(සංජය මධුශාන් / කාංචන කුමාර ආරියදාස)
ත්‍රිකුණාමලය සිට දඹුල්ල බලා ධාවනය වූ කාරයක් හා මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පොද්ගලික බස් රථයක් අද (30) හබරණ දී මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බව හබරණ පොලීසිය පවසයි.
කාරයේ රියදුරු ඇතුළු අයෙක් රෝහල් ගත කරන විට මිය ගොස් සිටි බව රෝහල් බලධාරීහු පවසති. කාරයේ අනෙක් දෙදෙනා බරපතල තුවාල ලැබීම නිසා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් ඉතා අසාද්‍ය තත්ත්වයේ පසු වූ බව හබරණ රෝහල් ආරංචිමාර්ග කියයි.
තවද බසයේ ගමන් ගත් පුද්ගලයින් 7 දෙනෙකු දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර ද දෙදෙනෙක් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබති. බස් රියදුරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මහනුවර ප්‍රදේශයේ පොද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් බස් තුනකින් ත්‍රිකුණාමලය වෙත විනෝද චාරිකාවක පැමිණ තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හබරණ බස් - කාර් අනතුරින් දෙදෙනෙක් මරුට
sanath Thursday, 30 November 2017 07:25 AM
බස් ඩ්‍රයිවර්ලා හිතාගන ඉන්නේ ඉමර්ජන්සි අම්බුලන්ස් එකක් එලවනවා කියලයි මං නම් හිතන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ ත්‍රී වීලර් කාරයෝවගේ එහෙන් මෙහෙන් දාල ඉස්සර කරන්නේ. මට නම් දුර ගමන් යන බස් කාරයෝ මගේ කාර් එක පිටිපස්සෙන් එනවා දකිනකොටත් බය හිතෙනවා.
ranjith Thursday, 30 November 2017 07:41 AM
ලංකාවේ යටිතල පහසුකම් නොදියුනුකමේ ප්‍රතිපල. වාහන නොගැටෙන ලෙස ප්‍රධාන පාරවල්වල මංතීරු බෙදා වෙන්කළයුතු.
ajit Thursday, 30 November 2017 07:51 AM
නිතිය පිලිබඳ ප්‍රස්නේ තියෙන්නේ . බස් කාරයෝ බයක් නෑ.. මැද පෙරදිග වගේ රුපියල් ලක්ෂ තුනක් දඩය ගැහුවනම් මේවගේ අනතුරු අඩු වෙයි .
lal Thursday, 30 November 2017 08:02 AM
කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ....මිනිස්සු පිස්සෝ වගේ නං වාහන එලවන්නේ...........
ත්‍රී වීලර් කාරයා Thursday, 30 November 2017 08:54 AM
ඇයි මේ හැම දේටම ත්‍රීවීල්කාරයෝ ඈදාගන්නේ. එහෙන් මෙහෙන් දාලා මහනසිවෙලා ලයින් එක ක්ලියර් කරලා දෙන්නේ ත්‍රී වීලර් කාරයා. ඒ හැකියාව ඔය ඉන්න රාලහාමිලාටවත් නෑ. ලයින් එක හදල දුන්නහම ඇල්ටො කාරයෝ එහෙම පස්සෙන් එනව නෙවෙයි.
kavi Thursday, 30 November 2017 08:57 AM
බස් කාරයෝ බස් එලවන්නේ ගංජා ගහල .මිනිස් ජිවිතේ වටිනාකම නොතේරෙන්නේ එකයි. ඔවුන් යන වේගය ඔවුන්ට නොතේරෙන්නෙත් ඒ නිසයි.