හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපටයක් රූගත කිරීම සඳහා හෙතෙම හයිද්‍රාබාද් නුවරට පැමිණ ඇති අතර එහිදි ඔහුගේ රුධිර පීඩනයේ ඇති වූ හදිසි උස් පහත් වීම් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබේ.
පසුගිය දින දහය මුළුල්ලේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (25) උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්‍රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේ ය. ඔහුඇතුළත් කර ඇත්තේ ද එම රෝහල ටය .
රජිනිකාන්ත් මහතා සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධ වූ කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරු වූ බවත් කෙසේ නමුත් රජිනිකාන්ත් මහතාට වයිරසය ආසාදනය වී නැති බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ බවත් රෝහල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
රජිනිකාන්ත් වෙනමම තබා ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද රෝහල සඳහන් කළේය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
055
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා ’’අන්‍යෝන්‍ය’’ තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින්
අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ
කමලා සිං Friday, 25 December 2020 02:49 PM
ළමයි බලාගෙන, මෙයා කොටින්ට උදවු කරනවා
නෙවිල් ගුණසේකර Saturday, 26 December 2020 03:26 AM
දේශපාලනේට එන්න කලින්, අනුකම්පාව දිනා ගන්න කරපු එයාගේ ‘ ස්ටන්ට්‘ එකක් මේකත්. හැබැයි කමලහසන් එක්ක එකතුවෙලා දිනුවොත්, අපට දරා ගන්න බැරි තරම් කරදර පිට කරදර ඒවි...
Bamunuarachchi Saturday, 26 December 2020 08:24 AM
ඉතින් අපිට මොකෝ...?
CHINTHAKA Saturday, 26 December 2020 10:59 AM
ඔන්න ඉන්දියාවේ කීප දෙනෙක් යන්න හදන කාලේ ඇවිල්ලා...