(රංජිත් රාජපක්ෂ)
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා අද(12) මුදාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් වු ලදු කැලෑවක අටවා තිබු මන්දකට දිවියා අද අලුයම හසු වී සිටියේය.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා මන්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියේය.
අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වන මෙම දිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5 කින් පමණ යුක්ත බව වනජීවි නිලධාරීහු කියා සිටියහ.
ගොදුරු පසුපස රාත්‍රී කාලයේ සැරිසැරූ දිවියාගේ උදරය මන්දට හසු වී තිබු බවත්, මන්ද ඇටවු එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
ඡායාරූප සහ මුල් පුවත සඳහා පිවිසෙන්න - තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී
පූජා Sunday, 12 July 2020 10:15 AM
මොහුව මුදා ගැනීම ගැන ඉතාමත් සතුටට පත්වෙමි. අද දිනයේ ඇසූ සුභාරංචිය අප වෙත ගෙන ආ ලංකාදීපයට ස්තූති වන්ත වෙමි...
මල්කාන්ති Sunday, 12 July 2020 10:17 AM
මේ වතු ජනතාව ශ්‍රී ලංකාවට ආදරේ නැහැ වගේ...
[email protected] Sunday, 12 July 2020 10:23 AM
ටික දවසකට කලින් දැනගන්නට ලැබුණා වනජීවී කණ්ඩායම් ඔය කියන " උගුල් " සොයාගොස් විනාශ කරනවා. එ්ත්.. අදත් බිල්ලක්. වාසනාවට මෙයා නිරුපද්‍රිතයි කියලා මට හිතෙනවා. මේ "නොමිනිසුන්ට" ඒ කියන්නේ " උගුල් අටවන නරුමයින්ට දඬුවම් කළ යුතුයි. විශාල මුදලක දඩයක් හෝ දිගු සිර දඬුවමක්...!!! එ්ත්.. උගුල් ඇටවීම තහනම් කරලා " නීති පනවලා "නම් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හැකියි. නීතිගත කරලා නැතිව නිකම් කතාවට පමණක් තහනම් කරලා නම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ තවමත් බොහෝ පසුගාමී මට්ටමක තිබෙන රටක්, එයට වගකිව යුත්තෝ " නීති හදන " ආයතනයේ සිටින දේශපාලුවන් නීති සම්මත කරගන්නේ හැම විටකම තමන්ට වාසි වෙන ආකාරයටයි. ඊට රටවැසියත් වගකිව යුතුයි. ඒ අවංක බුද්ධිමත් උගත් සමානාත්මතාව ගරුකරන පුරවැසියන් පමණක් චන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඔවුන් උනන්දු විය යුතුයි.. මේ අහිංසකයින් ගැන කියලා කියලා දැන් අපිට මහන්සිත් එක්ක... එ්ත් එහෙම කියලා බැහැනේ. මේත් ජීවිතයක්. අපි විසින් ආරක්ෂා කළයුතු, අපේ කැලේට, අපේ රටට අයිති, හුස්මගන්න.. අපේම පරණ ඥාතියෙක්..
Ruhunu Sunday, 12 July 2020 11:06 AM
හෙට කියාවි දිවියා මැරුණා කියලා..
කමල් Sunday, 12 July 2020 11:06 AM
වනජීවී එකට බාර දුන් කොටි ඔක්කොම වගේ මරණයෙන් කෙලවර වුණා. මේ සතාවත් බේරිලා ගියොත් වාසනාවකි...
sharm warn Monday, 13 July 2020 03:04 AM
අනේ අර අසරණ කළු කොටියාවත් මේ වගේ කූඩුවක දාගෙන අරගෙන ගියානම් අදටත් ජිවත් වෙයි.