"දඩිබිඩිස්ගේ ටෙලි කොළම අටපට්ටම"
”අටපට්ටම ලෝක සවාරිය ඇතුළු තවත් අරුම පුදුම විශ්මිත විශේෂාංග රැසක් අද අටපට්ටමෙන්... ටිකක් ඉන්නකෝ...”
ලොකු කුඩා කාගෙත් ආදරය දිනාගත් ටෙලිවිෂන් සඟරාමය වැඩසටහන ”අටපට්ටම” පුංචි තිරයේ ඉතා ජනප‍්‍රිය වැඩසටහනක් බවට පත්වී හමාරයි. අද ගුවනේ තරු සමග අපට මුණගැහෙන්නේ ඔබ ආදරය කරන චරිතයක්. ඔහුගේ නාමය කියනවට වඩා ‘දඩිබිඩිස්’ යන නාමය ඔබට හුරු පුරුදු නාමයක්. තවත් වින්දනාත්මක හෝරාවක් ගැන කතා කරන්න අද අපිට මුණගැහුණ ඔහු හසන්ත හෙට්ටිආරච්චි...
ඉතින් කොහොම ද? මේ දවස්වල මොනව ද අලූත් වැඩ?
සුපුරුදු විදිහට වැඩ ටික කරගෙන යනවා.
මෙහෙම ඇහුවොත්... ඔබ කරන වැඩසටහන්වලින් වැඩිපුරම ජනප‍්‍රිය අටපට්ටම ද? දොරමඬලාව ද?
වැඩසටහන් දෙකම පේ‍්‍රක්ෂකයෝ ගොඩදෙනෙක් වැළඳගෙන ඉන්නවා. කොහොම වුණත් අටපට්ටමට ලොකු කුඩා හැම කෙනෙක්ම ආදරය කරනවා.
”අටපට්ටමේ” ආරම්භය ගැන කතා කළොත්?
ඇත්තටම මීට අවුරුදු දහසයකට කලින් මම මගේ පශ්චාත් උපාධිය සඳහා වසරකට ජපානයට යනවා. ඒ යනවිටත් මම රූපවාහිනී නිවේදකයෙක් විදිහට වැඩ කළා. ඒ වෙලාවේ මම කරපු සියලූ වැඩසටහන් නතර කරල ගියේ නැවත ලංකාවට ඇවිත් අලූතින් මොකක් හෝ වැඩසටහනක් කළ යුතුයි කියන අදහසින්. මම ජපානයට ගිය වෙලාවේ පොඩි කැමරාවක් මිලදී ගෙන ඒ රටේ අරුම පුදුම විශ්මිත දේවල්, ලස්සන තැන් වීඩියෝගත කළා. ඒක මම කළේ විනෝදයට. ඔහොම ඉන්නකොට වසරක් ගතවෙලා මම නැවත ලංකාවට ආපු දවසේම රංජිත් හේවාබටගේ මහත්තයා (ඔහු තමයි එදා ෂඔභ වැඩසටහන් අංශයේ ප‍්‍රධානියා) මට කතා කරලා කිව්වා, ”හසන්ත අද රෑ අටට යන්න තියෙන ටෙලි නාට්‍යයේ කොටස් ගණන ඉවර වෙලා. ඉතින් ඔයාට බැරි ද මේ වෙලාවට මොකක් හරි කරලා දෙන්න” කියලා...
මටත් හිතාගන්න බැරිවුණා. තව තියෙන්නේ පැය ගාණයි. මම කිව්වා ”දැන් වෙලාව මදිනේ. ඊළඟ සතියේ ඉඳලා හොඳ දෙයක් කරමු” කියලා. ඒත් එතුමා සෑහීමකට පත්වුණේ නැහැ.
”බෑ බෑ... අදම මොකක් හරි කරන්න වෙනවා හසන්ත” කියලා දුරකථනය තිබ්බා.
ආ... තව කිව්වා ”ඔයාම මේකට නමකුත් දාගන්න” කියලා.
ඉතින් පැය ගණන ඇතුළත නමක් දැම්මා ද?
නැතුව... නැතුව... ? අටටනේ යන්නේ. මම එතුමාට ඒ වෙලාවේ හිනා වෙවී කිව්වා ”මේ හදිස්සියේ අටපට්ටමක් තමයි හදලා දෙන්න වෙන්නේ” කියලා.
ඉතින් එතුමා මොකද කිව්වේ?
”අනේ අටපට්ටමක් හරි දාලා වැඩසටහනක් කරලා දෙන්න” කියලා එතුමා විහිළුවට වගේ කිව්වා. කොහොම හරි වැඩසටහනට අටපට්ටම කියලා නම වැටුණේ ඒ විදිහට. හැබැයි අටපට්ටම කියන නම සරල වුණාට තේරුම හරිම බැ? රුම්...
අටපට්ටම කියලා නම දාන්න හේතුවත් කියමු?
අටපට්ටම කියන්නේ පැති රාමුව කියන අදහස. රාමු 8යි. පැති 8යි. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ රාමු 8ක් ඇතුළේ සහ පැති අටක් ඇතුළේ. අටපට්ටමේ පෙන්නන දේවල් සරල වුණාට මේ දේවල් ඇතුළේ තියෙන්නේ ලෝකයේ සැබෑ ස්වභාවය. ඒ තමයි අටලෝදහම. මේ වැඩසටහන සරල වුණාට ඇතුළ ගොඩක් ගැඹුරුයි.
අටපට්ටම් ලෝක සවාරියේ විශ්මිත දේවල් පෙන්වන්න හිතුනේ ඇයි?
මට හිතුනා මොනවහරි අලූත් දෙයක් කරන්න ඕන කියලා. සමාජයට හරවත් දෙයක්, දරුවන්ට ඉගෙනගන්න දේවල් වගේම අරුම පුදුම විශ්මිත දේවල්, භාෂාවේ තියෙන සුන්දරත්වය, වටිනාකම, ගුණාත්මකභාවය ඉස්මතු වෙන විදිහට වැඩසටහන සකස් කළ යුතුයි කියලා මට හිතුනා.
එදා පැය ගාණක් ඇතුළත සකස් කරපු වැඩසටහනටත් මට පෙන්වන්න තිබුණේ ජපානයේදී මම එකතු කරගෙන ආපු තොරතුරු ටිකක් විතරයි.
ලැබුණු ප‍්‍රතිචාර මොනවද?
වැඩසටහන පටන්ගත්ත අලූත අපට ගොඩක් අරුම පුදුම විශේෂිත දේවල් හරියට ලැබුණා. අරුම පුදුම දේවල් දැක්කම අටපට්ටමට කියන්න ඕන කියන හැඟීම පේ‍්‍රක්ෂකයෝ අතර ඇතිවුණා. මගේ භාෂා ශෛලියත් එක්ක පුංචි දරුවෝ අතරේ වැඩසටහන ගොඩක් ජනප‍්‍රිය වුණා.
අටපට්ටම ලංකාවට විතරක් කොටු වුණේ නැහැ. ලෝකේ වටෙත් ගියා...?
ඇත්තටම ලෝකයේ ගත්තම අරුම පුදුම විශ්මිත දේවල් ගොඩක් තියෙනවා. ඒ තැන්වලට හැමෝටම යන්න අවස්ථාව නැහැ. ඒ නිසාම තමයි අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ දැනුමත් දරුවන්ට දෙන්න අපි අටපට්ටම ලෝකේ වටේ අරගෙන ගියේ.
දැනට රටවල් කීයකට විතර ගිහින් තියෙනව ද?
ලෝකයේ රටවල් හැටකට ආසන්න සංඛ්‍යාවකට මම ගිහින් තියෙනවා. ගිහින් නිකම්ම ඇවිත් නැහැ. වටිනා දුර්ලභ දේවල්, කෙනෙකුට ලේසියෙන් දැකගන්න නොලැබෙන ආකාරයේ විශ්මිත දේවල් මම රූගත කරගෙන ඇවිත් අටපට්ටමේ පෙන්නලා තියෙනවා. පෞද්ගලිකවම මම ඒ දේවල් පේ‍්‍රක්ෂකයාට පෙන්නලා දැනුම ලබාදීලා අප‍්‍රමාණ සතුටක් විඳිනවා. අවුරුදු අටක් ජනප‍්‍රියතම වැඩසටහන බවටත් අටපට්ටම පත්වෙලා තියෙනවා.
තවත් දෙයක්... රූපවාහිනියේ ලස්සනට සුන්දරව පෙන්නුවම හුඟක් අය ”හරි ෂෝක්... ගොඩක් රටවල යන්න පුළුවන්... වාසනාවන්තයි නේද?”
කියලා මගෙන් අහනවා.
මේ ඡායාරූප, පටිගත කිරීම් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න කන කට්ට දන්නේ මම විතරයි. අපි මේ රූපගත කිරීම් කරන්න කොච්චර දුක් විඳිනව ද කියලා රූපවාහිනී තිරේට පේන්නේ නැහැ. නිදිමරාගෙන, හරියට කෑමක් නැතුව මේ රූපරාමු ගන්න ලොකු කැපකිරීමක් කරනවා. ගොඩක් තැන්වල ඡුායාරූප, පටිගත කිරීම කරන්නේ මමයි. ලංකාවේ නම් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ෂඔභ එකේ හිටපු සභාපතිවරු සහ වර්තමාන කාර්යමණ්ඩලය මට ලොකු සහායක් ලබාදෙනවා.
හසන්තට ”දඩිබිඩිස්” කියලා නම වැටෙන්නේ කොහොම ද?
දඩිබිඩිස් කියන්නේ සන්නිවේදන උපක‍්‍රමයක්. දඩිබිඩිස් කියලා නම දැම්මේ ඇත්තටම දරුවන්ගේ ආකර්ෂණය දිනාගන්න. අටපට්ටම කියන්නේ අමතර වෙලාවක ඉඩක් පුරවන්න හදපු එකක් වුණාට, දැන් ලංකාවේ ජනප‍්‍රියම වැඩසටහන බවට පත්වෙලා. දැන් මට හසන්ත කියනවාට වඩා හැමෝම කතා කරන්නේ දඩිබිඩිස් කියලා. මම ඒ නමට හරි ආසයි.
මේ වැඩසටහන්වලට හසන්ත අයියට විවේචන එල්ල වෙලා නැද්ද?
බණිනවා ඇති. හැබැයි කවුරුවත් තාම මූණට බැණලා නැහැ. අපිත් සියල්ල සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනව නම් අපි හදාගන්න ලෑස්තියි.
අටපට්ටම් ලෝක සවාරියේ ඔබට විශේෂිත සිදුවීම් ඕන තරම් ඇති?
අපෝ ඔව්. විශේෂයෙන්ම ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු රහස් කාමරය වගේම එහි සියලූම විශේෂ තැන්වලට ගිහිල්ලා බලන්න, පටිගත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට මගේ මාධ්‍ය ජීවිතේ ලැබුණ දුර්ලභ අවස්ථාවක්. හැබැයි මම තැනකට ගියොත් එතන තියෙන ඉස්තරම්ම දේ කොහොම හරි අරගෙන තමයි එළියට එන්නේ. ඒ දඩිබිඩිස්ගේ හැටි.
නදීශා අතුකෝරළ
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
'දඩිබිඩිස්' කියනවට මම හරි කැමැතියි