IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි4100කට අධිකය.

සංචරණ තහනම පැනවුවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ එම කාලයේදී ක්‍රියාත්මකවු හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සීයක් ලෙස ගණන් බැලිය හැකි යයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මේ කාලසීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුනගේ ණය ගෙවීමේ හැකියාව නැති වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල ගැටළුවක් බව ප්‍රකාශ කළේය.

එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් මහතා කීය.

විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බවත් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වූ විශාල පිරිසකට ද මේ කාලයේදී සිය ජීවනෝපාය අහිමිවූ බවත් ඔහු පැවසීය.

කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේදී වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ ලබාදී ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ බිලියනයක මුදලක් පමණක් බවත් අජිත් කබ්රාල් මහතා අනාවරණය කළේය

 



අදහස් (18)

සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුවක්

Buddika Tuesday, 18 May 2021 01:53 AM

ඔහේලගෙන් මේ රටට වෙලා තියෙන පාඩුව මීට වඩා බොහෝ වැඩි සහ පාඩුවක්.. රටට ඔහෙලා කරපු හරිය මදැයි.. ඉදිරියට මේ රට වෙනුවෙන් ඔහෙලගේ පරපුරට සහ ඔහේට කළ හැකි දේ තමයි ගෙදර යන එක...

:       1       40

de silva Tuesday, 18 May 2021 02:41 AM

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා නිෂ්පාදනය කරන සමාගම් වලින් එන්නත් තවම ඇනවුම් කර නොමැත. එම නිසා මේ පාඩුවට ආණ්ඩුව වගකියන්න ඕනෑ.

:       2       34

ලුම්බිණි Tuesday, 18 May 2021 03:23 AM

රටවල් උත්සාහ කරන්නේ රජයේ වියදම් අඩු කරගන්න නොවෙයි. මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න. ඊට පස්සේ තමයි අනික් දේවල් හිතන්නේ...

:       1       29

asanka Tuesday, 18 May 2021 03:58 AM

ඔයගොල්ලෝ සිංහල අවුරුද්ද අල්ලලා සති 02ක් සංචරණ සීමා දැම්මා නම් රජයට කෝටි 6000ක පාඩුවක් වෙන්නේ නැහැනේ ...

:       2       42

Rata Perata Tuesday, 18 May 2021 05:29 AM

මේ මනුස්සයා දන්න ගණන්... නිකන් කයිවාරු කාරයෙක් විතරයි.

:       0       41

Ranjith silva Tuesday, 18 May 2021 05:31 AM

මෝඩයෝ මිනිස් ජීවිත සල්ලි වලින් මනින්න පුලුවන්ද?. සල්ලි හම්බ කරන්න පුළුවනි. නැතිවුණු ජීවිතයට නැවත ජීවය දෙන්න පුළුවන්...

:       2       37

FernaTuesday, 18 May 2021 06:02 AM

සල්ලි මත්තෙම මැරුණු කෙනෙක් අන්ලයික් කරලා.

:       1       20

පප්ප Tuesday, 18 May 2021 06:09 AM

අපේ රටට විශාල වින්නැහියක් කළා.. ග්‍රික් බොන්ඩ්වල ආයෝජනය කරන්න උපදෙස් දුන්නා. රටේ මිනිසුන්ගේ අර්ථ සාධක අරමුදලේ සල්ලි කඩා වැටෙන කොම්පැනිවල ආයොජනය කරන්න උපදෙස් දුන්නු හොර මෝලෙක් මේ. වෙනරටක නම් ඉන්නේ හිරගෙදර. අපේ කරුමෙට මෙහේ සැප ගන්නවා දියවන්නාවේ...

:       0       41

එරා Tuesday, 18 May 2021 06:26 AM

එන්නත් කරණය හරියට කළා නම් ඔය ප්‍රශ්න එනවද?

:       0       17

sampath Tuesday, 18 May 2021 07:02 AM

දවසකට කෝටි 150ක් පාඩුයි. ඒ කියන්නේ එක මනුස්සයෙකුට රුපියල් 75ක් පාඩුයි. ජනගහනය කෝටි 02ක් නිසා ඉතින් මාසයක් වැහුවාම රුපියල් 2250. ඒ කියන්නේ සාමාන්‍ය කම්කරුවෙකුගේ දවසක පඩිය ඔය ගණනේ හැටියට හැමදාම රට වැහුවා නම් ලාබයි..මොකද රට ඇරලා තිබ්බාම පරිසර දූෂණය, තෙල් වියදම, කුණු ප්‍රශ්න, රෝග පැතිරීම වගේ දේවල් ගණනාවක් සිද්දවෙන නිසා අවුරුද්දක් වැහුවත් 27000ක් පමණක් පාඩුවන නිසා රෝගයත් දරුණු නිසා වහලා තිබ්බට ගාණක් නෑ එතරම්...

:       0       29

sharm warnTuesday, 18 May 2021 08:11 AM

හරියට හරි.. මොවුන් එකතු වෙලා මංකොල්ල කන එකම ඔය පාඩුවට වඩා දහ ගුණයකුත් එහා.

:       0       11

Don perera Tuesday, 18 May 2021 07:23 AM

සමහර මිනිසුන් රටට සාපයකි..

:       0       16

sharm warn Tuesday, 18 May 2021 07:24 AM

මී හරක් රංචුව පාර්ලිමේන්තුවේ කාලේ කාලා නාස්ති කරන සල්ලි ගණන් හදලා බැලුවොත් මේ මොනවද කියලා හිතෙයි. මේ අයට හරි අමාරුයි... මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කරන්න වුණාම... මේ ඔක්කොම මළමිනී විකුණලා බලය ගන්න අයනේ... ඒකයි මේ හැටි බෙරිහන් දෙන්නේ...

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 18 May 2021 07:47 AM

මෙන්න දවසකටවත් අදහන්න වටිනා මිනිස්සු. හරිම අති විශිෂ්ඨයි. ඒ මන්ද යත්, අර කව්දෝ හිත්පිත් නැති මිනිහෙක් තමන්ගේ කාරෙකට මිනිහෙකු හැපුණු වෙලේ බිමට බැහැලා බැලුවේ කාරෙකට මොකද වුණේ කියලලු. ආන්න ඒ වගේ තමයි මේ කතාවත්... කලට වේලාවට රටේ සංචරණ නීති නොදැනීම නිසා නිරපරාදේ මියයන වටිනා අපගේ රටේ ජීවිත ගැන නෙමෙයි කතාකරන්නේ... රජයට වෙච්ච පාඩුව ගැන විතරයි. මේ වගේ කතා වලින්ම මේ අය රටේ ජනතාවට මොනතරම් හිතවත්ද කියා කාටත් වැටහෙනවා.

:       0       31

Malin Tuesday, 18 May 2021 09:09 AM

කවුදෝ අහලා තිබුණා අර බේබි යවපු රොකට් එකට වියදම් කරපු කොටි 6400 තිබුණා නම් අයි.සී.යූ ඇඳන් 21,200ක් ගන්න තිබුණා කියලා. ඒ කාලේ විය පැහැදම් කරපු දේවල් ගැන නම් මේ මහත්තයාට හොඳ අවබෝධයක් ඇති මගේ හිතේ. මතකයිනේ ලොකු පුතාගේ ආසාව ඉටුකරගන්න අර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය ගෙන්වා ගන්න දඟලපු දැඟලිල්ල සහ වියදම් කරපු මහා ධනස්කන්ධය?

:       0       6

bamuna Tuesday, 18 May 2021 09:58 AM

මේ කෝටි 6000 ගණන හැදුවේ කොහොමදැයි කියල කියනවා නම්...?

:       0       1

විපරමා Tuesday, 18 May 2021 10:19 AM

පවුල් පාලනේ උදවිය විතරක් කරලා තියෙන නාස්තිය... හොරකම්, වංචා, දූෂණ දිහා බැලුවාම රටට කොයිතරම් පාඩුවක් වෙලා ඇත්ද? නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයින් කරලා හමාරයි. මෙයත් ඒ හැම දේකටම හවුල්...

:       0       1

sharm warn Tuesday, 18 May 2021 10:43 AM

අනේ පව්.. මෙච්චර කල් හරියට ලාභ ලබලා රට කිරියෙන් පැණියෙන් උතුරවපු රජයක්නේ මේ ඉතින්. පුදුම වේදනාවක් දැනෙන්නේ අප්පා.. අර කඩා වැටුණු ග්‍රීසියත්... එක්ක බැඳුම්කර වංචාවෙන් එහෙම ලොකු ලොකු ලාභ ලබන්න ඇතිනේ... මේ වගේ අයට කෝට් අන්දන බයියන්ටත් හරි පොරවල් වගේ පේනවා ඇති. අපායෙන් බලාගෙන ඉන්නවා ... පොහොට්ටුකාරයෝ ලැයිස්තුව තියාගෙන... මිනිස්සුන්ගේ ජීවිත වලට කරන අපරාධ වලට ගණන් දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 176 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 213 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 227 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 506 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 442 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1840 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1526 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site