අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
බී.බී.සී පුවත් සේවය හා එක්වෙමින් ලුතිනන් ජෙනරාල් ස්ටීවන් තවුසන්ඞ් ඒ බව ප්‍රකාශ කළේය. තවමත් අයි.එස් සටන්කාමීන් ඉරාකය තුළ සිටින බව ද ඔහු එහිදි පැවැසීය.
ඉරාකය රජය අයි.එස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ළඟා වුව ද ජිහාද්වාදීන් නැවත සංවිධානය වැළැක්වීමට පියවර ගත යුතු බව ද කීවේය.
“අයි.එස් සංවිධානය පරාජය කළත් ඔවුන් නැවත නැගී සිටීමේ අවදානමක් තියෙනවා. එම නිසා අයි.එස් සංවිධානය නැවත නැගී සිටීම වැළැක්වීමට ඉරාක ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුයි” යැයි ඔහු කීය.
මොසුල් නුවර අයි.එස් සටන්කාමීන්ගෙන් මුදා ගත් ඉරාක අගමැති හයිදර් අල් අබාදි ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. මොසුල් නුවර මුදා ගැනීමේ සටන මාස නවයක් පුරා පැවැති අතර නගරයේ බොහෝ ගොඩනැගිලි මේ වනවිට සුන්බුන් බවට පත්ව තිබේ. ගැටුම්වලින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර 920,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
මොසුල් නුවර යනු අයි.එස් සංවිධානයේ ප්‍රධානම බලකොටුවක් වූ අතර එය අත්පත් කරගත් බව ප්‍රකාශයට කරමින් ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. එහිදි ඉරාක අගමැතිවරයා හමුදා එක්වෙමින් ඉරාක ධජය ද එසවීය.
ඉරාක හා ඒකාබද්ධ හමුදා ජනගහනය වැඩි ප්‍රදේශවලදී අනවශ්‍ය ලෙස ශක්තිමත් අවි භාවිත කර ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් අඟහරුවාදා දිනයේදී සඳහන් කළේය.
දරුණු අපරාධ කළ බවට අයි.එස් සංවිධානයට ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ චෝදනා එල්ල වී තිබේ.
(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 055)
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධි
අම්පාර සේනානායකපුර සවි කර ඇති ට්‍රාන්ස්පෝමරයක තඹකම්බි කැප නැග සිටිය දී අලුයම 2.00 ට පමණ විදුලිසැර වැදීමේ පුද්ගලයකු මියගොස් ඇතිබව අම්පාර පොලිසිය පවසයි.
උදාවූ නත්තල නිමිති කොට කොළඹ නගරයේ තැන තැන ඉතා අලංකාරවත්ව සරසා තිබූ අයුරුයි මේ
මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’