ඉකුත් ජනවාරි 27 වැනිදා සිට රාජකාරි තහනම් කළ කොළඹ මහානාම විද්‍යාලයේ උපගුරු සමන්ති මනෝහාරි පැලකැටිය මෙනවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පැනැවීය. මාධ්‍යයට දුක්ගැනවිලි ඉදිරිපත් කළැයි කියමින් අධ්‍යාපන ලේකම් ඇගේ වැඩ තහනම් කෙළේය. වැඩතහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් එම උපගුරුවරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශිරානි තිලකවර්ධන, කේ ශ්‍රී පවන් සහ පී ඒ රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ඉදිරියේ අද කැඳැවිණි. අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිසම, විදුහල්පති හා නීතිපති වගඋත්තර කරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබිණි. වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 10 දිනට කල් තැබිණි.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා
රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මහානාම ගුරුවරියට යළි වැඩ
චන්ද්‍රසෝම Thursday, 26 April 2012 09:36 AM
මේවගේ යට ගහපු වැඩ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා.
දර්ශන් Thursday, 26 April 2012 10:40 AM
ජය අපිටයි
ප්‍රියන්ත Thursday, 26 April 2012 12:49 PM
මට හිතෙන්නේ ළගදිම මහානාමෙටත් හොද කාලයක් උදා වෙයි
නිලන්ත Wednesday, 25 April 2012 04:03 PM
අධ්‍යාපන අමාත්‍යංශය කරන්නේ කොලේ වහල ගහන එක
එච්.ඊ. දයාරත්න Thursday, 26 April 2012 01:18 PM
අධ්‍යාපනය ඔහොම තමා. කළුතර අධ්‍යාපන කාර්යාලයයෙන් නයක් ඉල්ලපු ගුරුවරයෙක් විසි වතාවක් කාර්යාලයයට ගොස් තියෙනා. තවම ණය ලැබිල නැහැ. රුපියල් ලක්ෂ දෙකක් ගන්න රුපියල් දසදහසක සන්තෝෂමක් ඉල්ලනවාලු. හරිම රැස් පෝට්, බනිනවා.
සදුන් Wednesday, 25 April 2012 04:19 PM
විශිෂ්ඨ තීන්දුවක්. සත්‍ය ජය අරගෙන.
හරු Wednesday, 25 April 2012 04:30 PM
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ නොසැලකිල්ලෙන් වැඩ කරන අය. විදේශ රටවලින් මුදල් අරගෙන සංවර්ධනය කරනවා කියලා අවුල් කරනවා.
අමිල කටුනායක Wednesday, 25 April 2012 04:32 PM
ලේකම් හා අදාළ අංශ ක්‍රියාත්මක වුණානම් එතුමියට මාධ්‍යයට කියන්න වෙන්නේ නැහැනේ.
ලාල් Wednesday, 25 April 2012 04:36 PM
හොඳ ආරංචියක්
කුමාරිකා Thursday, 26 April 2012 02:33 PM
පාසල් වලට රජයෙන් අවශ්‍ය පහසුකම් දෙන්නේ නැතුවවත්ද? මොකද අපේ පැත්තේ සමහර පාසල් වල විදුහල්පතිනිලා දෙමවුපියන්ට දෙන්නේ ලක්ෂ ගනන් වල බිල්...
දයා - සෞදි Wednesday, 25 April 2012 05:33 PM
කොල දෙකම වහල ගහල තියෙන්නේ. බය නැතිව හයිය තිබුණු නිසා මාධ්‍යයට ඇත්ත කිව්වා. මේවගේ යට ගහපු වැඩ තව කොච්චර ඇත්ද? හැප්පෙන්න ලැජ්ජා බය ගැහැණු අය තව කොච්චර ඇත්ද සද්ද නැතිව?
විමලරත්න Wednesday, 25 April 2012 05:36 PM
අපේ අධ්‍යාපනයට තෙරුවන් සරණයි
දුෂාරි ද සිල්වා Wednesday, 25 April 2012 09:03 PM
වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශමත් ගුරුවරියක්. ගුරුවරියක් වන මගේ ආචාර...!