IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


'මලී' වූ සමාධි

දෙරණ ටී.වී. ඔස්සේ විකාශය වන මලී නාට්‍යය හැඩ කරන්නේ ඇයයි. ඇයගේ පෙනුම එම චරිතයට වඩාත් පෑහෙන බව සඳහන් කළ හැකියි. මේ නිසාම ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර අද ඇය කතා බහට ලක් වන චරිතයකි. මේ කතා බහ කෙතරම්ද කිවහොත් බොහෝදෙනා ඇය අමතන්නේද ‍'මලී' යන නාමයෙනි. මෙය ඇයගේ කුළුදුල් දීර්ඝ ටෙලි රංගනයයි. මෙලෙසින් පුංචි තිරය හැඩ කරන මේ රැවැත්තිය කවුද? ඒ ගැන ඇගෙන් විමසමු. ඔබගේ නම? සමාධි අරැණි ඡායා අබේගුණරත්න.   ගම? තිස්සමහාරාමය   ඉගෙන ගත්තෙ? පාසල් කීපයකටම ගියා. ඒ අතරින් රත්නපුර සුමන බාලිකාල දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා පාසල් ගියේ තංගල්ල බාලිකා විද්‍යාලයට.   අම්මා තාත්තා ගැන සඳහන් කළොත්? අම්මා දැව සංස්ථාවේ රුකියාවක් කරනවා. තාත්තා ව්‍යාපාරයක නිරතයිග මට ඉන්නෙ මල්ලි විතරයි.   දැන් වයස එහෙම? අවුරැදු 20 යි.   ලග්නයත් කියමු නේද? ධනු   යාළුවෝ ඔබ අමතන්නේ ‍'සමී' කියලා නේද? සමාධි කියලත් කියනවා.   එතකොට සුදු නෝනා කියල කියන්නෙ කාටද? ඒ අම්මා ආදරේට කියන නම.   ඉගෙන ගත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්නලු නේද? ඇත්තෙන්ම ඔව්.   ඒ විදියට බලාපොරොත්තු තියාගෙන ඉඳල කලාවට ආවේ? උසස් පෙළට ලියූ අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. ඉස්සර ඉඳලාම අවුරැදු කුමරිය තරගවලට මම ආසයි. 2010 දී රෑපවාහිනී අවුරැදු කුමරියට අයදුම් කළා. එවර ජාතික රෑපවාහිනිය සංවිධානය කළ අවුරැදු කුමරිය තරගයේ අභිෂේක ලැබුවේ මායි.   අවුරැදු කුමාරිය වුණාට පස්සෙ? මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු වූ දවස එයයි.   ඉස්සර කන්නාඩිය ළඟට ගිහින් රෑ රුජින ලෙස පෙනී සිටිමින් රඟපෑවලු නේද? ම්ම්....ම්.... එහෙම්ම නැහැ.   ඒත්, හැමෝම ඔයා ලස්සනයි කියනවට ආසලු නේද? ඔව්.   මාලනී ෆොන්සේකාගේ තරැණ කාලයට සමීප රැවක් ඔබට තියෙන්නෙ කියලා යාළුවො කියනවලු නේද? මගේ ජීවිතේ මම වඩාත් ආසා කරන එතුමියගේ ඒ කාලයේ රැවට යාන්තමට හෝ සැසඳීමත් මම එක අතකට ලැබූ භාග්‍යයක්. ඒත් මම නම් හිතන්නෙ ඇය තරම් වඩාත් සුන්දර රැවක් මට නැහැ.   රඟපෑම කියන දේ යටි හිතේ තිබුණද? ඉස්සර ඉඳලාම තිබුණා. ඒත් හැදෑරීමක් කරල නැහැ. කවදාවත් රෑගත කිරීමක්වත් දැකලා තිබුණෙ නැහැ. කොළඹ ආවා ගියා. ගමේ තමයි හිටියෙ.   මහගෙදර තියෙන්නෙ එහෙද? ඔව්, තිස්සමහාරාමයේ. අම්මාට රුකියාව සමග රට වටේ යන්න සිදුවුණා. දැන් නම් මගේ වැඩ නිසා අපි කොළඹට නුදුරැව පදිංචිව සිටිනවා.   ඔබ කැමති ගමට ද? කොළඹට ද? ඇත්තටම මම ආස ගමට.   දැන් ඔබට බොහෝදෙනා කියන්නෙ මලී කියල නේද? ඔව්, මලී කියලා. පරණ යාළුවො පවා මට දැන් කියන්නෙ එහෙමයි.   තිස්සමහාරාමය ගැන මොකද හිතෙන්නෙ? වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංකල්පය අපූරැවට ගැලපෙන පරිසරයක්. ඒ පරිසරය සුන්දර වගේම මිනිස්සුත් හරිම සුන්දරයි. කොළඹ වගේ දියුණු නොවුණට ජීවිත හරිම සරලයි. ඒ වගේම කොළඹ තියෙන කාර්ය බහුලත්වය නැහැ.   ආදරය ගැන කතා කරනවට වැඩිය කැමැති නෑලු නේද? ඕන දෙයක් අහන්නග හැමෝම මටල ඒ කියන්නෙ මලීට ආදරය කරන බව පේනවා.   මලී ආදරය කරන්නෙ කාටද? නිර්මාල්ට.   මම අහන්නෙ ඔබ සැබෑවට ආදරය කරන්නෙ කවුද? මලී මට ගොඩක් දුර චරිතයක් නොවේ. සමහරවිට මගේ බාහිර ස්වරෑපය පවා මලී වගෙයි. ගමේදි මාත් අඳින්නෙ චීත්ත ගවුම් එහෙම. මලී අම්මාට ගොඩක් ළැදි කෙනෙක්. මාත් එහෙමයි. හැබැයි මට සැබෑවට නිර්මාල් කෙනෙක් ලැබිලා නැහැ. ඒ වගේ අය එනවා යනවා. ඒත් මම හොයන නිර්මාල් මට තවම හමුවුණේ නැහැ.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

'මලී' වූ සමාධි

නිසසල Saturday, 21 January 2012 10:55 AM

ඔබ ලස්සනට රඟපානවා. ඔබට සුභ අනාගතයක්

:       0       0

රත්න ද සිල්වා Thursday, 12 January 2012 04:59 PM

ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි. ඔබට සුභ අනාගතයක්.

:       0       0

Rajesh Kalubowila from Bahrain Monday, 16 January 2012 06:03 PM

අපි හැමදාම මලී බලනවා,ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි ඔබට ඉතාමත් සුබ අනාගතයක් වේවා.

:       0       0

ශෂිකලා Monday, 09 January 2012 01:01 PM

කියන්න දෙයක් නෑ. ඔබගේ රගපෑම් හරිම තාත්විකයි. ගැමිකම හොදටම තියෙනවා. ලංකාවේ හොදම නිලිය වෙන්න වාසනාව ලැබේවා. බුදුසරණයි

:       0       0

වින්ද්‍යා Wednesday, 11 January 2012 11:18 AM

ඔබ ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. හරිම ලස්සනයි. ඔබගේ ලස්සන හැමදාමත් රැක ගන්නට ලැබේවා. සමහර නිළියන් වගේ නම කැත කරගන්නේ නැතිව දීර්ඝ ගමනක් යන්නට වාසනාව හා ධෛර්යය ලැබේවා

:       0       0

අසංක සදමාලි Monday, 09 January 2012 03:15 PM

ඔබගේ රංගනය ඉතාමත් සුන්දරයි. අපි හැමදාම මලී බලනවා. ඔයාට රගපෑමෙන් දියුණු ගමනකට සුබ පතනවා

:       0       0

ඉෂන්කා Monday, 09 January 2012 03:46 PM

ඔය රතු හැට්ට කාරි වගේ ලස්සනයි. මගේ චූටි පැටිය..

:       0       0

amidu Monday, 16 January 2012 09:19 PM

ඔයා හොඳට රඟපානවා. සුබ අනාගතයක්

:       0       0

සංජය Monday, 09 January 2012 04:08 PM

ඇය හරිම වාසනාවන්ත ළමයෙක්

:       0       0

සංජය Monday, 09 January 2012 04:10 PM

ෙ මටත් ආඩම්බරයි. මමත් තිස්සමහාරාමේ

:       0       0

චතුර Wednesday, 11 January 2012 12:01 PM

ඔබ දක්ෂයි. ඔබට ජය. සුබ අනාගතයක් වේවා!!

:       0       0

සුනිල් Monday, 16 January 2012 12:49 AM

ඉතා හොද නිළියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ
2024 දෙසැම්බර් මස 23 277 0

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ


ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා
2024 දෙසැම්බර් මස 22 1037 0

බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකු‍ෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්
2024 දෙසැම්බර් මස 22 1065 0

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා
2024 දෙසැම්බර් මස 22 345 0

මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.


කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්
2024 දෙසැම්බර් මස 22 1203 0

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙ


අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට
2024 දෙසැම්බර් මස 22 186 0

අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 52 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 35 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site