IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
විල්පත්තුව ජාතික වන උද්‍යාන ප්‍රේරක කාලප මායිමේ පිහිටි රාල්මඩුව කුඹුරු යායක් තුල කුඩා පක්ෂීන් සිය ගණනක් හදිසියේ මරණයට පත් වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට පක්ෂීන්ගේ කොටස් යැවීමට කටයුතු කරන බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
 
රාල්මඩුව කුඹුරු යාය තුල එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා, සරල වී කුරුල්ලා, ‍ගෙල කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා ඇතුළු කුඩා පක්ෂීන් කුඹුරු යාය තුළ හා අවට ප්‍රදේශය තුළ මරණයට පත්වී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.
 
රාල් මඩුව කුඹුරු යාය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ගම්මානය යාබද පිහිටි ගම්මානයකි. මෙම කුඩා පක්ෂීන් දින කිපයකට පෙර වී වැපිරූ කුඹුරක විශාල වශයෙන් සිටිනු දැක ගත හැකි බවත් ඒ සමග අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම පක්ෂීන් මරණයට පත්ව සිටි අයුරු දැක ගත හැකි වූ බවත් වනජීවි නිලධාරීහු කියති.
 
මරණයට පත් නොවු පක්ෂීන් තැනින් තැන ඉතාම අසීරුවෙන් පියාඹා යාමට නොහැකිව කුඹුරේ වැටී සිටිනු දැක ගත හැකි වු බව ඔවුහු පවසති.මෙසේ එකම ස්ථානය විශාල වශයෙන් කුඩා පක්ෂීන් මරණයට පත්ව ඇති ආකාරය මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී නැති බව ද ඔවුහු සඳහන් කරති.
 
පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා මෙසේ පවසා සිටියේය.

“මේ සිද්ධිය වාර්තා වීමත් සමග වනාතවිල්ලුව වනජීවි නිලධාරින් රාල්මඩුව ප්‍රදේශයට පිටත් කළා. අපේ නිලධාරින් මේ ස්ථානවල කළ පරීක්ෂණවලින් මේ වන විට කරුණු කිහිපයක් පිළිබදව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙනවා. ඒ සමගම අදාල කුඹුරු යායේ දින කිහිපයකට පෙර වී ඉහපු ගොවි මහතා ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

රජයේ රස පරීක්ෂකට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට මේ පක්ෂීන් යැවීමට අවශ්‍ය කටයුතු කළා. මේ කුඩා පක්ෂීන් යම්කිසි විසක් ශරීරගතව හෝ වෙනත් රෝගයක් නිසා මරණයට පත්ව ඇති නම් මේ කුඩා  පක්ෂීන් ආහාරයට ගන්නා නරින්, මුගටින්, උකුස්සන් හා අනිකුත් මාංශ භක්ෂක සතුන් විශාල අවදානමකට ලක්වෙනවා.

ඒ නිසා මෙම ප්‍රදේශය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් සියල්ලම වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ආරක්ෂිතව ඉවත් කළා" යැයි වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

 



අදහස් (5)

වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට

Raveendra Friday, 25 December 2020 03:02 PM

ඕකෙ වාර්ථාව එන්න යන කාලෙදි වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියෙයි. වඳ පෙති වල වාර්ථාවක් ආව මතකයි හරි අපූරුවට....

:       2       15

Buddhika Friday, 25 December 2020 10:38 PM

දඹුල්ලේ අලි මියගිය වාර්තාව තවමත් නැහැ ..මතකයිද?

:       0       0

janabala asamagi Saturday, 26 December 2020 04:19 AM

කලබල නොවී හෙමිහිට පරීක්ෂා කරන්න. කවුරුවත් සැක කරන්න එපා. සංහිඳියාව වැදගත්.. මේ කුරුල්ලන් ආදාහනය නොකරන්න, ළඟ එන ඡන්දය ගැන හිතන්න, අනාගතයේ නැගෙනහිර කොළඹ ඡන්ද ප්‍රමාණය වැදගත් අනාගත ජනබල පොහොට්ටු පවුලේ සැලසුම්වලට බාධාවක් නොවිය යුතුය.

:       0       0

වීරවිජේ Saturday, 26 December 2020 02:35 PM

ඇයි එයාට රස පරීක්ෂක කියන්නේ?

:       0       0

semini Saturday, 26 December 2020 03:21 PM

කිසිම සැකයක් නැහැ. වස දාලා.. ඒත් කවුරුවත් කටක් ඇරලා ඕක කියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට
2025 අප්‍රේල් මස 08 144 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.


හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට
2025 අප්‍රේල් මස 08 448 0

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් ‍තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග


දේශබන්දුට එරෙහිව කමිටුවක් පත් කරන යෝජනාව මැති සබේ සම්මතයි
2025 අප්‍රේල් මස 08 235 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.


ඇමරිකා- චීන තීරු බදු වෙළෙඳ යුද්ධයක ඇරැඹුමක්
2025 අප්‍රේල් මස 08 464 0

ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා ’’අන්‍යෝන්‍ය’’ තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින්


අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි
2025 අප්‍රේල් මස 08 586 0

අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්


කෝටි10ක් වංචා කළැයි හිටපු කොස්තාපල් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 08 600 0

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 698 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 580 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1029 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site