විනීතා එම් ගමගේ
ශිෂ්‍ය ප‍්‍රශ්න විසඳී නැතිනම් සිසුන් අරගලවලට ඇදී යාම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් නිවැරදි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රශ්නයක් ඇත්නම් පාරට බහින්ට පෙර පරිපාලනය සමඟ කථාබහ කරන්නට තම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සමඟ එකඟතාවකට පැමිණ සිටින බව ද උපකුලපතිවරයා කීය.
දෙමාපියන් දරුවන්ට සවන්දෙන අයුරින් තම පරිපාලනය සිසුන්ට සහය දෙන බවත් ශිෂ්‍ය ප‍්‍රශ්න විසඳන්නේ නම් සිසු අරගල වලින් සියයට 90 ක් විසඳන බවත් මහාචාර්යවරයා පැවසීය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිදහස් නිවහල් පරිසරයක් සිසුන් වෙනුවෙන් ගොඩ නගා ඇතැයි කී අමරතුංග මහතා හැමදෙනාම එකිනෙකාගේ නිදහසටත් විරුද්ධ අදහස් වලටත් ගරු කරන්නට පුරුදු වී ඇතැයි ද කියා සිටියේය.
එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වැඩි කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා රජයට මුදල් නොමැති නමුත් කෙසේ හෝ නේවාසිකාගාර අවශ්‍ය වන බැවින් අවට නිවාස 44 ක් කුලී පදනම මත ලබාගෙන නේවාසිකාගාර බවට පත් කරගත් බව ද හෙතෙම සඳහන් කළේය.
දරුවන් පෙරවරු පහට විශ්ව විද්‍යාල පුස්තකාලය විවෘත කරන බවත් මේ නිසා විශ්ව විද්‍යාල සිසුන් නවෝත්පාදන කෙරෙහි යොමුවීමේ ප‍්‍රවණතාව වැඩිවී ඇති බවත් ඔහු තව දුරටත් කියාසිටියේය.
උපකුලපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම විශ්ව විද්‍යාලයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන නවොත්පාදන සමාජගත කිරීමේ ප‍්‍රදර්ශනය පිළිබඳව මාධ්‍යයට කරුණූ හෙළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලින්දෙකු දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අන
වවුනියාව, පාවක්කුලම අැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අැතැයි උළුක්කුලම පොලිසිය කියයි.
නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ.
ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුව
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ශිෂ්‍ය ප‍්‍රශ්න විසඳන්නේ නම් සිසු අරගල වලත් නිමාවක් තියේවි
naradha Friday, 25 January 2019 02:53 PM
ඔබ සඳහන් කරන ලද සිසුන් සඳහා නිවාස කුලී පදනම මත ලබා ගැනීමේදී, එම කුලියට අවශ්‍ය මුදල් රජයේ ප්‍රතිපාදන වලින් ලැබෙන්නට ඇති. මේ ප්‍රතිපාදන සඳහා බදු මුදල් ගෙවමින්, දරුපවුල් නඩත්තු කරමින් රටේ ජීවත්වන බොහෝ දෙනාට, ඔය පාරට බහින සිසුන්ට වඩා ප්‍රශ්න ඇත. උදාහරණ ලෙස, අද රටේ මිනිසුන්ට ස්ථීර රැකියා සොයා ගැනීම, ගෙවල් කුලී ගෙවීම, දරුවන් හොඳ පාසලක දමා ගැනීම, දරුවන්ට තුන් වේලක් කන්නට දීම, ලෙඩකට බෙහෙත් මිලදී ගැනීම වැනි දිනපතා ඇති ප්‍රශ්න වලට මුහුණ දීමට ඇත. ඔබ යෝජනා කරන්නේ එවැනි අයත්, ඔවුන්ට ඇති ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන මෙන් ඉල්ලා පාරට බැසීමද?
ධනුෂ්කSaturday, 26 January 2019 12:12 AM
ඔව් එ්ක තමයි කළ යුත්තේ.සියළුම දෙනා පාරට බැසීමටත් එහා දෙයක් කළ යුතුයි. මේ රට කන පාලකයන් රටෙනුත් එක්ක පන්නා දැමිය යුතුයි. ඔබත් මමත් හැම දෙනාමත් මහන්සි වෙනවා. උපයනවා. අවුරුදු විස්සකට විතර කලින් නිවසක කාන්තාවන් බහුතරයක් රැකියා කළේ නෑ. හැබැයි දැන් ජීවත් වෙන්න රට තුල රැකියා කරලත් මදි පිට රටත් යන්න වෙලා. නමුත් අපේ මහන්සියට උපයන දේට වටිනාකමක් එකතු වෙනවද.? දවසින් දවස ජීවත් වීමේ අරගලය වැඩි වෙනවා. එ්කට කවුද මුල. අද දියුනුයි කියන රටවලුත් එක්තරා කාලයක මේ තත්වයට මුහුන දුන්නා.සමහර විට වසර 400කටත් එහා. හැබැයි දරා ගැනීමට නොහැකිම තැන ජනතාව එකතු වී පාලකයන් පන්නා දැම්මා. යහපත් පාලකයින් පත් කර ගත්තා.මම නෙමෙයි කියන්නේ ලෝක ඉතිහාසය. කියවලා බලන්න. ඊට පස්සේ තමයි දියුනු වුනේ. ජපානය හා සිංගප්පූරුව පමණයි එහෙම නොවී දියුනු වුණේ. කවුරු හරි ඉන්නවද එහෙම නෙමයි කියන.
ධනුෂ්කSaturday, 26 January 2019 01:30 AM
අැලස්කාව යනු රුසියාවට අයිති භූමියක්. පසුව ඔවුන් එය අැමරිකාවට විකුනුවා. රුසියාව එතරම්ම හිඟන, පිරිහුණු පහත් අඩියටම වැටිලා තිබුණු රටක්. සීසාන්න ට්‍රැක්ටරයක් තිබිලා නෑ. හැබැයි 1917න් පසු එය වෙනස් වෙමින් අවුරුදු 30 විතර යනකොට ඔවුන්. රොකට් තාක්ෂණය හිමි, පරමාණු බලය හිමි, දැවැන්ත වූ නාසි හමුදාවක් පරාජය කරපු, විද්යාත්මක, තාක්ෂණික, අාර්ථික අතින් ලොව දෙවනි බලවතා වුණු ලෝකේ විනයගරුකම මිනිසුන් සිටින රට වුණා. ලෝකයේ හොඳම සාහිත්‍ය කෘති 10 හොයලා බලන්න කීයක් රුසියාවට අයිතිද කියලා... චීනයට නැගිටින්න තාක්ෂණික සහය දුන්නේ රුසියානුවන්.. අපටත් යකඩ, ටයර්, තුනී ලෑලි කර්මාන්ත ශාලා ඔවුන් නිකන් හදලා දුන්නා. අපේ පාලකයින් එ්වා විකුණගෙන කෑවා. ඔවුන්ගේ දියුණුවේ රහස තමා ලෙනින් රටේ දරුවන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඉගෙනගන්න කියලා පෙර පාසල් අවධියේ සිටම ඊට අදාල සම්පත්මය හා අාකල්පමය පරිසරය සැකසුවා... අනික් දේවල් වලට වඩා. එ් මත ඔවුන් ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය බිහි කළා. එ් මතින් දියුණු වුනා. ඔය කතාව දන්න ගුරුවරුන් හා සිසුන් තමා 6%ක් ඉල්ලන්නේ. මේකට සමාජවාදය හෝ ධනවාදය අදාල නෑ.
aseSaturday, 26 January 2019 10:16 AM
අනේ පුතේ උඹයි මමයි දන්නා රුසියාව? මෙහෙ හොඳ මදිනම් ගිහින් බලන්න, මේ මොන බම්බුවක්ද? මේවා කියවල පිස්සු වගේ.. හැබැයි රුසියන් සහ වොඩ්කා නම් මරු..
ධනුෂ්කSaturday, 26 January 2019 01:53 AM
ඔබට උදාහරන කියන්නම්. ප්‍රංශයේ 16වෙනි ලුවී රජ සමයෙත් දැන් ලංකාවේ වගේ රජ පවුල රටේ බදු මුදල් සම්පත් කාබාසිනියා කරමින් විනාශකාරී ගමනක් ගියා. අවසානේ ජනතාව කන්න පාන් නෑ කියනකොට රජුගේ බිසව වු මාරි අන්ටිනියො ජනතාවට කියනවා පාන් නැත්තන් කේක් කාපල්ලා කියලා. ඊට පසු ජනතාව එකතුවෙලා රට කාබසිනියා කරපු කාබාසිනියා තුමන්ලා සියලු දෙනාම කාබාසිනියා කරලා දාලා. රට නිවැරදි මගට ගත්තා.අදත් තියෙන්නේ එ් රටම තමා. මේක එංගලන්තේ අතුලු මුළු යොරෝපයෙත්.චීනෙත්,අැමරිකාවෙත්, රුසියාවෙත්, ඉරානයෙත් සමාජවාදී හෝ ධනවාදී බෙදීමකින් තොරව වුණා. රටේ සාරය උරා බොමින් සිටියවුන් එලව්වට පස්සේ එ් රට වලට හරි ගියා. අපේ මිනිස්සු තාමත් අපේ රටේ කාබාසිනියා තුමන්ලව දෝලාවේ තියාගෙන යනවා. එ් නිසා තමා හැම තැනම ගැටළු.
RoshanSunday, 27 January 2019 07:42 AM
ඉතා වටින අදහසක්. අපේ රටේ පොඩ්ඩක් හරී විප්ලවීය අදහස් තියන මිනිස්සුන්ව නැති උනා අපිට 88/89 කාලේ
yaha Friday, 25 January 2019 02:54 PM
ඇත්තෙන්ම ප්‍රායෝගික උපකුලපති වරයෙක්.. ළමයින්ට ප්‍රශ්න විසදන්න උදව් කරලා, සාකච්ඡාවෙන් සම්මුතියෙන් වැඩ කරන්න පුලුවන්නම් ඇත්තටම අගනෙයි.. හුඟක් අපේ අනිත් විශ්ව විද්‍යාල ලොකු නිලධාරීන් හරිම ලොකුකමෙන් තනතුරෙන් උදම් වෙලා ... ආඩම්බර වෙලා ...හැබැයි පුස් ගොඩක් වෙලා ඉන්නවා... හොඳ ආදර්ශයක්... ශිෂ්‍යයන් සමග යහපත් සම්බන්ධයක් ගොඩ නගාගෙන.. වැදගත් පරපුරක් බිහි කරන්න... විනය සම්බන්ධයෙන් තදින් ඉන්න... ප්‍රශ්න විසඳන්න..
Raveendra Friday, 25 January 2019 04:23 PM
නාරද සහ යහ ගේ අදහස් අප අගය කරන්නෙමු . ඇත්තෙන්ම අප මෙම මහාචාර්යවරයාගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. පළමුව ඔබ විසින් සිසුන් සමග හොද කිට්ටු සම්බන්දතාවයක් ඇතිකර කටයුතු කිරීම පිලිබදව සතුටු වන්නෙමු. මෑතකදී වයඹ සරසවියේ නවක සිසුන්ට සිදුවූ අමානුෂික වාදය ඔබ අවංකව අනුමත කරන්නේද ?? අපට වැල්වටාරම් උත්තර අවශ්‍ය නැත. ඔව් හෝ නැත ප්‍රමාණවත්.
ජිනවංස Wednesday, 30 January 2019 05:06 PM
ඒකනම් ඇත්ත' අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන' දුප්පත් ලමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක් ද? ජාතික අපරාධයක් ද@ මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක ^අඩුපාඩු පවතිනවා ඇති
lanka Friday, 25 January 2019 05:23 PM
ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරියේ පවතී.. සිසු විරෝධතාවයක එක් ඉල්ලීමක් වූයේ, අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කරන්නට යයි කියායි. නිකම්ම පාරට බැස අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නට යයි කියා මොරගාන්නේ නැතිව, එම 6% ලබාගැනීම සඳහා කපාහැරිය යුතු රජයේ අනිකුත් වියදම් මොනවද යයි යෝජනා කිරීම වැදගත්. උදාහරණ ලෙස, අධ්‍යාපනය සඳහා 6%ක් ප්‍රතිපාදන වෙන් කිරීම උදෙසා, කපා හැරිය යුතු අනිකුත් රජයේ වියදම් වන්නේ සෞක්‍ය සේවයද, සමෘධි ගෙවීම්ද, ආරක්ෂක සේවාවන්ද, මාර්ග නඩත්තු කිරීමද, ප්‍රවාහන සේවාවන්ද, සියලු රජයේ සේවකයින්ගේ වැටුප්ද, එසේත් නැත්නම් තවත් විදේශීය නය ගැනීමද යන්න ඔවුන් ඔසවාගෙන සිටින සටන් පාඨවල සඳහන් කිරීම වඩා අර්ථවත් යයි සිතමි.
saman Friday, 25 January 2019 09:31 PM
දන්නේ නැති දේවල් කතා කරන්න එපා. ඔහෙට ඔල්මොරෝන්දන්ද..?
lankaSaturday, 26 January 2019 11:35 AM
ලංකාවේ රජයට අසීමිත අදායමක් නැහැ. ලැබෙන සීමිත අදායම රාජ්‍ය සේවයේ නොයෙකුත් අංශ වලට බෙදා හරිද්දී, ඉන් එක් අංශයකට වැඩියෙන් ප්‍රතිපාදන වෙන්කරන්නට අවශ්‍ය නම්, තව අංශයක වැය ශීර්ෂය කපා හරින්නට සිදුවෙනවා.
ධනුෂ්කSaturday, 26 January 2019 12:43 AM
අනික් සියල්ල සුළු වශයෙන් හෝ කප්පාදු කර හෝ එය සිදු කළ යුතුයි. මේ රටේ සෑම දරුවෙක්ම ඔහුට තිබෙන කුසලා අනූව ඔහු එම අංශයෙන් ප්‍රවීනයකු කළ යුතුයි.සෑම අංශයක්ම ඉන් අාවරණය කළ යුතුයි. සෑම රැකියාවක්ම ගරු කටයුතු කළ යුතුයි. රටකට වෛදවරුන් වුවමනා සේම. පිරිසුදු කරන අයත් වුවමනයි. හැම රැකියවාක්ම එහෙමයි. එ්කට කෙටි කාලයක බරක් යොදන්න වෙයි. එහෙම නොවුනොත් මේ රට පවතිනතාක් රජයට මිනිස්සුන්ට සහනාධාර දිදී මේ තත්වයෙන්ම ඉන්න වෙයි.රටත් එකතැන මිනිස්සුත් එක තැන. මම කියන්නේ මීටත් එහා ගිය උගතුන් ,බුද්ධිමතුන් ,ශිල්පීන් නවෝත්පාදකයන් ,කලාකරුවන්,නිපැයුම් කරුවන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතුයි. අවුරුදු 20ක් නිවරදි දැක්මක් තුළ එය කළොත් රට ගොඩ.හැබැයි එහෙම කළොත් තමන්ට වන්දනාමාන කරමින් යම් යම් දේ ඉල්ලමින් යදිමින් ඡන්දේ කාලෙට එහෙම පාලකයන් පසු පස යන්නට පිරිසක් නැතුව යනවා. එ්ක පාලකයන්ගේ පැවැත්මට අහිතකරයි.
Mo Friday, 25 January 2019 08:08 PM
කවුද මේ මහාචාරියා.විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් මෙහෙයවන්නෙ ජේවීපී.ගුරුවරු නෙවෙයි.ඔය කාලකන්නින් සිටිනතුරු ශිෂ්‍යයින් පාරට බහින එක වලක්වන්න බෑ.
ධනුෂ්කSaturday, 26 January 2019 02:12 AM
මෙන්න මහාචාර්ය තුමාටත් එහා දැනුමක් තියන බුද්ධිමතෙක් ඉන්නවා. මෙයා උපකුලපතිකමට පත් කළා නම් හරි. මනුස්සයන් ගොපල්ලෙකුට හරක් රංචුවක් ලේසියෙන් පාලනය කරහැකි කෙවිටක් අරගෙන. හැබැයි නිතරම හරකුන්ට පීඩා කරන්න ගියොත් ගොනෙක්ගෙන් මැරුම් කන්න වෙනවා. අලිපාලනයත් එහෙමයි. මිනිස්සු පාලනය කරනවා කියන එක එ් වගේ ලේසි දෙයක් නෙමෙයි. මිනිසා කියන්නේ යම් සීමාවකට ස්වාධීනත්වයක් උසුලන. විචක්ෂණසීලි බුද්ධියක් තිබෙන. ස්වභාවයෙන්ම අවේගකාරි, අයෙක් එහෙම නොවුනහොත් එය විකෘතියක්.එහෙම මිනස්සු පාලනය කරන එක හරක් රංචුවක් පාලනය කරනවා වගේ පාලනය කරන්න බෑ. එ් විදිය මෙතුමන්ලා ප්‍රගුන කරලා ඉන්න නිසා තමා මේ තනතුරු වලට පත්වෙන්නේ.බලහත්කාරය මත කඩුවේ තුවක්කුවේ බලයෙන් මිනිසුන් පාලනය කරන් ගිය පාලකයන්ට අත්වෙලා තියෙන ඉරණම් දන්නවද?
RaveendraSaturday, 26 January 2019 02:24 AM
ඇත්තෙන්ම අපගේ මෙම අදහස් වැඩි පිරිසක් බැහැර කරයි. විරුද්ධ වෙයි. නමුත් සත්‍ය එයයි. දියවන්නා ඔයේ මීහරක් රැලේ ඉන්න රතු මල්ලිලාගේ අතකොලු වන්නේ අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න නූගත් අන්දරේලා වන මෝඩ කුඩුකාරයින්ය. එම කුඩු කාරයින්ව මෙහෙයවන්නේ රතු මල්ලිලාය. එම අන්දරේලා විසින් සමස්ත විශ්ව විද්‍යාල සිසු ප්‍රජාවම ඔවුන්ගේ අතකොලු ලෙස මෙන්ම රූකඩ ලෙස හසුරුවනවා. මේ හදිසියේම 6% (මීට පෙරත් කෑගැසූ බව සත්‍යයකි) වයඹ සරසවියේ වූ ම්ලේච්ඡ පහරදීම මහජනතාවගෙන් අමතක කිරීමටයි. ඊළඟ සටන එම මෙලෙච්ඡ පහරදීමට ඇතුළට ගිය එම මෝඩ කුඩුකාරයන් කසිප්පු කාරයන් එළියට ගැනීමටය. ළඟදීම එම සටන බලාපොරොත්තු වන්න.
RaveendraSaturday, 26 January 2019 02:24 AM
. විරුද්ධ වෙයි නමුත් සත්‍ය එයයි.දියවන්නඔයේ මීහරක් රැලේ ඉන්න රතු මල්ලිලාගේ අතකොලු වන්නේ අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න නොගත් අන්දරේලාය . එම අයව මෙහෙයවන්නේ රතු මල්ලිලාය. එම අන්දරෙලාවිසින් සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවම උන්ගේ අතකොලු ලෙස මෙන්ම රුකධ ලෙස හසුරුවනවා. මේ හදිසියේම 6% (මිට පෙරත් කෑගැසූ බව සත්‍යකි) වයබ සරසවියේ උණු මෙලෙච්ච පහරදීම මහජනතාවගෙන් අමතක කිරීමටය. ර්ලග සටන එම මෙලෙච්ච පහාරදීමට ඇතුලට ගිය අය එලියට ගැනීමටය. ලගදීම එම සටන බලාපොරොත්තු වන්න.
ලුම්බිණි Saturday, 26 January 2019 03:15 AM
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිදහස් නිවහල් පරිසරයක් සිසුන් වෙනුවෙන් ගොඩ නගා ඇතැයි කියන්නේ කවුද? ඇතැම් සිසුන්ට (හිතා ගන්න කාටද කියල) නම් එහෙම එකක් තිබෙනවා. නමුත් හැමටම නොවෙයි.
sanjayaSaturday, 26 January 2019 06:24 PM
ඔබ කියන්නේ සත්‍යයක්. විශ්ව්විද්‍යාලය පාලනය කරන්නේ එක්තරා ලමයි කණ්ඩායමක්. ලමයින්ට නිදහසේ මතයක් වත් ප්‍රකාශ කරන්න බෑ. කවුරුවත් කථා කරන්නේ නෑ. හැමෝම ඉන්නේ බයෙන්. සේවකයොත් එහෙමයි. මොකක් හරි උනොත් විශ්ව්විද්‍යාලය තුල කිසිම ආරක්ෂාවක් නෑ. ඕනෑම කෙනෙකුට විශ්ව්විද්‍යාලය ඇතුලට යන්න පුළුවන් මේ වෙනකොට. ආරක්ෂක අංශ නිදි. මාෂල් ලා නිදි. ඒ ගොල්ලන්ට ගෙවන ඕටි ප්‍රමාණය බලන්න. වාහන කීයක් වැරදි විදියට නිලධාරීන් අරගෙන යනවද? වීසිට වාහන 3ක් වෙන් කරගෙන. එකක් එයාට. අනෙක පවුලේ වැඩ කරන්න. අනෙක වටේ ඉන්න අයට ගෙදර යන්න.
saman Saturday, 26 January 2019 09:52 AM
සම්පත් අමරතුංග මහත්තයා ජපානේ සගා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කොට ජපානේ අයගෙන් සල්ලි අරන් පොලු තිබ්බා. දැන් බණ කියනවා. ඔයගොල්ලො කැමැති නම් මම සාක්ෂි එවන්නම්...
nalakaSaturday, 26 January 2019 11:13 AM
අපොයි පටි ටික. ඕවා ප්‍රසිද්ධියේ කියන ඒවා නොවේ...
sandy123Saturday, 26 January 2019 12:27 PM
කරුණාකර පොලු තිබ්බා නම් ඔහුට මහත්තයා හෝ මහත්මයා යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්න. එය ඒ උතුම් ගතිගුණයට කරන නිගරුවක්...
RaveendraSaturday, 26 January 2019 03:18 PM
සත්තකින්ම ඔබ නිවැරදියි .අප වැඩි දෙනකු වැදගත් වචනවලට පරිභව කරනවා දැන හෝ නොදැන.මහත්මයා, තුමා ,ගරු යන වචන භාවිතා කිරීමේදී නිකන් ආවට ගියාට භාවිතා නොකොට කෙනකුට එසේ ආමන්ත්‍රණය කිරීම සුදුසුද යන්න සිතා බලන්නේ නම් අපගේ මව්බසට අවැඩක් නොවෙනු ඇති අපගේ විශ්වාසයයි.
Radhamani Saturday, 26 January 2019 03:58 PM
උගත් බුද්ධිමත් කෙනෙක් කරන නිවැරදි මග පෙන්වීම නිසා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ ළමයින්ට හොඳක් සිද්ධ වෙන එක වත් නොපෙනෙන අය තමයි ඒවාට එරෙහිව අදහස් දාන්නේ
sathis Saturday, 26 January 2019 05:56 PM
මෙම උපකුලපති මහතාගේ සත්‍ය හෙලි වන්නේ පසුවනේ. 50වන සංවත්සරය විශාල මුදල් වියඳමක් කර පැවැත්තූවා. දැන් 60වන සංවත්සරය තමාගේ උපකුලපති කාලයතුල කරගන්න හදනවා. මෙයාට අවශ්‍ය ඊලඟ තනතුර හදා ගන්න. තානාපති කමක් වගේ දෙයක්. හරි ආසයි ජනාධිපති තුමා ගෙන්නන්න. වෛද්‍ය පීඨයේ ගොඩ නැගිල්ල විවෘත කරන්න ජනාධිපති ගෙන්න ගන්න හරි ට්‍රයි කලා. නමුත් ඒක හරි ගියේ නෑ. මෙයාගේ කෙරුවාව බොහොම වෙනස්. ඒක හොඳින් දන්න කෙනෙක්ගෙන් අහන්න මෙයා කවුද කියලා. මෙයාගේ කථා වලට මෝඩ දේශපාලකයෝ අහු වෙලා ඉන්නේ.
Yasith Wednesday, 30 January 2019 05:26 AM
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටන් කරනවා. ඈත දුෂ්කර දුප්පත් ජනයාගේ පවුල් වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන්ට මහජන මුදලින් නේවාසිකාගාර පහසුකම් ලබාදීම වරදක්ද? අප විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ අපට පළමු හා අවසන් වසර විතරයි නේවාසිකාගාර ලැබුනේ. විශාල මුදලක් පෞද්ගලික බෝඩිංවලට ගෙව්වා. දැන් ඒ තත්ත්වය අඩුවීම දුප්පත් සිසුන්ට මහත් අත්වැසිල්ලක් කියලයි මම හිතන්නේ. මෙය නිදහස් අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයට 6% වෙන්කර ගැනීම නොවන්නේ ද? ජපුර පිහිටා ඇත්තේ ඉතා නාගරික ප‍්‍රදේශයක. ළමයි 11000කට වැඩිය ඉන්නවා. නේවාසිකාගාර හදන්න රජය මුදල් දුන්නට ඉඩම් නැහැ. ඉඩමක් ගන්න තැනැක් නැහැ. ඉඩම් අත්කර ගැනීමේ දී සමාජීය ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයක් එනවා. ඒක සරල කාර්යයක් නොවෙයි. මාසෙන් දෙකෙන් නේවාසිකාගාර හදන්න බෑ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රායෝගික විසදුම් ගේන්න ඕන. අධ්‍යාපනයට 6% දෙන්නේ නැතිනම්" 6% ගන්න පුලූවන් වෙන්න ඕන. ඒක තමයි ප‍්‍රායෝගික නායකත්වය.
Asanka Thursday, 31 January 2019 06:31 PM
ඒක නම් ඇත්ත. අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන. දුප්පත් ළමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක්ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක. අඩුපාඩු පවතිනවා ඇති
Amila Friday, 01 February 2019 04:46 AM
ඒකනම් ඇත්ත අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන දුප්පත් ළමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක් ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක අඩුපාඩු පවතිනවා ඇති
Amila Friday, 01 February 2019 05:05 AM
ඒකනම් ඇත්ත. අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන. දුප්පත් ලමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක් ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක (අඩුපාඩු පවතිනවා ඇති). නමුත් විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ සදහා කරන වියදම ඇගයිය යුතුයි. දැන් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් බාගෙකට විතර නේවාසිකාගාර ලැබෙනවා. වසර 60ක කාලයක් තුළ නොලද පහසුකම් ලැබෙනවා. උදාහරණයක් ලෙසට විදුලි පංකා දක්වන්න පුලූවන්. ඩෙංගු වලට කොළඹ පිහිටි විශ්වවිද්‍යාල අතරින් වසා නොදැමූ එකම විශ්වවිද්‍යාලය මේක. නේවාසිකාගාර වලට වේපරයිසර් ලබාදීලා. මුලූ ගමම ආවරණයකර ඩෙංගු මර්ධන වැඩසටහන් කරලා. ඩෙංගු හැදුනු ලමයිට වෙනමම කෑමබීම දීලා තමයි ඩෙංගු වලට උත්තර දුන්නේ. ඩෙංගු වලින් වෙනත් විශ්වවිද්‍යාලවල ළමයි මැරෙනකොට ඩෙංගු හැදුනු ළමයි පවා විභාග වලට දේශනවලට ගිය එකම විශ්වවිද්‍යාලය මේක.
Amila Friday, 01 February 2019 09:03 AM
නමුත් විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ සදහා කරන වියදම ඇගයිය යුතුයි. දැන් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් බාගෙකට විතර නේවාසිකාගාර ලැබෙනවා. වසර 60ක කාලයක් තුළ නොලද පහසුකම් ලැබෙනවා. උදාහරණයක් ලෙසට විදුලි පංකා දක්වන්න පුලුවන්... ඩෙංගුවලට කොළඹ පිහිටි විශ්වවිද්‍යාල අතරින් වසා නොදැමූ එකම විශ්වවිද්‍යාලය මේක. නේවාසිකාගාර වලට වේපරයිසර් ලබාදීලා' මුලුගමම ආවරණය කර ඩෙංගු මර්ධන වැඩසටහන් කරලා. ඩෙංගු හැදුණු ළමයින්ට වෙනමම කෑමබීමදීලා තමයි ඩෙංගුවලට උත්තර දුන්නේ' ඩෙංගු වලින් වෙනත් විශ්වවිද්‍යාලවල ළමයි මැරෙනකොට ඩෙංගු හැදුණු ළමයි පවා විභාගවලට, දේශනවලට ගිය එකම විශ්ව විද්‍යාලය මේක...
Yasith Sunday, 03 February 2019 01:56 AM
මම දන්නා තරමින් ජපුරේ උපකුලපති ඉතා නම්‍යශීලී පුදගලයෙක්. සිසුන්ගේ විතරක් නොවෙයි වෙනත් ඕනෑම අයගේ ප්‍රශ්නවලට සවන් දෙනවා. ඒ වගේම විසඳුම් දෙනවා. විශේෂයෙන්ම සිසුන්ගේ නොයෙක් ආර්ථීක හා මානසික ගැටලූවලට ප්‍රායෝගික විසඳුම් දෙන්න උත්සාහ කරන උපකුලපතිවරයෙක්. කාලයකට පෙර සිසුන්ගේ ජීවිත පවා බිලිගත් විශ්වවිද්‍යාලයක වර්තමානයේ මේවාගේ සිසුන්ට නිදහසක් තියෙන එක ගැන ඇත්තටම අප සතුටු විය යුතුයි. පසුගිය කාලයට සාපේකෂව භීෂණයක් දැන් නැහැ. සිසුන්ට නිදහස තියෙනවා. සේවකයන්ට නිදහස තියෙනවා. විශ්වවිද්‍යාලයේ භෞතික දේ මෙන්ම අධ්‍යාපන පැත්තෙන්ද දියුණු වෙනවා. උදාහරණයක් ලෙසට වර්තමානයේ නව පැකල්ටි දෙකක් හදුන්වලා දීලා තියෙනවා. මේ සියල්ල දෙස බැලීමේ දී පෙනෙන්නේ වර්තමාන උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය පැත්තෙන් සෑහෙන වැඩ කොටසක් කර තියෙන බවයි. ඉතින් පුද්ගලයෙක් වැඩ කරලා තානාපතිකම් ගන්න එක හොඳ නැද්ද? බොහෝ පුද්ගලයන් කිසිදු දෙයක් නොකර තානාපතිකම් ගන්නා රටක මිනිසෙක් හොඳින් වැඩකර තනතුරු ගත්තම ඇති වරදක් මම දකින්නේ නෑ. මට හිතෙන විදයට වැඩ කරන මිනිසුන්ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ අපිමයි. අඩුම තරමින් පාඩුවේ ඉන්න දෙනවා නම් ඒ ඇති...