IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්

(අංජුල මහීක වීරරත්න)
 
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත  පවරා දී තිබෙන බවත්, නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

 
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරනුයේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.   
 
එම විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.
 
‘‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා. 
 
නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.
 
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා. 
 
මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි. 
 
මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.
 
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.  
 
ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ‘‘



අදහස් (18)

සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්

imesh Monday, 13 May 2019 03:43 PM

අපේ නම් සහය තියෙනවා. දැන් සති ගාණක් තිස්සේ. හැබැයි රජයේ කිසිම සහයෝගයක් නෑ. එ්ක නිසා තමයි මෙහෙම ප්‍රශ්න. ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.

:       1068       1667

samantha Monday, 13 May 2019 03:43 PM

අගමැතිතුමනි, නීති කඩන එක අල්ලන්නත් වෙඩි තියන්නත් ඕනේ තැනදී වෙඩිතියන්නත් බලය හමුදාවට දෙන්න. දෙන්නෙකුට වෙඩි තිබ්බා නම් ඔව්වා නවතිනවා.

:       318       619

Raveendra Monday, 13 May 2019 03:44 PM

පළමුව රිලව් 225ම ඇතුළට දාන්න ඕනේ.. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීම, අනියම් ලෙස අහිංසක පුරවැසියන්ගේ ජීවිත විනාශ කිරීමට උදව් කිරීම ඇතුළු දරුණු ගනයේ වැරදි වෙනුවෙන්ම වගකිව යුතුයි.

:       10       1032

රොමානිස් කිවිදු Monday, 13 May 2019 04:18 PM

මැතිදුනි අසනු කරුණක් මම පවසන්නම්... ජනතා පැතුම් සුන් කළ අය පෙන්වන්නම්... නොමඍජු නිවට නොසමත් පාලකයො තරම්.. කවරෙක්ද වෙත්ද මේ රට තුළ නොදනිමි මම්...

:       133       517

රජින්ද Monday, 13 May 2019 04:28 PM

හනුමා මේ රට ගිනි තිබ්බෙත් තව එක්කෙනෙක්ගේ හිතේ ගිනි නිවන්න තමයි. ඔහෙලා කරන්නෙත් හනුමා කරපු දේමයි.

:       161       514

suraweera Monday, 13 May 2019 04:32 PM

තවම තෞහිත් තහනම් කර ගන්න බැරුව තදින් ක්‍රියා කරනවලු.

:       633       878

ravi Monday, 13 May 2019 04:39 PM

ත්‍රස්තවාදීන් ලුහුබඳිනවා වගේම සෑම ජාතිවාදී ආගම්වාදී සමිති සමාගමක්ම ලුහු බැඳ නතර කල යුතුයි. ඒ වගේම දේශපාලන ජාතිවාදය, ආගම්වාදයද පාර්ලිමේන්තුව තුල නිහඬ විය යුතුයි ...

:       6       269

චන්ද්‍ර Monday, 13 May 2019 05:13 PM

ඉතා හොදයි. බොරදියේ මාලු බාන්න මිනිස්සු පොලබවලා රට තවත් වනසන්න කපටි දේශපාලකයින්ට ඉඩදෙන්න එපා. මුස්ලිම් අන්තවාදීන් විතරක් නෙමෙයි සිංහල අන්තවාදීන් දෙමල අන්තවාදීන් ඒ කවුරුත් අතවනන්නෙ විනාශයට

:       560       114

Neil Monday, 13 May 2019 05:25 PM

දැන් ඒකද අල්ලන අල්ලන ත්‍රස්තවාදියාටම ඇප දෙන්නේ?

:       0       567

menik Monday, 13 May 2019 05:31 PM

අපේ රටේ ඉන්න බුද්ධිමත්ම නායකයා ලෙස මේ කුමන්ත්‍රණය රට හෙලිකර ඔවුන් හට දඩුවම් උපරිම කරන්න... මේ උතුම් රට රැකදෙන්න

:       1908       1363

Bamunuarachchi Tuesday, 14 May 2019 12:30 AM

Menik මෙයාට කියනවා මේ උතුම් රට රැකදෙන්නලු. දවසේ හොඳම කියමන. 2004 දී රටේ උතුරු පළාත ප්‍රභාකරන්ට අවුරුදු 10කට දෙන්න ලැහැස්ති වුණු ගොයියට කියනවා රට රැකදෙන්නලු. මෙරට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියන ගොයියන්ට කියනවා රට රැකදෙන්නලු. රට රැකදීලා අවුරුදු 10ක් බෝම්බ සද්ද නැතිව රට පාලනය කරපු අය මොවුන්ට මතක නැත. කිරිබුරුල තිබෙද්දී අඟගෙන් කිරිදොවන්න හදනවා කියන්නේ මේකටයි. මෙවැනි මිනිස්සු ඉන්න රටක අපි ඉපදීමත් අවාසනාවක්...

:       0       0

Nuwan Tuesday, 14 May 2019 01:09 AM

ආණ්ඩුව කතෝලික සහ ඉස්ලාමීය සුලුතරය රකින්නට අසමත් විය. ඒකයි ඇත්ත...

:       0       0

Chandima Tuesday, 14 May 2019 03:14 AM

කරුමක්කාරයා පාරේ යද්දී ඔලුවට හෙනයක් හරි පාත්වෙනවා වගේ අපේ දූරදර්ෂී විචක්ෂණ බුද්ධියකින් හෙබි අසහාය පණ්ඩිතයින්ටත් කුරුමානම් අල්ලලා රවුම් ගණනාවක් කැරකිලා සංගීත පුටුවේ වාඩිවෙන්න හදනකොටම මේ කොහෙද යන ගෝලීය බෝම්බයක් කඩා පාත් වුණා කියහල්ලකෝ... අර බරට බරක් රත්රන් දෙන්න නානගේ කඩෙන් ගත්තේ වතුරේ දාපුව බොරු රත්තරන්වත්ද...?

:       0       0

Amila Tuesday, 14 May 2019 04:44 AM

තදින් ක්‍රියා කරන ආකරය නම් පේනවා. අනේ කරන්න පුලුවන් මනුස්සයෙක්ට ඕක දීලා ගෙදරම යන්න අර ගොයියා එක්කම.

:       0       0

hira Tuesday, 14 May 2019 06:00 AM

සාමය කඩකරන කට්ටියට තදින් ක්‍රියා කරන්න කියලා උපදෙස් දෙනවා වගේම මුස්ලිම් අන්තවාදය නැති කරන්නත් ඩබල් ගේම් නැතිව, ඡන්ද ගැන කල්පනා කරන්නේ නැතිව, ජාතික ආරක්ෂව ගැන හිතලා කෙලින් වැඩ කරන්න. ඔබතුමා කරලා පෙන්වන කම්ම සත්පහක් වත් විශ්වාසයක් අපට නැත. මොකද එච්චරටම බොරුවෙන් රජකරන සහ මහජාතිය ගැන නොහිතන දෙබිඩි ආණ්ඩුවක් තියෙන්නේ. දැන් මේ රටේ ජීවත් වෙන එකත් අපට තිත්ත වෙලා තියෙන්නේ.

:       0       0

suraweera Tuesday, 14 May 2019 06:24 AM

නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ වැල්ලම්පිටියේ බෝම්බ කාරයන්ට වගේද?

:       0       0

saman Tuesday, 14 May 2019 09:22 AM

මේකට මුල්වුණේ "නීතිය කඩ කරන්නන්ට සාමය තදින්" සංකල්පය පසුගිය කාලය පුරාවටම ක්‍රියාත්මක වීමයි...

:       0       0

Sachith Wednesday, 15 May 2019 03:47 AM

මේ රටේ ඉන්න බුද්ධිමත් නායකයා...? මට හිනා වෙලා වැඩිකමට මූත්‍රාත් පහ වුණා. මේ ඉන්නේ මේ රටේ ඉන්න හොදම 'ඩබල් ගේම් ' කාරයා. බුද්ධිමත්, අවංක, පිරිසිදු යන වචන වලින් මොහු හඳුන්වන්නේ මන්ද බුද්ධික වහලුන් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නඩු ගබඩාවේ අරක්කු තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 51 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ ගබඩාවේ තිබූ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බ


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 11 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 658 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 844 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2303 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 332 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 681 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 337 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site