IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

(දෙහිවල එච් එම් ධර්මපාල)
          
මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් රැගෙන ගිය ත්‍රිරෝද රථයද සමග නැදිමාල ප්‍රදේශයේදී  ඊයේ (02) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නාරාහේන්පිට පුදේශයේ පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයකු වන අතර ත්‍රි රෝද රථ භාවිතාකරමින් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියැලෙමින් රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, බොරලැස්ගමුව, පිලියන්දල, කොහුවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයිද අනාවරණය කරගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය  වෙත ලද තොරතුරකට අනුව දෙහිවල නැදිමාල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවේදි ඈෂ් සහ හෙරොයින් ත්‍රිරෝද රථයේ හැඩලය තුළ සූක්ෂම ලෙස  සඟවාගෙන නාරාහේන්පිට සිට ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ගැණුම්කරුවකු වෙත බාරදීමට යන අතරතුර මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

වැඩිදුර පරීක්‍ෂණ  කටයුතු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඝෘජු අධීක්ෂණය මත ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් සිදු කරගන යනු ලබයි.



අදහස් (2)

ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

Lakmal Saturday, 03 October 2020 06:23 AM

මත් උවදුර රටින් තුරන් කරන්න අවංක වුවමනාවක් තියෙනවා නම් කරන්න ඕනෑ තොගපිටින් රටට කුඩු ගෙන්වන මහා පරිමාණ ජාවාරම්කරුවන් කීපදෙනා අල්ලන එක මිසක් ග්‍රෑම් ගණනින් රට ඇතුලේ කුඩු බෙදාහරින්නන් අල්ලන එක නෙවෙයි. ගෙන්වීම නැවැත්තුවා නම් බෙදාහැරීම නිකම්ම නවතිනවා. මේවා නිකං මාධ්‍ය සන්දර්ශන.

:       4       7

Champa Saturday, 03 October 2020 10:35 AM

මේ විදිහට කුඩු තොග අල්ලන එක සිරිසේන ජනාධිපතිත් කෙරුවා. මිනිස්සු බලා ඉන්නේ ජාවරම්කරුවන්ව අල්ලන තුරු... මහන්සිවෙලා අපරාධකරුවන් අල්ලලා උසාවියට ඉදිරිපත් කරහාම ඇප ලැබිලා ගෙදර යන එක ගැන පොලිසියට උකටලී වෙලාද? නැත්නම් ජාවාරම්කරුවන්ට ජාතිවාදී සහ දේශපාලනික රැකවරණ ලැබෙනවද? අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිකුත් කරලා තියෙන අත්පොත් අනුව, 2014 සිට 2018 දක්වා (වර්ෂ දෙකද ඇතුළුව), මත්ද්‍රව්‍ය සම්බන්ධ වැඩිපුරම අත්අඩංගුවට ගැනීම්, එනම් 60%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඊළඟට 10%ක් වයඹ පළාතේ. ඊළඟට 8%ක් මධ්‍යම පළාතේ. (2019 තොරතුරු තවම නැහැ.) බස්නාහිර පළාතේ 60%න්; 40%ක්ම කොළඹ දිස්ත්‍රික්කයේ, 17%ක් ගම්පහ, වයඹ පළාතේ 10%න්; 7%ක්ම කුරුණෑගල. අවුරුදු 5ක්ම එකම පැටර්න් එක. කොළොඹ, ගම්පහ, කුරුණෑගල එකිනෙකට මායිම් වෙන දිස්ත්‍රික්ක... රටක් පාලනය කරනකොට තීරණ ගන්න පිළිගත් ක්‍රමවේද තියෙනවා. මත්ද්‍රව්‍ය පාලනය කරන්න ඇත්තම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ අත්පොත් විතරක් ඇති ප්‍රශ්නේ තියෙන්නේ කොතැනද, කරන්න ඕනේ මොකක්ද කියලා තේරුම් ගන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 86 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 133 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 98 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 37 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 151 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 146 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site