IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ විනාශ කෙරේ

(මහින්ද නිශ්ශංක,ඡායාරූප - චතුර එස් කොඩිකාර)

රේගු සමාජ ආරක්ෂණ ඒකකයේ පාරි‍භෝගික ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ 310ක් පමණ වටිනා ව්‍යාජ භාණ්ඩ 130000 තොගයක් ඔරුගොඩවත්ත ආර්.සී.ටී ආයතනයේදී අද(22) විනාශ කෙරිණි.

ආනයනකරුවන් 9 දෙනකු විසින් ගෙන්වා තිබූ මෙම ව්‍යාජ භාණ්ඩ තොගයට සෙල්ලම් බඩු, පැන්සල් ‍පෙට්ටි, වාහන අමතර කොටස්, දුරකථන බැටරි හා ආරෝපක ඇතුළු භාණ්ඩ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.



අදහස් (31)

රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ විනාශ කෙරේ

Sanath Monday, 22 January 2018 09:27 AM

වටිනා කියන දේවල් ටික හොර පාරෙන් ගෙවල් වලට යවලා සෙල්ලම් බඩු ටිකක් තලලා දානවා වගේ මටනම් පේන්නේ. අපි නොදන්න ශ්‍රී ලංකා රේගුව​.

:       634       586

Lusena Monday, 22 January 2018 09:32 AM

ලංකාවේ රජයේ හරක් . මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ

:       733       1048

dharshana kodikara Monday, 22 January 2018 09:45 AM

මෝඩ තීරණ.දුප්පත් යට මේ බදු බෙදා දෙන්න තිබුන.

:       297       354

chaminda prasad Monday, 22 January 2018 09:51 AM

මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ

:       0       10

dias Monday, 22 January 2018 10:02 AM

වැරදි තීරණ. දුප්පත් ළමුන්ට බෙදලා දෙන්න. අපි ඇමරිකාව හෝ ජර්මනියේ නෙමේ නේද?

:       0       16

Munawwar Monday, 22 January 2018 10:02 AM

සනත්, ලුසේන, කොඩිකාර, ඔබලාගේ කීම හරියටම හරි. මේවා දුප්පත් ළමයිට දෙන්න තිබුණා

:       0       35

Prase Monday, 22 January 2018 10:06 AM

ඇයි මේ තරම් ශ්‍රී ලාංකිකයෝ මෝඩ?

:       0       13

Nalaka Monday, 22 January 2018 10:20 AM

මේවා විනාශ නොකර විනිවිදභාවයකින් යුත්තව ටෙන්ඩර් පටිපාටියක් මගින් අලෙවි කරා නම් කිසිම අමතර වියදම් නැතිව රජයට රු ලක්ෂ 310 ලාභයක් උපයාගත හැකිව තිබුණි. මේ වගේ දේවල් වලට උපදෙස් දෙන මෝඩ නිලධාරීන් වහා ඉවත් කල යුතුව ඇත. අපි වගේ රටවල් දැනගන්න ඕන මොන විදිහෙන් හරි මුදල් උපයන්න. ඒත් අවාසනාවට එවන් දේ සිදු නොවන එකයි

:       0       25

himal Monday, 22 January 2018 10:45 AM

ව්‍යාජ භාණ්ඩ බෙදා දෙන්න වුවමනා නෑ. මේ උපකරණ මිනිස් සිරුරට අහිතකර වෙන්න පුළුවන්. අනෙක් අතට බෙදා දුන්නොත් ඒක වෙළෙඳපොළට එන්න හැකියි. ඒකෙන් නියම භාණ්ඩය විකුණන ආයතනවලට හානියක් වෙනවා.

:       0       0

ravi Monday, 22 January 2018 10:46 AM

එතකොට මේවට ගෙව්වේ මේ රටේ මුදල් නොවේද ?

:       0       0

Na_ranasi Monday, 22 January 2018 11:08 AM

පෙන් ලයිට් බැටරි සහ වැලි යෙදූ දුරකථන බැටරි හා ආරෝපක වගේ ඒවා විනාශ කර එක හොද වැඩක් ....

:       0       0

kumara Monday, 22 January 2018 11:16 AM

මේ රටේ මිනිස්සු ඊ මේවගේ අපරාද දේවල් කරන්නේ නැති බැරි මිනිස්සු කොච්චර ඉන්නවද ඒ අයගේ පාසල් යන ළමයින්ට මේ පැන්සල් පෙට්ටි බෙදල දුන්න නම් කොච්චර වටිනවද?

:       0       0

sampath Monday, 22 January 2018 11:24 AM

ලංකාවේ මිනිස්සු හොරකම ගැන කතා කරනවා, නාස්තිය දිහා බලන් ඉන්නවා, මේ බඩු ටික අධ්‍යාපන අමාත්‍යාංශය හරහා හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හරි පාසල් ළමයින්ට බෙදල දුන්නනම් හොද නැද්ද. මේවා අපරාද වැඩ. අනෙක මේවා හොරට ගෙන්නුවට තාක්ෂණික ගැටලු තියෙන්න විදියක් නැහැ. වෙන්දෙසි කරලා අදායමක් ගන්න බැරිද

:       0       41

රජින්ද Monday, 22 January 2018 11:28 AM

පොඩි පැහැදිලි කිරීමක් කලොත්, සාමාන්‍යයෙන් ආනයනකරුවන් නීති විරෝධීව ගෙන්වන භාණ්ඩ කියන්නේ බොහෝ දුරට බදු වලින් බේරීම සදහා අඩු බදු කාණ්ඩ අංක යටතේ ගෙන්වන වෙනත් භාණ්ඩයි. ඒ වගේම විශේෂයෙන් මේ ගෙන්වන සමහරක් භාණ්ඩ ඒ ගෙන්වන අය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්දේශ කරලා තියෙන ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව යටතේ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට වෙනත් ලාභදායි සෞඛ්‍යට හානිකර නිෂ්පාදන ගෙනෙන්න පුළුවන්. ඒවා ශ්‍රී.ල.ප්‍ර.ආ.යේ අහඹු විමර්ශනයෙන් අනතුරුව එසේ ගෙන්වන භාණ්ඩ වෙළඳපොලට නිකුත් කිරීම හානිදායක නිසයි ඒවා විනාශ කරන්නේ.

:       1       7

Tharindu Monday, 22 January 2018 11:39 AM

මට නම් පෙන්නේ බාල භාණ්ඩ වලින් වන සමාජ හා ආර්ථික හානිය ගැන අපේ රටේ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැ. කොහොමද රට දියුණු කරන්නේ.

:       0       7

janaka Monday, 22 January 2018 11:53 AM

මෝඩ තීරණ. සෙල්ලම් බඩුවක් ගන්න බැරි ළමයි කී දෙනෙක් නම් ඇද්ද. පැන්සලක් අරගන්න බැරි අය මොනතරම් ඉන්නවද. ඇයි මේවා බෙදල දෙන්න බැරි.

:       0       63

vipula Monday, 22 January 2018 12:33 PM

ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවනම් දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට බෙදා දෙන්න තිබුනා. කොහෙද අපේ රාජ්‍ය සේවකයන්ට තියෙන්නේ පොතේ දැනුම විතරයිනේ

:       0       74

Bamunuarachchi Monday, 22 January 2018 12:38 PM

රත්තරන් බඩුත් මේ වගේ විනාස කරනවාද? බඩු රාජසන්තක කලාම රජයට නැවත මේවා දුප්පත් ඉස්කෝල ළමයින්ට බෙදා දෙන්න පුළුවන්. අනික ඒ බව නොදන්නා අය ඔතන නැතුවා වෙන්න බැහැ වෙන මොකක්හරි හේතුවක් ඇති.

:       0       5

ruchira Monday, 22 January 2018 12:41 PM

අවුරුදු සමයේ අගහිගකම් ඇති දරුවන්ට පරිත්‍යාග කලානම් පුංචි හිත් කීයක් සතුටු කරන්න තිබ්බද? සීතල කාමර වල ඉදන් තීරණ ගන්න ඈයෝ උපාධි පිට උපාධි ගැහුවත් වැඩක් නෑ මහපොළවේ යතාර්ථය දන්නේ නැත්නම්.

:       0       26

antan Monday, 22 January 2018 12:46 PM

අනේ අපේ රටේ අවංක නිලදාරීන් සහ නීතිය. මේවා නිකම් සංදර්ශන විතරයි .

:       0       4

sam Monday, 22 January 2018 12:59 PM

ජනාධිපතිතුමා මේක පත්තරෙන් හරි දකීවි.

:       0       9

CHANDANA Monday, 22 January 2018 01:17 PM

මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ

:       0       32

Thusahra -Qatar Monday, 22 January 2018 01:52 PM

ඇයි මේ බඩු ටික අසරණ දුප්පත් ළමයිට දෙන්නේ බැරි.. ළමා නිවාස වලට දෙන්න බැරි..

:       0       66

Sakwithi Monday, 22 January 2018 02:03 PM

මේක මාර මෝඩ වැඩක්. රාජසන්තක කරලා දුප්පතුන්ට දෙන්න තිබුනා

:       0       27

ranjith Monday, 22 January 2018 02:28 PM

සෙල්ලම් බඩුයි පැන්සල් පෙට්ටියි නම් දුෂ්කර පාසල් වලට බෙදා දෙන්න තිබුනා. මොකද දැනටමත් මේ තත්වයේ බඩු වෙළදපොළේ තියෙන නිසා. නමුත් ප්‍රශ්නය වෙන්නේ මේවා පිළිගත් වෙළද නාමයක අණුකරනයන් නම් ජාත්‍යන්තර පේටන්ට් නිතිය අනුව විනාශ කලයුතුම වෙනවා.

:       0       1

chandana Monday, 22 January 2018 05:02 PM

මේවා සේරම්ම බාල බඩු, අනුකරණ ,පදික වේදිකාවේදී අපි අහු වෙන්නේ මේවට. මේ බඩු ටික අසරණ දුප්පත් ළමයින්ට දෙන්න තිබුනා. ඒ වගේම ප්‍රමිතිය ගැන හිතන්න ඕන

:       0       0

hesa Monday, 22 January 2018 07:32 PM

රටේ සිදුවෙන සෑම සිදුවීමක්ම ජනාධිපතිතුමට කියකියා ඉන්න බැහැනේ. එ්කටනේ නිලධාරීන් ඉන්නේ. එය දැන ගන්න ඕනේ මේ වගේ විනාශ නොකරන්න. අති දුෂ්කර පාසල් නම් කොච්චර තියෙනවද? ඒ ළමයි මේවා දැක්කොත් හූල්ලාවි. පව්...

:       0       0

Shanaka Monday, 22 January 2018 09:05 PM

ලොව හොඳම රේගුව ශ්‍රී ලංකාවේ. අපි සතුටු වෙමු. හරිම අවංකයි. මොකුත්ම ගෙදර ගෙනියල නැහැ.

:       0       0

sumith Tuesday, 23 January 2018 02:55 AM

මගේ අම්මෝ ලක්ෂ 310 , අපරාදේ , පොල්ගෙඩියක් 75 වෙන වෙලාවක මේවගේ විනාස කරන්න නිළධාරින්ට ඔලුව හොද නැද්ද.

:       0       0

pradeep Tuesday, 23 January 2018 06:34 AM

කොටින්ම කීවොත් මේවා මෝඩ තීරණ. අද ලංකාවේ තියෙන්නෙම තත්වයෙන් අඩු උපකරණ. මේ විනාශ කරන්නේ සවූත්තු බඩු ටික තමා ඔක්කොම වටිනා බඩු ලංකාවේ රේගුව පන්නනවා. එකේ සැකයක් නැ, ඒ තරම් ලංකාවේ රේගුව ගැන අපිට ලොකු පැහැදීමක් තමා තියෙන්නේ. පාසල් උපකරණ හැර අනෙක් ඒවා විනාශ කරාට කමක් නැ , ලංකාවේ පැන්සල් පෙට්ටියක් දැකපු නැති ළමයි කොයිතරම් ඉන්නවද? මේ තීරණ ගන්න අයගේ දරුවෝ සුර සැප විඳිනවා. ඇයි මේ අයට තේරෙන්නේ නැත්තේ අප‍ රට තමා අන්තිම නොදියුණු රටක් කියලා, මේ අය හිතන් ඉන්නේ මේක සිංගප්පුරුව කියලා

:       0       0

harsha Tuesday, 23 January 2018 07:02 AM

මේවා විනාස කරන්න තීරණය කර සියලු දෙනාම මෝඩ මිනිස්සු. මේවාහි අහිතකර දේවල් තියෙනවනම් මොනවද කියල කියන්න පැන්සලක, පැන්සල් පෙට්ටියක විස රසායන තියෙනවද. එහෙනම් ඔක්කොටම කලින් විනාස කරන්න ඕන තැබෑරුම් ටික නේද ලංකාවේ තියෙන. මේවට නියෝග දෙන උදවියට සල්ලි තියෙනවා. එයාලට ගමේ දුප්පත් දරුවන් පොතක් පතක් ගන්න විදින දුක දන්නැ. කොහොමත් කොළඹ ඉන්න මිනිස්සු දුක කියන දේ දන්නැ . තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ. අපරාදේ මේ බඩු ටික පිටිසර ගමක දුප්පත් දරුවන්ට බෙදල දෙන්න ඕන කියල කිසි මිනිහෙක්ට හිතුන නැති එක ගැන දුකයි බුදු දහම තියෙන රටේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්
2025 අප්‍රේල් මස 09 791 0

චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල


‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘
2025 අප්‍රේල් මස 09 1589 0

“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ


ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි
2025 අප්‍රේල් මස 09 1325 1

බොරලැස්ගමුව‍ සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ


ලංකා - ස්විට්සර්ලන්ත මිත්‍ර සංගම් සභාපති පන්නිලගේ
2025 අප්‍රේල් මස 09 257 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග


ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
2025 අප්‍රේල් මස 09 338 0

ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්


කතරගම හිටපු සභාපතිට ඇප
2025 අප්‍රේල් මස 09 413 1

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 105 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 819 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 630 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site