(ඩබ් ඒ පියතිලක )
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම පොලොන්නරුවට පැමිණිමෙන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල පොලොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.
බස් රථ කීපයකින් පොලොන්නරුවට පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබිණි.
පසුව එම පිරිස මාළිගාව, වටදාගෙය, රන්කොත් වෙහෙර, ගල්විහාර සහ තිවංක පිළිමගෙය නැරඹිමෙන් පසු මාතලේ අළු විහාරය නැරඹිමට පිටත්ව යන බව එහි සිටි නිළධාරියෙකු පැවැසිය.
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.
කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනව
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් න
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන ම
පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකර
’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
යුක්‍රේනයේ 45 ක් සමග උදයංග වීරතුංග පොළොන්නරු යයි
ලුම්බිණි Tuesday, 19 January 2021 08:47 AM
දැන් මොකටද බය?
fairoos Tuesday, 19 January 2021 09:32 AM
සර් නියමයි. සංදර්ශනය නැගලා යනවා.
duminda Tuesday, 19 January 2021 09:45 AM
බණ්ඩාට කන්න දෙන්න යන ගමන්..
මංජුල Tuesday, 19 January 2021 09:52 AM
ආදායමට වඩා වියදම් වැඩියි වගේ...
Always breakdown Tuesday, 19 January 2021 10:27 AM
ගිහින් සිරිසේනත් බලලා එන්න.
වීරවිජේTuesday, 19 January 2021 10:43 AM
අන්න හොඳම වැඩේ...
qatar sita Tuesday, 19 January 2021 10:37 AM
අත් උස්සගෙන කරන විගඩමෙන්ම පේනවා මේක මාධ්‍ය සංදර්ශනයක් කියලා.
BamunuarachchiWednesday, 20 January 2021 05:44 AM
හලෝ පින්තූරයක් ගන්නකොට අත්දෙක පහළට දාලා සීරුවෙන් සිට පොටෝ එකට පෙනීසිටින්නේ ගොඩේ අයියලා. මේක මගුල් පොටෝ එකක් නොවෙයි.. එ්ත් සමහර මගුල් පොටෝවල සංදර්ශන දානවා. පොටෝ එකකට පෙනීසිටීමත් සංදර්ශනයක් තමයි. එ්ක දැනගත්තේ දැන්ද?
බුද්දදාස Wednesday, 20 January 2021 11:26 AM
කට්ටි පැන පැන හිටපු කෙනෙක්ගේ කෙරුවාව ගැන කවර කතාද බමුණෝ?
BamunuarachchiFriday, 22 January 2021 12:29 PM
ඇයි හලෝ අර මහත්තයා කට්ටි පැන්න හැටි දැක්කේ නැද්ද?
siri Tuesday, 19 January 2021 11:06 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. 69 ලක්ෂයට දැන් හරි සනීප ඇති.
BamunuarachchiWednesday, 20 January 2021 05:51 AM
මේක නියම කතාවක්නේ... ඇයි උදයංග යුක්රේන් නඩය සමග පොළොන්නරු ගියාම 69 සැපද කියලා අහන්නේ...? යුක්රේන් නඩය පොළොන්නරු යාමෙයි අපි නඩයක් පොළොන්නරු යාමේ වෙනස මොකක්ද? අපිටත් සුඛෝපභෝගී බස් රථයක් ගමනට ගන්න පුළුවන් අපිටත් ඔයවිදිහට යන්න පුළුවන්... කැමති නම් උදයංගට ආරාධනා කරන්න පුළුවන් අපි සමග එන්න කියලා...
Nuwan Tuesday, 19 January 2021 11:52 AM
එක එක හෙන්චයියෝ දාලා ලංකාවේ මහජනතාවට මේ පෙන්නන දේවල් වල අවසානේ අර ලිබියාවේ සහ ඉරාකේ හිටපු දූෂිත පාලකයන්ට වූ දේම නොවේවායි පතමි. මොකද ඒ දේ වෙනකොට මාගේ මාතෘභූමිය මේ පාලකයන් හපයක් කර අවසානයි...
Raveendra Tuesday, 19 January 2021 12:22 PM
දැන් සැපද?
Prasad Tuesday, 19 January 2021 12:30 PM
අනේ දෙවියනේ... මේ කරන වින්නැහියට නම් හොඳක් වෙන්නේ නැහැ.
BamunuarachchiWednesday, 20 January 2021 05:54 AM
මොකක්ද හලෝ වින්නැහිය? PCR කළාම ඒ මිනිස්සුන්ට කොරෝනා නැහැ. බෝවුණොත් අපෙන් තමයි. ඔවුන් කියයි අපිට බෝවුනේ ලාංකිකයින්ගෙන් කියලා...
de silva Tuesday, 19 January 2021 12:35 PM
නුවන් ලංකාව ලිබියාවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව නන්දසේන කියන්නේ දුබල පාලකයෙක්. ඔහු ගඩාෆිගේ කිට්ටුවෙන්වත් තියන්න බැහැ.
Buddika Tuesday, 19 January 2021 01:53 PM
රටේ සල්ලි කෝටි ගාණක වංචා, චෝදනා තියාගෙනත් ලංකාවට එන්නේ නැතිව කට්ටි පැන්නා. අවසානේ පරපුර රජවුණාම සුදු ඇඳගෙන ඇවිත් දැන් සංචාරක ව්‍යාපාරය හරහා තවත් හොරකම් කරන්නද හදන්නේ? ළඟදීම මෙයා නිදහස් වෙයි. ඔප්පු කළ හැකි සාක්ෂි නැහැ කියලා කියයි.
thusharaWednesday, 20 January 2021 05:02 AM
මෙයා නම් නිදහස් වේවි...!!! හැබැයි ප්‍රතිඵල නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුවම තව අවුරුදු 3 1/2 කින් අත්විඳීවි..
rangana Tuesday, 19 January 2021 06:47 PM
මානසික රෝගියෙක් වගේ මට නම් පේන්නේ...
Prasad Wednesday, 20 January 2021 02:01 AM
කොරෝනත් එක්කම තවත් වයිරස් ඇති එහෙනම්...
sharm warn Wednesday, 20 January 2021 04:40 AM
හොරෙකු වීරයෙකුට ඇන්දවීම... 69 ලක්ෂයකට ජයවේවා..!!!
de silva Wednesday, 20 January 2021 01:23 PM
මේවා බලලා නන්දසේනගේ 69 ලක්ෂෙන්, රටවිරු පවුල්වල සහ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරයන් ජීවිකාව ගැටගහ ගත්තු ඡන්ද දායකයන් ලක්ෂ 5ක් අනික් පැත්තට ඡන්දෙ දුන්නොත්.., ඔක්කොම කොට උඩ...
කපිල Thursday, 21 January 2021 10:31 AM
ප්‍රසන්න කැකුණ තලනකොට උදයංගට මඟුල්... රටට අවමගුල්