IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති කාර්ය සාධක බළකායක්

(විනීතා එම්. ගමගේ)
 
බන්ධනාගාර ආශ‍්‍රිතව ඇතිවී ඇති ගැටලු විසදීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
 
රජයේ රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප‍්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්තථාපන අංශ ඇතුළු අදාල ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ යුතු බවත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
 
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැළසීමට කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ. බන්ධනාගාර ඇතුලත දැඩි තදබදය පිටු දැකීම පිණිස දැනට හ`දුනාගෙන ඇති ස්ථානවල පර සවි ක‍්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව ගැන සොයා බලන්නැයි ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් දුන්නේය.
 
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටළු විමර්ශනය කර විසඳුම් නිරදේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.
 
අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුද, අදාල අමාත්‍යංශ ලේකම්වරු හා ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ද මෙම සාකච්ඡාවට එක්වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.



අදහස් (2)

බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති කාර්ය සාධක බළකායක්

සුනිල් සමරවීර Friday, 11 December 2020 02:30 AM

හැම එකකටම ජනාධිපති කාර්ය සාධක බලකාය.... මොන එකද සාර්ථක උනේ? මොන එකකටද විෂය භාර ඇමතිවරු පත්කරලා මහජන මුදලින් නඩත්තු කරන්නෙ? සේරම අමාත්‍යාංශ ටික ජනාධිපතිම පවරගත්ත නම් ඉවරයිනේ.

:       0       1

athula Friday, 11 December 2020 08:45 AM

IP රංගජි්වත් ඉන්නවද ඔය කමිටුවේ මෙයාගෙ කමිටු ජනාධිපතිගෙ නියෝගයක් නැතිව මෙහෙම සිරකරුවන් මරාදමන්න පුළුවන්ද...? සිරකරුවන් අයිති අධිකරනයට අද හිට්ලර්ගෙ ආණ්ඩුවක් තියෙන්නෙ අද ඔවුන්ට හෙට කාටද කියල කවුද දන්නෙ..?.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘
2025 අප්‍රේල් මස 08 337 0

මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.මාලිමා ආණ්ඩු


උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2025 අප්‍රේල් මස 08 43 0

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අ


බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 08 68 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 1626 0

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 2156 0

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනක


අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා
2025 අප්‍රේල් මස 07 618 0

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 607 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 541 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1005 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site