අපේ රටෙ කොරෝනා පාලනය විශිෂ්ඨයි කියලා දැන් කොරෝනා පාලනයේ අසමත් පෙළ ගැස්මට නේද ඇවිත් තියෙන්නේ.. ?

:       0       2

lakvidu Friday, 11 December 2020 05:36 PM

ඔය වට්ටෝරුවෙ මොනවා තියෙනවද දන්නේ නැහැ...!!

:       0       2

lakvidu Saturday, 12 December 2020 04:00 PM

මෙ කට්ටඩි මහත්තයාගේ ඇගිලිවලට දාලා තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හදපු ප්ලාස්ටර් 2ක්නේ...මොකද පත්තුවක් බදින්නේ නැත්තේ?

:       0       2

reks Sunday, 13 December 2020 09:26 AM

මම හිතන්නේ මෙ පැනියට වැඩිපුරම ගැලපෙන නම, කට්ටඩි පැණිය කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘
2025 අප්‍රේල් මස 08 337 0

මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.මාලිමා ආණ්ඩු


උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2025 අප්‍රේල් මස 08 43 0

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අ


බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 08 68 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 1626 0

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 2156 0

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනක


අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා
2025 අප්‍රේල් මස 07 618 0

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 607 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 541 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1005 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site