IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘

පාසලේ දී සිදුවීයැයි කියන අපයෝජනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජනමාධ්‍යට අදහස් පළ කළැයි වැඩ තහනමට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගුරුවරියට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් සහ 14.1 වගන්තියෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එම වගන්ති දෙක මෙසේය.

12. (1) නීතිය පසිඳලීම සහ කියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

14. (1) සෑම පුරවැසියකුට ම -

(අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට සහ එහි ගුරුවරයකු වූ මාලේගොඩට රුපියල් ලක්ෂය බැගින් මෙම ගුරුවරියට වන්දි ගෙවන ලෙස නියෝග කැරිණි.

අගවිනිසුරු කේ ශ්‍රීපවන්, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නඩු තීන්දුව ලබා දුන්හ.

මෙම ගුරුවරියගේ සිද්ධිය ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරතියි ගුරු සංගම් චෝදනා කළේය.

සබැඳි පුවත්

මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි

මහානාම ගුරුවරියට යළි වැඩ

තිලිණ ගමගේගේ තීන්දුව ආපස්සට

සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්



අදහස් (0)

‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘

කුමාර රාජකරුණා Wednesday, 28 September 2016 08:08 AM

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පාසල් වල සිදුවන බොහෝ අකටයුතුකම් සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විදුහල්පතිවරුන්ගේ අකටයුතුකම් වලට සහයෝගය නොදෙන අයට සමහරු කැපිල්ල දානවා කියලත් අපි දන්නවා. ඒ ගැන අමාත්‍යාංශයට දැනුම්දුන්නහම ඒගොල්ලෝ මුනිවත රකිනවා. අන්තිමටම පිහිට උසාවිය තමයි. (නි)

:       0       1

බුද්ධිකා Wednesday, 28 September 2016 10:14 AM

ඔය තරමටම තමන්ගේ භාෂාව දන්නේ නැති එක පිළිගන්න අමාරුයි. (ර)

:       0       0

සාගර Wednesday, 28 September 2016 10:21 AM

මෙය ඉතා හොඳ තීන්දුවක් මෙන්ම පුර්වාදර්ශයක් මේ රටේ ඉන්න දෙශපාලකයන්ට සහ නිලධාරින්ට දැන්වත් වැරදි නිවැරදි කරනවා වෙනුවට පලි ගැනීමේ ක්‍රියාවන් වලින් ඉවත් වීමට පාඩමක්. (ර)

:       0       1

පීරිස් Wednesday, 28 September 2016 10:22 AM

විදුහල්පති සහ අනිතෙක්කෙනා කල අපයෝජන මොනවාද කියල පැහැදිලිමදී. විස්තරකරනවද පොඩ්ඩක්? (ර)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 28 September 2016 10:39 AM

මට නං කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ගුරුවරිය කලදේ නිවැරදිද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ? (ර)

:       1       0

වීරවර්ධන Wednesday, 28 September 2016 05:30 AM

වැරදි පෙන්නලා දෙනකොටත් ඒකත් නීතිවිරෝධී කියනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 28 September 2016 06:19 AM

කරුණාකර අපයෝජනය වචනයේ හා අවභාවිතය යන වචනවල තේරුම පිටරට බොහෝ කලක් පදිංචිව සිටින අපට මෙම තීරුවෙන් කියා දෙන්න. ඉංග්‍රීසි වලින් දුන්නොත් වඩා හොඳයි දෙකම එකම තේරුමද කියාත් හිතෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 51 0

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
2025 මාර්තු මස 28 170 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී
2025 මාර්තු මස 28 155 0

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි


මාර්ග සංවර්ධන අධිකාරියේ සියළු වැඩබිම් ප්‍රතිසංවිධානය කරයි
2025 මාර්තු මස 28 133 0

මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම


දරුවන්ගේ ලිංගික දර්ශන විදේශීයන්ට ‌බෙදු අයෙකු අත්අඩංගුවට
2025 මාර්තු මස 28 250 0

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා


මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායකට ඇප: වරදත් පිළිගනී
2025 මාර්තු මස 28 609 1

රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 503 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 698 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1392 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site