IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක්

(ක.ග. කරුණාරත්න)

මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්‍ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද (02) පොලොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය.
 
මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි තොටුපල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇමතිවරයා ඒ බව කියා සිටියේය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම මෙතෙක් ක්‍රියාත්මකවූ වැලි සමාගම මගින් සිදු කල ක්‍රමවේදය වෙනුවට වැලි මංකඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට (පෞද්ගලික මට්ටමින් වැලි ගොඩ දැමිම) උපදෙස් දුන් බවද ඇමතිවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති මහින්ද අමරවීර මහතා මෙසේද කීවේය.

“මහජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබුණා මේ වැලි ගොඩ දැමීමේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳව. වැලි සංගම්, ප්‍රවාහණ සංගම්, ඒ වගේම රියැදුරු සංගම් සියල්ලම කොළඹ ගිහිල්ලා අපට මේ සම්බන්‍ධව අදහස් ඉදිරිපත් කලා. ඒ සියළු අදහස් සැලකිල්ලට අරගෙන සඳුදා ඉඳලා මේ සියලු දෙනාගේ ඉල්ලීම පරිදි මංකඩ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබා දෙන්නත් ඒ එක්කම සාධාරණ මිලකට වැලි ලබා දෙන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
අපි අනාගතයේදී තව ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න යනවා, ඇප් එකක් හඳුන්වා දෙන්න යනවා අතරමැදියන්ගෙන් තොරව හොඳ ප්‍රමිතියෙන් යුත් වැලි ගන්න.”

එතකොට කොළඹ, නුවර, කුරුණෑගල කොහේ ඉඳලා වුණත් වැලි ඉල්ලුවාම කෙලින්ම ගෙදරට ගෙන්වා ගන්න පුළුවන් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අයට වැලි ලබාදීමේ ප්‍රමුඛතාවයක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ දිස්ත්‍රිකකයේ අවශ්‍යතාවයට කුඩා ලොරිවලට පවා මේ ස්ථානයෙන්  වැලි ලබා දීමට කටයුතු කරනවා. වැලි කලවම් කරලා ලබා දෙනවා කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ප්‍රමාණය අඩුයි කියලත් පැමිණිලි ලැබෙනවා. ඒක වළක්වන්න තමයි ඇප් එකක් හඳුන්වලා දීලා අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යන්නේ. නියම ප්‍රමාණයෙන් සහ ප්‍රමිතියෙන් යුත් වැලි පාරිභෝගිකයාට ලබාදීමයි අපේ අරමුණ වන්නේ.”

පරිසර අමාත්‍යංශ්‍යයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක්

isuru Saturday, 03 October 2020 09:45 AM

බොරු කියා මහජනයා රවටන්න එපා. උඩ දෙවිවරු ඉන්නවා... බලාගෙනයි.

:       0       4

අප්පුහාමි Saturday, 03 October 2020 03:16 PM

හැමදාම කයිය විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 86 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 133 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 98 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 37 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 151 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site