IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා

 

(විනීතා එම් ගමගේ)
 
අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්,  නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.

කුරුණැගල මහාධිකරණයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකළ නඩුව, විභාග කරන ලද්දේ ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිය දී යැයි ද එහෙත් සාක්ෂි බිඳවැටීම නිසා ඔහු නිදොස් කොට නිදහස් කර ඇතැයි ද හෙතෙම පැවැසීය.

ගාමිණි සෙනරත් මහතාට විරුද්ධව ගොනු කර තිබු නඩුව ද සිවිල් ස්වරූපය තිබෙන දේවල් අපරාධ නඩු බවට පරිවර්තනය කර ගෙතූ නඩුවක් යැයි ද කී ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ නඩුව ද එවැන්නක් යැයි ද පැවැසීය.

මේ අනුව මෙසේ නිර්මාණය කළ තවත් නඩු ඉදිරි කාලසීමාව තුළ බිඳ වැටෙනු ඇතැයි පැවසූ ප්‍රේමජයන්ත මහතා මෙම නඩු නිර්මාණය කිරීම සඳහා පසුගිය යහපාලන රජය කාලයේ පිහිටවූ එෆ් සී අයි ඩීය හිටපු අගමැතිවරයා විසින් පොලිස් ආඥාපනතේ වගන්තියක් ගැසට් කර නිර්මාණය කළ එකක් යැයි ද කීය.

වත්මන් රජය පසුගියදා නඩු දෙකක් නිදොස් කොට නිදහස් කිරීම ගැන කතා රටේ කථා බහට ලක්වී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එකක් අභියාචනාධිකරණය මගින් ද එකක් මහාධිකරණය මගින් ද නිදොස් කොට නිදහස් කර ඇතැයි කීය.

මෙකී නඩු දෙකම යහපාලන රජය විසින් පැවරූ නඩු දෙකක් යැයි ද ඊට පෙර අවස්ථාවල දී ද සාක්ෂි නිර්මාණය කර ගොනු කර නඩු යැයි ද හෙතෙම කියා සිටියේය.

එහි නිර්මාණකරු වන හිටපු අගමැතිවරයාම එය නීතිවිරෝධී ආයතනයක් යැයි ජනාධිපති කොමිසමේ දී පිළිගත් බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බව ද කිවයුතුයැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දීය.



අදහස් (13)

නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා

pradeepa Sunday, 06 December 2020 11:32 AM

එතකොට මල්වානේ මාලිගය ඉබේම නිර්මාණය වුණාද? තව සොහොන්කොත් ඉබේම නිර්මාණය වුණාද? බොරු විකාර කියනවා. වහල්ලු වෙන්න එපා... ලැජ්ජයි ඔබතුමාට..

:       0       0

Puppa Sunday, 06 December 2020 11:48 AM

මෙන්න කලඑළි බැහැලා. බාල පෙට්‍රල්, ඩීසල් ගෙනැල්ලා කොමිස් ගහලා එක සැරයක් රට, මිනිස්සු, අමාරුවේ දැම්මා.

:       0       0

Sunil gamini Sunday, 06 December 2020 01:11 PM

එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේනුත් තීන්දුව දුන්න දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නෙ ඇයි?

:       2       32

විමලසේන Sunday, 06 December 2020 01:26 PM

ඇමතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වුනාම ඔක්කොම දන්නා බවත් මහජනයා මේ මන්ත්‍රීවරු කියන බබා හුකුම් කතා පිළිගන්න බවත් හිතපු කාලය දැන් ඉවරයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම හරක් බව හැමෝම දන්නවා. එම නිසා මේ වගේ ගොන් කතා කියන්න එපා.

:       1       147

BamunuarachchiTuesday, 08 December 2020 02:58 AM

ඒ හරක් පාර්ලිමේන්තුවට තේරුවේ එවුවේ මොක්කුද? ඔබත්, ජනතාවට හිමි බලය වන චන්දය පාවිච්චි කලා නම්, හරක් තේරීමේ ගොඩට වැටෙන හරකෙක් නේද? ඔබ මේ ඇමතිව විවේචනය කරන්න එපා.. ඔහු කියා ඇතිදේ විවේචනය කරන්න වැරදිනම් හෙතු දක්වන්න.

:       1       0

Bamunuarachchi Sunday, 06 December 2020 02:26 PM

නිර්මාණයකළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා. එනිසානේ ජෝන්සන්ට... රාජපක්ෂලාට විරුද්දව දාපු නඩු ඒගොල්ලන්ගේ කාලෙම බිඳ වැටුනේ.

:       4       45

Demuni Uduwara Sunday, 06 December 2020 03:09 PM

සිල් රෙදි කේස් එකක් තියෙනවද?

:       3       49

Buddika Monday, 07 December 2020 12:25 AM

ඒ වගේම තමන්ගේ පැත්තේ හොරකම් කළ අයව නිදහස් කරනවා නේද නිදොස්කොටම... ? ඒ වගේම මිනී මරලා හිරෙ ගිය කෙනෙක් නිදහස් වෙන්නත් නියමිතයි නේද?

:       3       34

Jagath Monday, 07 December 2020 03:10 AM

කෙළින්ම බලපෑම් කරන්නේ නැතිව ඇති. ඒ අයට ඔය නීතීඥයින් දන්නේ නැතිව ඇයි ඔය පවුලට විරුද්ධව ගිය අයට වෙච්ච දේවල් ඉතින් ඒ අයට ඔන තීන්දුව දීලා ඔය හම්බවෙන ප්‍රමෝෂන් එකක් කරගෙන ඉන්නවා. එච්චරයි.

:       2       31

rana Monday, 07 December 2020 03:21 AM

ගෙම්බකුගේ බක බක....

:       1       33

ranjith Monday, 07 December 2020 06:53 AM

ගිය ආණ්ඩුවේ හොරකම් අල්ලනවා කිව්වට දැන් අමුතු පොතක් දාගෙන එනවා.. ඒ ටිකත් ආරක්ෂා කරන්න ඊළඟ ඡන්දෙදී තම මහබැංකු හොරකම මාර්කට් කරන්න ජනතාව ගොනාට අන්දලා වැජඹෙන අය මේ දෙගොල්ලොම..

:       0       0

Rata Perata Monday, 07 December 2020 07:24 AM

වහල් බවේ උපරිමය... මේ වගේ ශරීර වලට මනුස්සයා කියලා අමතනවාද කියලා අපි තීරණය කළ යුතුයි. මේ වගේ කතා ගෙදර අයත් එක්ක කියාගත්තට නම් අපිට කමක් නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 11 December 2020 12:32 PM

එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේනුත් තීන්දුව දුන්න දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නෙ ඇයි? ඇයි කියලා අහනවා ඒ ගැන හොඳ විස්තරයක් රන්ජන්ගේ හඬ පටයේ තිබෙනවා. ඒක ඇසුවේ නැද්ද? නැතිනම් ඒක තේරෙන්නේ නැද්ද? නැතිනම් ඔය දෙකමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
2025 අප්‍රේල් මස 16 88 0

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.


ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
2025 අප්‍රේල් මස 15 1055 0

ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.


සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න
2025 අප්‍රේල් මස 15 463 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා
2025 අප්‍රේල් මස 15 998 0

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය


ඇමෙරිකාව හෙල්ලෙයි
2025 අප්‍රේල් මස 15 2151 0

රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
2025 අප්‍රේල් මස 15 1281 0

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 135 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 285 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 926 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site